ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (13) ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී රැස් විය.
ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා වූ බවත්, අද ගත් තීරණ සෙනසුරාදා (14) විධායක කාරක සභාවේ දී සාකච්ඡා කිරීමට නියමිත බවත්, ඉන් පසු අපේ ගම පරිශ්‍රයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ දී වැදගත් තීරණ රැසක් හෙළි කිරීමට නියමිත බවත් මධ්‍යම කාරක සභාවට පැමිණි හිටපු ඇමැතිවරු කිහිප දෙනෙක් කීහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ එම රැස්වීමට හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සහ මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියළු දෙනාම එකතු වී හොද ගමනක් යමු.(හේ)
යසපාල මයාගේ අදහස මිනිසුන්ට වැටහේවා (ස)
ජයන්ත හිතන්නේ ලක්ෂ 58 ඡන්දෙ දුන්නේ ලංකාවේ ඉන්න නුගත් මිනිස්සු කියලද? එකෙන්ම පේනවා ඔයාගේ තියෙන අපූරු උගත්කම.(හේ)
රටට යහපටක් වෙන්න නම් එසේ විය යුතුමයි රට කෑවේ යූ.එන්.පී. එක අපේ අයට අමතක වෙලා. (ස)
යු එන් පිය පැරදී රනිල් පිටු පස්සට යනවිට කව්රුත් දුක්වුනේවත් අඩුවෙත් නැහැ , නමුත් මහින්ද , මහතාගේ පැරදීම වෙනුවන් තවමත් අඩන මිනිස්සු , අනික් පැත්තට චන්දය දීල දුක්වෙන අය පාරට තොටට බැහැල බැලුවොත් හොදට පේනවා (ස)
සහන්, ඔයාට කන්න විතරක් තිබුනොත් ඇතිද? අපිටනම් අපේ රට වටිනවා කෑමට වඩා. (හේ)
නඩරාජලා වගේ හොරකම් කරන්න බැරි නිසා අඬන අය මිසක් පොදු ජනතාව නම් කිරිබත් කාලයි මේ ජයග්‍රහණය සැමරුවේ. (නි)
අජිත් වගේ අයට හොඳටම පිස්සු ළඟ නොබලන්න දුර බලන්න (නදී)
කොහොමහරි අපි දිනන්න ඕනෑ (නි)
තමන් දිනන්නයි කාට කාටත් ඕනෑ. (නි)
රණසිංහ කියන කතාව ඇත්ත (නි)
මහින්ද මහත්තයා නැතුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දිනන්න අපහසුයි (නි)
මහින්ද නැති ශ්‍රිලනිපයකින් වැඩක් නැහැ. වැටිලා තිබුණු පක්ෂය ගොඩගත්තේ එතුමා. පැරදුනු අපේක්ෂකයකු වෙනුවෙන් වැඩිපුරම දුක්වුණ ලංකාවේ එකම අවස්ථාව මේක. (නි)
යසපාල,කුමාර ඔබ දෙදෙනාගේම අදහස් වලට මමත් එකගයි.(නදී)
බන්දුල පෙරේරා මහතාගේ අදහස හරියට හරි (නදී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දිවංගත බණ්ඩාරනායක මැතිතුමාගේ අදහස් වලින් පිරුණු ඉතා පිරිසිදු දේශපාලන පක්ෂයක්. එම පක්ෂයේ පිවිතුරු බවට විශාල කැළලක් උනේ මහින්ද මහත්තයාගේ පාලන කාලේ කියල කවුරුත් පිළිගන්න, පිළිගතයුතු සත්‍යයක්. දැන් තියෙන්නේ ඔය අපවිත්‍ර පක්ෂය පවිත්‍ර කරගෙන ජනතාව ඉදිරියට ගෙන එන්නයි. හැබැයි ඔය නම් දරාපු හොරු ටික ආයෙමත් ඕක අස්සේ දාගත්තොත් වෙන්නේ තව අවුරුදු 20 ට වත් ඔලුව උස්සන්න බැරිවෙන එකයි.(නදී)
