IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීනය මෙරට බලශක්ති ආයෝජන අවස්ථා සොයයි

(යොහාන් භාසුර)

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්‍රයේ සමාගම්වල නියෝජිත පිරිස දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙරට චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කළ දැනුවත් කිරීමේදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, හරිත හයිඩ්‍රජන් ව්‍යාපෘති, තෙල් සහ ගෑස් ගවේෂණය, නව පිරිපහදු, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රතිපත්ති සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව, ඛණිජ තෙල් ගබඩා පර්යන්තය, ඛණිජ සංවර්ධන අධිකාරිය නියෝජනය කරන නිළධාරීනිලධාරීහු ඇතුළු පිරිසක්  සහභාගි වූහ.

එම දැනුවත් කිරීමේ හමුව අද (29) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.



අදහස් (0)

චීනය මෙරට බලශක්ති ආයෝජන අවස්ථා සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site