විධායක ජනධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහාත් ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු තෝරාගැනීමේ අවසන් සාකච්ඡාව සඳහාත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (07) පිටකෝට්ටේ නාග විහාරයේ දී දේශපාලන නායකයින් මෙන්ම වෘත්තීය සමිති ද හමුවි සාකච්ඡා කළහ.
එහි පැමිණි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ ඡායාරූප ගැනීමට නාග විහාරයෙන් ද ආරක්ෂකයින්ගෙන්ද දැඩි බාධා එල්ල විය.ඒ දෙදෙනා හා සෝභිත හිමියන් අතර වෙන වෙනම රහස් සාකච්ඡා පැවැතියේය.තවත් නායකයින් නාග විහාරයට එන ලකුණු පැවැතියේය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
2005 වෙනතුරු මේ රටේ තිබුණු යහපාලනය නැවත ඇති කරන්න මේ සෝභිත හාමුදුරුවෝ ප්‍රමුඛ කට්ටිය ගන්න උත්සාහය හැමෝම අගය කරන්න ඕනෑ.විශේෂයෙන් අපේ චන්ද්‍රිකා මැඩම්.එතුමිය අවුරුදු 11ක් තිස්සේ අපිට යහපාලනය දුන්නා.අපි ආයෙත් ධර්මිෂ්ට සමාජයක් ඇති කරමු හාමුදුරුවනේ. (නි)
චමිලාට බුද්ධාගම ගැන කිසිම දැනීමක් නැහැ වගේ. බුද්ධාගම ගැන නොදන්නවා නම් , හාමුදුරුවරුන්ට මොනවද කරන්න පුළුවන් කරන්න බැරි කියලා කතා නොකර ඉන්න. බයවෙන්න එපා. ඇත්තෙන්ම අන්‍යාගම් වලට ගරු කිරීමටයි දේශනාකොට ඇත්තේ. ඒ නිසා ගරු ස්වාමීන් වහන්සේ නමක් ජනාධිපති කෙනෙකු වීම ගැන ඔබතුමිය කලබල වියයුතු නැහැ (නි)
මේක විහිළුවක් විදියට ගණන් ගන්න එපා (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ, ගරු කරුණා අම්මාන් ඇමතිතුමා කියන්නේ තවත් එක් ඇමතිවරයෙක් පමණයි නේද? (නි)
මේවා පසුපස ඉන්නෙ කවුද කියලා ජනතාවට කල්පනා කරන්න කාලය ඇවිල්ලා. රතන හාමුදුරුවො කියන්නෙ මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න වැඩියෙන්ම දායකවුණ හාමුදුරුවො. ජනාධිපතිතුමත් මේවා ගැන හොඳට හිතලා බලලා යහපාලනය ගැන තවත් හිතුවා නම් තමා හොඳ. (නි)
කට්ටිය හැංගි මුත්තන් කරන්න හදනව ...(අ)
දේශපාලනයට හරියන්නේ යමක් කමක් තිබෙන, උගත් පවුල් පසුබිමක් ඇති කෙනෙක්. නැත්නම් කරන්නේ ආපු ගමන් අර කලින් තමාට පවුල් පසුබිමේ ලැබුනේ නැති දේවල් හම්බ කරගන්න පටන් ගන්නවා. කරන්න ආ රාජකාරිය මතක නැහැ. (නි)
දූෂණ කවදත් තිබුන, නමුත් අද තරම් තිබුනේ නැහැ. අද ලංකාව තියෙන්නේ ඉතාමත් පිරිහුණ තැනක. මේකට ප්‍රදාන හේතුව තමයි "අපේ මනුස්සයෙක්නේ - ඉතින් සලකන්න එපයැ" කියන සංකල්පය. මෙහෙම කියන්නේ කව්ද කියල හොයල බලන්න. මේ යුගය වෙනස් කල යුතුමයි. කරුට සියලු විපක්ෂය සහයෝගය දෙනවනම් ඒක ඉතාමත් සතුටුදායක පුවතක්.(අ)
ඇමෙරිකාව වගේ රටකින් උපදෙස් එහෙම පැතුවේ නැද්ද දන්නෙ නැහැ (නි)
මෙතනදී අපි බලන්න ඕනෑ ඇයි මේ කට්ටිය එකතුවෙලා ඉන්නේ? මොනවද කරන්න හදන්නේ කියලා. මම කලිනුත් කිව්වා සුඩානය, උගන්ඩාව, ගඩාෆී, සදාම්, උතුරු කොරියාව, මුගාබේ මේ වගේ ඕනෑතරම් නායකයෝ ඉතිහාසයේ අවුරුදු 20 ට වඩා ජනාධිපතිකම් කර තිබෙනවා. ඉතින් අපේ කෙනෙක් අවුරුදු18 ක් හෝ ඊට වඩා රට පාලනය කරන එකේ තිබෙන වැරැද්ද මොකද්ද? මේ කට්ටිය හදන්නේ ඒක නවත්වන්න. අපි මේ වගේ වැඩවලට ඉඩදෙන්න හොඳ නැහැ (නි)
පොදු අපේක්ෂකයාට ජයවේවා!....රට බේරා ගැනීමට අපි ඔබ සමගයි. (අ)
චිරන් ජයතු!.....අපට රට බේරා දෙන්න.(හේ)
ඡන්දයක් මතක් කළා විතරයි, කට්ටිය පුදුම විදියට කලබල වෙලා (නි)
අපිට තිබෙන්නේ ත්‍රස්තවාදයෙන් ලත් නිදහසයි. අනෙක් සියලුම වර්ගයේ නිදහස තිබෙනවාද යන්න, තම තමන්ගේ මතයයි. ඉන් එහාට කිසිවක් කියන්න නැත. (නි)
මේ මොකක් කෙරුවත් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා 58% ක ඡන්ද ලබාගෙන දිනනවාමයි. ඕන් කිවුවා. (අ)
මේක හරියට චිත්‍රපටියක් වගේ (නි)
අද සිද්ධ වුණ වැඩේ හොදයි.(හේ)
මෙයයි සැබෑ දේශපාලනය! (නි)
නීති ගරුක, සදාචාර සම්පන්න රටක්, අපේ දරු පැටවුන්ට උරුම කරලා දෙන්න සැවොම එක් වෙන්න. (හේ)
රට මේ අගාධයෙන් මුදා ගැනීමට සැවොම එක් වෙන්න.(හේ)
දැන්නම් ඉවසුවා හොඳටම ඇති (නි)
සිත්මි, මොකුත් අහගන්න එපා. දැන් තියනවානේ ඔයා කියන සදාචාරය. විදේශීය කාන්තාවකට ලංකාවේ සදාචාරය ගැන දැනුවත් කරන්න ගිහිල්ලා තාම සමහරු කුඩුවේ. ඔන්න දැන් යුද්ධයෙන් පස්සේ මේ රටේ තිබෙන සංස්කෘතිය! (නි)
හැංගිලා කතා කරන්නේ අදාළ පර්ශාවයන්ට පුද්ගලිකත්වය අවශ්‍ය නිසා වෙන්න ඇති. මෙයින් කෙනෙක් පැවසුවා නේ පිටිපස්සෙන් ඔත්තුකාරයන් ගැවසෙනවා , එලි පහලියට වත් බහින්න බැහැ. . කොහෙද ගියේ කවුරු එක්කද කතා කලේ ආදී වශයෙන් එක එක්කෙනා සොයනවා කියලා. (හේ)
මේ අය මොන දේ කළත් අපිට ඇති වාසියක් නෑ.(හේ)
ජය ගන්නේ හොර ඡන්ද .හැමදාම ලංකාවේ (හේ)
30 වසරක යුද්ධයේ අසීරුම හරිය ලෙස සැළකුණ යාපනය මුදාගැනීමේ මෙහෙයුම සිදුකෙරුණේ අතිගරු චන්ද්‍රිකා මැතිනියගේ පාලන සමයේදීයි. ඒ වගේම පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වන අපි තවමත් ආදරය කරන්නේ බණ්ඩාරනායක පවුලටයි. ගම්පහ දිස්ත්‍රික්කය යනු බණ්ඩාරනායකවරුන්ගේ රාජධානියයි. චන්ද්‍රිකා මැතිණිය වටා පරම්පරාගත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලක්ෂ 25 කට වඩා අධිකව සිටිනවා. එතුමිය ඉදිරිපත්වන්නේ නම් හෝ සහය දක්වන්නේ නම් අපි බණ්ඩාරනායක නාමය සළකා ඒ වටා එක්රොක්වීමට ඕනෑම මොහොතක සුදානම්. (නි)
නදිනි ගැන මට ලොකු දුකක් දැනෙනවා (නි)
සොබිත හිමිගේ අනුසාසකත්වයෙන්, රත්න හිමිගේ මගපෙන්වීමෙන්, චම්පික මැතිතුමාගේ හැකියාවන් සමගින්,අනෙකුත් ප්‍රජාතන්ත්‍ර වාදීන්ගේ සහයෝගයෙන් රනිල් මහතාගේ උපදෙස් අනුව, කරුගේ මගපෙන්වීම යටතේ, චන්ද්‍රිකාගේ බැල්ම මත, අපි හැම කෙනෙක්ම රට කොටින්ගෙන් බේරාගත් මරණ බියක් නැතුව මහා පාරක යන්න ඉඩ සලසා දුන් අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ජිවිත කාලයටම ජනාධිපති වශයෙන් පත් කරගමු.(හේ)
මොන මොන රහස් තිබුණත් අන්තිමේදී සියල්ල ජනතාව ඉදිරියේදී හෙළිදරවු වෙනවානේ! (නි)
අපේ හාමුදුරුවනේ අපේ ජිවිතෙන් හරි අඩකට වඩා ගෙවිලා ඉවරයි අපි ණයකාරයෝ ඒ මදිවට සැනසීමෙන් වැඩක් කරගන්න නැහැ නිතිය වල වැදිලා පොලිසියෙන් වැඩක් නැහැ මිනීමැරුම් මංකොල්ල කම් පස් හය හුනයකින් වැඩිවෙලා රජයේ ආයතනයකින් වැඩක් කර ගන්න අඩුම ගැනේ 5ක් වතාවක් එතනට යන්න ඕනේ එක ගියත් සන්තෝසම දෙනකම් වැඩේ කරලා දෙන්නේ නැහැ ඉතින් මේ ඔක්කොම එක්කද අපි අපේ දරුවන්ට මේ රට බාරදෙන්න ඕනේ මේ ක්‍රමය අනිවාර්යෙන් වෙනස් නොකලොත් අපි රටවල් අතර අග කොනේ හිරවෙන රටක් වෙනවා මිනිසුනි මෙය තේරුම් ගනිල්ලා (හේ)
රටේ යහපාලනයක් ඇතිකර සාධාරණ සමාජයක් බිහිකරන්නද මේ එන්න හදන්නේ? රටේ ජනතාවගේ ගෞරවය හා විශ්වාසය දිනාගත් රතන හාමුදුරුවොත් තමන් ඉදිරිපත් කළ මතය මල්ඵල ගන්වන්න අසාර්ථක උත්සාහයක යෙදීමෙන් උන්වහන්සේ ගැන තිබුණ විශ්වාසයක් අපිට නැතිවෙනවා. (නි)
ඕනෑ නම් ඡන්ද ලක්ෂ 30ක් කැඩෙයි. එජාප ජන්දත් එකතු කරගෙන ඕනෑ නම් 60% ක් ගනී. හැබැයි ඔය කියන 2/3 බලය මේගොල්ලන්ට ගන්න ලැබෙන්නේ නැහැ, මට හිතෙන හැටියට. (නි)
මේ වැඩේවත් සාර්ථක වේවා.(හේ)
අපිට නම් අතීතයත් වර්තමානයත් අතර වෙනස හොඳින් වැටහෙනවා (නි)
මොනවා වුණත් අනවශ්‍ය ගැටළු නම් ඇතිකරගන්න එපා (නි)
