ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය පැරිස් නුවරදී එළිදැක්විණි.
"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" රචනා කර ඇති එම කෘතිය එදින ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාසේන හඟවත්ත වෙත පිරිනමනු ලැබීය.
ඔලුදලුවේ සිරි විභුති හිමි පැවසුවේ " පරාර්ථය උදෙසා ජීවිතකාලයෙන් වැඩි කොටසක් කැප කළ අයගේ ජීවන තොරතුරු අසන්නට හෝ කියවන්නට හෝ ලැබෙන්නේ කළාතුරකින් බවයි.
පරවාහැර චන්දරතන නාහිමියන්ගේ ස්‌වය ලිඛිත චරිතාපදානය එවන් කෘතියයකි.
මාතර පරවාහැර ග්‍රාමයෙහි උපන් චන්දරතන හිමියන් තරුණ වියේදීම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ප්‍රංශයට වැඩම කරවුහ.
ධර්ම ග්‍රන්ථ ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීම, ප්‍රංශ බසින් ධර්ම දේශනා පැවැත්වීම, පොත් පත් සහ සඟරා මුද්‍රණය කර බෙදා හැරීම වැනි ධර්ම ශාස්ත්‍රීය සේවා උන්වහන්සේගේ මුලිකත්වයෙන් සිදුවූ ශාසනික සේවාවන් අතර වෙයි.
පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙදී පැවැත්වුන"අභියෝග ජයගත් තිස් තුන් වසරක ප්‍රංශයේ ජීවිතය" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳහා පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගස්යායේ ඥානිස්සර නාහිමි සහ පැරිස් ධම්මචක්ක බෞද්ධ විහාරාධිපති කෝ. ආනන්ද නාහිමි ඇතුළු මහාසංඝ රත්නය ද වැඩම කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහයක ප්‍රතිඵල.... ලංකාවේදී පොත ගැනීමට අපිට උදව් කරන්න (නි)
හරිම ආදර්ශවත් චරිතයක්. අපිට ශක්තියක්. බුදු සසුනට ලොකු එළියක්. (නි)
පරවාහැර චන්දරතන නාහිමියන්ගේ චරිතාපදානය පැරිස් පුරවරයේ දොරට වඩින උත්සවය (දින 2 කට පෙර ආපසු ජර්මනියට පැමිණීම නිසා) මඟහැරුණත් අන්තර්ජාලය හරහා උත්සවයේ සෑම අදියරයක්ම දැක බලා ගැනීමට හැකිවුණා. එහිදී විශේෂයෙන්ම කොන්ගස්දෙනියේ ආනන්ද නා හිමියන් කළ හරබර දේශනාව මේ ග්‍රන්ථයට තවත් අරුතක් එක් කළා.පරවාහැර චන්දරතන නාහිමියන් අප හඳුනාගත්තේ වසර 24 කට පමණ ඉහතදී. ඒ හඳුනාගැනීම හරහා ශ්‍රී ලාංකික සමාජයට ප්‍රයෝජනවත් විය හැකි සමාජමය කටයුතු කිහිපයකට අතදීමට අපටත් අවස්ථාවක් ලැබුනා. දහසක් බාධක කම්කටොලු මැද්දේ තමන්ගේ ඉලක්කයන් කරා යාමට උන්වහන්සේට තිබුනේ පුදුම ශක්තියක්. රටින් පිට ශාසනික කටයුතු වල යෙදී සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලාට චන්දරතන හිමියන්ගෙන් බොහෝ දේ ඉගෙනගත හැකියි. උන් වහන්සේගේ කටයුතු ඉදිරියටත් බොහෝසෙයින් සාර්ථක වේවා කියා ඉත සිතින් පතමි. (නි)
ඉතා හොඳයි. හරිම සතුටුයි (නි)
පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන්ගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීම මම ලංකාවේදී දැක්කා. ඒ වගේම එම ග්‍රන්ථය ප්‍රංශයේදී එළිදැක්වීම යුටියුබ් හරහා දැකගන්නටත් හැකිවුණා. " පරාර්ථය උදෙසා ජීවිතකාලයෙන් වැඩි කොටසක් කැපකළ අයගේ ජීවන තොරතුරු අසන්නට හෝ කියවන්නට හෝ ලැබෙන්නේ කළාතුරකින් " බව කියූ කෝ.ආනන්ද හිමියන්ගේ කතාව පරවාහැර නායක හාමුදුරුවන්ගේ චරිතය පිළිබඳ මනා අවබෝධයක් ලබාදුන්නා. (නි)
සියළු කටයුතු සාර්ථක වේවා! (නි)
හාමුදුරුවනේ ඔය කරන සේවය අගය කරනවා . ලංකාවටත් ඇවිල්ල දුප්පත් ගම්මාන වලටත් ගිහිල්ල ධර්ම ප්‍රචාරය කරන්න. මේ සඳහා ගෝලයෝ ටිකක් බිහිකරන්න. (ස)
හාමුදුරුවනේ ඔය කරන සේවය අගය කරනවා . ලංකාවටත් ඇවිල්ල දුප්පත් ගම්මාන වලටත් ගිහිල්ල ධර්ම ප්‍රචාරය කරන්න. මේ සඳහා ගෝලයෝ ටිකක් බිහිකරන්න.(අ)
අපේ නායක හාමුදුරුවන්ගේ සේවය විශිෂ්ඨයි. තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා (අ)
මෙම පොත නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ප්‍රකාශය කර ඇත .ඉතා වටිනා කෘතියක් බොහෝ දේ ඉගෙන ගැනීමට ඇත .පරවාහැර නායක හාමුදුරුවන් ඉදිරියටත් කරන හැම කටයුත්තක්ම සාර්ථක වේවා . (බ)
බොහොම හොඳ,කාලෝචිත උත්සාහයක් (නි)
ඉතම වැදගත් පොතක්. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (නි)
මෙම පොත දොරට වඩින දවසේ ආනන්ද හාමුදුරුවෝ හොඳ ලස්සන කතාවක් කළා. උන් වහන්සේටත් ගොඩක් පින් ! (නි)
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාසේන හඟවත්ත මහාචාර්යතුමන්ගේ සහභාගිත්වයත් අපේ නායක හාමුදුරුවන්ගේ මේ ව්‍යායාමයත් පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රී ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මේ නායක ස්වාමින් වහන්සේගෙන් වෙන සේවයත් ආඩම්බරයෙන් අගය කරන්නට කැමැත්තෙමි. ඔබ වහන්සේට චිරං ජයතු ! (නි)
පරවාහෙර චන්දරතන නායක හාමුදුරුවන්ගේ චරිතය පිළිබඳ ග්‍රන්ථය ලංකාවේදී එළිදැක්වීම මම දැක්කා. ඉන්පසුව ප්‍රංශයේදී එම පොත එළිදැක්වීමටත් සහභාගි වෙන්නට මට හැකිවුණා. එහිදී කොන්ගස්දෙනියේ ආනන්ද නායක හාමුදුරුවෝ කළ කතාව ඉතා රසවත් මෙන්ම අර්ථසම්පන්න එකක්. (නි)
දුක් කරදර මැද්දේ පරවාහැර චන්දරතන නාහිමියන් අපු ගමනත්, විහාරස්ථානයේ ,දියුණුවත් මව් බිමට කළ සේවයත් දකින්නේ විශ්මකර්ම දයක් හැටියට. නායක හාමුදුරුවන්ගේ සේවය විශිෂ්ඨයි.නිරෝගී සැප ලැබේව .සුබ ගමන් .(දිල්)