‘චන්ද්‍රිකා නෝනා (බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය)පොදු අපේක්ෂිකාව ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම ගැන විරුද්ධත්වයක් නෑ .එය නීතී විරෝධි බව කියන්නෙත් නෑ.නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තෙවැනිවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම විරුද්ධයි.ඊට හේතුව පැහැදිලියි.එතුමා තෙවැනි වරටත් ජයග්‍රහණය කරන නිසයි මේ විරෝධය.‘
නිවාස ඇමැති විමල් වීරවංශ මහතා අලුත් කඩේ නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරමින් අද (08) එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජු, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)
විමල් මහත්තයා හරියටම හරි. ජය වේවා! (නි)
දශක හතරක පාලන යුගවල අත්දැකීම් තියෙනවලු.ඒ කියන්නේ 40 20 [20 දේශපාලනය ගැන තේරෙන වයස]=60යි.මෙයා බලා ගෙන ගියහම පප්පා කෙනෙක් නේ.මම හිතාගෙන හිටියේ තරුණයෙක් කියලයි.පප්පලාගේ කොහොමත් මොලේ වයර් මාරු වෙලා තමයි තියෙන්නේ.(අ)
නිදහසෙන් පසු අවුරුදු 66ක් අපි ඇවිල්ල තියෙනවා. රට ටිකක් දියුණුයි තමයි, නමුත් ඉතා මන්දගාමී ලෙස. දුෂණ භීෂණ නම් වැඩියි. ඒ මිනිස්සුන්ගේ තියෙන තණ්හාවන්,ආශාවන්,කුහකම්,මෝඩකම් නිසා. ලංකාවේ පමණක් නෙමෙයි දුප්පත් කියන හැම රටක්ම මෙහෙම තමයි.එදා සිට අද වෙනකම් අාපු 99% දේශපාලකයෝ තමන්ගේ වැඩේ හරියට කළේ නැහැ. ආත්මාර්ථකාමී වුණා. හැම පක්ෂයකම දක්ෂ අවංක අය ඉන්නවා නමුත් බලේට එන්න අවස්ථාවක් නැහැ. ඉදිරියට හොඳක් වෙයි කියා පතමි.(අ)
බන්දුල මහත්තයෝ, කුහකකමට, ගුණමකුකමට විතරක් නොවෙයි මෝඩකමටත් බෙහෙත් නැහැ. ඒක ඔබතුමා දන්නේ නැති නිසා තමයි මේ තරම් බැනුම් අහන්නේ. (නි)
යුද්ධය වවාගෙන කාපු නැති නිසා සමහර උදවියට තියෙන්නේ හරිම ක්‍රෝධයක්. ඒ අසංවර ගති වලට කවුද බයවෙන්නේ? මහින්ද මහතාට පුළුවන්ද බැරිද කියලා ඡන්දයකට ගිහින් බලමු (නි)
මහින්ද මහත්තයා ඉන්නතුරු වෙන කවුරුවත් එන්නේ නැහැ (නි)
අනේ මෙහෙම තණ්හාවක්! (නි)
බණ්ඩාර, වසන්ත, ඔබ හරි.මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමාට මේ රට බාරකළ යුතුයි. (නි)
රටට වැඩක් කරන්න පුළුවන් කෙනා දෙපාරක් නෙමෙයි දහපාරක් ආවත් මොකද? ඒ තීරණය රටේ සමස්ත මහජනතාව ගනිවී. (නි)
කවුරු ආවත් අපේ මහජන මුදල් නේද මේවාට වැයවෙන්නේ? (නි)
වසන්ත, ඔබ හරි. ඒත් මෙච්චර කාලෙකට නියම නායකයෙක් අපිට ලැබුනේ නැහැ. ඔක්කොම සැළකුවේ තමුන්ගේ අයට පමණයි. නමුත් දැනට ඉන්න අයගෙන් රට බාරදෙන්න පුළුවන් මහින්ද රාජපක්ෂට විතරයි. අනෙක් අය ඔක්කොම පැරදුනාට පසු වීරයින් වෙන අය. ඌව ඡන්දෙන් පස්සේ ආණ්ඩුවේ අයට තේරුම් යන්න ඕනෑ හරියට වැඩ කළේ නැත්තම් ගෙදර යන්න වෙන බව. බලමු අපි මේ අය වැරදි හදාගනීද කියලා. නැත්තම් අපිට වෙන්නේ " ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් (නි)
දිව දෙකේ මිනිස්සු ඉන්නවා. නමුත් හත් දෙයියනේ මෙයාට දිවවල් කීයක් තියනවද ? (නදී)
සමහරු කියන අදහස් වලට අප්‍රසන්නයි මට. අනේද කියන්නේ! (නි)
දැන් ලංකාව ග්‍රීසියට පෘතුගාලයට වඩා දියුණුයි. අවුරුදු 28ක් තිස්සේ දිනපතාම කතා කළේ, රූපවාහිනියෙන් දැක්කේ ගම් නගරවල මරපු අහිංසක මිනිසුන්,කුඩා දරුවන්... කොටි හැතිකරය වැනසූ මේ ජනාධිපති තව අවුරුදු 6 කට කෘතගුණ දන්නා ජනතාව පත්කීරීම නියතයි (නි)
අනේ ජෙරාඩ් නොදන්නා දේ නොකිය ඉන්න. අලුත් ව්‍යවස්ථාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලතල පිළිබද නීතියක් ගෙන ආවොත් ඔවුන්ට එම නීතිය බලපාන්නේ ඔවුන් අායෙත් මන්ත්‍රීවරුන් වශයෙන් දිව්රුම් දුන්නහම තමයි. ඒකයි නීතිය (නදී)
ජවිපෙ වගේ පක්ෂයක් ආවොත් ඡන්ද ක්‍රමයම නැතිවෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
විමල් ආයෙත් කරළියට ඇවිල්ලා වගෙයි (නි)
ජෙරාඩ් හා ජයන්තට සංඛ තරමක පැහැදිලි කිරීමක් කරලා තිබුනා. තවදුරටත් කියනවා නම් ව්‍යවස්ථාව යනු රටේ මුලික නීතියයි. සංශෝධන මඟින් කරන්නේ එහි යම් වෙනසක් ඇති කිරීමයි. ඒ නිසා නීතිය අතීතයට බලපාන්න හදන්න බැහැ හැදූ දවසේ සිටයි ක්‍රියාත්මක වෙන්නේ. (නි)
මහින්දට බැරි නම් කාටද පුළුවන් අර කොටින්ට රටෙන් බාගයක් ලියල දෙන්න හදපු අයටද ? (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
බන්දුල පෙරේරා 2014-10-09 04:36:43 .....අනේ මම නම් එහෙම අදහසක් දැම්මේ නැහැ. ඩුප්ලිකේට් බඩු ලාභයි. හැබැයි කෙටි කාලයයි. (නදී)
කාට පුලුවන් වුණත් අපිට නම් කමක් නැහැ. අපි හැමදාම හූල්ලනවා (නි)
කොහොමහරි කමක්නැහැ රටට හොඳක් වෙනවා නම් (නි)
