"සිවිල් ජනයා කියුදේ විකෘති කිරීම බරපතළ වරදක්" තානාපති අම්සා කියයි.
පසුගිය අඟහරුවාදා යුරෝපීය පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රදර්ශනය කළ බ්‍රිතාන්‍ය චැනල් 4 මාධ්‍ය සමාගම ශ්‍රී ලංකාවේ යුද සමය අළලා නිෂ්පාදිත " අවි මුක්ථ කලාපය" චිත්‍රපට පිළිබඳව සිය බලවත් විරෝධතාවය පෙන්වා සිටි බ්‍රසල්ස් නුවර ශ්‍රී ලංකා තානාපති පී.එම.අම්සා මහතා කියා සිටියේ එම චිත්‍රපටයේ ඇතුළත් සාමාන්‍ය ජනයා දෙමල භාෂාවෙන් කියා ඇති සමහර දේ නිෂ්පාදක වරුන් ඉදිරිපත්කිරීමට උත්සාහ කර ඇති අදහසට ගැලපෙන අන්දමට විකෘතිකර ඇති බවයි. එම චිත්‍රපට දර්ශනය අවසානයේදී පැවතී සාකච්ඡා වටයේදී මේ බව පැහැදිලි කරදීමට අම්සා මහතා කටයුතු කළේය.
මඩකලපුව ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණ අම්සා ම්හතා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් ඉතා හොඳින් පරිශ්‍රීලනය කිරීමේ දක්ෂතාවයක් ඇති ඉහළ පෙලේ පරිපාලන නිලධාරියෙකි.
එහිදී විස්තර ගෙනහැර දක්වමින් තම අදහස් දැක්වූ ඒ මහතා එම චිතපටයේ යොදා තිබු කොටස්වල දෙමළ භාෂාවෙන් කතා කළ කිසිම කෙනෙක් " ශ්‍රී ලංකා හමුදා ප්‍රහාරයන්ට මුහුණ දුන් බවක්" කියා නැති බවත් චනල් 4 චිත්‍ර පටයේ උප සිරැසි මඟින් සහ පසුබිම් කථන මඟින් එම ප්‍රකාශ වැරදි ලෙසට පරිවර්තනය කර ඇති බවත් සාක්කි සහිතව පෙන්වා දුන්නේය.
" ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව කතාකරන ජන කොට්ඨාසයට අයත් මෙම චිත්‍රපටයේ දෙමළ භාෂාවෙන් කතාකරන සියලුම දෙනා කියන දේ හොඳින් තේරුම් ගන්නට පුළුවන්. කිලිනොච්චි රෝහල පිළිබඳව එක තැනක කියන්නේ " හමුදා රෝහල පැත්තට වෙඩි තිබ්බ" කියා වුවද චැනල් 4 චිතරපටයේ එම ප්‍රකාශය පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත්තේ " රජයේ හමුදා රෝහලට පහර දුන්නා" යැයි පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව පිළිබඳව ද්වේශ සහගතව ක්‍රියාකරන සුළු පිරිසකගේ උවමනාවට නිෂ්පාදනය කර ඇති මෙවැනි හර සුන් චිත්‍රපට පෙන්වීම් මඟින් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ හොඳ නම පළුදු කිරීම බව පැවසු අම්සා මහතා එම චිත්‍රපටයේ ඇති අනෙක අප්‍රමාන මුසාවාද පෙන්වාදීමට දෙමළ භාෂාව හොඳින් දන්නා තමන්ට හැකි බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මවුබිම වෙනුවෙන් ඇත්ත කථා කරන ඔබ ගැන සතුටුයි. (ස)
