IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති

දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 18.7 % කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

අගෝස්තු මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් එක් ලක්ෂ හැටහයදහස් හයසිය දහ දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ මාසික දත්ත වාර්තා වල සඳහන් වේ. මෙම පිරිසෙන් වැඩි පිරිසක් චීනයෙන් හා ඉන්දියාවෙන් පැමිණි අය වෙති.

එසේම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සැසඳීමේදී  මෙම වර්ධනය පෙන්නුම් කර ඇත.

මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ගතවූ මාස අටක කාලය තුළ විදෙස් සංචාරකයින් එකොළොස් ලක්ෂ හැත්තෑ දෙදහස් හාරසිය හැටපස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර ඉකුත් වසරේ මුල් මාස අට තුළ පැමිණි සංඛ්‍යාව සැසඳීමේදී එය සියයට 17.1% වර්ධනයක යැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 



අදහස් (0)

චීනෙන් ඉන්දියාවෙන් වැඩිපුර එති

චමල් Monday, 07 September 2015 01:45 PM

ඉන්දියාවෙන් එන්නේ සංචාරකයෝද? දවසේ විහිලුව (අ)

:       0       0

විජයබාහු Monday, 07 September 2015 02:04 PM

ඉන්දියාවෙන් අාව සරණාගතයෝයි චීනෙන් වැඩ කරන්න ආව කට්ටිය වෙන්න ඇති ඔය කියන්නේ (බ)

:       0       0

සිල්වා Monday, 07 September 2015 03:54 PM

සංචාරක පහසුකම් වැඩිකර යුරෝපීය සහ එංගලන්තේ ඇමරිකානු සංචාරකයන් ඇදගැනීමේ වැඩපිළිවලක් යොදන්න. සිංගප්පුරුව මැලේසියාව ඩුබායි යන රටවල ඉතා නවීන තාක්ෂණය යොදාගෙන සංචරක ප්‍රවර්ධනයක් ගොඩ නඟාගෙන තියෙන්නේ. ඒ වගේම ලංකවේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය කෙරුනා නම් හොඳයි. කොළඹ ලොකු වෙනසක් ඒ තුළින් නිර්මාණය වෙනවා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 07 September 2015 06:16 PM

අද චීනයේ ආර්ථිකය කඩාවැටෙමින් පවතින්නේ.චීන ජාතිකයන් නම් දරා සිටින්නේ රටකට අඩිය තිබ්බොත් එම රටේ පැළවී, ව්‍යාපාරත් කරගෙන එම රටේම බින්න බහින්නයි.චීනය ඔවුන්ගේ දරිද්‍රතාවය ලොවට පෙන්වීම රට තුළ වාරණය කර තිබෙනවා. (නි)

:       0       0

සම්පත් Monday, 07 September 2015 06:40 PM

පසුගිය දවස්වල කොල්ලුපිටියේ සිඟමන් ඉල්ලු පවුලත් චිනයේ අය නේද? (නි)

:       0       0

කුමාර Tuesday, 08 September 2015 12:39 AM

ඉන්දියාවේ අය ලංකාවට ආවට සල්ලි වියදම් කරන්නේ නැහැ.මම ඉන්දියන් අය එක්ක වැඩකරන නිසා දන්නවා (නි)

:       0       0

මලිත් Tuesday, 08 September 2015 01:29 AM

මන් දැකලා තියනවා සංචාරකයන් ගොඩාක් අසරණ වෙනවා විධිමත් ප්‍රවාහන ක්‍රමයක් නොමැතිකම නිසාවෙන්. දුම්රිය නැවතුම්පළේ විකාශය කරන විකාශන මඟින් පමණක් ඔවුන්ට පහසුවෙන් දුම්රිය සොයාගැනීමට අසීරුවෙලා වික්ෂිප්ත වෙලා ඉන්නවා. කිසිම නාම පුවරුවක් නැහැ. බස් නැවතුම්පොළ දක්වා යාමට වුවත් නොදන්නා සංචාරකයන් කී දෙනෙක් සිටිනවාද? ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අපහසුතාවයට පත්නොවන ලෙස මේ නාමපුවරු සවිකරමින් රට පුරාම විධිමත් පාලන සැකැස්මක් ස්ථාපනය කළයුතුයි. (නි)

:       0       0

නෝමන් Tuesday, 08 September 2015 01:36 AM

හොඳ ප්‍රවණතාවයක් මේක (නි)

:       0       0

මැටිපහන Tuesday, 08 September 2015 04:21 AM

මලිත්ගේ අදහසට මමත් එකඟයි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site