වසන්ත, ඔබගේ අදහස වැරදියි. මොකද අපේ වගේ රටකට ඕනෑ විධායක ජනාධිපති ක්‍රමයක්ම තමා. නැත්තම් අපේ වගේ රටවල පාර්ලිමේන්තු බටහිර රටවල් අතේ නැටවෙන රූකඩ වෙනවා. ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ව සල්ලි වලට ගනීවි. ඉතාලි රටේ තියෙන්නේ විධායක අගමැති ක්‍රමයක්. ඒත් බොහෝ ඉතාලි ජාතිකයෝ දුක්වෙනවා තනි තීරණ ගන්න පුළුවන් ජනාධිපති කෙනෙක් නැහැ කියලා. මොකද හැමදේටම පාර්ලිමේන්තුවෙන් අහන්න ගියාම වැඩේ වෙන්නේ නැහැ. එහාට මෙහාට කඹ අදිනවා මිසක්. ඉතින් ඔයවගේ පාර්ලිමේන්තු ක්‍රමයක් තිබුණා නම් අපිට අවුරුදු 30 ක යුද්ධය දිනන්නත් ලැබෙන්නේ නැහැ. (නි)
අදහස් සියල්ල දෙවරක් කියෙව්වා.අපේ මොළය අමාරුකාරයා 17 වතාවක් ඔහුගේ සැබෑ නමත් ඇතුළුව වෙනත් නම් වලින් අදහස් දක්වා තිබෙනවා. (නි)
කතා එපා. පුලුවන් නම් තරඟකොට දිනන්න. (නි)
හැම දේශපාලකයෙක්ම එකයි. එයාලා සැපවිදින්නේ ලංකාවේ ජනතාවගේ සල්ලි වලින් (නදී)
රටේ දැන් තියෙන ප්‍රශ්න දකින්න මොළය තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. එහෙම නැතුව බන්දුල වගේ කාඩ්බෝඩ් වීරයන්ට කතා කරලා ඵලක් නැහැ (නි)
කවුරු බලයට ආවත් දැන් මේ රට සුරංගනා කතාවලින් නම් ගොඩගන්න බැහැ. අවංකවම කැපවීම් කරන්න පුළුවන් පාලකයෝ වගේම අනාගත පරපුර ගැන හිතලා වැඩ කරන්න මනස හදාගත් ජනතාවක් නිර්මාණය වූ දවසකදී තමා රටක් දියුණු වෙන්නේ.මේ ඇත්ත අපිට තේරෙන්නේ නැත්තේ අපේ ඔලුගෙඩි කුරුවල් වෙලා නිසයි. කවදාහරි මේ දේවල් වලට වන්දි ගෙවන්න වෙන්නේ අපේ ළමයින්ට (නි)
ඔබතුමාගේ තර්කය පිළිගන්න පුලුවන් (නි)
මෙතන හරිම පැහැදිලි නීතිමය ගැටළුවක් තිබෙනවා ඒක තේරුම් ගන්න නීතිය හදාරන්න ඕනෑ නැහැ. දෙවන වරට දිවුරුම් දෙනවිටම ව්‍යවස්ථාවට අනුව ඔහු තුන්වැනි වරට ඉල්ලීමට නුසුදුස්සෙක් වෙනවා. ව්‍යවස්ථාවේ එම වගන්තිය සංශෝධනය වෙන්නේ ඊට පසුවයි. ඉතින් එය බලාත්මක වෙන්නේ ඊට පසුව පත්වෙන ඕනෑම කෙනෙකුට අදාළවයි. නීති අතීතයට බලපාන්න හදන්න බැහැ නීති අර්ථ දැක්වීමේ රෙගුලාසි වලට අනුව. ඕක හරිම සරල දෙයක්. (නි)
මේ කියන මහත්තයත් ඌවෙන් ඉල්ලලා වුණ දේ දැක්කනේ! (නි)
කටේ මසුරන් දාන්න වටිනවා කිවුව කතාවට නම් (නි)
මෙවන් මෙතන ළමයි ගැන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ මුලින්ම පුවත කියවා කරුණු තේරුම් ගෙන කොමෙන්ට් කරන්න. මෙතන ගැටලුව මහින්ද මහතාට තුන්වන වර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්න බැහැ කියන අය චන්ද්‍රිකා මහත්මිය තුන්වර ඉදිරිපත් වීම ගැන කිසිත් ප්‍රකාශ නොකිරීමයි. (අ)
ඔය ඔක්කොම හොරු. ජනතාව කබලෙන් ලිපට. බොරුවට ඡන්දෙ ලං උනාම අපිට බවර් ගානවා. ඊට පස්සේ කව්රුත් හොයන්න වත් නැහැ. (නදී)
ටිකිරි බණ්ඩාර මොන ප්‍රවෘත්තිය ගැනද අදහස් දාල තියෙන්නේ . ලිපියට අදාලව අදහස් දානවනම් තමයි හොඳ.(අ)
වෙන කෙනෙක් එන එක හෝ ඉන්න කෙනා තව කාලයක් ඉන්න එක නෙමෙයි මෙතන ප්‍රශ්නය. එහෙම එන කෙනා රට තමන්ගේ බුදලය කියලා හිතලා වැඩ කරනවා නම් අපි කැමති නැහැ ඒකට (නි)
කොයිදේකට වුණත් අසීමිතව කෑදරවීම තමන්ගේ දුකට මුලයි. සදාකාලික වීරයින්ට වුණත් තමන්ගේ භූමිකාවෙන් නම්බු පිටින්ම යන්න වෙන දවසක් එනවා. (නි)
හරි. වසන්තගේ කැමැත්ත රටේ කැමැත්ත නෙමෙයි නම් බන්දුලගේ කැමැත්ත මෙතන කැමැත්ත කියලා හිතාගෙනද ඉන්නේ? (නි)
රුසියන් ජනදිපති ආපු ක්‍රමයට තමයි එන්නේ. ව්‍යවස්ථාව තුනෙන් දෙකේ ඡන්දයෙන් වෙනස් කෙරුවේ ඒකටනේ(අ)
ඕනෑම කෙනෙක් රට වෙනුවෙන් කළ සේවය කලක් සැමගේම සිතේ රැඳී තිබී පසුව ඉතිහාසයට එක්වෙනවා. දුටුගැමුණු රජතුමාගේ රට එක්සේසත් කිරීම වුණත් දැන් තිබෙන්නේ ඉතිහාස පොතේ, නැතිනම් ඉඳහිට එන රූපවාහිනී වැඩසටහනක, නැත්නම් චිත්‍රපටියක. මේ කාලයේ ජනතාව උදේ හවස ඒක දැන් ස්මරණය කරනවද? මේ සත්‍ය අදාළ කෙනාට කෙසේවෙතත් සමහර අයට නම් තේරෙන්නේම නැහැ. (නි)
චන්ද්‍රිකා ගෑනියෙක්, මහින්ද පිරිමියෙක් (නදී)
මේ රටේ සාමාන්‍ය මහජනතාවට අද තිබෙන ලොකුම ප්‍රශ්නය කාට තුන්වෙනි පාරට එන්න බැරිද කියන එක නෙමෙයි. බහුතරයකට එදා වේල හරිහම්බ කරගැනීමත් ප්‍රශ්නයත්. (නි)
එහෙම තුන්පාරක් බලයේ රැඳීමට ප්‍රශ්නයක් නැත්නම් මොකද මේ ඇමතිතුමා මෙච්චර කලබල වෙලා? වටේපිටේ ඉන්න අයත් මේකට ඈඳාගෙනනේ!. ගිහිල්ලා තියෙන්නේ නිවාස සංකීර්ණයක් විවෘත කරන්න නේද? (නි)
අපිට හිතාගන්න පුළුවන් මොකද මේ විමල් ඇමතිතුමා මේ ගැන මෙච්චර වික්ෂිප්තයෙන් කියලා. (නි)
තමිල්නාඩු සහ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් එකම කාසියේ දෙපැත්ත වගෙයි කියලා මට හිතෙනවා (නි)
