ඉන්දියාවේ චෙන්නායි නගරයට වඩා විශාල ලෙස වට මුළු බස්නාහිර පළාතම එකම වාණිජ නගරයක් බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ලේරියාව, උමගිලිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලියකදී පැවසීය.
සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ කිසිම අගමැති අපේක්ෂකයකුගේ නමක්, රූපයක් නැති බවත් ඔවුන් මැතිවරණය දිනා ජනපතිවරයා එළවා දැමීමට උත්සාහ කරන බවත් මහජන ඡන්දයෙන් පත්වූ ජනපතිවරයකු එසේ එළවා දැමිය නොහැකි බවත් වික්‍රමසිංහ මහතා එහිදී කීවේය.
සන්ධානයේ මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ගේ අගමැතිවරයකු පැමිණියහොත් ජනපති හා අගමැති අතර ගැටුමක් හටගෙන රට අස්ථාවර විය හැකි බවත් එසේ නොවන්නට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සුරක්ෂිත කරන ලෙසත් අගමැතිවරයා රැලිය අමතමින් කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ මහත්තයෝ! (නි)
ඒක සහතිකයි (නි)
මෙහෙම ඒ කාලෙත් කිව්වා ලංකාව සිංගප්පුරුවක් කරනවා කියලා. නමුත් එහෙම කළේ නැහැ. අද කියනවා තව එකක් කරනවා කියලා. මෙයාලට පිස්සුද මේ කියන ඒවා අහන මිනිසුන්ට පිස්සුද මට තේරෙන්නේ නැහැ (නි)
මේ කියන්නේ චෙන්නායි වලට වඩා විශාල වාණිජ නගරයක් කරන බව මිස චෙන්නායි ආදර්ශයට ගන්නා බව නෙමෙයිනේ. (නි)
සීනිබෝල, ටොෆි, ඩෙනිම්, බ්‍රේස්ලට්, වයි ෆයි , එස් එම් එස් ආ ලාබයි එන්න ගන්න ! තව දින 17යි ! ජයවේවා(නදී)
හොඳයි අපි විශ්වාස කරන්නම්කෝ! (නි)
නියමයි. ජයවේවා! (නි)
මේ දේ කරන්න පුළුවන් වෙයිද?(හේ)
රටේ අනිත් ප්‍රශ්න වලට මොකද වෙන්නේ ?(හේ)
අපිට පුළුවන් දේ විතරක් කරන්න. ලොකු ලොකු හීන මැව්වට ඒවා වෙන්නේ නෑ. (හේ)
අපිට ඕනේ ජපානේ තෝකියෝ නැත්නම් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වගේ නගරයක්.(හේ)
ජයවේවා.(හේ)
තමිල් නාඩුවේ ඡන්දත් දේවි එහෙනම් (නදී)
මහත්තයෝ, ඔය චෙන්නායි නගරයක් ගැන හිතන්න පෙර පාතාලයෙන් තොර දේශපාලනයක් ගැන හිතන්නකෝ (නි)
ඕවට තමයි සිංහල බස් වහරේ "කටින් බතල හිටවනවා" කියල කියන්නේ.(නදී)
විශ්‍රාම අරන් චෙන්නායි පදිචියට යන්න. මොළෙත් හරියාවි. (නදී)
මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන චෙන්නායි පරදමු ඊළගට ටෝකියෝ සිඩ්නි ගැන හිතමු (බ)
හීනෙන්ද ? (බ)
හැබැයි ටිවී එකට ආපු එක එජාප අපේක්ෂක මහත්තයෙක් කිවුවෙ "මෙටෝපොලිස්" කියල පොලීසියක් හදනවා කියල තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියෙන්නෙ කියල (බ)
අපේ මව්බිම බැබලේවා.......(බ)
හරිනේ පදික වේදිකාවල වෙළඳාම් කරන්න දුන්නනේ . චෙන්නායි කෙසේ වෙතත් කල්කාටවක් නම් කරේ (බ)
ඕක කියපු ප්‍රදේශය නිසා ප්‍රශ්නයක් නැහැ. (බ)
ඔබට ඒ සදහා ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)
හරි නගරයක් නේ ආදර්ශයට ගන්න හදන්නේ.(හේ)
පැහැදිලි දැක්මක් තියෙන ඔබට ජයෙන් ජය. (හේ)
රනිල් මහත්මයා කියපු දේ හරි... 'චෙන්නායි' වෙනුවට 'සිංගප්පූරුව හෝ තෝකියෝ' ආදේශ වුනානම් සමහරු හොදයි කියයි. නමුත් අපිට එකපාරටම එතෙන්ට යන්න බෑ. එහෙම කිව්වනම් ඒක බොරු ඡන්ද පොරොන්දුවක් පමනක් වෙනවා. චෙන්නායි කියන්නේ දකුනු ආසියාවේ තියෙන ප්‍රධානම වරාය ආශ්‍රිත වෙලද නගරයක්. අපි කොලඹ නගරයේත් ඒ තරමටම ආදායම උපදවන තැනට යන්න ඕනෑ. සිංගප්පූරුවක් කරන්න හදන්න ඔනෑ ඊට පස්සේ. සිංගප්පූරුව පවා දියුණු වුනේ අන්න එහෙමයි. හිටපු ආන්ඩුව හැදුවේ රට චීනෙට ණය කරලා සිංගප්පූරුවක් හදන්න. ඒව විහිලු (නදී)
අමාරුවෙන් වගේ මේ සෙනඟ ටිකත් හොයන් තියෙන්නේ. (නදී)
හරිම නගරයක් අරගෙන තියෙන්නේ උදාහරණයට.(හේ)
අපි කරන්න ඕනෑ පුලුවන් දේවල්.... (හේ)
රනිල් කියපුව ඒ ආකාරයෙන්ම ඉටු කරාවි. (හේ)
කියන විදියට වෙයිද?(හේ)