හොංකොං වල සිට මෙරටට පැමිණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් අශීලාචාර ලෙස හැසිරුනු බව කියන චීන ජතිකයෝ පස් දෙනෙක් මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීහු තීරණය කර ඇත.
ආගමන විගමන නිලධාරීන් විසින් මොවුන්ගෙන් ප්‍රශ්න කරද්දී තමන් ගොළුවන් බව අැඟවෙන අයුරින් මුලින්ම හැසිරුනු බවත් පසුව කලහකාරී ලෙස හැසිරී බලෙන්ම මෙරටට ඇතුළු වීමට උත්සහ දැරූ බව වාර්ථා වෙයි.
පසුව රේගුව විසින් පරීක්ෂා කිරීමේදි ද මොවුන් ලඟ නීති විරෝධී දුම්වැටි තිබී සොයාගෙන ඇති අතර එම අවස්ථාවේ උඩඟු ලෙස හැසිරෙමින් රේගු නිලධාරීන් සමගද කලහයකට පැටලීමට උත්සහ කර ඇත.
පසුව ආගමන විගමන නිලධාරීන් විසින් චීන ජාතිකයින් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු හොංකෙං බලා හරවා යැවීමට උත්සහ කර ඇතත් එම ගුවන් සේවා නිලධාරීන් පවසා ඇත්තේ ගුවන් යානයේදීද මෙලෙස කලහකාරී ලෙස හැසිරුනු බැවින් ගෙන යාමට අපහසු බවයි.
මෙම චීන ජාතිකයින් පස් දෙනා කැතී පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් 31 වෙනිදා රාත්‍රියේ මෙරටට පැමිණ ඇත.
පසුව අද අළුයම 3.30 ට හොංකොං බලා යාමට නියමිතව තිබු එම ගුවන් සමාගමේම වෙනත් ගුවන් යානයකින් ආපසු යැවීමට ආගමන විගමන නිලධාරීන් උත්සහ කර ඇතත් ආසන නොමැති බව ගුවන්සේවය පැවසීම නිසා එයද ව්‍යවර්ත වී ඇත.
මේ වන විට මෙම චීන ජාතිකයින් පස් දෙනා ආගමන විගමන නිලධාරීන්ගේ බාරයේ පසුවන අතර අද පෙරවරු 10.20 ට ගුවන් ගත වීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 101 දරණ ගුවන් යානයෙන් හොංකොං වෙත යැවීමට කටයුතු කරන බව වාර්ථා වෙයි.
කෙසේ වෙතත් මොවුන් මෙරටින් පිටවන තුරු වන විය පැහැදම් සියල්ල මෙන්ම ගුවන් සේවා ගාස්තුද අදාල ගුවන් සේවයට දැරීමට සිදු වනු අැති බවද වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ අපේ අය චීනයට බැනලා ප්‍රතිචාර දැම්මට, අපේ අයත් ඔය වාගේම සමහර අවස්ථා වලදී හැසිරෙනවා. ගොඩක් ඉන්නවා ඉල්ලන් කාපු අපේ කට්ටියත් (නි)
උන් දන්නවා ඇති අපි කොච්චර චීනයෙන් නය අරගෙනද කියලා. තව කල් යනකොට උන්ගේ පස්සත් හෝදන්න සිදුවෙයි (නදී)
අපි චීනෙන් ණය ආධාර ගන්න තරමට උන් හිතුව ද දන්නෙ නෑ මේක උන්ගේ කොළණියක් කියලා (නදී)
මගේ යාලුවෙක් චීනයේ සතියක පුහුණුවට ගිහින් ඇවිත් මට කියනවා චීන්නු කියන්නේ දැන් ලංකාව වුන්ගේ යටත් විජිතයක් කියලලු. ඔබලාගේ රටේ මිනිස්සු නිදිද කියල අහනවා මෙවැනි දේවල් වලට විරුද්ධ නොවෙන්නේ. බලන්න තව අවරුදු 1-2 කින් මොකක්ද සිද්ධ වෙන්නේ කියල. මට දුක අපේ අනාගත දරු පරම්පරාව ගැන.