ඕනෑම පනතක්,ව්‍යයවස්තාවක්,වෙනස්කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක [2/3]ක බලයක් හිමිනම්.මෙම රජයට මෙමබලය තියනවා.බහුතරබලය යොදවා දෙවතාවකටවැඩි වතාවක් විධායක ජනාධිපති දුරයට තරඟකලහැකිපරිදි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස්කළා පාර්ලිමේන්තුව විසින්ම.වත්මන් ජනපතිට තියන බයට තමා විපක්ෂය ඇතුළු විරුද්ධ සියලුම පක්ෂ බොරුබේගල් කියකියා ජනතාව මුලාකරන්න හදන්නේ.අපි රැවටෙයි ඕවට.(අ)
ගිහාන් හරි. මහින්ද රාජපක්ෂ මැතිතුමා රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමෙන් කළ සේවය වෙන කෙනෙකු ඒ තනතුරේ හිටියා නම් නොකෙරෙන බව නිසැකයි. ඒ ගෞරවය රටවැසි කවුරුත් එතුමාට දෙනවා. ඉතිහාසයේ එතුමාට ඒ ගෞරවය කිසි කාලෙක නැතිවෙන්නේ නැහැ. නමුත් දැන් ඒක ඉතිහාසයයි. වර්තමානයේ එතුමා ඒ තනතුර දැරිය යුතුද නැද්ද තීරණය වෙන්න ඕනෑ දැන් තිබෙන සාධක අනුවයි. නීතියෙන් හරි නම්, ජනතාව කැමති නම් එහෙම වෙයි. (නි)
අනේ ඉතින් ඔය කවුරු ආවත් අපිට මොකක්ද වෙන්නේ? (නි)
17 වන සංශෝධනය ක්‍රියත්මක කිරීම හොඳයි. කැබිනට් එක 20ට සීමාකිරීම විශිෂ්ටයි. ඒත් මේ රටේ විධායක ජනාධිපතිකෙනෙක් ඉන්නම ඕනෑ. එයට එකම සුදුස්සා බය නැතුව තීරණ ගන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණි. (නි)
අනේ! සමහරුන්ට ලැජ්ජාව කියලා එකක් නැති හැටි? (නි)
චන්ද්‍රිකාට බලය දෙමු. සංවර්දනය නතර කරවමු. සත්‍යග්‍රහ, වැඩ වර්ජන ,පෙළපාලි නතර වේවි. රටට සාමය උදා වේවි. කවුරුත් සතුටින් සිටීවි. ඇගේ ගුණ ගායනා කරාවි (නදී)
අපිට ඔය වෙන රටවල් වලින් වැඩක් නැහැ. අපි හිතන්න ඕනෑ අපේ රටට හරියන ක්‍රමයක්. නීතිවල යම් අඩුපාඩු තියනවා නම් නිවැරදි කළයුතුයි. මට නම් හිතෙන්නේ ඔය දෙපාරේ තුන්පාරේ කතා වැඩක් නැහැ. ඕනෑ කෙනෙකුට ජනතා කැමැත්ත තියනව නම් කැමති පාරක් ජනාධිපති වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. මොකද රටේ බහුතර ජනතාවගේ කැමැත්තයි මෙතන වැදගත් වෙන්නේ. ඒක නිසා ඔය ජනතා නායකයින් හැමෝම රටටම පිළිගන්න පුළුවන් වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරන්න. එතකොට ජනතාව තීරණයක් ගනීවි. (නි)
සේපාල එ්කනායකව හිරේ ඇරියෙත් අතීතයට බලපාන පරිදි නීති වෙනස් කරලා නේද ? (නදී)
හයෙන් පහක බලයක් තිබුණු ජේ ආර් ජයවර්දන ජනාදිපති තුමා රටේ ව්‍යවස්ථාවට හිස නමා ගෞවරවනීයව විශ්‍රාම ගත්තා. එම නිසා මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා තුන් වෙනි පාරට බලය ඉල්ලා එ්කාදිපති වීමට අවශ්‍ය නැහැ. එවිට ඉස්සෙල්ල්ලම පාරට බහින්නේ විමල් වීරවංශ. (නදී)
ආණ්ඩුවට විරුද්ධව කට ඇරියොත් අර බත්තර මුල්ලේ හදපු ලක්ෂ 27 බස් හෝල්ට් එකම ඇති හිරේ යවන්න. ඒ හින්දා නේද මෙහෙම කඩේ යන්නේ? (නදී)
අර්ජුනට කවුද බුලත් දෙන්න ගියේ. ස්වයන් ආරාධනාවකට උත්තර දෙන්නේ. (නදී)
විමල් විරවංශගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී උදය කුමාර මන්ත්‍රී වෙනමම ස්වාදීනව ජන්දය ඉල්ලලා මොනරාගලින් ඡන්ද 4000 ගත්තා. එහෙනම් ඇමතිලා කට්ටියක් පැන්නොත් අඩුම ජන්ද ලක්ෂ 10 ගනී මුළු ලංකාවෙන්ම. මොකද එතකොට නිකම්ම රැල්ල යන පැත්තට මිනිස්සු ජන්දය දෙන්නේ (නදී)
සමහරුන්ගේ අදහස් දැක්කහම දුකත් හිතෙනවා (නි)
සම්පත්,ඔහෙලා වගේ බත් කන උදවිය ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
බන්දුල මහත්මයා කියන දෙය හරි. මටත් රාජ්‍ය නායකයෝ 6 ක් යටතේ අත්දැකීම් තියෙනවා. ඔය හැමෝම ආවේ අලි දෙන්නන් කොටි දෙන්නන් කියලා. හැම එක්කනාම කලින් එක්කනාට අන්තයි. මහින්ද මහත්තයාට විතරක් එහෙම කියන්න බැහැ පැති දෙකකින්. එකක් යුද්දය ඉවර කරපු එක. අනික බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව නොසලී සිටීම. අනික දෙපාරකට වඩා ජනාධිපතිවරණයකට ඉල්ලන්න බෑ කියන එක කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැහැ කියන්නේ. (නදී)
දැන් ගොඩක් දෙනාට සත්‍ය අවබෝධවෙලා ඉවරයි. (නි)
සමන්, මට නම් හිතන්නේ ඔය ළමයි ගැන මෙතනට අදාළ නොවුණත් බල තණ්හාව වැඩිපුර ඇත්තේ තමන්ගෙන් පසු පුරාණ රජ කාලයේ වගේ තමන් ඇවෑමෙන් බලය ඊළඟ පරම්පරාවට යායුතු යැයි සිතන උදවියට. (නි)
මම නම් දන්නෙ නැහැ මේවට උත්තර දෙන්න (නි)
ජනාධිපතිතුමා දිනන බව අපිට ස්ථිරයි (නි)
බන්දුල පෙරේරා විවිධ නම් වලින්, ගැහැණු නම් වලින්,විවිධ රට වලින් අදහස් දානවා. ඒත් අදහස එකමයි.ඕවට මිනිස්සු රැවටුන කාලේ ගියා. (නි)
මහින්ද මහත්තයාට මේ පාර ව්‍යවස්ථාවට අනුව ඉල්ලන්න බැහැ. නමුත් ඊළඟ පාර ඉල්ලන්න පුළුවන්. එහෙම නේද? (නි)