කාත් එක්කද මේ අය හැංගිමුත්තන් කරන්නේ....රටේ යහපතට,කට්ටියම එකතු වෙනවානම් ...වෙස්මූණු බඳින්නත් ,හැංගිමුත්තන් කරන්නත් ඕන නෑනේ ... රටේ යහපතට ඕන කරනටික තියාගෙන විදායක බලතල අඩු කලාට කමක් නෑ...එත් රටකන්න බලන් ඉන්න බලවේග වලට රටට ඇඟිලිගහන්න බැරිවෙන විදියට විදායක තබා ගත යුතුයි නේද නෝනා මහත්වරුනේ....අමතක කරන්න එපා.... ඔය බලතල නිසාත් කොන්ද පන තියන නායකත්වයක් තවමත් තිබෙන නිසාත් තමා...රටමෙච්චර දුරට හෝ නිදහස් කරගන්න මග පෑදුනේ ...ඔයාල කට්ටිය තැන තැන වල හැංගිමුත්තන් කරද්දී ...අනිත් දෙගොල්ලෝ එකතුවෙලා සාකච්චා කරනවා කියලත් ආරංචි නේද....(හේ)
අනේ මන්දා, නදිනිට මොනවගේ උත්තරයක්ද කියලා දෙන්න ඕනෑ? (නි)
රටට වැඩක් කරන්න පුළුවන් කාටද ? රටේ ආර්ථික සමාජීය වසයෙන් ඉදිරියට ගෙන ගිය හැකි පුත්ගලයෙක් විය යුතුයි.සාදාරන සමාජයක් උදෙසා කරන හැම වැඩකටම අපගේ සහයෝගය.(හේ)
අතීතයේ තිබුණ ප්‍රසිද්ධ රහස් වැඩ අපිට තවමත් මතකයි (නි)
ඔහොම ගිහින් අන්තිමට අපිට මොනවා වෙයිද? (නි)
ඔබට ජය! ඔක්කොම එකතුවුණාම රජයට මෙවර නම් අමාරුවෙයි (නි)
මේ වගේ වැඩක් කළ එක හොදයි.(හේ)
මේක ඉතිහාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. රුපියල් 112000 ට තිබුණ ඒකපුද්ගල ණය බර රුපියල් 435000 දක්වා වැඩිවෙලා. එහෙත් ඊට සමාන සංවර්ධනයක් රටේ වුණාද? යුද්ධයට යන වියදමත් දැන් නැහැ නේද? අපේ ඊළඟ පරම්පරාවට අඳුරු යුගයක් නිර්මාණයවෙමින් පවතින බව තතු දන්නෝ දනිති. ඉතින් අපි මේ උවදුරින් රට බේරාගැනීමට මහා සංඝරත්නයේ ආශිර්වාද සමග පෙළ ගැසෙමු (නි)
රතන හාමුදුරුවො දරන මතය හරි. (හේ)
කවුරු ආවත් කතිරේ ගහනවා.(හේ)
මට නම් හොඳම කෙනා රතන හිමි තමයි (නි)
මේ අයට යුද්ධයක් තිබුණ බවත් මතක නැතිවෙලා දැන්. ඇත්තටම මේ රට දියුණුවෙලා නැද්ද? ඇයි මේ මිනිසුන්ට හැමදේම අමතක වෙන්නේ? රටේ දුෂණය තියෙනවා . ඒත් අද රට කොච්චර හොඳද? දැක්කනේ කාලයක් තිබුණා. සාමය කියලා දෙයක් රටේ තිබුණද? දැන් අමතක වෙලාද? ඔය කවුරු ආවත් මහින්ද මහත්තයා ජය ගන්නවා (නි)
කෙසේ හෝ මෙම පාලනය වෙනස් කළවිට රට ජයග්‍රහණය වෙත ගෙන යා හැක. (නි)
ඇමරිකාව වගේ රටවල ජනාධිපතිවරු සේවාකාලය ඉක්මවා ගිය පසු ඉතා සංයමයකින් හා ගරුත්වයකින් යුතුව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයින් ලෙස ජනතාවගේ ආදරය මධ්‍යයේ නිහඬ ජීවිත ගතකරනවා. (නි)
මට කියලා දෙනවද අවරුදු දෙකකට කලින් මේ ජනාධිපතිවරණය තියන්නේ ණය පොලියවත් ගෙවන්න ආදායම නැති මේ රටේ ජනතාවගේ මොන සුගතියටද කියලා.(හේ)
මේ රහස් කතාවට අපිත් එකඟයි.(හේ)
කුහකකම අත්හැරලා නයකයිනේ පළමුව රට ගැන හිතපල්ලා. නුබලගේ දරුවන්ට වගේ අපේ දරුවොත් අපට පිටරටකට.යවන්න .වත්කමක් නැහැ.(හේ)
දියුණු රටවල නම් දිගින් දිගටම දේශපාලනය තෝරාගැනීමක් දකින්න නැහැ. (නි)
ජනනි ලොකුහේවා හිතන්නේ යහපාලනය සහ සාධාරණ සමාජය ඇති කරන්න පුළුවන් තමන්ගේ හිතේ ඉන්න දේශපාලකයාට විතරයි කියලද? ඊට වෙනත් තැනක ඉන්න වෙනස් මත දරන අයට ඒක කරන්න බැරිද? බැහැ නෙමෙයි, ජනනිලාගේ දේශපාලන දර්ශනයේ හැටියට ඉඩදිය යුතු නැහැ. (නි)
චන්ද්‍රා වීරසිංහ, ඔබ හරි. වෙනත් රටවල දේශපාලකයන්ට ගෙදර ගියාමත් කරන්න යම් වෘත්තියක් , පිළිගත් ආදායම් මාර්ගයක් තිබෙනවා. දැක්කාද ඉන්දියාවේ හිටි ජනපති අබ්දුල් කලාම් තමන්ගේ සුට් කේස් දෙක විතරක් ගෙන ගෙදර ගිය හැටි. දැනටත් ගමන් දුම්රියේ බස් එකේලු. ඒ මහා උගතෙක්. ඕස්ට්‍රේලියාවේ ජුලියා නෝනා දැන් ඇඩිලේඩ් සරසවියේ උගන්වනවාලු. (නි)
මඟ හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක් තමයි වුණේ. අරහෙ උසාවියේ ප්‍රශ්න මෙහෙ පොදු අපේක්ෂකයෙක් එන ලකුණු. (නි)
සංවර්ධිත රටවල කිසිම දේශපාලකයෙකුට මොනම හේතුවක් නිසාවත් අවුරුදු 10 කින් එහා ඉහළ තනතුරු වල රැඳීසිටීමේ උත්සාහයක් නැහැ. ඒ උදවිය නියමිත කාලයෙන් පසු නම්බුකාර විදියට ගෙදර යනවා. (නි)
චන්ද්‍ර වීරසිංහ කියන දේ ඇත්ත. (නි)
ඡන්ද තියන්න කොපමණ මුදලක් වැයවෙනවාද? මහමැතිවරණය පමණක් රටට හිමිකර දෙනවා නම් ජනපතිවරණයකට යන මුදල් ඉතිරි වුණොත් ඒවා අපේ රටට නේද? (නි)
කවුරු මොන කතා කළත් අපි දිනනවා ස්ථිරයි (නි)
බන්දුලට තියෙන්නේ ඉහ වහා ගිය හීනමානයක් බව පේනවා. කට ඇරියොත් තමන්ට නැති දේවල් තිබෙන අයට ගරහාගෙන. (නදී)
අනේ මන්දා, ඇයි මේ හාමුදුරුවන් දේශපාලන මඩගොරුවට බහින්න හදන්නේ? ලංකාවේ ජනතාව මෝඩ නැහැ. (නි)
මොන තනතුරක් හෝ වේවා, හැමෝම තනතුරට එකම සුදුස්සා තමන් විතරක් යැයි හිතාගැනීම නිසා තමයි මේ මුළු රටේම අද අර්බුධ ඇතිවෙලා තියෙන්නේ. (නි)
ගරුතර සෝභිත ස්වාමින් වහන්ස, එදා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඔබ වහන්සේ නැඟූ සිංහ හඬ තවමත් එම වචන වලින්ම මතකයි.නමුත් එදා ඔබ වහන්සේගේ ළඟින්ම සිටි, මගේ ගුරු හාමුදුරුවරුන් දෙදෙනාම අද නිශ්ශබ්දයි. සැමට සුවසේ ජිවත්විය හැකි සිංහලකම,බෞද්ධකම රජයන රටක් බිහිකිරීමට ඔබ වහන්සේටත් ජාතික හෙළ උරුමයේ කණ්ඩායමටත්,මේ දේශමාමක සැමටත් හැකිවේවා කියලා පතනවා. (නි)
පුබුදු, ඉහළින් තියන්න නම් දරාගන්න පුළුවන් දේශපාලකයන් පිරිසකට සීමාකරලා මේ විධායක ක්‍රමය නැතිකරලා දෙපයින් නැඟිටින්න ඕනෑ. ඒකට සැබෑ නායකයෙක් එන්න ඕනෑ. (නි)
අපි දිනනවා වෙන්න පුලුවන්. ඉතින් ඒ වුණාට අනිත් මිනිස්සු තමන්ගේ මතය ප්‍රකාශ කරන එක නවත්වන්න බැහැනේ. සමහරු කැමති ඇති තමන් හෝයියා කියන පක්ෂය විතරක් තරඟ කරනවා නම්. (නි)
මම කියන්නේ රනිල් එන්න ඕනෑ. එතුමා කාලයට ඔබින අවංක නායකයෙක් (නි)
කෝලාහල දොරකඩටම එනතුරු ඉන්න එපා. රටේ වෙන දේ දිහා බලන්න. (නි)
හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළි පිට.(හේ)
චන්ද්‍රිකාත් එදා විධායක බලය අහෝසි නොකළාට ජනතාවගෙන් සමාව ඉල්ලුවා නම් තමයි හොඳ. (නි)
විපක්ෂය එක්වෙලා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවාට මෙතන සමහරු මෙච්චර බයවෙලා නම් නායකයෝ කොතරම් කලබලවෙලා ඇද්ද? (නි)
පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාව හා මේ ක්‍රමය වෙනස්වීම ස්ථිර ලෙසම වියයුත්තක්. නමුත් මෙතන ඉන්න සමහර අය නම් මෙයට ගාවාගැනීම හොඳ දෙයක් නොවේ. (නි)
2005 වෙනකම් මේ රටේ තිබුණු යහ පාලනය නැවත ඇති කරන්න මේ සෝභිත හාමාදුරුවෝ ප්‍රමුඛ කට්ටිය ගන්න උත්සාහය හැමෝම අගය කරන්න ඕන..විශේෂයෙන් අපේ චන්ද්‍රිකා මැඩම්ව..එතුමිය අවුරුදු 11ක් තිස්සේ අපිට යහපාලනය දුන්න..මේ රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා අපි කිරි පැණි හැදී නැතුව අනාගෙන ඒ කාලේ කාපු හැටි මතක් වෙනවා..88/89 කාලේ තිබුණු තුන්ඩු කල්ලේ යහපාලනය වගේම 77/94 තිබුණු සත් ගුණවත් එක්සත් ජාතික පක්ෂ පාලන යුග මතක් වෙනකොට ඒකාලේ තිබුණු යහ පාලනය මතක් වෙන කොට සොභිත හාමදුරුවන්ට ඒ කාලෙට යන්න හිතෙන එක අසාධාරණයි කියලා කවුද කියන්නේ.. 2002 සටන් විරාමේත් එක්ක උන්නද මලාද කියලා හොයා ගන්න බැරි වුනු හාමදුරුවෝ මේ විධියට ආයෙත් අවධි කරලා ගැනීම ගැන මහින්ද මහත්තයාගේ අව පාලනයට එක අතකින් ස්තුතිවන්ත වෙන්න ඕන..අපි ආයෙත් ධර්මිෂ්ට සමාජයක් ඇති කරමු හාමදුරුවනේ..කොහොම හරි අපි ඔය වැඩේ කරලා මහින්ද මහත්තය ගෙදර යවලා ආයේ හැදී නැතුව කිරි පැණි කමු..කන්න බැරි එව්වන්ට බලෙන් හරි කවවමු.(හේ)
ඇත්තමයි. තමන්ගේ හිතේ ඉන්න කෙනා දිනනවා කියලා හොඳින්ම දන්නවා නම් ඇයි මේ තව කාගේවත් රහස් සාකච්ඡාවක පුවතක් පළවුණ ගමන් සමහරු කලබල වෙලා?