යසපාලට ඉතිහාසය අමතක වෙලා. චන්ද්‍රිකා නෝනටත් ඔහොම තමයි කිව්වේ. පෞරුෂය කන්නද ජනතාව බඩ ගින්නේ නම් ? (නදී)
ෂෙල්ටන් දේශපාලනයේදී කතා කරන්නේ දිව දෙකකින් බව අමතකද ? (නදී)
යහපාල ,කොච්චර කන්න නැති උනත් හිටපු ජනපති හොඳයි නේද ? (නදී)
යාදෙක නොරත රත සමග පැසීමක් නැත. ලාකඩ එසේ නැත රත් කල විලස පාසේත (නදී)
යාදෙක නොරත රත ...එකට යාකල නොහැක ...බලමු. බලමු..(ස)
යසපාල මහතාණෙනි, අදික ලුණු සෞඛයට අහිතකර නිසාද වසර 2 ට කලින් සමුගත්තේ (නදී)
මහින්ද මහත්තය නැති ශ්‍රී ලංකා එක ලුණු නැති පරිප්පු හොද්දක් වගේ තමයි.එතුමා හින්ද එතුමාගේ පෞර්ශය නිසා ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් මිසක් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කියල හිතල වැඩකලොත් ඒ අධිතක්සේරුවෙන් මහින්ද මහත්තය අගමැති අපේක්ෂකයා නොකර තරගෙට ආවොත් කට්ටිය ඉතින් ආයෙත් අවුරුදු 20 කට විපක්ෂේ තමයි..(අ)
මේ තරම් හොර වැඩ කරලත් තාමත් මේ මිනිස්සු අන්ධයෝ වගෙයි හිතන්නේ, කතාකරන්නේ.(අ)
යසපාල,මහින්ද මහත්මයා ගැන දැන් ගොඩක් හිතන්න යන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා නැත්නම් ක්ෂය වී යන්නේ නැහැ. දැන් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට තිබෙන ගෞරවය දිනෙන් දින වර්ධනයවීගෙන යනවා. මොන පක්ෂයද, නායකයා කවුද කියන එකට වඩා මිනිසුන් දැන් බලන්නේ ඔවුන්ගේ චරිතය කොහොමද කියන එකයි. (නි)
ඔව් ඉතින් මේ ඔක්කොම මැතිවරණ ජය බලාගෙන තමා වැඩ කරන්නේ. රටට හෙන ගැහුවත් මොකද? (අ)
ඔහොම යමුකෝ! (නි)
බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
බන්දුල යහපාල , කාට හරි බලය තිබෙන කොට හදා ගන්න පෞරුෂය වගේ නෙවෙයි බලය නැති වෙලා හදා ගන්න පෞරුෂය .. අන්න එහෙම බැබලෙන පෞරුෂයක් තමයි මෛත්‍රීපාල මැතිතුමාට තියෙන්නේ. ඔය රැවුල කරකවමින් ගමේ වටේට ගිය පලියට හැම කෝරලේ මහත්තයාම වීරයෙක් නෙවෙයි. බලය තියන කන් ඔක්කොම සුපිරි තරු තමයි. පෞරුෂයක් කියල දෙයක් තිබුණ නම් ප්‍රතිවාදී අපේක්ෂකයා නැගිටලා එවි කියල බයේ හිරේට නියම කරාවිද ? ඔය වගේ බය ගුළු වැඩවලට ද මේ තමුන්නැහේ උඩ පැන පැන ප්‍රබල පෞරුෂයක් කියන්නේ. (අ)
මහින්ද මහත්තය නැති ශ්‍රී ලංකා එක ලුණු නැති පරිප්පු හොද්දක් වගේ තමයි. එතුමා හින්ද එතුමාගේ පෞරුෂය නිසා ලැබුණු ඡන්ද ලක්ෂ 58ක් මිසක් ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද කියල හිතල වැඩ කළොත් ඒ අධිතක්සේරුවෙන් මහින්ද මහත්තය අගමැති අපේක්ෂකයා නොකර තරගෙට ආවොත් කට්ටිය ඉතින් ආයෙත් අවුරුදු 20 කට විපක්ෂේ තමයි. (අ)
දැන් එතකොට ශ්‍රී ල නි පය පටන් ගත්තෙත් මහින්ද මහතාද ? අනේ නිකම් යන්න යහපලයෝ. වැදගතුන් දේශපාලනය කල පක්ෂයක් යු එන් පි එකෙන් පැනපු ගෙම්බන් දමා ගෙන , අට පාස් වාචාලයන් ලව්වා වේදිකාවල කතාවල් පවත්තමින් පක්ෂය නැති කලේ කවුද ? මේ අපිද ? (අ)