අම්ෂා මහත්තයා, ඔබට තව තවත් ධෛර්යය, ශක්තිය ලැබේවා! රටට එරෙහිව කලා නිර්මාණ බිහිකරන ද්‍රෝහීන් සිටින රටට ඔබතුමා අපිට ආඩම්බරයක්. (නි)
මෙතන සිංහල දෙමල මුස්ලිම් ප්‍රශ්නයක් නැහැ. අම්සා මහතා ශ්‍රී ලංකාවේ තානාපති මිසක් මුස්ලිම් වාර්ගික නියෝජිතයෙක් නෙමෙයි. ඔවුන් වැටුප් ලබන්නේ අපි හැමෝගෙම බදු මුදල් වලින්. මෝඩ විදියට අදහස් ප්‍රකාශ කරන්න එපා. තමන්ගේ රාජකාරිය හරියට කරන හොද තානාපති කෙනෙක් , නියම ශ්‍රී ලාංකිකයෙක්. අපිට මුස්ලිම්, දෙමල , සිංහල බේද නැහැ. මේ අපේ රට එක වෙනුවෙන් කතා කරන වැඩ කරන හැමෝටම ජාති බේදයකින් තොරව අපි සහයෝගය දෙනවා. මේ රට වෙනුවෙන් දිවි ඇති තෙක් අපි සටන් කරනවා. (නි)
මුස්ලිම් සහෝදර වරුන් වෙත මිත්‍රත්වයෙන් ලියමි. අම්සා මහතා මුස්ලිම් භක්තිකයෙක් වුවත් , නියම සිංහල බෞද්ධයා දන්නවා ඔහුගේ සේවය අගය කරන්න. කවුරු වුණත් හොද වැඩක් කළොත් ජාති බේදයකින් තොරව අගය කිරීමයි කළ යුත්තේ. ඉහත අදහස් දැක්කහම හොදටම පැහැදිලිය් ඒ අගය කිරීම ජාති බේදයකින් තොරව කරනවා කියලා. මෙය බොහොම හොඳ දෙයක්. මෙයයි සහෝදරත්වය. ජාතිවාදී දේශපාලනය පරදවමු. එය මුස්ලිම්, දෙමල, සිංහල කුමක් වුවත්, එක්වෙමු අපේ රට ගොඩ නගන්න.(ස)
නියම ක්‍රියාව. අනෙක් අය මේවා තේරුම් ගතනම් හොදයි.(නදී)
ප්‍රසන්න, ඔබ ඉතාම නිවැරදිව සමස්ත සිද්ධිය සමාලෝචනය කළා. ඔබේ අදහස් මුළු හදින්ම අනුමත කරනවා.(ස)
කෝ ඉතින් එංගලන්තෙ අපේ වැඩකාරයො ටික. චෑනල් 4 එක ලඟ පෙලපාලියක්වත් ගියෙ නෑනේ විරෝදෙ දක්වලා.(නදී)
කොහොමත් මේවා කරන්නේ විකෘති මිනිස්සුනේ. ඒ කවිද කියලා කව්රුත් දන්නවනේ.(නදී)
සිංහල තානාපති වරුන්ට වඩා මුස්ලිම් තානාපති වරුන්ට භාෂා 3ම කතා කළහැකි බැවින් මෙහි වෙනස කැපී පෙනේ.(නදී)
රෝහලට වෙඩි තිබ්බා කියන එකයි , රෝහල පැත්තට වෙඩි තිබ්බා කියන එකත් අතර වෙනස කුමක්ද ?(නදී)
බොහොම ස්තුතියි හම්සා මහතාට නිවැරදිව මෙම තතු විග්‍රහ කලාට.(නදී)