ඇත්ත තිත්ත උනාට, තිත්ත ඇත්තයි මහත්තයෝ...(දිල්)
අපි කියන්නෙත් රටේ යම්කිසි වෙනසක් වියයුතුයි (නි)
මම දන්නවා මොකද මට දේශපාලනය කරන්න බැරි කියලා. මම කාටහරි බැන්නොත් මට නැවත ඒ පුද්ගලයාගේ මුහුණ බලන්න බැහැ. (නි)
"කලකට වහලු, කලකට රස වෙනවාලු" (නි)
සෝභිත හිමියනි, ඔබ වහන්සේට මුළුමහත් ජනතාවගේම නමස්කාරය! (නි)
තිලක් ඩුබායි, රටට ආදරෙයි නම් පක්ෂ පාට වැදගත් වෙන්නෙ නැහැ. සැමදා ඡන්දය දිනුවේ මධ්‍යස්ථ මත ඇති බුද්ධිදිමත් ඡන්ද වලින්. (නි)
කවුරුහරි කමක් නැහැ. මේ යන ක්‍රමය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න ඕනෑ. (නි)
අජන්ත එක සිදුවීමක්, දෙකක් අල්ලාගෙන නීතිය සදාචාරය නැහැ කියලා කියන්න එපා. ඔය වගේ සිදුවීම් අනන්ත වත් සිදුවෙලා නැතිද පසුගිය කාලවලත්. අවුරුදු 30ක් විදේශිකයෝ ආපු නැති රටක් මේක. දැන් එනවා ඇවිත් රටේ සුන්දරත්වය නිදහසේ විදිනවා. සදාචාරය නීතිය උපරිමව තියන රටක් බව අජන්තට දැනෙන්නේ නැති වුනාට හුගක් අයට දැනෙනවා (නදී)
විධායක ජනාධිපති ක්‍රමය වළක්වන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. නැත්නම් රටත් ඉවරයි.අපේ අනාගත දරු පරම්පරාවත් ඉවරයි (නි)
ඔන්න බන්දුල පෙරේරාගේ ඇඟේ මාළු නටනවා වගේ දඟලන හැටි බලන්නකෝ... (නි)
මට නම් මේ කිසිදෙයක් තේරෙන්නෙ නැහැ (නි)
රට ඉදිරියේ ඇති විදෙස් තර්ජන වලට නොබියව මුහුණ දියහැක්කේ මහින්ද මහත්තයාට පමණයි. (නි)
සිංගප්පූරුවේ ලී කුවෑන් යුට ඉන්දියානු බලය අඩුකරන්න අවුරුදු කීයක් ගියාද? (නදී)
චන්ද්‍රිකාට නම් අපි ඡන්දය දෙන්නේ නැහැ (නි)
සෝභිත හිමියනි, ඔබ වහන්සේට පින්සිද්ධ වෙනවා ඔය විධායක ජනපතිධූරය නැතිකරලා දෙන්න. (නි)
විධායක ජනාධිපති ක්‍රමය වළක්වන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. නැත්නම් රටත් ඉවරයි.අපේ අනාගත දරු පරම්පරාවත් ඉවරයි.යුද්දෙට කලින් මේගොල්ලෝ හරි පාරේ ගියා දැන් වල්මත් වෙලා වගේ වැඩ කරන්නේ. (ස)
අනේ අපිට නම් කවුරු ආවත් කමක් නැහැ (නි)
අපිට මේ අයගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද? (නි)
මොන රහස් කතා තිබුණත් නටන්න වෙන්නේ එළිපිටනේ! (නි)
සුඩානය, උගන්ඩාව, සිම්බාබ්වේ ,ලිබියාව, ඉරාකය, උතුරු කොරියාව වැනි රටවල්වල සිටි නායකයින් අවුරුදු 20 කට වැඩිය එම රටවල් පාලනය කළා. ලංකාවට මේක අලුත් දෙයක් වුණාට ලෝකයට අලුත් දෙයක් නොවෙයි (නි)
පවු.කට්ටිය අඬන්නේ ඡන්දෙන් පස්සේ තමයි.රටක් පාලනය කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි (නි)
ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
මේ වගේ පිල් බෙදිලා මරාගන්න රටේ විධායක බලතල මොලේ තියෙන තනි එක්කෙනෙක් ලග තිබිය යුතුය. කවුරු මොනවා කිව්වත් ජේආර් ප්‍රේමදාස චන්ද්‍රිකා හා මහින්ද විධායක බලතල සුදුසු විදියට පාවිච්චි කළා. එහෙම නත්නම් මේ රට කොටිය අල්ලලා ගොඩක් කල්.(හේ)
කොට්ඨාශ ක්‍රමයට මහා මැතිවරණය තියලා විධායක ජනාධිපතිධූරයත් ඉවත් කළාම 1977 වුණ දේ යළිත් වේවිද දන්නෙ නැහැ (නි)
තුන්වෙනි මනාප අවුලකට රට එදා දමා ,රට අරාජික කර ,සිංහල බෞද්ධයාගේ ලේ ,මස් දකින්න අසා සුදු මහත්තුරු,සුදු නෝනලා ,සල්ලි පොම්ප කරනවා.අපට පොදු අපේක්ෂකයා ලෙස මහින්ද මහත්තය ඉන්නවා,විපක්ෂ නායකයා ලෙස රනිල් මහත්තය ඉන්නවා.ඉතින් තවත් මොකටද අපේක්ෂකයෙක්.? එක්සත් ජාතික පක්ෂය ඔතන නැහැනේ? (හේ)
සිදුවු ඒවා මේකේ ලියන්නට ඉඩ මදි. ඔය සත්ගුණවත් චන්ද්‍රිකා මැඩම් ඉන්නා කාලේ ඔය නදිනි සහ කඩේ යන අය ජිවත්වුණේ නැද්ද ? (නි)
කෝ මම හිතාගෙන හිටිය පිරිසක් ඇවිල්ලා නැහැනේ. (නි)
බන්දුල, ඔය හිතාගෙන ඉන්නේ අමාත්‍ය කරුණා අම්මාන් ඉන්නේ කොයි පැත්තටද, ඒ පැත්තට ජනතාව ඡන්දය දෙනවා කියලද? (නි)
සෝභිත හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඡන්දය ඉල්ලන්න. අපි ඡන්ද බලෙයෙන් ඔබවහන්සේ පත්කරන්නම්. ඊටපසු යහපාලනයට අවශ්‍ය සියලු අණපනත් පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන්න. (නි)
මෙම එකමුතුවේ එකම බලාපොරොත්තුව පවතින පාලන ක්‍රමය වෙනස් කිරීමද? (නි)
මෙතන කිසිම වැදගත් සංවාදයක් ගෙනියන්න බැහැ.(හේ)
ජනතාව අතරට යන්න නම් පුද්ගලයෙකුට යහපත් චර්යාවන් පිහිටා තිබීම බොහෝ වැදගත් (නි)
දැන්නම් මටත් තේරෙනවා විධායක ජනාධිපතිධූරයේ භයානකකම. (නි)
කරු එනවා කියල දැනගත්තහම සන්ධානේ මහින්ද වෙනුවට පබා දාන්න තීරණය කරලා. මොකද පහුගිය මහා මැතිවරනෙන් ගම්පහදී පබාටත් කරු පැරදුනනේ.(හේ)
සමහරු කියනවා මොළය ටිකක් ඔපමට්ටම් කරලා ගන්න පුලුවන්ද බලන්න කියලා. ඒත් ඉතින් සමහරුන්ගේ ඒක නැත්නම් ඉතින් කොහොමද ඔපමට්ටම් කරන්නේ. (නි)
සෙත්මි,ලංකාවේ නෙමෙයිද වාසය? (නි)
එදා තිබුන පැරණි සමාජය නෙමෙයි අද තිබෙන්නේ. කවුරු දේශපාලනය කළත් නොකළත් ලෝකයේ රටවල් ගඟක් වගේ ඉදිරියට යනවා. ඒකට ඕනෑ කරන්නේ හොඳ කළමනාකාරිත්වයක් විතරයි. ධනය සාධාරනව බෙදී යායුතුයි. බදු මඟින් කරන්නේ ඒකයි. ඒකට සුදුසු කෙනෙක් තෝරාගන්න සාධාරන මැතිවරණයක් තියන්න ඕනෑ (නි)
මහින්ද ගොඩගේ , ඔයා ඉන්න සීෂෙල්ස් වල නේද? හා හා... අපි දන්නවා. (නි)
අපි නම් වෙන මොන ප්‍රශ්න තිබුණත් අද කාලා ඇඳලා සතුටින් බයක් නැතුව ජීවත්වෙනවා (නි)
ඔය කව්රු එකතු උනත් අපේ ගරු කරුණා අම්මාන් මැතිදුන්ගේ සහය තියෙන තුරු ජනාදිපතිතුමා පරද්දනවා බොරු (නදී)
මම අදයි දැනගත්තේ කඩේ යන්න බවලතෙකුත් ඇවිල්ලා කියලා. සෙත්මි ,අපොයි ඔයා කියපු දේවල් වෙන රටකට ගිහිල්ලා නම් කියන්න එපා. නීතිය සදාචාරය උපරිමයිලු. රට දැන් ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඔය තැන නොතැන නොබලා කරන ගුස්ති සන්දර්ශන නිසා. (නි)
සමහර අයට නම් ඔය සෙත්මි කියන නීතිය සහ නිදහස උපරිමටම තියනවා. සදාචාරය තියනවා කියලත් කියනවා. (නි)
බලමුකෝ අන්තිමේදී මහජනතාව විසින් කාවද තෝරාගන්නේ කියලා (නි)
කාවින්ද, යුද්දය දිනා දුන් එකට ගරු ජනාදිපතිතුමා ඇතුළු හමුදාවන්ට අපේ ප්‍රණාමය. දැන් රටට වෙලා තියෙන නස්පැත්තිය දන්නේ නැත්ද. මම හිතන්නේ විදායකයට මේ නරුමයින් සහ සිද්දීන් පාලනය කල හැකි නමුත් බලයට ඇති ආසාව නිසා නරුම වැඩ වලට ඉඩ දී ඇති බවක් තමයි පෙනෙන්නේ (නදී)