මේ අය තුන්වැනි වරට එන්න සටන් කරනවා. මහජනතාව තුන්වේල කන්න සටන් කරනවා. (නි)
බන්දුල මහත්තයෝ,අපේ රටේ දැන් තියෙන දුෂණය,නාස්තිය, දුප්පත්කම කොපමණද? අපාරාද කොච්චර වැඩිද? අරාබිය නැත්නම් අපේ තරුණ තරුණියන් කොහේද රක්ෂාවක් කරන්නේ? පාලකයා කවුරු නමුත් මහජනයා බොරුවෙන් නොරැවටිය යුතුයි. රටේ ණය ප්‍රමාණය ගැන හිතන්න, සිසු ප්‍රශ්න අමතක කරන්නත් එපා. මහින්ද මහත්තයා ඇත්තටම ගොඩක් වැඩ කළා. අපි මහින්ද මහත්තයාට ආදරෙයි. එහෙත් අපේ අයිතිවාසිකම් නැතිවී යනවට අපි අකමැතියි. ලංකාවට මෙතරම් විශාල ඇමති මණ්ඩලයක් අවශ්‍ය නැහැ. කියන්න තියෙන ඒවා මෙහි ලිවුවොත් පොතක් වේවි. සියල්ලන්ටම බුද්ධිය පහළ වේවා! රට දියුණු වේවා! (නි)
රාජ්‍ය නායකයෝ 6 ක් යටතේ අත්දැකීම් 40 20= 60 යි. නමේ හැටියට පිලිගන්නත් බැහැ ඔය තරම් වයසක කෙනෙක් කියලා. (අ)
ඔබතුමාගේ දේශපාලනය ගැන මට පුදුමත් හිතෙනවා (නි)
බලමු අපි කොහොම මිනිස්සුද ලංකාවේ ඉන්නෙ කියලා (නි)
ඔරුව අවශ්‍ය වන්නේ ගගෙන් එතරට වීම වෙනුවෙන් මිස කරගහගෙන යාමට නොවේ (නදී)
මම ප්‍රජාචාරය ඉගෙනගත්තෙමි. ඉතිහාසය ඉගෙනගත්තෙමි. එහෙත් නීතිය ඉගෙනනොගත්තෙමි. එම නිසා නීතිය ගැන කතා නොකර ඉන්නෙමි. නොදන්නා දේ ගැන කතා නොකරන් අබරෝ කියල කතාවක් තියනවා (නි)
චන්ද්‍රිකාට ඡන්දෙ දෙන්න මිනිස්සු ලංකාවේ ඉන්නවද එහෙනම් (නදී)
ඔය කවුරු කවුරුත් ගැන ජනතාව තීන්දුවක් ගනීවි (නි)
විමල් වීරවංශත් මොනවා හරි කියලා එල්ලිලා ඉන්නයි හදන්නේ. කූඩැල්ලෝ වගේ එක එක කාලේට පොඩි පොඩි සෙල්ලම් දාගෙන කොහොම හරි එල්ලිලා ඉන්නවා (නදී)
චන්ද්‍රිකා මහත්මිය වගේ බොරදියේ මාළු බාන කෙනෙක් මම තවත් දැකල නැහැ. මේ ඔක්කොම විපක්ෂය වටේ එකතුවන ප්‍රසිද්ද චරිත ඉන්නේ මහින්ද මහතා සමග පුද්ගලික තරහෙන්. එ්කට විවිද හේතු තිබ්බා. මේ අය කිසිම කෙනෙක් රටට ආදරයක් නැහැ. කරන වැඩකුත් නැහැ. බොරුවට අපි හිටියා නම් මෙහෙම කරනවා කියන එක විතරයි කියන්නේ. ලි කුවෑන් යු අවරුදු කීයක් රට කරලද සිංගප්පුරුව මේ තත්වෙට ගත්තේ? මිනිස්සු මෝඩ නැහැ එච්චරයි. (නදී)
බලාගෙන ගියාම ඒකත් ඇත්තනේ (නි)
මෙතන වැදගත් වෙන්නේ නීතියම නොවේ. මහින්ද මහතාගේ අවශ්‍යතාව රටට තිබෙනවා. කොහොම උනත් ඉදිරි ඡන්ද වලදී බලය ගන්නෙත් සංධානයම තමයි. මොකද තවම මිනිස්සු බයයි රට කොටියට පාවා දෙයි කියා (නදී)
මොරිස් ඔබගේ තර්කය අනුව යම් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකලොත් අදාල කරුණු එයට පෙර ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී ඇති අයට වලංගු නැත. හේතුව ඔවුන්ට අදාල වන්නේ ඔබගේ තර්කය අනුව පැරණි ව්‍යවස්ථා රෙගුලාසි පමණයි. ව්‍යවස්ථා සංශෝධන වන සෑම අවස්ථාවකම මෙවැනි දේ ක්‍රියාත්මක කල හැකිද? මෙය කොතරම් ප්‍රයෝගිකදැයි ඔබම සිතා බලන්න. (නදී)
ඔබතුමා ගැන අපිට පුදුමයි (නි)
ඔබතුමා කලබල වෙන්න අවශ්‍ය නැහැනේ! (නි)
මහින්ද මහත්තයාව පරාජය කරන්න බැහැ කාටවත්. යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කළේ එතුමා. හොඳ පෞරුෂයක් තියෙනවා. කොටින්ට ඕනෑ විදිහට පාලකයො පත් කරන්න බැහැ (නදී)
මෙවන් ප්‍රකාශ කිරීම මම නම් අනුමත නොකරමි (නි)
අනේ! අපි ඒක දන්නේ කොහොමද මහත්තයෝ? (නි)
මෙි විමල් මහත්තයාට අපූරු ගමනක් ජනතාව සමඟ යන්න තිබුණා (නි)
වසන්ත මහත්තයෝ, මම දශක හතරක විවිධ පාලන යුග වල අත්දැකීම් විදපු කෙනෙක්. මේ රජයේ වගේම ජනාධිපති තුමාගේත් අඩුපාඩු තියෙනවා. එ්ක මම විවාදයකින් තොරව පිලිගන්නවා. එ්ත් මම අදහන්නේ සාපේක්ෂතාවාදය. මම මේ පාලනය සංසන්ධනය කරන්නේ පෙර පාලන යුගත් එක්ක. (නදී)
විමල් මහත්තයා කතා කරලම මහන්සි ඇති. (නි)
ජයවේවා අපේ ජනපති තුමාට ,,ඔබේ සේවය අපට සැමදා ඕනි . ජයවේවා විමල් මැතිතුමාට (අ)
මහින්දට බැරි උනොත් විමල්ට යන එන මන් නැති වෙන නිසා ඔක්කොටොම වැඩිය බය වෙලා ඉන්නේ විමල් ඇමතිතුමා. (නදී)
කව්ද කෙනෙක් මගේ නමින් මෝඩ අදහසක් දාලා (නි)
ඇයි මේගොල්ලෝ මෙතරම් මහින්ද ඉල්ලනවට බය? (අ)
කලින් කළ දේවල් ගැන පම්පෝරි ගහ ගහ ඉඳල වැඩක් තියනවද ? ඒ දේවල් හැමෝම ගරුත්වයෙන් මතක තියා ගනීවි. දැන් ඉස්සරහට කරන්න තියෙන දේවල් ගැන පැහැදිලි දර්ශනයක් තිබෙන කෙනෙක් කවුරු වුනත් කමක් නැහැ. වැඩිය නෙවෙයි මේ රටේ තිබෙන ස්ත්‍රී දුෂණ බාලාපරාධ ටික අඩු කරලා දෙන්න පුළුවන් කෙනෙක්. ඉබේම රට හැදේවි. (නදී)
මිනිස්සුන්ට නම් මේක විහිළුවක් නෙමේ. අලුත්ගමදී චන්ද්‍රිකා කීවා මුස්ලිම්ලාහරි හොඳයි. එයාලගේ ඉස්කෝල වලට සිංහල ළමයි ටික දෙනෙකුත් ගන්නවා කියලා.. සත්‍යක්‍රියා කරන්න හොඳ පාලකයෝ මතුවෙන්න කියලා මිනිසුනේ..
