ඉදිරි දින කිහිපයේදී තමන්ටත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත්, සරත් ෆොන්සේකා මහතාටත් බරපතල ජීවිත තර්ජනයක් ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා බකමූණ පැවැති ජන හමුවකදී කීවේය.
‘‘අපේ මළ කඳන් මතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රචණ්ඩත්වයෙන් තක්කඩිකමෙන් දිනන්න ලෑස්ති වෙනවානම් ඒක කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි මරලා දාලා ජයග්‍රහණයක් ගන්න පුළුවන් නම් ඒක මේ රටේ ඉතිහාසයට එක්වෙයි ජනාධිපති අපේක්ෂකයෝ, හිටපු ජනාධිපතිවරියක්, යුද හමුදා නායකයෙක් මරලා මහින්ද රාජපක්ෂ බලයට පත්වුණේ කියලා. ලබන 8 වැනිදා වෙනකම් අපේ ජීවිත පිළිබඳව බරපතල අවදානමකින් අපි කටයුතු කරන්නේ. මම මැතිවරණ කොමසාරිස්ට, පොලිස්පතිට කතා කළා. මම ඇහුවා මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ පහරදීම් වලදී පොලිසිය, එස්ටීඑෆ් එක අසරණයි.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතහැරීමට නොව සැමදා බලයේ සිටීමට එක්සිත්ව සිටි නිසා සමහරුන්ට දැන් අමාරු ඇති (නි)
කියපුවා කරන්න බැරිවෙනකොට හැමෝගෙන්ම තර්ජන එයි මතුවට. (නි)
රනිල් මහත්තයා නම් බේරිලා. අනේ හොඳයි (නි)
කවුරු කවුරුත් පරිස්සමින්. කාටත් මොන විදියට හරි ඕනෑ බලයනේ (නි)
එතකොට රනිල්? එයාට මරණ තර්ජන නොමැතිද? (නි)
එහෙම නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට ඉඩ තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මේ වගේ දෙයක් මේ වෙලාවේ කරන්නේ නැහැ (නදී)
නාටකයේ අලුත්ම ජවනිකාව මේක තමයි. (නදී)
කස්තුරි ඔයා කියන කතාව සම්පුර්ණයෙන්න්ම ඇත්ත. (ර)
බලය දුෂණයට මග පාදනවා, අසීමිත බලය අසීමිත දුෂණයට මග පාදනවා; ඉඩී අමීන්ට, සදාම් හුසේන්ට වගේ අයවලුන්ට වුණේ ඒකයි (දිල්)
මෙවැනි දෙයක් වුණොත් විශාල කලබලයක් වේවි (දිල්)
මේවා හැමදාම කියපු කතානේ (දිල්)
ආවේගශීලි මත ඉදිරිපත් කර ගැටුම් වලට විසඳුම් සෙවිය නොහැකියි.(දිල්)
පක්ෂ බේදයක් නැතිව කියන්නේ. මහින්දයි සිරිසේනයි දෙන්නම බයවෙලා මේ වගේ බොරු කියන්නේ ඔය දෙන්නම ඉතින් අපිව ගොනාට අන්දන්නයි යන්නේ (බ)
බලයෙන් මත්වෙලා ඒවා අතහැර ගන්න කැමති නැහැ (බ)
සිංහල කොමඩි චිත්‍රපට ජවනිකා මතක් වෙනවා. (බ)
සරත් ෆොන්සේකාට කරපු දේ අනුව මේ දේ සිද්ද වෙන්න පුළුවන් ලේසියෙන්ම (බ)
කැපුවත් කොළ, රතු, නිල්, වෙනස් කරමු. අනාගතය ගැන සිතන සමාජයක් ගොඩ නගමු. (ර)
පරණ තැටියක් ප්‍රතිවාදනය වෙනවා..අපි නොදන්නා ලයිව්. හැබැයි ඉතින් තමන්ගේ කට්ටියගෙන්ම ටිකක් ප්‍රවේශම් වුණොත් හොදයි නේද (දිල්)
ජනප්‍රිය වෙන්නද මේ තරම් කියවන්නේ (දිල්)
කාලයක් ලංකාවේ ජීවත් වුනු හැමෝටම මරණ තර්ජන තිබුණා. ඒවා නැති කළේ කවුද කියල අමතක කරපු කට්ටිය දැන් බයිලා ගහනවා . අනේ අපිට නම් කිසිම මරණ බයක් නැහැ . ඒක ඇති කරන්නත් එපා (බ)
ඡන්දයක් ලග තියාගෙනත් අර විශ්වවිද්දීයාල දරුවන්ට ගහන ගැහිල්ලම ඇති මොලේ කළදක් තියෙන ඕනෑම මෝඩයෙකුට වුනත් තේරුම් ගන්න.(නදී)
පසුගිය මැතිවරණයෙන් පසු ෆොන්සේකාට සහ ආධාරකරුවනට සිදුවූ දෙය අපි දැක්කා (නි)
කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවානෙ (නි)
අනේ ඉතින්, අද කාලේ කාටද තර්ජනජ නැත්තේ? (නි)
ෆොන්සේකා කියන්නේ නිර්භීත ශ්‍රී ලාංකිකයෙක් (නි)
මේ අදහස් දිහා බැලුවහම අපේ මිනිස්සු මොනතරම් ව්‍යාජ, වංක, දේශපාලනයෙන් අන්ධ මිනිසුන්ද කියලා තේරෙනවා. (නි)
හිනායනවා මහත්තයෝ (නි)
රටේ සිදුවන අපරාධ ගැන නිහඬ ඇයි? (නි)