මේ වැඩ වලින්ම අපිට හිතාගන්න පුලුවන් බොහෝ දේවල් (නි)
අපේ රටත් උගන්ඩාවට ,ස්වාසිලන්තයට සමාන කරන්න එපා. සදාම්,ගඩාෆි දක්ෂ ,කුරිරු නායකයන්. දැක්කා නේද වැඩි තණ්හාව නිසා වුණ දේ. ගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් චරිතයෙන් පාඩම් ඉගෙනගනිමු. ජපානය වගේ රටක ජනතාව එතුමාට අදත් සළකනවා. අන්න ගරු කටයුතු මහත්වරු. එක වචනයක් තිබු මිනිසෙක්. (නි)
බන්දුල පෙරේරා නිසා මෙතන දැන් දැන උගත් මිනිස්සුන්ට තියා මළ පොතේ අකුරක් දන්නා කෙනෙකුට ගැලපෙන තැනක් නොවේ. (නදී)
පාර්ලිමේන්තුවේ දුෂණයට සහ අගතියට විරුද්ද මැති ඇමතින්ට හිතට එකගව නැගිටින්ද පුළුවන් අවස්තාවක් උදා කර දීම ගැන ගරු සෝබිත නායක ස්වාමින් වහන්සේත්, ගරු රත්න හාමුදුරුවන්ටත් ගරු පාටලී චම්පික රණවක මැති තුමත් සිංහල බෞද්ද ඇතුළු සියලු ජාතීන්ගේ ගෞරවය ලැබේවා. (නදී)
හිටියා නේන්නම් බන්දුල... (නි)
චන්දවිමල ස්වාමින් වහන්සේගේ අදහසට මමත් එකඟයි. මටත් තාම මතකයි. මෙතන මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ කවුරුත් කවදාවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒක නිසා සෝභිත හාමුදුරුවො තමයි මෙතන සුදුසු. උන්වහන්සේ පාක්ෂග්‍රාහී නැහැ. එදා සිටම එකම ස්ථාවරයේ ඉන්නවා. අපේ රතන හාමුදුරුවොත් ඉන්න එක ලොකු හයියක්. අනිවාර්යෙන්ම රටේ බහුතරයන්ගේ සහය උන්වහන්සේට ලැබේවි. (නි)
චන්ද්‍රිකා මැතිණියව හුඟ කාලෙකින් දැක්කේ (නි)
සුබ අනාගතයක්! (නි)
මම මෙතන හොඳ සිහියෙන් කියවා බැලුවේ පැහැදිලිව කෙටියෙන් ලියා තිබෙන අදහස් පමණයි. අන්තිමට ලියා තිබෙන බන්දුල පෙරේරාගේ ගේ වැල්වටාරම ,දෙකක් දාගත්තම බැලිය යුතු දෙයක් බව තේරුනා. ඒක කියවිය යුත්තේ අග සිට මුලටයි. (අ)
බන්දුල වැඩිය පිටරවල් එක්ක අපේ රට ගාවාගෙන කට වරද්දාගන්න එපා. අන්න ටියුනිසියාවේ ලොකු නෝනා කෙනෙක් රටේම රත්තරන් ටික උස්සගෙන පැනලා ගිහින්. (නි)
හාමුදුරුවනේ, මේ අය එක්කද ඔබවහන්සේ මේ ගමන යන්නේ? (නි)
කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාල,රත්තරන් කිලෝ 1800 කුත් අරගෙන රටින් " චුත" වෙන්න සිද්ද වුනා. ටියුනීසියාවේ අවරුදු 23 ක් පාලනය කරපු බෙන් අලිටත් 20% ක ඡන්ද පදනමක් තිබුනා. ඒ නිසා බන්දුල පෙරේරලා වගේ අය කොහෙත් ඉන්නවා. (නදී)
කොටින්ම කියනවා නම් දුප්පත් කමින් දැන් අපේ රට ඉතියෝපියාවට,සෝමාලියාවට,උගන්ඩාවටත් එහාට ගිහින් තියෙන්නේ. (නදී)
බන්දුලගේ අදහස් පල් හෑලි ලියන්න එපා. (නදී)
චන්ද්‍රිකා මැතිණියගේ පියාණන් සහ මෑණියන් වැදගත් අවංක සේවයක් අප රට වෙනුවෙන් කළ බව නොකියා බැරිය. (නි)
මෙතන අදහස් වලින්නම් දැන්මම බන්දුල පෙරේරා ,අක්කල,නංගිලා දිනලයි තියෙන්නේ. (නදී)
විධායක ජනාදිපති ක්‍රමය නිසා තමයි අපේ රටට නිදහස ලැබුනේ.එකත් මිනිස්සුන්ට අමතක වෙලා.නැතිනම් අනෙක් අය ඕක ඉවරකරන්න දෙන්නේ නැහැ. (ස)
මගේ නමින් කව්දෝ හාදයෙක් අදහස් දානවා, මම හිතන්නේ බන්දුල පෙරේරා නොවෙයි වෙන්න ඇති.(අ)
දිනුක, ඒ අපි කවුරුත් දන්නා බන්දුල අක්කගේ, නංගිගේ අදහස්. ඒ ගැන වැඩිය හිතන්න එපා. මිනිහා කරන්නේ රැකියාවක් වශයෙන් විවිද නම් වලින් අදහස් දැමීමයි. (නදී)
අනේ මන්දා අපේ රටේ අයට මොනවා වෙලාද කියලා? ඒ කාලේ රටට ගොඩාක් වැඩ කළ නිසා විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නත් අමතක වෙලා. (නි)
මම හිතන්නේ හා මට හැඟෙන්නේ මේ සත්ව ලෝකේ අපි හැමෝම ඉන්නේ ටික කාලයයි. මහින්ද මහත්තයා කියන්නේ සැබෑම සිංහලයෙක්. අපේ රට සතුරු උවදුරින් බේරගත්තා. අපි ඒකට ණයගැතියි. මේ රංගන රංගනම විතරයි. දිනන්නේ මහින්ද මහත්තයා තමයි. (නි)
මහින්දට තුන් සැරයක් බෑ කියනවානම් චන්ද්‍රික කොහමද තුන් සැරයක් ඉල්ලන්නේ මහින්දට සීමාවක් නෑ.(හේ)
හැමදේම හොද විදියට විසිදෙයි.(හේ)
තනි මිනිහට පහර දෙන්න මෙච්චර පිරිසක් දගලන්නේ මොකද ? එක ප්‍රතිපත්තියක් නැති අයට කවුද ඡන්දෙ දෙන්නේ .කවුරු ආවත් අපි අපේ මහින්ද එක්ක . එතුමා කරපු දේවල් අපිට හොදටම ඇති.(හේ)
මේ පාර හොද දෙයක් වෙනකන් බලන් ඉමු.(හේ)
චන්ද්‍රිකාත් එනවද? (නි)
රූකාන්ත යුවලත් , අනෝජා වීරසිංහ ( නිළිය ) මහත්මියත් චන්ද්‍රිකා මැතිනිය නැවත බලයට පත්වීම අනුමත කරනවා , චන්ද්‍රිකා බලයේ සිටි කාලයේ ඔවුන්ට සැලකූ නිසා (නදී)
ආයෙත් රට කන්නද හදන්නේ. තමන්ගේ කාලේ නැතුව දැන් මොකද ? (නදී)
ඔය සෙට් එකම එකට තියලා පරද්දලා දැම්මම තේරේවි රටේ තමන්ට තියන තැන.නැත්නම් තවමත් හිතාගෙන ඉන්නේ අපි රටේ මහ කෙරුමෝ කියලා.(හේ)
මොන කතා තිබුණත් කමක් නැහැ. අන්තිමේදී ඔයාලගේ තීරණය අපිට දැනගන්න සළස්වන්න (නි)
අනේ මම නම් ඔය කිසි රටක් සමාන කරන්න යන්නෙත් නැහැ ගියෙත් නැහැ. මම සමාන කරන්නේ 2005 ට පෙර තිබුණු කාලයත් ඊට පසු කාලයත් පමණයි. මම ඉන්නේ ලංකාවේ. මම වගේම මගේ දරුවොත් නෑදෑ හිතවතුනුත් ඒ වගේම මග තොට හමු වන සියල්ලනුත් මේ රටේ මර බිය නැතුව අද ඕන තැනක යනවා එනවා. නිදහස බුක්ති විදිනවා. නිදහසේ ජිවත් වෙනවා. ඔය කොලඹ හතේ සුපිරි පැලැන්තියියට තියෙන යහ පාලන,මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය කතාකිරීමේ ලිවිමේ නිදහස නැහැ කියන ප්‍රශ්න අනේ මේ ගම් වල ඉන්න අපිටනම් නැහැ. තිලක් ඩුබායි කිරි පැණි නාපු යුග පහු කරලා දැන් අපි මේ යුගයේ ඉන්නේ..අපි ඒ කිරි පැණි වල රහ දන්නවා. (නදී)
මොකද දන්න නැහැ බන්දුලගේ ලිස්ට් එකේ ස්වාසිලන්තය නැත්තේ ? එහෙ විදියට මෙහෙ බවලතුන් අඳින්න පටන් ගනීවි කියල බයට වෙන්න ඇති. (නදී)
හැමදේම වෙන්නේ හොදට.බලාගෙන ඉන්න.(හේ)
විධායක බලතල විතරක් මදි, නිර්භීත තීරණ ගන්නත් පුලුවන් වෙන්න ඕනෑ (නි)
සම්මාදම් එකතු කරලා හරි බන්දුලව යවන්න ඕන අර තිරිහන් කරන සායනයට. මොලය ටිකක් ඔප මට්ටම් කරලා ගන්න පුලුවන්ද බලන්න. (නදී)
ඕව මොනවද හිමියනේ .. දැන් ඉන්න කෙනා මේ හෙට අනිද්දට ඇමතිකමක් දීල ගන්න යනවා කියන්නෙත් එහෙම කෙනෙක්වලුනේ ....ඕව ඔහොම තමයි .. ඔබ වහන්සේ ඔය ගැන වැඩිය හිතල හිත කලකිරව ගන්න එපා ..(අ).