අපිට නම් තිබෙන ප්‍රශ්නය මේ ගැන විමල් ඇමතිතුමාගේ විපිළිසරයට හේතුව මොකද්ද කියලයි. කවුරු ආවත් සන්ධානගත වෙන්න පුළුවන්කමක් නේද එතුමාට තියෙන්නේ? ඉතින් මොකද මේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ටත් නැති ආවේගයක් ඇවිල්ලනේ! (නි)
අපි චන්ද්‍රිකා ආවත් ,මහින්ද අවාත්, රනිල් ආවත් විරුද්ධයි, මේක හදපු මහත්තය කිවුවත් ඉන්ඩ පුළුවන් දෙපාරයි කියල, ඇමරිකාවේ , ප්‍රන්සේ වගේ රටවලත් එහෙමයි. අැයි මේ බලයට තන්හාව. දෙපාරකින් කරන්ඩ බැරි දේ 3 න් පාරක් නෙමේ 10ක් ආවත් කරන්නේ නෑ. අන්තිමට දුෂණය සහ බලය අයුතු ලෙස පාවිච්ච් කිරීම පමණයි කරන්නේ. සම්පුර්ණයෙන්ම ජනාධිපතික්‍රමය අහෝසි කොට , 17 වන සංශෝධනය ක්‍රියත්මක කරමු. අවශ්‍ය නම් පළාත් සභාහවත් අහෝසි කරමු. කැබිනට් එක 20ට සිමා කරමු. දැන් සිදු වන්නේ පවුල් කීපයක් කෝටිපතියන් වීම පමණයි.අපි මේ ක්‍රමේට විරුද්ධයි.(අ)
අනේ මන්දා, අපිට ඕවා තේරෙන්නෙ නැහැ (නි)
දැන් ඉන්න බහුතරය බොරදියේ මාළු බාන කට්ටිය. බොරු කයිවාරු ගැහුවට බුද්ධිමත් ජනතාව දන්නවා එයාලා කවුද කියලා. (නි)
මේ සංවාදය ජනාධිපතිතුමාම ඇතිකරවපු එකක් වගේ මට නම් පේන්නේ. දේශපාලනයේ හොදින් තෙම්පරාදු වෙච්ච එතුමා නීතියේ නැත්නම් නිතිය හදල හරි වෙලාවට වැඩේට ඉදිරිපත් වේවි. ජනාධිපති තුමාට නොමිනේසන් වලටත් කලින් ඉදල කට්ටිය නොමිලේම කැම්පේන් එක කරලා දෙනවා. ඒක ලොකු දෙයක්. (නදී)
කවුරු කවුරුත් පතාගෙන ආ විදියට සියල්ල විසඳෙනවා ඇත (නි)
බන්දුලගේ කඩේ යාම නවතින්නේ මේ ආණ්ඩුව ගෙදර ගිය දවසට. (නදී)
මේ පාර යු ඇන් පි එකට දීල බලමු. ජනතාවට සහනයක් දෙන්නේ කවදත් එක්සත් ජාතික පක්ෂය. ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් රනිල් මහත්තයට විතරයි. (නදී)
දැන්නම් අපිට ඔබ ගැන කලින් තිබුණ ආකල්පය වෙනස් කරගන්න වෙනවා මහත්තයෝ (නි)
අපිට අවශ්‍ය ඥාති සංග්‍රහ වලින් තොර නායකයෙක්. කවුද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නය. රටේ ප්‍රශ්න ගොඩකට මුල ඔය දේ තමයි. මේක හැම පක්ෂයටම අදාලයි. (නදී)
අපි නම් හිතුවේ නැහැ ඔබතුමා මෙතරම් නිර්භයව අදහස් ප්‍රකාශ කරයි කියලා (නි)
බන්දුල තුමා එහෙම සංසන්දනය කරනවා නම් මේ වගේ තවත් ආණ්ඩුවක් අඩු ගානේ ඉස්සරහට වත් එයි කියල නම් හිතන්න බැහැ. එ්ක තමයි තිත්ත ඇත්ත. (නදී)
මහින්ද රාජපක්‍ෂ මහතා පරදවන්න පුළුවන් අපේක්‍ෂකයෙක් නැති බව නම් රහසක් නෙමෙයිනෙ.මේ ඉල්ලන්න බැහැ කියන කථාවෙන් තව දුරටත් විපක්‍ෂයේ බය සහ දුර්වලකම මිනිස්සු අඳුරගන්න එක විතරයි වෙන්නෙ. (නි)
අනේ අපි නම් මොකුත්ම කියන්නේ නැහැ මහත්තයෝ (නි)
ඇමැති විමල් වීරවංශ මහතා කවදත් නොබියව ඇත්ත කතාකළා (නි)
චන්ද්‍රිකා අවරුදු 12 ඉඳලා මොනවද කළේ ? (නදී)
"මහින්දට මොකද කට්ටිය ඔච්චර බය" අන්න පෝස්ටරේ... දෙන්නකෝ පුලුවන් නම් උත්තරේ... හැපිලා බලන්න අනුර මල්ලි පුලුවන් නම්. මිනිස්සු කැමති නැත්නම් මහින්ද මහත්තයා ගෙදර යවලා කැමති කෙනා පත්කර ගනීවි. ඕකට නීතිපොත් අවශ්‍ය නැහැ (නි)
ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
අනේ ඔබතුමා හැමදාමත් කලේ කඩේ යාමනේ. සෙරප්පුවක් ගන්නවත් සල්ලි නැහැ කියපු කෙනා නේද මේ. දෙයි හාමදුරුවනේ දැන් ඔබ තුමා මාර පොහොසත් නේ. ජයලලිතාට වෙච්චදේ කාට කාටත් පාඩමක්. ඔය දැන් ඉන්න කිසිම දේශපාලකයෙක්වත් මහජනතාව වෙනුවෙන් නැත. මේකයි ඇත්ත. ජනාතිපති තරඟෙට පොරකන්නේ සේවය කරන්න නම් නෙමෙයි. මඩිය තර කරගන්න නේද? (නදී)
මැති ඇමතිවරු ප්‍රාඩෝ ඉන්ටර්කූලර්වල යනකොට, ඒ අයගේ පවුල්වල අය රජ සැප විදිනකොට, මාස්පතා පිටරට සංචාර යනකොට ඒවා රුස්සන්නේ නැති ඉරිසියාකාරයෝ තමා මේ විදායක ක්‍රමයට විරුද්ධ වෙන්නේ. විදායක ක්‍රමය තුලින් බලය කේන්ද්‍රගතවීම තුලින් ඇති විශාල සම්පත් ප්‍රමාණයක් මේ පවුල් අතරට අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඕව බලන් ඉන්න බැරි කුහකයෝ බනිනවා. අතීතයේත් රජවරු ,සිටුවරු මේ විදිහට අප්‍රමාන සැප සම්පත් බුක්ති විදලා තියනවා. ඒවාට ඉරිසියා නොකර සතුටු වෙන්න පුරුදු වෙන්න ඕනේ. (නදී)
විමල්ගේ කතාවේ ලොකු හරයක් තියෙනවා. (නි)
බෙල්ල කපන සෞදියේත් ස්ත්‍රී දුෂණ නැති කරන්න බැහැ (නදී)
විමල් ඇමතිතුමා කවදත් හැමදාම යම් තරමකට හෝ හරි දේවල් කීවා. හැබැයි මෙදා වතාවේ නම් ඇමතිතුමනි ලේසිවෙන්නේ නැහැ. ඒ නිසා ටිකක් කල්පනාවෙන් වැඩකටයුතු කරවන්න. අපිටත් හැකි හැම උත්සාහයක්ම ගන්නවා. අපිටත් ඕනි දිනවන්නයි. තව තවත් හොඳ යමක් කරන්න (නදී)
මෙයා කිවුවොත් කියන්නේ මේ වගේ කතාවක් තමා (අ)
බන්දුල පෙරේරා එක පාරක් කිව්වා ඔහුගේ වයස අවරුදු 25 යි කියලා. දැන් කියනවා දශක හතරක් කියලා. ගල් පැලෙන බොරු මේ බන්දුල පෙරේරා කියන්නේ. (නදී)
චන්ද්‍රිකා නෝනට රට නිදහස් කර ගැනීමට සහයෝගය දීම සාමය ලැදි සැමගේ යුතුකමකි.(අ)
ලංකාවේ මිනිස්සු තවම ශිලාචාර ලෝකයක නෙවේ ඉන්නේ (නදී)
කාටත් බැරී වුන දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා කරා , එ්ක තමා 30 වසරක යුද්දය නිම කිරීම , මුළු ලෝකයම කිව්වේ කොටින් සමග සටන් කිරීමට බැහැ කියල , එ්කම ඇති තව දශකයක් බලයේ ඉන්න මහින්දට , අනික් කවුරුත් කිව්වේ කිලිනොච්චි යනවා කියා මැදවචිචි යනවා , කරන්නේ බොරුව කියල , මට නම් කවුරු ආවත් එකයි , එහෙත් අපි අද එක රටක් එක ජාතියක් උතුරේ සිට දකුණට ඉන්නේ මහින්දට පින් සිදු වන්නට , (අ)
බන්දුල පෙරේරා, අදහස හරියට හරි. නියමට දීල තියනවා. මේ අපේ මැති ඇමතිවරු හා ඔවුන්ගේ නෑදෑයන් විදින සැප සම්පත් බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ තමා මේ විදිහට විදායක ක්‍රමයට විරුද්ධව කෑගහන්නේ. (නදී)
වසන්ත ඔබ හරි !!! (අ)
වසන්ත හරියට හරි...(අ).
