හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්පන්දන්, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උදය ගම්මම්පිල, ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති ඇතුළු පිරිසක්  සහභාගී වන  යහපත් දේශයක් උදෙසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරීමේ තේමාව යටතේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේ දී අද (24) ඇරැඹිණි.

සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරය සංවිධානය කළ විශේෂ සමුළුව    මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

රාවයේ සභාපති වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න සහ ආචාර්ය මහාචාර්යවරු පිරිසක් දේශන පැවැත්වීමට නියමිතව සිටියහ.

 _DSC0063 _DSC0080 _DSC0085 _DSC0106 _DSC0113 _DSC0141 _DSC0156 _DSC0165 _DSC0171 _DSC0191 _DSC0313 _DSC0321 _DSC0351 _DSC0371 _DSC0380