කැපුවත් කොළ එජාප උදවියත්,කැපුවත් නිල් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයොත් නොව දිනන සාධකය වන්නේ බුද්ධිමත් ඡන්දදායකයින්ය. (නි)
අනිත් අය කතා කලේ පිල් මාරු කලේ එළිපිට කතා කරලා වෙන්න ඇති මගේ හිතේ ..(අ)
ලංකාවේ මිනිස්සු දැන් බොහොම බුද්ධිමත්. බලමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
පුලුවන් නම් තරඟ කරලා දිනලා පෙන්නන්නකෝ (නි)
කරු ගැන කතා කරන සමහරු හිටපු තැනින් පැන මහින්ද මහත්තයාගේ දෑත සවිමත් කරන්න ඇවිත් ආපහු ගිහින් බෝඩ් ලෑල්ලක්වත් එල්ලාගන්න බැරි තරමට අනාථ වුනා. දෑත් ශක්තිමත් කරන්න ආපු දෑත කපන්න හදනවා. අනේ අම්මප මෙහෙම මිනිස්සු. මේ අමන කතා කොළඹට මිස ගමට නම් ගැලපෙන්නේ නැහැ. ගමේ මිනිස්සුන්ට මේ කෝන්තරවාදීන්ගේ බල තන්හාවට අලගු තියලා තමන්ගේ දරු පරම්පරාවට විනාශයක් ලබා දෙන්න උවමනා නැහැ. මේ හැම දෙනාම වඳ බැහැපු කෙසෙල් ගස් වගේ. මේ මිනිස්සුන්ට රට භාර දෙන්න තරම් කාලකන්ණි ග්‍රහයෙක් ලංකාවට තාම ලැබුවේ නැහැ.(අ)
මේ ඡායාරූප දුටුවහම හිතට ලොකු දුකක් දැනෙනවා. අපේ රටට මොනවා වෙයිද? (නි)
බන්දුල පෙරේරා ඇයි කරුණ අම්මාන් කියන්නේ දෙවි කෙනෙක්ද? (අ)
මෙතන ඉන්න කට්ටියගෙන් මගේ පැහැදීමක් තිබුනේ රතන හාමුදුරුවෝ ගැන පමණයි. මේ මොහොතේ සිට එයද නැහැ. මෙයාලට දෙන්න හොඳ උත්තර කටට එනවා. නමුත් කියන්නේ නැහැ. (නි)
මුන්ට බල තණ්හාව, රටට වැඩ කරන මිනිහට වැඩ කරන්න සහාය දෙනවා ඇරෙන්න අපිට ඕන වැඩකරන ගුණගරුක කෙනෙක්. ඔය අලුතින් එන අයත් කලින් හිටපු අයත් මොනවද කළේ. සංවර්ධනය දියුණුව අපිට අඩු නැත. සමිති සමාගම් කර කර ඉන්නේ නැතිව කාලය කා දමන්නේ නැතිව සංවර්දනයට සහාය දෙන්න. (අ)
බලමුකෝ කවුද අන්තිමට දිනන්නේ කියලා (නි)
අපිටනම් වැඩක් නෑ.(හේ)
නිතිය හදන්නෙත් නිතිය කඩන්නෙත් මිනිසාමයි බලයේ සිටින පාලකයා. මෙය තාමාට ඕන විදියට පාවිචිව කළ හැකි බව සාමාන්‍ය ජනතාව නොදනියි? අපේ ඊළඟ පරම්පරාවට අඳුරු යුගයක් නිර්මාණය වෙමින් පවතින බව තතු දන්නෝ දනිති. ඉතින් අපි මේ උවදුරින් රට බේරාගැනීම සංගයාවහන්සේලාට භාරයි.(හේ)
මහින්ද කේ ගොඩගේ - සී ෂෙල්ස්, හිතන්න එපා.අපි දුප්පත් කියලා. (නි)
බාලසූරිය - කොළොන්නාවගේ අදහස කාලෝචිතයි (නි)
ජය වේවා.(හේ)
මම කියන්නේ කළ වැරදි හදාගෙන බලතල අඩුකරගෙන මහින්ද මහතා ජනාධිපති වුණොත් හොඳයි.හේතුව රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කතාකළ එකම ජනපති ඔහුයි. (නි)
මේ හැමදේම අපේ හොදට නොමෙයි.බලයට ඇති කෑදර කමටයි.(හේ)
යුද්ධය නිමා කළ ජනාධිපති තුමා ට මම ගරු කරමි, යුද්දෙන් පසුව රට පාලනය කළ හැටි පිළිකුල් කරමි, එනමුත් චන්ද්‍රිකා ජනාධිපතිවරනයට අවොත් මගේ ඡන්දය මහින්ද මතයට.(හේ)
මොන මොන දේවල් වෙලා හරි, සමහරුන්ගේ තණ්හාවට යම් තරමකින් බලපෑමක් වුණොත් අපිට ඒ ඇති. (නි)
චන්ද්‍රිකා මැතිනිය අගමැති වී පළමුවෙන්ම ගියේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයටයි. කෙසේ නමුත් පසුව සෝභිත හිමියන් හා විරසක වී සිටි කලෙක එක්තරා දිනක ඇගේ කතාවකදී සෝභිත හිමියන් විවේචනය කරමින්, ඇයට සෝභිත හිමියන්ගේ නම අමතක බව අගවා, මොකක්ද අර.. කවුද මේ.. මේ.. හාමුදුරු කෙනෙක්… ආදීවශයෙන් කියමින් ඇමති වරුන් දෙස බලන කල ඇමතිවරුන් මහා හඩින් සෝභිත.. සෝභිත කියනවා මට හොදට මතකයි. දැන් ආපහු අයට සෝභිත හිමි මතක් වෙලා තියෙන්නේ මහින්ද ජනාධිපත් සමග එයටත් වඩා උරන වී ඇති නිසයි. දේශපාලනයක තරම (නදී)
හොඳ කෙනෙක් තෝරාගන්නවා නම් අපිත් සහයෝගය දෙනවා (නි)
රාජ්‍ය බලය සහ රජයේ ජනප්‍රියතාව මත වර්තමාන දේසපාලන තත්වයෙන් එක පක්ෂයක අපේක්ෂයකුට ජයක් ලබාගත් නොහැකි වුනත් පක්ෂ එකමුතුවකින් අභියෝගයකට ලගාවිය හැකිය. ඒ. ජා. පක්ෂයේ කෙනෙක් පොදු අපේක්ෂකයා වුනොත් ජේ.වී.පි.එකේ ප්‍රතිපත්ති අනුව සුළු හෝ අවාසියක් එම පක්ෂයට සිදුවෙනවා ඇත. පොදු අපේක්ෂාවක් තිබුනත් පසු කලක එය වර්තමාන ජනාධිපතිතුමා පත්කර ගැනීම සදහා ලබාදුන් සහයෝගයට ලබන චෝදනාව ලැබීමට ඉඩ ඇත. ඒවගේම මැතිවරණ වේදිකාවේඑ.ජා.පයේ පරණ ක්‍රියාකාරකම් පැමිණීමටත් ඉඩ ඇත.චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂිකාව වුනත් යටගියාව පැමිණෙනවා ඇත.මේ නිසා එක තේමාවක් යටතේ වඩාත් සුදුසුම අපේක්ෂකයා ගරු සොබිත හිමියන් බව පිළිගැනීමට සිදුවේ.ජනතාව අතරත් පක්ෂ කාර්යාලයේත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කර රජ මාලිගාවේදී "එසේය මහරජ අපි ඔබසමගයි"කියන අපේ සමහර වාමාංශික නායකයන්වත් මේ සදහා දායක කර ගැනීමට උත්සහ කළ යුතුය.ප්‍රධාන අරමුණද ජනතාව අතරට යායුතුය.(හේ)
අයියන්ඩි දිනන හැටි මන් පෙන්වන්නන්. (හේ)
අර උඩින් කොමෙන්ට් එකෙක් දාල තියෙන නදිනි කියන එක්කෙනා ෂුවර් එකටම චෞර රැජිනගේ ගැන්සියේ කෙනෙක්. එකයි එයා ඒකාලේ හොඳට කාලා ඇඳලා හිටියා කියලා කියන්නේ. (බ)
මෙතනදී වැදගත් වියයුත්තේ සාමුහික එකඟතාවයක්. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් දරන අය පොදු අරමුණක් වෙනුවෙන් තම තමාගේ ප්‍රතිපත්ති මඳක් ලිහිල්කර සියල්ලන්ටම එකඟවිය හැකි සම්මුතියකට පැමිණීම රටේ අනාගතයට සුභදායකයි. රාජපක්ෂ මැතිතුමා යුද්ධය අවසන් කිරීම වෙනත් කිසිම ජනාධිපති කෙනෙකුට කරන්න බැරිවූ දෙයක්. නමුත් යුද්ධයෙන් පසු වසර හතරපහක් ගතවූ මේ කාලයේදී රටේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා. මෙහෙම ගියොත් අවසානය ලංකාවත් අසාර්ථක රාජ්‍යයක් වීමයි. මහා සංඝයා රාජ්‍ය පාලන කටයුතු වලට මැදිහත් වියයුත්තේ මේ ආකාරයටයි (නි)
ආඬි 7 දෙනාද? ඊට වැඩිද ? (නදී)
මොකද චන්ද්‍රිකා බලයේ ඉන්න කාලයේ මෙම විධායක ජනාදිපති ක්‍රමය අවසන් කරන්නට ඕනේ උනේ නැත්තේ? යුද්දය නිම කිරීමට බැරි උනේ ? අපට ඔබ තුමිය ගැන අමතක නැහැ. (නදී)
කවුරු මොනවා කිවුවත් රට බේරාගත් මහින්ද මහතා හැර අපි වෙනත් අය ගැන සිතන්නේ නැහැ (නි)
ඔබ සැමගේ අධිශ්ඨානය ප්‍රාර්ථනාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී විධායක ජනාධිපති ක්‍රමය සහ මුක්තිය ඇතුළු සියලුම රටට අහිතකර දේවල් දුරුකිරීමට ඔබට ශක්තිය ලැබේවා. (නදී)