බන්දුලලාට දත් මිටි කන්න වෙන දිනය බොහොම ලඟයි. (නදී)
යුද්ධයක් අවත් පොන්සේකා නැතුවකාටවත් ඉවර කරන්න බෑ (අ)
මෙහෙම ප්‍රශ්නයක් ඇත්තටම රටේ නැහැ. මේක මෙතුමා හිතින් හදාගත් ප්‍රශ්නයක්. කවුරුවත් අහපු නැති රටේ ඇත්තටම නැති ප්‍රශ්න මවලා ඒ ගැන කතාකරන්න මෙතුමා හරි දක්ෂයි. ඇත්තටම දැන් රටේ තියන ප්‍රශ්නය චන්ද්‍රිකා මැතිනියට තුන්වෙනි වාරයට ඉල්ලන්න පුළුවන් නම් ජනාධිපතිතුමාට බැරි ඇයි කියලා නොවෙයි දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයෙකුට තෙවෙනි වරටත් එම ධුරය දැරීමට වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ තිබෙනවාද යන්නයි. (නදී)
වසන්ත මහත්තයාගේ කැමැත්ත නෙමෙයිනේ රටේ මිනිස්සුන්ගේ කැමැත්ත.. එයාල කැමතිනම් ඉතින් ඔබ තුමාට තියෙන්නේ ඉවසන්නම බැරිනම් අහක බලාගෙන දත්මිටි කන්න..ඔබ තුමා විරුද්ධ උනාට කවුද අනේ ගණන් ගන්නේ..(අ)
කන්න දෙනවනම්..... අපිට බොන්න දෙනවනම්... මොන කෙංගෙඩියද තව ඕනැ කරන්නේ...(අ)
ටිකිරි බන්ඩාගේ මොළේ ගල් තැලුම් තියෙනවා. අවුරුදු 11 ක් මෙයා මොනවද කළේ (නදී)
වසන්ත ඔබ, අප වගේ හිතන අය ගොඩක් අඩුයි ලංකාවේ. එ්කයි අපේ රට හැමදාමත් මේ විදියට තියන්නේ. කරුමේ කියන්නේ මේ දුෂණය දැක දැක අනේ හොදයි කියනවනේ චික් විතරක් (අ)
දීපාල්, ජයවේවා කිව්වේ අපි වාගේ සාමාන්‍ය මිනිසුන්ට නොවෙයි නේද? (නි)
ඔබතුමා ඕවා ගැන එච්චර හිතන්න යන්න එපා. වෙන්න තියෙන දෙයක් වෙයි (නි)
දැන් ඔබතුමාට ඕනෑ චන්ද්‍රිකා නෝනාව තරඟයට ගෙන්වාගන්නද? (නි)
කෙරෙන දෙයක් ගැන කතාකරමු. ජනාධිපති ක්‍රමය, පළාත් සභා, දුෂණය, බලය අයුතු ලෙස යෙදවීම කවුරු ආවත් වෙනස් වන්නේ නැහැ. මේවා වෙනස් වෙන්න නම් ජේවීපිය කියන විදියට වැඩ කෙරෙන්න ඕනෑ. එහෙම කෙරුනොත් කාටවත් පුද්ගලික වාසි ගන්න බැහැ.ඒ නිසා කවදාවත් ජේවීපියට බලයට එන්න බැහැ. කරට කර ප්‍රතිවාදියෙක් හොයාගන්න බැරි විපක්ෂයත් රටක් කරවන්නේ කොහොමද? (නි)
නිතිය පැත්තකින් තියමු. සදාචාරාත්මක අයිතියක් තිබේද? බල ලෝභය! එදා අපිත් ආදරය කලා. (නදී)
සිසිල් බන්දුල පෙරේරාට වයස 25 යි. ඒ උනාට මොලේට වයස දවස් 25 යි. (නදී)
මම නම් දන්නේ නැහැ විධායක ජනාධිපති කෙනෙක් අපේ රටට ඕන කියපු ජනතා හඬක්. මේ සේරම ඔය දුෂ්ට දේශපාලකයෝ ජනතාව තලලා පෙලල දාන්න තමන්ගේ මඩිය තර කරගන්න, බලය රැක ගන්න හදා ගත්තු තානාන්තර. පක්ෂ පාට ජනතාවගේ ඔලුවලට රිංගවල ජනතාව ගොන්නුන්ට අන්දවල තියෙන කම් ඒ අයට රජ සැප විඳින්න පුළුවන්. (නදී)
මහින්දට පුලුවන්ද බැරිද කියන එක නෙමෙයි වැඩේ. ඒක රටක යහපාලනය ගොඩනගන්න හානියක්. ඒක නිසා මම අකමැතියි මහින්ද මහතා නැවත ඉල්ලනවට. තව කෙනෙකුට දීලා බලමු එයා මොනවද කරන්නෙ කියලා. (නි)
චන්ද්‍රිකා ආවේ නැහැනේ. තාම ආරංචියක් විතරයි. (නි)
වැඩියෙන්ම දැන් බයවෙලා තියෙන්නේ අතේ සතපහක් , අධ්‍යාපනයක් , පිළිගත් වෘත්තියක් නැතිව දේශපාලනයට ඇවිත් උඩට ගිය කට්ටිය තමයි. අනෙක් උදවියට මොන දේ සිද්ධ වුනත් තමාටම කියල ගෙදර ගිය දවසට කරන්න රැකියාවක් සුදුසුකමක් තිබෙනවා. එහෙම තිබෙනවා නම් ආණ්ඩුව පෙරලේවි කියල බයේ ගැංගෙන්න අවශ්‍ය නැහැනේ. (නදී)
තේරෙන්නේ නැද්ද මෙයා මේ කොන්ත්‍රාත්තුවක් භාර අරන් කියලා. සත්‍යපාල කිව්වත් වගේ මොකද මේ කොහෙවත් ඉන්න මැඩම් කෙනෙක් මේකට පටලවා ගෙන. දැන් එයා ප්‍රසිද්ධියේ කිව්වද ආයෙත් තරඟ කරනවා කියලා. කවුරු හරි හද්ද බයෙන් ගැහෙනවා වගේ පේන්නේ. (නදී)
මංජු, බන්දුල පෙරේරා වගේ උත්තමයෝ ඉන්නතුරු අඳ,ගොළු බිහිරි වගේ තමයි ඉන්න ඕනෑ. (නි)
අර උම්මග්ග ජාතකයේ කේවට්ටයගෙයි බන්දුල පෙරේරාගෙයි වැඩි වෙනසක් නැහැ. එකම වෙනස බන්දුලගේ අතේ හිල් වෙච්ච මල්ලක් තිබීම. (නදී)
මෙච්චර කල් මම හිතුවේ බන්දුලගේ අතේ තියෙන්නේ හිල් වුන පන් මල්ලක් කියලා. බලනකොට ඇත්තටම අතේ තියෙන්නේ ලේඩිස් හෑන්ඩ් බෑග් එකක්. (නදී)
අනේ! අපිට නම් මොනවා වුණත් කමක් නැහැ. අපි කරන්නේ වෙන දේ බලාගෙන ඉන්න එක විතරයි (නි)
ඔක්කෝටම ඕනෑ වෙලා තියෙන්නේ බලය විතරයි. කොහොම උනත් රටට වැදගත් කෙනාව ජනාධිපති ලෙස තෝරා ගනීවි (නදී)