නිරෝෂ් ඔබ මොනවද මේ දොඩවන්නේ. හරියට කියවා තේරුම් ගන්න.(නදී)
ප්‍රසන්න, ඉන්දියාවේ ඕනෑම කෙනෙක්ට පුළුවන් "මගේ ඉන්දියාව" කියන්න. මම මුස්ලිම් කෙනෙක්. මම මගේ රට කියලා ආදරෙන් හැගීමෙන් අදහස් දැම්මත් සමහරු බයවෙලා හෝ කෝපයෙන් ප්‍රතිචාර දාන්නේ "මේ සිංහල අපේ රටයි" ඔයාලා පිටස්තරයෝ කියලා. එහෙම කියනකොට හිත රිදෙනවා.(නදී)
මෙන්න රට ආදරේ ඇති රටට වැඩදායී නියම තානාපතිවරු. මව්බිම වෙනුවෙන් අවංකව ඉදිරිපත් වූ අම්සා මහතාට අපගේ ප්‍රණාමය!(නදී)
ස්තුතියි අම්සා මහතාණෙනි, ඔබතුමා එංගලන්තයට යනකොටම අපි දැනගත්තා රට වෙනුවෙන් ලොකු සේවයක් කරයි කියලා. ඔබතුම නියම ලාංකිකයෙක්. කොටි නිසා සිංහල අපි විතරක් නෙවෙයි නැගෙනහිර මුස්ලිම් මිනිස්සුත් බැටකෑවා මේ රට වෙනුවෙන්.(නදී)
ඔය චිත්‍රපටි හදපුවා පැත්තකට දමමුකෝ. යුද්ධයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් කවුරු කවුරුත් නිරපරාදේ මැරුනා. ඒකෙනුත් දෙමළ මිනිස්සුන්ට සිදුවුන හානිය වැඩියි. දෙමළ මිනිස්සු සමූල වශයෙන් ඝාතනය වුනා. ඒක බොරු කියන්න අපි කාටවත් බැහැනේ. ඇත්තට මුහුන දෙමු. ඉතුරු වුන දෙමළ මිනිස්සු එක්ක සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න විදියක් අපි හොයමු. ජාතිවාදෙ බල්ලට දමමු. ආගම්වාදෙ ජාතිවාදෙ කියන්නෙ මිනිස්සු එකිනෙකා විනාශ කරන පිලිලයක්.(නදී)
මොහොමඩ් ඔයා හරි. භාෂා කිහිපයක් දැන සිටීම ඉතා වටිනවා. කර්නෙල් මුතාලිෆ්, කැප්ටන් අසාඩ් මේ අවස්ථාවේ බැතියෙන් සිහි කරනවා.(නදී)
නිරෝෂ්, ප්‍රථිචාර දාන්න ඉස්සර හොදින් කියවන්න පුරුදු වෙන්න.(නදී)
සිල්වා, නිරෝෂ් ගැන හිතන්න ඕනේ නැ. එයා මානසික අසනීප කාරයෙක්.(නදී)
නිරෝෂ් චැනල් 4 චිත්‍රපටය මම දුටුවා. ඒ මඟින් හුවා දක්වන්නේ රජයේ හමුදා කිලිනොච්චි රෝහලට ප්‍රහාර එල්ලකලා කියලයි. නමුත් ඒගැන දෙමලෙන් කියන කෙනා කියන්නේ "හමුදා රෝහල තියෙන පැත්තට වෙඩි තිබ්බ" කියලයි. චිත්‍රපටයේ එම දර්ශනය ඇති කොටසේ ඇති රුප රාමු වල පෙන්වන්නේ රෝහලක සුන් බුන් සහ හඬා වැලපෙන කාන්තාවන් සහ ළමයින්ගේ දර්ශනයි. එය කිලිනොච්චි රෝහලද කවදා කොතැනක රුපගතකළ දර්ශනද කියන්න ඉතාමත් අසීරුයි. එම