පාරවල් චිනුන්ගේ හම්බන්තොට වරාය චිනුන්ගේ නොරොච්චෝලේ ( සදා කැඩුන )විදුලි බලාගාරය චිනුන්ගේ. බිලියන් ගණන් නය චිනුන්ගේ. ඉතින් උන් එහෙම හැසිරෙන එක සාදාරනයි. (නදී)
ඕවට නම් ඉඩ දෙන්න එපා. අපේ මිනිස්සු අහිංසක බව දැන දැන තමයි ඔය වගේ වැඩ බය නැතුව කරන්නේ. අපිට වෙන රටකට ගිහින් ඔහොම කරන්න පුලුවන්ද? එහෙනම් ඉතින් අවුරුදු ගණන් හිරේ විලංගුවේ තැපල තමයි එන්න වෙන්නේ. (නදී)
අපි ඇමෙරිකාව වෙනුවට චීනය ලංකර ගන්නවා. අපි හිතනවා චීනය ඔක්කොම කරන්නේ අපිට ආදරේට කියලා. අන්තිමට අැමරිකාවත් චීනයත් දෙකටම ඕනේ එකම දේ. ඔවුන්ගේ බලය වැඩි කරහන්න එක. (නදී)
තව ඔහොම යන් චීන්නු මහ ජාතිය පමණක් නොවෙයි මෙරටින් පිටවන තුරු හැම ජාතියම දායි. තව යනකොට හොඳ හොඳ දේවල් බලාගන්න වෙයි. (නදී)
සියලුම කුණු බෙන්ගාල බොක්කට යනවා වගේ ඕන කුණු ගොඩක් අපේ ගුවන් සේවයත් සාදරයෙන් බාරගන්නවා වගේ. 6ක් නෙමෙයි 60 ක් උනත් ඕන වෙලාවක බාරගන්න අපේ ගුවන් සේවය සුදානම් (නදී)
චීනා හිතාගෙන ඇති මේක එයාලගේ රටේ කොටසක් කියලා. (නදී)
ලබන පාර ඡන්දෙ ඉල්ලන්න හැදුවද දන්නේ නෑ (දිල්)
තිලක් ඩුබායි ,ඔබගේ යාලුවා ඔය කතාව කිව්වේ කොහොමද? චීනය අපිට උදව් කරන්නේ අපි නිදහස ලැබූදා සිටයි (නි)
වැදගත් විදේශිකයන් වැදගත් විදිහට පිළිගන්න අතර මදාවි රස්තියාදු කාරයන්ට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුය. බොහෝ රටවලදී ලාංකිකයන්ට කොතරම් වැදගත් වුවත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. මෙය විවිධ රටවල සංචාරය කළ අයට රහසක් නෙවේ. (දිල්)
චීන්නු හිතාගෙන ඉන්නේ දැනටමත් ඔවුන්ට රට දීල කියල. (නදී)
මේ ගොල්ලෝ හිතාගෙන ඇති ලංකාව දැන් චීනයේ ප්‍රාන්තයක් කියලා. (නදී)
එක හරි දැන් මේ රට චීනයේ කොටසක්නේ(දිල්)
අපේ රට එයාලටත් අයිතියි හිතනවාද දන්නේ නෑ (දිල්)
චීන අවතාර මෙහෙ නටන්න පටන් අරගෙනද කොහෙද? (නි)
දැන් ඉතින් ඒ වියදමුත් අපි දරමුකෝ එහෙනම් (නි)
වැදගත් දෙය නම් මේ ගුවන් සමාගම මොවුන් ආපසු රැගෙන යාමට දැක්වූ අකමැත්තයි. මේ අයගේ වීසා බලපත් පරීක්ෂා කිරීමකින් තොරව ගුවන් යානයට ගොඩවද්දා ගැනීම සම්පුර්ණයෙන් මේ ගුවන් යානා සමාගමේ වැරැද්දක්. අපේ අය මින් ඉදිරියට දැනගන්න ඕනෑ අපේ රටේ ගුවන් සමාගමෙන් යන ගමනක් යන්න. (නි)
බොහොම හරි අසංක. අපායට යතත් මිහින් එයාර් එකෙන් යන්න (නදී)
චීනය අපේ මිත්‍ර රටක් ලෙස කර තිබෙන උදව් දන්නවද?අපිට අමාරු කාලවල ඒ අය රබර් -හාල් ගිවිසුමකින් අප ජීවත් කළා. අපි පහුගිය යුද්ධය දිනුවේ චීනෙන් දුන් ආයුධ වලින්. අපේ ටී-56 මැෂින් තුවක්කු,නාවික හමුදා යාත්‍රා තව බොහොමයක් දේවල් ආවේ චීනෙන්.ඉන්දියාව අපිට සද්ද දාන්න එන්නේ නැත්තේ අපේ චීනය සමඟ තිබෙන ඇයි-හොඳයිකම නිසා. (නි)
ලංකාවේ ආගමන විගමන නීතිය අනුව, ලංකාවට පැමිණීමට පෙර අන්තර්ජාලය හරහා වීසා ලබාගත හැකියි.එසේ නොමැති නම් කටුනායක ගුවන් තොටුපලේදී සාමාන්‍ය වීසා ගාස්තුවට අමතරව ඩොලර් 5 ක් වැඩිපුර ගෙවා වීසා ලබාගත හැකියි.ඒ නිසා ගුවන් සමාගම් වලට ලංකාවට එන මගීන්ගේ වීසා පරික්ෂා කිරීමක්, කිරීමට අවශ්‍ය නොවේ.(අ)
චීන උත්තමයෝ නේ. උදහස් වේවි. බලාගනයි. දණ ගහලා සමාව ඉල්ලලා උත්සවාකාරයෙන් ආපහු පිටත් කරන්න. (බ)
අරාබියෙන් ආපු අය මදිවට දැන් චීන්නුත් ලොකුකම් පෙන්වනවද?(දිල්)
මේ ගොල්ලෝ නෙවෙයි දැන් ඇතුලට ගොඩ බැහැල ඉන්න කට්ටිය වැඩ පටන් ගත්තම තමයි අපිට කකුල් වලට වැඳලා දුවන්න වෙන්නේ. (නදී)
උඩඟු මනස සමඟ හොරසිත් ඇති චීන්නු කිහිප දෙනෙක්. අපේ ලාංකිකයන්ද වෙනත් රටවල සහ මේ රටේම මෙසේ හැසිරී දඬුවම් ලබා තියෙනවා (නි)