ඕනෑම දේශපාලක පක්ෂයක් කඩේ යාමට වුනත් පත් කරගන්න ඕන අල ගෙඩියක් තරම් වත් මොලයක් තිබෙන උදවිය. ප්‍රශස්ති ගීත ගයන්න කියල හරි බරි ගැහිලා සරමක් ඇඳගෙන ඔලුවෙන් හිටගන්න අයවලුන් නෙවෙයි. (නදී)
ටිකිරි බණ්ඩා චන්ද්‍රිකා මැඩම් රට කරන කාලේ කොහෙද හිටියේ? (නි)
ටිකිරි බන්ඩාර ඔබ හරි. මගේ නම නිතර කවුද පාවිච්චි කරනවා. මම දේශපාලන අදහස් දමන කෙනෙක් හෝ ලංකාවේ පුරවැසිකම තියෙන කෙනෙක් නෙමෙයි (නදී)
කෝටි දෙකහමාරක ජනතාවෙන් පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහට ඇතුල් වෙන්න කොච්චර පින් කන්දක් කරලා තියෙන්න ඕනද? ඒවා පෙර පින්. ඇත්තටම මේ දෙස් දෙවොල් තියෙන්නේ ඒ අය සැප විදිනවා බලන් ඉන්න බැරි ඉරිසියා කාරයෝ තමයි. තමන්ට එතනට යන්න පුළුවන් උනානම් ඔය විරෝධ මුකුත් නැහැ. අනේ මමන කාටවත් ඉරිසියා කරන්නේ නැහැ.. ලබන ආත්මෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇමති කෙනෙක් වෙන්න දැන් ඉදලම පින් දහම් පුරනවා මිසක්. (නදී)
දැන් මොකක්ද මේ චන්ද්‍රිකා නෝනා ගැන විමල් මහත්තයට තියෙන ප්‍රශ්නය. එතුමිය ළමයෙක්වත් දේශපාලනයට ගේන්නේ නැහැ කියල තියෙද්දී විමල් ඇමතිතුමාට තමන්ගේ ළමයින් ගැනවත් බයක් හිතිලද ? (නදී)
අපි කවුරු මොනවා කිවුවත් සිද්ධවෙන්න තියෙන දෙයක් ඇත්නම් එය ඒ විදියටම සිදුවෙනු ඇත (නි)
රෝහණ මහත්තයා ඕප පාතිකද? යුැ අැන් පි එක මේ රට කරවපු අවුරුදු 17 කොහෙද හිටියේ? නැත්නම් ඉපදුනේ 94 න් පස්සෙද? එහෙමත් නැත්නම් ඔය කියන විදියට 2005න් පස්සෙද? මේ ආණ්ඩුව කරපු දේ කරන ආණ්ඩුවක් ආයේ එන්නේ නැහැ තමයි මහත්තයෝ. ඒක තමයි අපිට මේ ආණ්ඩුවත් ජනාධිපතිතුමාවත් බැන බැන හරි රැක ගන්න ඕන වෙලා තියෙන්නේ. මොන ලෙඩේට බේත් තිබුනත් ඔය කුහක කමට ගුණ මකු කමට බේත් නැහැ (නදී)
කවුරු මොන තියරි දැම්මත් කවුරු දත්මිටි කෑවත් මහින්ද ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව බහුතර බලයකින් තෙවැනි වතාවටත් මේ රටේ විධායක ජනපතිධුරයේ දිව්රුම් දෙනවා. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. හැබැයි ඉතින් ඊට පස්සේ එන මහමැතිවරණයේදී මේ ලෝකය හිනස්සන ඇමති මණ්ඩලය අඩුකරලා හොරු ටික එලවලා අගේ ඉඳන් කන කන අය, දොලපිදේනි ඉල්ලන අය එළවලා තමන්ගේ වටපිටාව හදාගත්තේ නැත්නම් ඒ ජනාධිපතිධුරයේ කාලය හිතනවට වඩා කෙටිවේවි කියලයි මට හිතෙන්නේ (නි)
ගණන් ගන්න එපා ඇමතිතුමනි.රටේ සාමාන්‍ය මිනිස්සු කවුරුත් ඕකට විරුද්ධ නැහැ. (නි)
මොරිස්ගේ තර්කය අනුව මහින්ද පරදවා නව ජනපති වරයෙක් පැමිණ නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ව්‍යවස්ථාව සංශෝදනය කලත් එම සංශෝදන එම ජනාධිපතිට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වලංගු නැත. හේතුව ඔවුන් දිවුරුම් දී ඇත්තේ පෙර ව්‍යවස්ථාවට අනුවය. මිට පෙර සංශෝධනවලදී මෙවැනි සිදුවීම් සිදුවුණාද? මේවා මහින්ද මහතා සමග ජනාධිපතිවරණයකට මුහුණදීමට කොන්ද පන නැති අය ගෙනෙන බොළඳ නීති තර්ක. (නදී)
අපි නම් හැමදාමත් චන්ද්‍රිකා නෝනා සමඟයි (නි)
වසන්ත කිවයුතු සියල්ල කියා ඇත. බන්දුල, ඔයාලට චීනය දිහා බලාගෙන දත්මිටි කන්න තමා වෙන්නේ ඉස්සරහට, මේ ණය කන්දරාවත් එක්ක. (නි)
අනේ බන්දුල ඔබට ලබන ආත්මයේ යන්න නම් පාර්ලිමේන්තුවක් ඉතිරි වෙන එකක් නැහැ. ඔතන ඊළඟ ආත්මයේ තියෙන්නේ බලයට ලෝභිවුන පෙරේතයන්ගේ කුම්භාන්ඩයන්ගේ තිප්පලක්. ඔබට නම් අපුරුවට ගැලපෙනවා. (නදී)
කාටත් බැරිවුණ දෙයක් ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපති වෙලා කළා. එ් තමයි 30 වසරක යුද්ධය නිමකිරීම (නි)
මේ මනුස්සයා නියමෙට කඩේ යනවා. නැත්නම් ඉතින් තමන්ගේ තැන රැකගන්න අමාරුයිනේ මහත්තයෝ නේද...? (නදී)