රට නියම මගට ගත්තොත්, 18වැනි සංසෝදනය අයින් කලොත් හෙට අපි නැවතත් අපේ මනාපේ මහින්ද මාමටම තමා. වැරදි කරුවන් කවුරු වුණත් දඬුවම් දිය යුතුයි., අර අගමැති කාර්යාලයේ කුඩු ලියුම් දීපු එවුන්ට මොකද වුණේ. (අ)
මම කරුණා අම්මාන්ට වඩා K.P. ට අාදරෙයි.(අ)
සති දෙකක් තිස්සේ පාරවල් හරස් කරගෙන වැලි කොට්ට දාල තියෙන්නේ අපි මොන තරම් කරදර වෙනවද වු දේට රැකියාවට වේලාවට යන්න.ඒ කා වෙනුවෙන්ද?(හේ)
බන්දුල පෙරේරා මහත්තය ඇත්තටම බයවෙලා, අතීතය කාල් ගානවා ඇරෙන්ට උන්නැහේට මොකුත්ම කියාගන්න බැහැ වගේ. (අ)
පොදු අපේක්ෂකයෙක් එන පෙර මග ලකුණු. ජනතාවගේ පාර්ශවයේ මහනායක සෝභිත හිමියනි, ඔබ වහන්සේට මුළුමහත් ජනතාවගේම නමස්කාරය (නදී)
දැන් ආයේ ඡන්දයක් තියෙනවා කියෙන්නේ මහජන මුදල් වැය කිරීමක් නොවෙද?(හේ)
සාකච්ඡා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නදී)
බන්දුල පෙරේරා මෙතන කුලියට අරගෙන වගේ නම් 10 කින් විතර අදහස් දාල (අ)
සත්‍යපාල මහත්තයෝ..මම මගේ අදහස් දැම්ම එච්චරයි.ඔය විදියේ නපුනසක වැඩ මගේ ලග නැහැ.මම හොද පිරිමියෙක්...මගේ නමිනුත් ඕන තරම් කට්ටිය අදහස් දානවා .අපිට නතර කරන්න බැහැ..ඕව ගණන් ගන්න එපා..ඔබතුමාගේ අදහස ඔබ තුමා දාන්න..සත්‍යපාල කවුද බන්දුල පෙරේරා කවුද කියල මේ තීරුවේ අය දන්නවා සේනක නොදන්නවා වුණාට....(අ)
පුදුමයි කට්ටියම එකතු වුණ එක ගැන.(හේ)
පෙරේරා, ඉවසීමෙන් ඉන්න. (නි)
වෙන්නේ හොද දෙයක්නම් එච්චරයි.(හේ)
යුද්ධය අවසන් වෙලා සාමය උදාවුනාට මහත්මයෝ මිනිසුන් දැන් තමා ගොඩක් බියේ ජීවත් වෙන්නේ. සොර, සතුරු, හා මැර බිය. (හේ)
කල්පනා කරලා කලබල නොවී රතන හාමුදුරුවෝ තීරණයක් ගත්තා නම් මොකද? (නි)
මොනවද දන්නෙ නැහැ ඒ රහස් කතා? (නි)
ජනාධිපතිතුමා රට නිදහස් කරගත්තාට පස්සේ තමා මේ ඔක්කොට දේවල්.... (නි)
යුද්දය දිනුවාට පස්සේ රටේ වෙච්ච පිරිහීම සහ නීතිය පාච්චාල් වීම, දිහා බලනකොට හිතෙනවා ඉන්න කෙනාට වැඩිය කවුරු ආවත් හොදයි කියලා.(හේ)
මේක පුදුම ලෝකයක්! (නි)
මහා සංඝරත්නයේ අනුශාසනා ඇතුව මේ කටයුත්ත සිදුවෙන නිසා මෙය ඉතා සාර්ථක ආරම්භයක්. බණ්ඩාරනායකලා අපේ රටට කවදාවත් අයහපතක් කළේ නැහැ. චන්ද්‍රිකා මැතිනියට ජයවේවා!!! (නි)
මේ කිසි කෙනෙකුට ජය ගන්න බෑ.ජනතාවගේ නායකයා මහින්ද රාජපක්ෂ..(හේ)
මෙයාලා බලයේ ඉන්නකොට මොනවද කළේ?පුළුවන් කාලේ කරන්නේ නැතුව දැන් හදන්නේ අපේ ලංකාවේ වෙනත් ප්‍රශ්න ඇතිකරන්න කියලයි මට නම් හිතෙන්නේ. කරන්න ඕනෑ හැමදෙනාම එකතුවෙලා අපේ රට ලෝකයේ ඉහළින් තියන්න වැඩ කිරීමයි. (නි)
බාලසුරිය මහත්තයෝ, චන්ද්‍රිකා මැතිනිය හිටි කාලේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට කාටවත් අවශ්‍ය වුණේ නැහැ. ඒ කාලේ රටේ නීතියක් තිබුනා. එදා අපිට මෙහෙම ආර්ථික අහේනියක් තිබුනේ නැහැ. අපි කාලා, ඇඳලා හිටියා. චන්ද්‍රිකා මැතිනියනි, මේ රට ගළවාගන්න. ඔබතුමියට පින්!! (නි)
මෙය මෙතන පමණක් නොව ගමේ පන්සලේ දායක සභාවේ ,ගමේ මිනිසුන් අතරටත් ගෙනයමු. නිවැරදි දේ එවිට සිදුවේවි. මීළඟ මැතිවරණයේදී සියලුම දෙනා ඡන්ද පවිච්චි කළොත් හරි උත්තරයක් ලැබේවි. (නි)
අනෙක් අය ගැන අපිට ප්‍රශ්නයක් නැහැ.අපිට දුක රතන හාමුදුරුවොත් මීට සම්බන්ධ එක ගැනයි. (නි)
දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයේ අගමැති වින්ස්ටන් චර්චිල් හරිම ජනප්‍රිය නායකයෙක්, එම දිනවල. නමුත් යුද්ධයෙන් පස්සේ තිබුන ඡන්දයෙන් පැරදුනා. යුද්ධයක් කිරීම සහ රට ප්‍රජාතන්ත්‍රීයව පාලනය කිරීම වෙනස් කරුණු දෙකක්. මට සිතෙන්නේ දැන් වෙනසකට කාලය පැමිණ ඇත. (නි)
හැබැයි මම බලාපොරෛාත්තු වූ කෙනෙක් නම් මෙතන නැහැ (නි)
බලයට ඇති ආශාවටයි මේ හැමදේම කරන්නේ.(හේ)
මේ පාර මොනාගෙන් මොනා වෙයිද දන්නේ නෑ.(හේ)
මේ අය මොන දේ කළත් ජනතාවගේ නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා !(අ)
චන්ද්‍රිකාට දැන් වෙන්න ඕන මතක්වෙලා තියෙන්නේ විධායක ජනාධිපති අහෝසි කරන්න "නිහාල් ගලප්පත්තිට" වෙච්ච පොරොන්දුව. කාටද මේවා කියන්නේ? ඔක්කොම රටට ආදරෙන් වගේ හැසිරුනාට තියෙන්නේ කුහක කම.(හේ)
රත්න හාමුදුරුවෝ කියන්නේ උගත් බුද්ධිමත් හිමිනමක්. උන්වහන්සේගේ තීරණය නිවැරදියි. ව්‍යවස්ථාවට අනුව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එතුමිය වැදගත් ලෙස ඉවත්වුණා. (නි)
ඔබම සිතට එකඟව බුද්ධිය මෙහෙයවා බලන්න. යුද්ධය ජය ගැනීමත් සමගම නොවෙයිද මේ රටේ ආණ්ඩු විරෝධී කොටස් මුළු මුළු වල කසු කුසු ගාන්නට පටන් ගත්තේ.? යුරෝපා හවුල ප්‍රධාන ඇමෙරිකන් ගැති ධනවාදීන් අපේ රට දියුණුව කරා යාම වළක්වමින් අපට කෙනෙහිලිකම් කළේත් මුළුවල සිටි විරුද්ධ පක්ෂ දිරි ගන්වමින් රජයට විරුද්ධව කටයුතු කළේත් ඉන් පසුව නොවේද.? ඒත් මේ රජය බිය වැදුනාද.? පසුපසට ගියාද.? කළතු දේ කරමින් ලෝකය ඉදිරියේ අපේ රට නවා සිටියා නේද.? අපක්ෂපාතිව සිතන්න. මේ පාලනයට වඩා හොඳ තවත් පාලකයෙක් කොතැනක හෝ සිටිය හැකිය. නමුත් ඒ මෙතන ඉන්න පිරිස හෝ නක කරන පිරිස නම් නොවේ. මොවුන්ගේ පරණ පාලන සමයන් සොභිට හිමියන්ට අමතක වුවාට රටේ මිනිසුන්ට මන් අමතක නොවන්නේය.(හේ)
පද්මිණි,නීති ගරුක සදාචාර රටක් අපිට උරුම වෙලා තිබුනනේ අවුරුදු 30ක් තිස්සේ.ඔයාට අමතකද අතීතය.?ඔය කියන කව්රු වුණත් විධායකය අද එපා කීවට බලයට පත් වුණාම එය ලං කර ගන්න අය.කොහොම වුනත් මහින්ද මහත්තයා මහජන මතයෙන් ඉදිරියෙන්ම ඉන්නවා.ජනතාව ආදරය කරන අභීත නායකයෙක් .(අ)
සිද්ධවෙන දේ හොදයි.හරියටම බලලා පොදු අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතුය.(හේ)
ඇයි හැංගිලා මේ කතාව කරන්නේ.(හේ)
ප්‍රේමදාස මහත්තයා පාරවල් හැදුවා. ජනසවිය දුන්නා. ගම් උදාවෙන් මිනිසුන්ට ගෙවල් දුන්නා. ගමට මුදල් බෙදහැරියා.රටේ මිනිසුන්ගේ හදවතට තට්ටු කරලා අහන්න. බඩු ගණන්ගිය එකට, ජීවත්වෙන්න බැරි එකට වගකියන්න ඕනෑත් මේ රටේ මිනිස්සුම තමයි. (නි)
අපිට පුලුවන් උදවුවක් අපිත් දෙන්නම් (නි)