බණ්ඩාරනායක නම කියවෙන එකත් සඳහන් වෙන එකත් නැති කල කෙනාවද මේ ආපහු පක්ෂයට ගෙන්වා ගන්නේ ? අන්තිමේ ආ ගිය තැන්වල කිව්වේ ඔය පක්ෂය හැදුවෙත් තමන්ගේ පරම්පරාවේ උදවිය කියල. බණ්ඩාරනායක මහත්තයලා එතකොට නිකම් බලා ගෙන ඉඳලා මේ පවුලේ උදවිය පක්ෂය නිර්මාණය කරන කල්. (අ)
මහින්ද මහතා නැතුව වෙන කෙනෙක් සොයාගන්නම බැරිද? (නි)
ඩිල්ශාන්, ඔයාට දරාගන්න බැරිද ඒක? (නි)
සමගිය බලය වේ. (නි)
යසපාල හරියටම හරි (නි)
බුද්ධිමත් ජනතාව රට බේරගත්තා! ඒ වුණාට තව නුගතුන් රටේ ඉන්නවා (නි)
සමහරු ලුණු නැති පරිප්පු හොඳි ගැන කියනවා. තව අවුරුදු 8 ගියා නම් කාට කාටත් පරිප්පු නැතුව ලුණු කන්න තමයි වෙන්නේ (නි)
මම කැපුවත් නිල් නොවේ. කැපුවත් කොලත් නොවේ. හැබැයි මම රට බේර දුන්න මහින්ද මහතා සමගයි. මම මහින්ද මහතා නැති ශ්‍රී ල නි ප යේ සාමාජිකයෙක් නොවෙමි (නදී)
ශෙල්ටන්, යාදෙක නොරත රත, සමග පෑහීමක් නැත, ලාකඩ එසේ නැත, එකක් රත්කල විටද පෑහේ. වාසියට හෝයියා. (නදි)
අනේ මාටින්, මහින්ද පැරදිලා උඹලා කිරිබත් හදන් කෑවෙත් මහින්දගෙ කාලේ රුපියල් 50 ට තිබ්බ හාල් වලින්නේ (නදී)
අපි නම් ඉතින් කවදත් මහින්දට... (නි)
රණසිංහ ඔබ කියන එක හරියටම හරි.(හේ)
රණසිංහ ඔබ කියන එක හරියටම හරි කොහොමහරි අපි දිනන්නම ඕනෑ. අනේ මහත්තයෝ කරුණාකරලා මට ටිකක් පැහැදිලිකරනවද අපි කියන්නේ කව්ද කියලා ?(හේ)
රණසිංහ ඔබ කියන එක හරියටම හරි කොහොමහරි අපි දිනන්නම ඕනෑ. අනේ මහත්තයෝ කරුණාකරලා මට ටිකක් පැහැදිලිකරනවද අපි කියන්නේ කව්ද කියල ? (අ)
හෝ, හෝ, හෝ (නදී)
චන්ද්‍රිකා , මහින්ද දෙන්නම අවුරුදු 18 විතර රට පාලනය කලා එම කාලයේ කරන්න බැරි වුන දේවල් ඉදිරි වසර 5 තුල කරන්න පුලුවන්ද ? කරුණාකර ජනාධිපති තුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා එකේ හිටපු හොරු ටික එලියට දමා, අවංක බුද්ධිමත් දේශපාලකයන් සමඟ ඉදිරියට ගියොත් ඉදිරි මැතිවරණ දිනන්න පුළුවන් , මිනිසුන්ට ප්‍රශ්නය තිබෙන්නේ චන්ද්‍රිකා මහින්ද ගැන නොවේ ඔවුන් වටා සිටින හොරුන් ගැනයි , හොරුන් නැතිව අාවොත් අපි ශ්‍රී ල නි පෙ ට ඡන්දය දෙනවා නැත්නම් හෙළ උරුමයට හරි ජ වී පෙ ට ඡන්දය දෙනවා ,(අ)
යහපාලගේ කතාවට මම එකඟ වෙනවා. චන්ද්‍රිකාට හෝ වෙන කෑගහන කිසිම කෙනෙකුට මහින්ද චරිතය නැතිව ගමනක් නැහැ. (නදී)
මමත් නම් දුන්නේ යහපාලනේ වෙනුවෙන් තමයි. ඒ වුනාට දැන් වැටහෙනවා මෙතන තිබුනේ වෙනම ගේමක් බව. යූඑන්පිය කෙක්කෙන් බේරී දේ කොක්කෙන් කරගත්ත. අපි රැවටුනා. ඒවාට හරියන්න සලකන්න මහ ඡන්දෙ එනකන් තමයි බලන් ඉන්නේ. ආපුදෙන්කෝ මහ ඡන්දෙ. තව දින කීයද? (අ)