දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
අගෝස්තු මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් එක් ලක්ෂ හැටහයදහස් හයසිය දහ දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර්තා වල සඳහන් වේ. මෙම පිරිසෙන් වැඩි පිරිසක් චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අය වෙති.
එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සැසඳීමේදී මෙම වර්ධනය පෙන්නුම් කර ඇත.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගතවූ මාස අටක කාලය තුළ විදෙස් සංචාරකයින් එකොළොස් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය හැටපස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉකුත් වසරේ මුල් මාස අට තුළ පැමිණි සංඛ්‍යාව සැසඳීමේදී එය සියයට 17.1% වර්ධනයක යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝද? දවසේ විහිලුව (අ)
ඉන්දියාවෙන් අාව සරණාගතයෝයි චීනෙන් වැඩ කරන්න ආව කට්ටිය වෙන්න ඇති ඔය කියන්නේ (බ)
සංචාරක පහසුකම් වැඩිකර යුරෝපීය සහ එංගලන්තේ ඇමරිකානු සංචාරකයන් ඇදගැනීමේ වැඩපිළිවලක් යොදන්න. සිංගප්පුරුව මැලේසියාව ඩුබායි යන රටවල ඉතා නවීන තාක්ෂණය යොදාගෙන සංචරක ප්‍රවර්ධනයක් ගොඩ නඟාගෙන තියෙන්නේ. ඒ වගේම ලංකවේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කෙරුනා නම් හොඳයි. කොළඹ ලොකු වෙනසක් ඒ තුළින් නිර්මාණය වෙනවා. (නි)
අද චීනයේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින්නේ.චීන ජාතිකයන් නම් දරා සිටින්නේ රටකට අඩිය තිබ්බොත් එම රටේ පැළවී, ව්‍යාපාරත් කරගෙන එම රටේම බින්න බහින්නයි.චීනය ඔවුන්ගේ දරිද්‍රතාවය ලොවට පෙන්වීම රට තුළ වාරණය කර තිබෙනවා. (නි)
පසුගිය දවස්වල කොල්ලුපිටියේ සිඟමන් ඉල්ලු පවුලත් චිනයේ අය නේද? (නි)
ඉන්දියාවේ අය ලංකාවට ආවට සල්ලි වියදම් කරන්නේ නැහැ.මම ඉන්දියන් අය එක්ක වැඩකරන නිසා දන්නවා (නි)
මන් දැකලා තියනවා සංචාරකයන් ගොඩාක් අසරණ වෙනවා විධිමත් ප්‍රවාහන ක්‍රමයක් නොමැතිකම නිසාවෙන්. දුම්රිය නැවතුම්පළේ විකාශය කරන විකාශන මඟින් පමණක් ඔවුන්ට පහසුවෙන් දුම්රිය සොයාගැනීමට අසීරුවෙලා වික්ෂිප්ත වෙලා ඉන්නවා. කිසිම නාම පුවරුවක් නැහැ. බස් නැවතුම්පොළ දක්වා යාමට වුවත් නොදන්නා සංචාරකයන් කී දෙනෙක් සිටිනවාද? ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අපහසුතාවයට පත්නොවන ලෙස මේ නාමපුවරු සවිකරමින් රට පුරාම විධිමත් පාලන සැකැස්මක් ස්ථාපනය කළයුතුයි. (නි)
හොඳ ප්‍රවණතාවයක් මේක (නි)
මලිත්ගේ අදහසට මමත් එකඟයි. (ම)