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේරට ත්‍රස්තවාදයෙන් මුදාගත් බව ඇත්ත. ඒ වෙනුවෙන් අපි එතුමාට කාලගුණ සැලකුවා. නමුත් ජනතාව ලබාදුන් ඒ වරම තුලින් රටේ යහපාලනයක් දකින්නට නැත්නම්, එය වෙනස් කිරීම සඳහාවූ වගකීමත් අපි භාර ගතයුතුයි. එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව ප්‍රතික්ෂේප කිරීම නොව එතුමාගේ පාලන ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම මිස හා මේ රට නිවැරදි දිශාවටකට යොමුකිරීම සඳහා සුදුසු නායකයෙක් තෝරා ගැනීම ජනතාව පෙළගැස්වීම. එතුමා ජනතාවගේ සිත් තුල හැමදාම වීරයෙක් වීමට නම් ජනතාවට අවශ්‍යකරන හා නිවැරදි පාලනක්‍රමයක් ඉතා ඉක්මනින් ඇතිකලයුතුය්. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකිරීම, නීතිය හා සාමය ස්තාපිත කිරීම, මාධ්‍ය නිදහස, අමාත්‍ය මණ්ඩලය සැලකිය යුතු මට්ටමකින් අඩුකිරීම්, වැනි මූලික වෙනස් කිරීම් ඇතිකළ යුතුය. යුද්ධය ජයගැනීම පහසු කාර්යක් නොවේ අපි කිසිදිනක එය අමතක කලයුතුනහ නමුත් එය කාරණයක් ලෙස සලකා රටේ විනාශය පෙනී පෙනී හැමෝම නිහඬව සිටීනම් එය මෝඩ කමක්. එක්කෝ එතුමා වෙනස් විය යුතුයි එසේනැත්නම් ජනතාව එය වෙනස් කලයුතුයි. හැමදාම දිනන්නේ මමය් මාව පරාජය කරන්නේ කිසිවෙකුට බැහැ යැයි සිතනවානම් ඒ වගකීමත් මහජනතාව භාරගත යුතුයි. (හේ)
රටට හොදක් වෙන දෙයක්.(හේ)
කෝ මම හිතපු කෙනා නැහැනේ! (නි)
ගරු සෝබිත හාමුදුරවෝ ,රත්න හාමුදුරවෝ, චම්පික ඇමතිතුමා, ගැන අපිට විශාල විස්වාසයක් තියෙනවා,එයට එක්සත් ජාතිපක්ෂය, ජනතා විමුකිති පෙරමුණ,ඇතුළු සියලු සවිධාන එකතු වුනොත් ආණ්ඩුවේ වැරදි හදන්න පුළුවන් කියා විස්වාසයක් තියෙනවා. ආණ්ඩුව දැන් යන ගමන් මග වරදයි. අපි මහින්ද මහත්තයාට ආදරෙයි ඒත් රටේ 90%ක් වන වැරදි වැඩ නැවත්වීමට එතුමාට උනන්දුවක් නෑ. බලය පවත්වාගෙන යාම පමණයි උඋත්සාහය. අද පරණ ශ්‍රී-ලංකා කාරයිනුත් අතරමන්. අයි මී හදිස්සියෙන් ජනාදිපතිවරනයක්, 18 ව්‍යවස්ථාව සංශෝධනය ජනතාවට අනවශ්‍යයි. ගරු ඇමැතිතුමන්ලා අගරු වෙලා. ප්‍රාදේශීය දේශපාලනය තක්කඩින් අතට ගිහින්. අහෝ ලංකාව, මගේ මවු බිම. සෝබිත හාමුදුරවෝ විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මී රට බෙර දෙන්න. රත්න හාමුදුරුවනේ ඔබ වහන්සේ ට රට බේරා ගැනීමට ත්‍රිවිද රත්නයේ බලයෙන් හැකියාව ලැබේවා.(හේ)
වැඩේ නම් හොඳයි වගේ (නි)
රටට යහපතක් වෙනවා නම් අපිත් කැමතියි (නි)
ජනාධිපති තුමනි රටේ දුෂණ වංචා නැති කරන්න යුද්ධය නැති කලා වගේම ඔබට හැමදාම ජනතාවගේ ආශීර්වාදය ලැබෙනවා, ඔබ දිනනවා,(අ)
මේ කට්ටිය වෙන වෙනම ඉන්න ඡායාරූප ටික විතරක් දැකලත් සමහරුන්ට ගැරඬින්ට භුමිතෙල් ගෑවුණා වගේ වෙලා. (නි)
මොකද ඡායාරූප ගන්න තහනම්ද? (නි)
යහපත් දෙයක් වේවා කියා සිතනවා.(හේ)
මම අවසානේ වෙන වැඩේ තිතටම කියන්නම්..කිසිම තීරණයක් නැතිව කට්ටිය විසිර යනවා.මේතන ඉන්නේ කිසිම අදහස් වලින් සමාන පුද්ගලයෝ නෙමෙයි. සොබිත හාමුදුරුවෝ කියන්නේ විධායක එපා කියලා.රතන හාමුදුරුවෝ කියන්නේ බලතල අඩු කරන්න කියලා.(හේ)
මේ පාර බොහෝ වෙනසක් සිදු විය හැකියි.(හේ)
අපිට ගරු සොභිත, රත්න හාමුදුරුවරු විශ්වාසයි. දැන් රට යන විදිහ වෙනස් විය යුතුයි නැතහොත් අපිත්, අනිත් අයත් සියල්ල අමාරුවේ. අයි මී රටේ නීතිය පුද්ගලික වාසියට පිදනට හසු කරන්නේ. ජනතාව ටිකෙන් ටික තේරුම් ගනිමින් ඉන්නවා. යුද්ධය නිමා කලාට , ත්‍රිවිද හමුදාවට, ජනදාදිපතිතුමාට, ආරක්ෂක ලේකම් තුමා ඇතුළු ත්‍රිවිද හමුදාපතිවරුන්ට අපේ ගෞරවය.(හේ)
සැඟවෙන්න දඟලන්නේ කාට බයේද? හැංගි හැංගි වෙස් බැන්දට නටන්න තියෙන්නේ ජනතාව ඉදිරියේ බව සළකන්න (නි)
රහස් කථා කුමකටද? යන්න ෆස්රුල් ගෆුර් මහතාගේ "මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ රට...."යන ප්‍රකාශය හොදටම ප්‍රමාණවත්ය. ගරු සභාවේ බන්දුල පෙරේරා මැතිදුන්ගේ විශේෂ අවධානටත් මෙය යොමු වන්නේනම් කාටත් ඉතා පහසුවක් විය හැකිය. (අ)
බලන්නකෝ මුණු දිහා.. යහ පාලනේ බේරෙනවා.හරියට යහපාලානේ මේ මාධ්‍යවේදීන් පැහැරගත්තා වගේ...හරි හරි ඇවිත් මේ 2005න් පස්සේ නැතිවුණු යහපාලනේ හදන්නකෝ..අපි මේ අතකට දත් මැදගෙන ඉන්නේ ඔයාලට දුවලා ගිහින් අපේ කතිරේ ගහන්න..2005 ට කලින් තිබුණු යහපාලනේ ආයෙත් දකින්න..(හේ)
මේ අය බලයේ ඉන්නකොට කළ දේවලුත් අපිට හොඳට මතකයි (නි)
අතීතයේ වැරදි නොකළ අය හොයන්න බැහැ. අතීතයේ නොව අප ඉන්නේ වර්තමානයේ. අද තිබෙන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න හැමෝම එකතුවෙනවා නම් එය අගයකළ යුතුයි. (නි)
ඇයි මේ බය වෙලා.(හේ)
මොන රහස් කතා තිබුණත් අන්තිමේදී ජයගන්නේ මහජන මතයයි (නි)
මහින්ද රාජපක්ෂ තුමා තමා මේ පාරත් අන්න ඕනේ.ලංකාවේ එන්න මිනිස්සුගේ අදහස් දැක්කම පුදුම හිතෙනවා.චන්ද්‍රික අවුරුදු 11 තුල මොනවද කලේ.මගේ කුලුදුල් ඡන්දයෙන් තම එතුමිය ජනාධිපති වුනේ.(අ)
හිතනවාද ඕවා සාර්ථක වෙයි කියලා? (නි)
හාමුදුරුකෙනක් ජනධිපති වුනොත් කොහමද හමුදාවට සහ පොලිසියට අනදෙන්නේ ? කුඩු කාරයන්ට මිනීමරුවන්ට කොහොමද මරණ දඩුවම දෙන්නේ .එයාට කියන්න පුළුවන් හැම කෙනෙක්ම නිදහස් කරන්න ධර්මානුකූලව කියල.(අ)
කව්රු මොනවා කීවත් 70,80,90 කාලෙ ඉපදුන මිනිස්සු දන්නවා ඔය නෝනා සහ රනිල්ලා නිසා රටට උන විනාසේ. මිනිස්සු මෝඩ නැහැ. (නදී)
ජනාධිපතිවරණයේදී මොන කතා කිවුවත් ජනාධිපති මහින්ද රාජපක්ෂව පරදවන්න බැහැ (නි)
කවුද පොදු අපේක්ෂකයා.(හේ)
දෙකෝටියක ජනගහනයක් සිටින රටක රටේ නායකත්වයට ඉදිරිපත් වෙන්න හදන්නේ දේශපාලනයට සම්බන්ධ පවුල්වල අය පමණයි.එවැනි පසුබිමක් නැති නමුත් උගත් බුද්ධිමත් උදවියට ඇයි ජය බලයක් හදාගෙන රටට නායකත්වය දෙන්න බැරි.(හේ)
මේ අය හැංගිලා කතාකරන්නේ බයට. වතුර ඉල්ලලා පාරට බහින්න බැහැ, විශ්වවිද්‍යාලය ඉදිරිපිට අට්ටාල තනන්න බැහැ, මාධ්‍යවේදියෙකුට නිවැරදි පුවතක් වාර්තා කරන්න බැහැ. බිය, වැරද්දක් පෙන්වලා දෙන්න බැහැ බිය. ඡන්ද ව්‍යාපාරයක් (පක්ෂ-විපක්ෂ කිසිවෙකුට) බිය. මැර බිය, මරණ බිය. මේ බිය තුරන් කරන්නත් එක්ක තමා මේ අය බියේ හැංගී හැංගී කතා කරන්නේ. (හේ)
රටට අවශ්‍ය තීරණාත්මක සාකච්චාවට කිහිපයක් වේවි. ඔබවහන්සේලගේ මගපෙන්වීම රටේ ඉදිරි අනාගතය සදහා ඉතාමත් තිරනත්මකයි. ප්‍රජාතන්තවාදය යනු එක්තරා ආකාරයක ආඬි 7 දෙනාගේ කද හැලිය වගේ තමා, එකට එකතුවීම, සාකච්ඡා පැවැත්වීම සහ අවශානයේ වඩාත් රටට ගැලපෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. එහි තුල ඇති මුලික සිද්දන්තයය්. ඒකාධිපති වියරුවක් සබැ ප්‍රජතන්ට්‍රවාදය තුල නොමැත. (හේ)