වසන්ත ඔය අදහස ලංකාව වගේ රටවලට සුදුසු නැහැ. එක ජාතියක් පමණක් වැඩි වශයෙන් ජිවත් වන සමහර රටවල ඔබගේ ක්‍රමය සාර්ථක වුනාට ලංකාව වැනි සුළු ජාතින් වැඩි වශයෙන් ජිවත් වන බහු ජාතික, බහු ආගමික රටවලට මෙවැනි පාර්ලිමේන්තු ක්‍රමයක් පමණක් සුදුසු නැහැ. එවැනි රටවලට විධායක ජනාධිපති ක්‍රමයක් අත්‍යවශ්‍යයි. හේතුව සමානුපාතික පාර්ලිමේන්තු ක්‍රමයකදී සුළු ජාතික පක්ෂවලට විශාල බලයක් හිමි වන නිසා ඔහුන් එම බලය යොදාගන රජයන්ට විශාල බලපෑම් කරනවා. අනික සමහරු හිතනවා ඔය 17 වන ව්‍යවස්ථාව මගින් සියලු දේ කල හැකියි කියල. එත් හැමදේටම ඒක විසදුමක් නෙවෙයි. (නදී)
බැහැ කියන්නේ බැරි හින්දානේ. හැබැයි දෙන්නම ආවේ ඕක අහෝසි කරනවා කියලා නේද? (නි)
මහින්ද මහත්තයාට තුන්පාරක් බැහැ කියන්න තරම් විපක්ෂය ඇයි බය? (නි)
එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාම ජනතාවට පොදු අපේක්ෂකයා වනු ඇත.(නදී)
රට ගැන විශාල වගකීමක් චන්ද්‍රිකා නෝනාට තිබෙනවා. (නි)
අනේ මන්දා! මෙම නම් මොකුත්ම කියන්නෙ නැහැ (නි)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වීම සදහා අවම අධ්‍යාපන සුදුසු කම 8 පාස් වෙන්ඩත් කියලා, ඇමති කෙනෙක් වෙන්ඩ අඩුම ගන්නේ උසස් පෙළ වැඩ 3 ක් සාමාර්ථයක් ඕනා කියල නීතිය ගෙනාවොත් හොඳයි. අපි රස්සාව ඉල්ලන්නේ අපිට වැඩිය අඩු සුදුසුකම් ඇති පුද්ගලයින්ගෙන්. අපේ ළමයින්ගේ ආත්ම ගරුත්වය කෝ. අවුරුදු 5 න් පහට වෙනසක් ඔනෑ. වැඩිම අවුරුදු 10ක් ඇති. මේ රට හදන්ඩ බැරි රටක් නෙවේ. එහෙත් සිංගප්පූරුවේ වගේ නායකත්වයක් ඕනෑ. තානාපති නිලදාරින්ට බීල පහර දෙන ඇමතිවරු ඉන්න රටක් දියුනු වෙයිද මහත්තයෝ. ප්‍රාදේශීය දේශපාලක්යෝ කරන වැඩ ගැන බලන්ඩකෝ. ඉහලම අයට දඬුවම් නොදෙන්නේ අැයි. අල්ලස් හා දුෂණ වැරදි කල ලොකු එවුන් කි දෙනක්ගේ ෆයිල් කෝ (නදී)
බලාගෙන ඉන්න මහත්වරුනේ තව වසර කීපයකින් අපිට සිදුවන දෙය. (නි)
බන්දුල ඔය කියන පින් කන්ද අස්සේ පව් ගිනි කඳුත් පුපුරන්න ඉඩ තිබෙනවා . මොකද පාර්ලිමේන්තු ඇත්තෝ මාර්ගපල ලබල නැහැ නොව. (නදී)
මෙතන ඉන්න (නදී)
වසන්ත මහත්තයෝ, මමත් ඔබතුමාගේ අදහස 100%කින් අනුමත කරනවා. ඔය බන්දුල පෙරේරා වගේ අය කියන දේවල් ගණන්ගන්න එපා. (නි)
වසන්ත, මේක හදපු මහත්තයා කිවුවා නම් දහපාරක් පුළුවන් කියලා, ඔයා මොකද කියන්නේ? හරි කියලද? නිකන් මෝඩයෙක් වගේ කතා කරන්න එපා. හදපු කෙනා මොනවා කිවුවත් අපේ රටට ඕනෑ විදියට අපි පාවිච්චි කරන්න ඕනෑ. අවුරුදු 30 ක යුද්ධය අවසන් කළේ ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. දැනට නැවත කොටි හොල්මන් පටන් අරගෙන තියනවා. වෙන කවුරු බලයට ආවත් නැවතත් කොටි ඔලුව උස්සනවා. අවිවාදයෙන් තොරව රටේ වැඩි දෙනාගේ කැමැත්ත ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තවත් අවුරුදු දහයක් හෝ ඊට වැඩි කාලයක් රට පාලනය කරන එකයි (නි)
විමල් මහත්තයෝ, ඔබතුමාගේ අර කරුණු 12ට මොකද වුණේ? (නි)
චන්ද්‍රිකා ගෙනාවෙත් මහින්ද ගෙනාවෙත් කවුද කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.මේවට කියන්නේ දවල් මිගෙල් රෑ දනියෙල් කියලා (නි)
කවුරු ආවත් රට විනාශවෙලා ඉවරයි. රට හදන්න තව අවුරුදු 50 ක්වත් යයි (නි)
පීඩිත පන්තියේ රජකරන්න ආ අපේ සමහර දේශපාලකයින්, අද රජ කරන්න යන්නේ කුමන පන්තියක්ද? (නි)
ව්‍යවස්ථාවේ තියෙන්නේ එක දිගට තෙවරක් ජනාධිපති ලෙස ඉල්ලන්න බැහැ කියලයි. චන්ද්‍රිකා ඉවත් වුණා. දැන් නැවත ඉල්ලන්න නීතියෙන් පුළුවන්. චන්ද්‍රිකාට ඇයි කට්ටිය ඔච්චර බය? (නි)
අනේ බන්දුල, මේ ලෝකයේ සදාකාලික ආණ්ඩුවක් තිබුනේ මොන රාජධානියේද? යම් කිසි භුමිකාවකින් පසු කාට කාටත් නික්ම යන්න වෙනවා. ඒ නිසා පමණට වඩා පුම්බන්න ගිහින් අර ගෙම්බාට වුණ දේ කරගන්න එපා. (නි)
බන්දුල, මොනවට වුණත් සල්ලි අයකරන්නේ දුප්පත් බදු ගෙවන ජනතාවගෙන් (නි)
අපි කවදත් ඉඟුරු දීලා මිරිස් ගන්න ජාතියක්. මේ ගමන එහෙම වෙන්න ඕනෑ නැහැ. විමල් මහත්තයා කවදත් යමක් ප්‍රකාශ කරන්නේ යථාර්ථවාදීව හිතලා බලලා. (නි)
කවුරු ආවත් මට නම් කමක් නැහැ මහත්තයෝ! (නි)
බන්දුල මහත්තයෝ, මම ආදරය කරන එක දේශපාලකයෙක් තමා මහින්ද මහත්තයා. එතුමාට රටේ නීතිය ක්‍රියාත්මක කර මිනිස් නිදහස ලබාදීමට තවමත් ඉඩ තියෙනවා. (නි)