හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ විශ්‍රාම වැටුප රුපියල් 97500 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිව හිමිවී ඇතැයි ද, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද දේශපාලන ආරංචි කියයි.
කුමාරතුංග මහත්මියගේ දැන් විශ්‍රාම වැටුප රුපියල් 25000කි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ විශ්‍රාම වැටුප රුපියල් 97500කි. හිටපු ජනපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත් කිරීමට එම තීරණය ගැන ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ නම් අදහස නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්, ඇමතීන් ආදී සියලුදෙනාගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතුයි. අවුරුදු පහක් පාර්ලිමීන්තුවේ හිටියහම විශ්‍රාම වැටුපක් ගෙවන්නෙ මොන සේවයක් කරාටද....? (ම)
අපොයි ඔවු. ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ දෙයක් (නි)
දැන් රජයේ සාමාන්‍ය විශ්‍රාමිකයෙකුටත් රු,25,000 කට ආසන්න විශ්‍රාම වැටුපක් ලබන බැවින්, හිටපු ජනාධිපතිනියගේ විශ්‍රාම වැටුප එසේ වැඩිකිරීම සාධාරණය (නි)
හිටපු ජනාධිපතිතුමිය තම දේශය වෙනුවෙන් කරන ලද අමිල සේවයට කෘතගුණ සැළකීමක් වශයෙන් ඇයගේ විශ්‍රාම වැටුප වැඩිකරන එක හරිම සාධාරණයි. (නි)
චන්ද්‍රිකාගේ වැටුප් වැඩිකිරීමේ වරදක් නැහැ (නි)
නියමයි. ජයවේවා! (නි)
මමත් එකඟයි මේ වැඩේට (නි)
ඒක නම් හොඳ අදහසක්. ඒ වගේම මහින්දට දැනට දී තිබෙන අනෙකුත් වරප්‍රසාද එහෙමත් චන්ද්‍රිකාටත් දෙනවාද කියලා කිව්වා නම් හොඳයි නේද? (නි)
ඒ දෙදෙනාටම සමාන වැටුප් දෙන එක හොඳයි (නි)
මොකද හිටපු ජනපති දෙදෙනෙක් අතර මෙහෙම වැටුප් විෂමතාවයක්? (නි)
ඔන්න යහපාලනය! තේ, රබර්, වී, සහතික මිල පහළට.... පොහොර සහනාධාරය.... වැස්සට නොතෙමී බයිසිකලේ ගිය අපිට රෝද 4 වාහන සිහින...මේ හැමදේම සදාකාලික සිහින පමණක් වුණා (නි)
ඒක හොඳයි (නි)
ඒක ඇත්ත. සාධාරණයක් තිබිය යුතුයි (නි)
අනේ අපිට කාගේ පිහිටක්ද? (නි)
ඇත්තෝ කති බොති, ප්‍රීතිවෙති. නැත්තෝ වටපිට බලති, හුළං බොති. (නි)
සේන,ඔබ බොහෝ දේ දන්නේ නැති පාටයි (නි)
ඇත්තටම හොද වැඩක් , (ම)
සුදුසු ක්‍රමයකින් ගණනය කර එතුමියට හිඟ වැටුප් පවා ගෙවිය යුතුයි. (ම)
රට වෙනුවෙන් තබා තමන්ගේ ගම වෙනුවෙන්වත් වැඩක් නොකලට මට හිතෙන්නේ විශ්‍රාම වැටුප නොදී හිටියත් කමක් නැතැයි කියලයි.(ම)
ඩක්වත් / ලුවිස් ක්‍රමයට හැදුවනම් හරි යයි. (ම)