දර්ශන එල්ටීටීඊ එකට සම්බන්ද අය ගත්ත ඒවා විය යුතුයි කියා අනුමාන කල හැකියි. කියනදේ විකෘතිකර මේ වගේ බරපතල චෝදනා නගන චිත්‍රපට හැදීම ඉතාම වැරදියි. මාධ්‍ය සාර ධර්ම වලට පටහැනියි. චැනල් 4 ලවා නිරන්තරයෙන් මේවගේ චිත්‍රපට හදවාගන්නේ ලංකාවේ නම කැත කරන්න අවශ්‍ය කන්ඩායමක් බවනම් පැහැදිලියි. වෙනත් නාලිකාවක් හෝ ප්‍රවෘර්ති ආයතනයක් මේ අන්දමට ලංකාවට විරුද්ධව මෙතරම් උනන්දුවකින් ක්‍රියාකරන්නේ නැහැ.(නදී)
ඔබ විදේශ සේවයේ දක්ෂ නිලදාරියෙක්. ඔබ රටට ආඩම්බරයක්. ඔබේ ක්‍රියාව ඉතා වැදගත්.(නදී)
මොහොමඩ් මේක ඔබෙත් මගෙත් රට.අපි ඉපදුන රට. අපි මැරෙන රට.මේ රට රට රැක ගන්න ඔබත් මමත් සියලු දෙමල , සිංහල, මුස්ලිම් සහෝදරවරු එකතු වෙන්න ඕනෑ. වැරැද්ද ජාතිවාදී දේශපාලනයේ. ඒකට ඔබත් මමත් විරුද්ධ වෙමු. මුස්ලිම් ජාතිවාදයටත්, දෙමල ජාතිවාදයටත්, සිංහල ජාතිවාදයටත් අපිට විරුද්ධ වෙමු. මේ රට රැක ගනිමු. ඉන්දියාවේ තරම් බෙදීම් තියෙන රටක් ලෝකේ කොහෙත් නැහැ. අපිට ඉන්දියාව එපා. මේක අපේ ලංකාව. අපි මේක ලෝකෙන් උතුම් රට කරමු. ලංකාවේ කොපමණ හොද දේවල් තියෙනවද? අපි හොද දෙය අගය කරමු. (නි)
මුස්ලිම් ජාතිවාදය දුටු විට ඔබ නියම මුස්ලිම් භක්තිකයෙක් නම් නියම ශ්‍රී ලාංකිකයෙක් නම් එයට විරුද්ධ වෙමු. සිංහල ජාතිවාදය දුටුවිට ඔබ නියම සිංහලයෙක් නම් , නියම බෞද්ධයෙක් නම් , නියම ශ්‍රී ලාංකිකයෙක් නම් එයට විරුද්ධ වෙමු. දෙමල ජාතිවාදය දුටු විට ඔබ නියම දෙමල නම්, ඔබ නියම හින්දු නම්, ඔබ නියම ශ්‍රී ලාංකිකයෙක් නම් එයට විරුද්ධ වෙමු. අන්න එදාට අපිට මේ රට ලෝකෙන් උතුම් රට කළ හැකිය. අදට අපි ඔක්කොම දිනුම්. (නි)
මොහමඩ්, ඔයා වැරදියි.මේ සිංහල රට කියන්නේ අනාදිමත් කාලයක් සිංහලයන්ගේ රට වශයෙන් ලොව පුරා හදුන්වපු රට නිසයි. ඒකෙන් කියන්නේ නැහැ මුස්ලිම් දමිල හෝ අනෙකුත් ජාතීන්ගේ රට නෙමෙයි කියලා.මේ තුන් ගොල්ලොම රටට ආපදාවක් වුණ විටදී එක්ව කටයුතු කළ බව ඈත මෑත ඉතිහාසයෙන් පේනවා ඔබලාට.සිංහලයෝ එරෙහි වෙනවා නම් මෙහෙම ජීවත් වෙන්න බැහැනේ? කුඩාකල පටන් මට මුස්ලිම් මිතුරියෝ ගොඩක් ඉන්නවා.අපි විරුද්ධ මුස්ලිම් ජනවර්ගයට නොවේ.අන්තවාදයට. (නි)
