ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ , හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක මහතාගේ 57 වැනි ගුණ සැමරුම් උළෙල නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධි භූමියේදි අද (26) පැවැත්විණ.හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා සුනේත්‍රා බණ්ඩාරනායක දියණියෝ සිය පියාණන් සිහි කරමින් සමාධියට පුෂ්පෝපහාර දැක්වූහ.හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක , හිටපු කතානායකවරයකු මෙන්ම අමාත්‍යවරයෙකු වූ අනුර බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන්ද සිහි කරමින් ඔවුන්ට සෙත් පතමින් මහා සංඝරත්නයට පිරිකර පූජා කෙරිණි.

RDS_8673 RDS_8684 RDS_8766 RDS_8787