සොබිත හිමිගේ අනුසාසකත්වයෙන්, රත්න හිමිගේ මගපෙන්වීමෙන්, චම්පික මැතිතුමාගේ හැකියාවන් සමගින්,අනෙකුත් ප්‍රජාතන්ත්‍ර වාදීන්ගේ සහයෝගයෙන් රටේ අවශ්‍ය වෙනස කළ හැකි. ජනතා සහායෝගය එමටයි. මේ රටේ නිදහස ආරක්ෂා කිරීම සියලුම දේශප්‍රේමීන් නැවත පාරට බහිමු. යුද්ධය නිමා කලාට තුති. කොහමද නීතිය වල වැදුනේ. බලය සේම සියල්ල අනිතයි. මෙයට පිටු පා නොහැක.(හේ)
රටේ ගසා කාපු දනස්කන්දය නැවත මහජන සතු කරන්න කොන්දක් තිබෙන පාලකයෙකුගේ අවශ්‍ය තාවය පමණයි තියෙන්නේ.(හේ)
මහජනයාට වැඩක් කරන කෙනෙක් ඉදිරිපත් කරන්න.(හේ)
කරු ජයසූරියට ජයවේවා.(හේ)
මගේ අම්මේ, යුද්දේ කලේ වත් නොතිබුණු එකමුතුවක්නේ දැන් තියෙන්නේ. හරියට ප්‍රබාකරනත් වඩා මහින්ද රටට වින කරලා වගේ නේ. අනේ අපොයි.(අ)
සාධාරණ ඡන්දයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.(හේ)
දැන්ම ඡන්දේ වැඩ පටන් ගෙන ඉවරයි.(හේ)
මට දැන් හිතෙනවා ණයවෙලා හරි පිටරටකට පැනගත්ත එක හොඳයි කියලා (නි)
මට තේරෙන්නෙ නැත්තෙ ,මහින්දට තුන්පාරක් බැහැලු,චන්ද්‍රිකාට පුලුවන්ලු? ඒකාධිපති නම් ඉවත්කරන්න ඡන්දයක් දුන්නම ඒකත් එපාලු,තව දෙකක් ඉන්නලු. මේක දුර්දාන්ත පාලනයක්ලු,ජනතාවට එපාවෙලාලු... එහෙනම් කරන්න තියෙන හොඳම දේ තමයි එතුමව පරදලා පරාජිතයෙක් හැටියට ගෙදර යවන එක. අපි පුංචි කාලෙත් ඔහොම කළා මතකයි. ටිකක් උස මහත කෙනෙක් තරඟෙට ආවොත් අපි එන්නෙ නැහැ.අපි අයින් වුණා. (නි)
මිනිස්සුනේ රටට හොද දෙයක් වෙන දෙයක්නම් දේසපාලන පක්ෂ වල කන්නාඩි දාගෙන දේශපාලන කෝණ වලින් බලන්න එපා (හේ)
අපිටත් කියන්නකෝ.(හේ)
පොදු අපේක්ෂකයා කවුරු වෙයිද දන්නෙ නැහැ (නි)
මට නම් ඔක්කොම එකයි. අන්තිමේදී ජනතාව ඉදිරියේ කියූ දේවල් මතක නැහැ. ඔක්කොම කරන්නේ ඔය ටික තමයි. (නි)
ඔක්කොම හදන්නේ තරඟය දිනන්න. එහෙම නැතුව තමන්ගේ රට වෙනුවෙන් ඉදිරියට තිබෙන වැඩපිළිවෙල මේකයි කියා ඒ ඔස්සේ ප්‍රතිපත්ති ප්‍රකාශකර ඡන්ද ලබාගන්න උත්සාහයක් කාගේවත් නැහැ. (නි)
කවුරු ආවත් අහිංසක දුප්පත් අපි හැමදාම එකතැනම තමයි (නි)
මෙහි සිටින රතන හාමුදුරුවෝ නම් අප කාගේත් ගෞරවාදරයට පත් වූ සඟ රුවනකි. එහෙත්, දේශපාලනය ගැන සුවිශේෂ දැනුමක් ඇති, තියුණු නුවනක් ඇති උන්වහන්සේ තමන් මුලික වී සකස් කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනා මාලාව ජයග්‍රහණය කරවීම සඳහා ජනතා හඬක් ගොඩ නගනු වෙනුවට දේශපාලනයේ පාරාජිකා වෙච්ච පිරිසක් සමග රහස් සාකච්ඡා කිරීමට යොමුවීම ගැන නම් සිතාගන්නට බැරි දෙයකි. මොකද උන්වහන්සේ මේ ජනාධිපති තුමා හෝ රජය හෝ පෙරලීමට සිතන්නේ නැති බව කියා තිබෙන නිසාය. ජනාධිපති තුමා එම සංශෝධන ඇතුලත් කොට ජනාධිපතිවරණයකට යාම උන්වහන්සේගේ අපේක්ෂාව මිස පොදු අපේක්ෂකයෙකුට බලය පොම්ප කිරීම නොවන නිසාය.(හේ)
අපි නම් අතීතය අමතක කරන අය නෙමෙයි. අපිට කාගෙ කාගෙත් හැටි හොඳට මතකයි (නි)
රටම විනාසයකට මුලක් මේ වැඩ පිලිවල.(හේ)
මේ පරාජය කරන්නේ විධායක ජනපතිධූරය මිස පුද්ගලයන් නොවේ. මේ රටේ නීතිය සියලු දෙනාටම එක හා සමානව ක්‍රියාත්මක වන දිනයක් අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. (නි)
අපි මෙතන මොනවා කියලා කෑගැහුවත් අන්තිමේදී වියයුත්ත ඒ ආකාරයෙන් සිදුවේවි (නි)
රතන හාමුදුරුවො ගැන මගේ ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් දැන් එය නැතිව ගොස් හමාරයි (නි)
කලබල වෙන්න එපා. වෙන දේ අපි බලාගෙන ඉමු (නි)
නදිනි, ඔව් ඒ කාලේ නීතිය හරියටම තිබුනා. වයඹ ඡන්දය එහෙම තිබුනේ කාගේ කාලයේද කියලා මතකද ඔයාට? මට මතක නැහැ. දන්නා කෙනෙක් කියනවද? (නි)
චන්ද්‍රිකාව තෝරාගත්තේ ඇයි අපේ හාමුදුරුවනේ? (නි)
සියළු බලවේග පරාජය කිරීමට ඔබට ශක්තිය ලැබේවා! (නි)
අනේ අපි නම් ඕවා ගැන මොකුත්ම කියන්නේ නැහැ (නි)
ඔහොම සාකච්ඡා කර කර ඉඳලා මදි. ඉදිරියට එන්න ඕනෑ (නි)
ඔය මොන දේ කළත් අන්තිමේදී දිනන්නේ ගරු මහින්ද රාජපක්ෂ මහතායි (නි)
චන්ද්‍රිකාට තුන්පාරක් පුලුවන්ද එතකොට? (නි)
මම මේ සියලු දෙනාට ගරු කරනවා එ්ත් මහින්ද මහතාට ඊටත් වඩා ගරුකරනවා ඒ මන්ද කියන දේ කරන කරන දේ කියන ඝෘජු නායකයා නිසා නාස්තිය දුෂනය හොරකම් වැඩි තමා මේරටේ 1970 පසු රට පාලනය කල සෑම ආණ්ඩුවක්ම හොරකම් ඉතා විශාල වශයෙන් කලා .කාටවත් ඉවර කරන්න බැරිවුණු සටන අවසන්කළ වෙලාවට වැඩකරන නායකයා ඔහු. මම එතුමාට ආයාචනා කරනවා මේ ක්‍රමය අවසන් කරලා අගමැති කමට අැවිත් රට සාධාරන විදියට පාලනය කර විශ්‍රාම යන්න . (අ)
විවිධ නම් වලින්, ගැහැණු නම් වලින්,පිටරට වල නම් වලින් බන්දුල අදහස් දාන්න පටන් අරගෙන වගෙයි (නි)
මම උදේ වැඩට යන්න පෙර සියලුම වැඩ පසෙකට දා අදහස් 10 කට වඩා දැම්මා. (නි)
අපි දැන් ආණ්ඩු කීයක් යටතේ මෙච්චර කල් ජීවත්වුණාද? අපිට මොකක්ද ලැබුණු සෙත? (නි)
බලනකොට මේ ඔක්කෙම 2009ට පස්සෙ ඉපදුනු අය. මේ අය කොහෙද හිටියෙ ප්‍රභාකරන් යහපාලනය දාගෙන මිනීමරනකොට? සර්ව සාධාරණයෙන් රට පාලනය කරනකොට? දැන් කාගෙත් කටවල් පණ ඇවිල්ලා (නි)
රට දියුණු කරන්න පුලුවන් ඕනෑම කෙනෙකුට අපි මනාපයි (නි)
මොනවා නැතත් අර වහනය නම් නියමයි නේද? (නි)
අපේ මිනිසුන්ටත් හැමදේම අමතක වෙනවානේ ඉක්මනටම. (නි)
"කලකදී වහලු කලකදී රස වෙනවාලු...." (නි)
හරි හරි නදිනි, චන්ද්‍රිකා මැඩම්ට ඇවිල්ලා යහපාලනෙත් එක්ක අර අවුරුදු 11ක් තිස්සේ හදන්න බැරිවුණ ඔක්කොම හදලා යන්න කියන්න. (නි)
මොකද ඔක්කොම බන්දුලට කෑගන්නේ? බන්දුල,ඔබ ඕවාට සැළෙන්න එපා. කඩේයන එක නවත්වන්නත් එපා (නි)
යුද්ධයක් දිනුවා. ඒකට කළගුණ සළකන්න ඕනෑ. කාරණාව වලංගු වෙන්නේ ඒ අදාළ කෙනාට මිසක් ඒ පුද්ගලයාට සම්බන්ධ ඥාති මිතුරු ආදී සෙස්සන් සම්බන්ධයෙන් නෙමෙයි. ඒ පුද්ගලයාට මුවාවෙලා වැඩකරන සමහර උදවිය ගැන ජනතාවගේ කණස්සල්ලක් තිබෙනවා. (නි)
මොනතරම් රහස් කතා තිබුණත් අන්තිමේදී ජනතාව ඉදිරියට එන්න වෙනවනේ! (නි)
මම දන්නවා විධායක ක්‍රමය නරක දෙයක් කියා. රතන හාමුදුරුවෝ මුල් පුටුවට ආවොත් මම මගේ සහයෝගය මොවුන්ට ලබාදෙනවා. (නි)
බන්දුල පෙරේරා මහත්තයා කියන දේ හරි (නි)
ඔය මොන දේ කතාකරගත්තත් ඉදිරියේදී වෙන දේ නම් අපිට හිතාගන්න පුලුවන් (නි)