ලංකාව පිළිබඳව ජාත්‍යන්තරය හා ස්වදෙශිකයන්ව නිරන්තරයෙන් අවදි කිරීම ගැන චැනල් 4 ආයතනයට ස්තුතියි. ලක්දිව මින් ඉදිරියට කොයිබටද? යන කාරණාවයි ප්‍රශ්නේ.(නදී)
හොඳයි වැඩ අම්සා මහත්තයා, හැබැයි අහවල් කට්ටියගෙන් පරිස්සම් වෙන්න. (නි)
මුස්ලිම් කෙනෙක් හැටියට මම ආඩම්බර වෙනවා ඔබ අපේ රටට කළ මේ උතුම් සේවය ගැන (නි)
මොහමඩ්, මේ සිංහල අපගේ රටයි කියන එක වැරදි තමා. ඒක සිංහල දෙමල යනුවෙන් වෙනස් විය යුතුයි. ලාංකික කිවුවත් කමක් නැහැ. නමුත් මුස්ලිම් අයත් සිංහල හෝ දෙමල විය යුතුයි. ඉන්දියාවේදී ඉන්දීය වීමට අමතරව කොයි ආගමේ අය වුණත් කියන්නේ තමා මලයාලි, තෙලඟු, මරාටි, පන්ජාබි ආදී වශයෙන්. ඒත්, ඉන්දීය කියන්නේ හින්දු යන්නෙන් කැඩී ආවක් බව අමතක කරන්න එපා. ජෙය හින්ද් කියලා තමා ඔවුන් කියන්නෙත්. ඒක හින්දා ලංකාවේ අපි ඉන්න තත්ත්වය හොඳයි, අපේ අසල්වාසීන් එක්ක සසඳන කොට. අම්සා මැතිතුමා වගේ අය දන්නවා ඇත්ත තත්ත්වය. (නි)
සදුනි, ස්තුතියි තවත් කිහිප දෙනෙක්ගේ නම් මිනිස්සුන්ට මතක් කරලා දුන්නට. කර්නෙල් මුතාලිෆ්, කැප්ටන් අසාඩ් මේ අවස්ථාවේ මම ඔබලාට ගෞරවයෙන් හිසනමා ආචාර කරනවා ! (නි)
නියමයි අම්සා මහාතානනි නියමයි. ඔබ නියම ලාංකිකයෙක් (නි)
තානාපති කෙනෙකුගෙන් ඉටුවිය යුතු මෙහෙය ගැන දැනුවත් නිලධාරියෙක් වගෙයි. යුරෝපයේ ඉන්න සමහර අයට රට ගැන කැක්කුමක් නැහැ, දේශීය දැක්මක් නැහැ, සිංහල හෝ දෙමලවත් හරියට කථා කරන්න බැහැ. (නි)
අමිසා යනු නියම මුස්ලිම් නායකයෙක්. මෙවැනි නායකත්වයක් තමයි ඉදිරියේදී ලංකාවට අවශ්‍යය විය යුත්තේ. (නි)
හොඳක් වෙනකොට තම්බියෙක් වුණත් කමක් නැහැ. ඒත් බොදු බල සේනාවට මෙයට විරුද්ධ වෙන්න පුළුවන්නේ. (නි)
මැති ඇමැති වරුන්ට ගමන් පහසුකම් සලසනවාට වඩා වැඩ කොටසක් තානාපතිවරුන්ට කරන්න තියෙන බව ඔබතුමා පෙන්වා දුන්නා. ස්තුතියි තානාපතිතුමණී.(නදී)
ඔය චැනල් 4 සහ බොහෝ විකෘර්ති තොරතුරු දීමට අපේ සිංහලයොත් සම්බන්දයි . යුරෝපයේ විසා ලබා ගැනීමට දේශපාලන රැකවරණ ගන්න , බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවට විරුද්ධව බටහිර රටවලට ගැතිකම් කරනවා. බැලුවම දෙමළ අය තව හොදයි.(නදී)