මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරිමට පැමිණ සිටින චීන ජාතිකයනට නාඔටුන්නේ දී පිරිසක් පහර දුන්නැයි කියන සිද්ධියකට විරෝධය පාමින් චීන ජාතිකයෝ පිරිසක් මාතර ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට අද(29) උද්ඝෝෂණයක් කළහ.
තමනට ආරක්ෂාව සලසන්නැයි ඔවුහු ඉල්ලති. පහර කෑමට ලක් වු බව කියන චීන ජාතියන් සිව් දෙනෙකුගෙන් දෙනෙකු මාතර පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව චීන ජාතිකයෝ කියති.
පහර දුන් පිරිස හඳුනා ගෙන ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් තුනක් පත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

![20160629_160620_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160620_resized1.png)
![20160629_155624_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_155624_resized1.png)
![20160629_155624_resized[1]_0](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_155624_resized1_0.png)
![20160629_160533_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160533_resized1.png)
![20160629_160546_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_160546_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඔය චීන අයටත් කිසිම හැදියාවක් නැහැ. ඔවුනුත් මොනවාහරි වරදක් කරන්න ඇති. (නි)
ඔවුන් වැඩ කරන්නේ අපේ රටේ. ඔවුන්ට අපි දේවත්වයෙන් සැළකිය යුතුයි. ලංකාවේ මිනිසුන් ලෝකයෙන් කොන්වන ආකාරයේ වැඩකරන අයට විශාල දඩ මුදලක්, දැඩි දඬුවමක් සහ විදේශිකයින්ට විශාල වන්දියක්ද ලබාදිය යුතුයි (නි)
සුමිත්‍ර බස්නායක නමින් අදහස් දක්වා ඇත්තේ අපේ රටේ සිංහල කෙනෙක්ද?
ලංකාවේ උද්ඝෝෂණ මදිවට චීන්නුත් දැන් මෙහේ උද්ඝෝෂණ කරනවා (ම)
කොරේ පිටට මරේ කිවූවලු! (ර)
අධිරාජ්‍ය විරෝධීන් දැන් මොනවා කියයිද දන්නේ නැහැ? (අ)
මුන් රට කනවා පිටරටුන්ට ගහල ! (අ)
දකුණේ අය ඔහොමමයි (බ)
ලංකාවේ ඉන්නේ තවමත් නොදියුණු ගල් යුගයේ ජන කොට්ඨාසයක් ....(බ)
ආගන්තුක සත්කාරයේ ලැදි, විනීත ලාංකිකයෝ නම් කවදාවත් ඔහොම කරන්නේ නෑ... (ර)
දැන් චීනුන්ටත් උද්ඝෝෂණය කිරීමේ අයිතිය ලංකාවේ තියෙනවා. (ර)
මහින්ද යුගයේදී අපේ රට මොන තරම් චීනෙට ගැති වෙලාද හිටියේ කිව්වොත් මතු වුපදින දරුවටත් "චින් චුන්" ල වගේ නම් දාන්න සිද්ද වෙනවා. (අ)
කව්රු කලත් මෙය අනුමත කල නොහැකියි. (ර)
ලංකානන්ද ඔය දැනගෙන කතා කරන්න ඔය දකුණේ මිනිස්සු ගැන හරියට දන්නේ නෑ දකුණේ මිනිස්සු නැත්නම් ඔයාල ලොවෙත් නෑ (අ)
දැඩි දඩුවම් දිය යුතුයි ගහපු අයට. (ර)
දකුණෙනේ ඒකයි. (ර)
දකුණ, උතුර කියලා නැහැ. චීන්නු අත පය විසි කරා නම් අපේ අයට දුවන්න පාරවලුත් මදි වෙයි. ඒ මිනිස්සු ලංකාවේ නිසා ඉවසන්න ඇති. (ර)
චීනේ නැත්තන් හොයාගන්නවත් නැති ජාතියක් කාලගුණ සලකුණ හැටි අපුරුයි. බල්ලෝ කොහෙත් කරන්නේ බලු වැඩම තමයි.(අ)
විකාරද? චීන්නුත් මොකක් හරි කරන්න ඇති නිකම් ගුටි කන්න වෙන්නේ නැහැනේ. අනික මුන් මෙහෙ ඇවිත් උද්ඝෝෂණය කරනවා, චීනේදී නම් එව්වට ඉඩ නැහැ.
චීන්නු මොනවාහරි වැරදි වැඩක් කරන්න ඇති (නි)
ගහපු උන්ට දඩුවම් දෙන්න කලින් ගැහුවේ ඇයි කියල හෙව්වනම් හොදයි (බ)
මේ මිනිස්සු නොකන දෙයක් නැහැ. කටුස්සෙක්වත් හොයාගන්න හම්බවෙන්නේ නැහැ ලංකාවේ මේ අය හිටියොත් (නි)
මේක කවුරු කළ වැඩක්ද දන්නෙ නැහැ (නි)
දැන් තමයි චීනා නියම විදියට ලංකාවේ ක්‍රමය ඉගෙනගෙන තියෙන්නේ. උද්ඝෝෂණ, පෙළපාලි මේවා පුරුදුවෙලා ගිහින් චිනෙත් විනාශ කරයිද මන්දා (නි)
රටේ මුලු ආර්ථිකයම තියෙන්නේ බස්නාහිර. දකුණේ අය කෑ ගැහුවට රටේ හැම පළාතක්ම එකයි. (නි)
බටහිර කුමන්ත්‍රණයක්ද? (නි)
ලංකාවේ අයට දැන් පාරවල් හදන්නත් අමතකවෙලාද? (නි)
චීනයෙන් ආධාර එනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න ලංකාවේ සමහරු තමා මේ වගේ වැඩ කරන්නේ (නි)
සුද්දන්ගේ සපත්තු පිහිදාපු අපිට ආසියාවේ අය පෙනෙන්නේ චීන් චූන්ලා, බිල් ක්ලින්ටලා වගේ (නි)
ජාතියක් හැටියට ක්‍රියාශීලි තරුණ පිරිස් හිටියා නම්, ඔය පාරවල් හදන්න ඕනෑ ඔවුන් නෙමෙයි. අපි ඔවුන්ට පහර දෙනවා වෙනුවට අපි අපිටම පහරදී ගත්තා නම් වඩා හොඳයි (නි)