ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය අද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරිය බවට පත්ව ඇතැයි හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ලේ දී පැවසීය.
හිටපු ජනපතිනියගේ මාධ්‍ය නිවේදනය පක්ෂයට අවාසිදායක බව ද, එය හෙළා දකින බව ද ඔහු කීවේය.
එජාපයට සහාය වන යමක් කිරීමට බණ්ඩාරනායක පවුලේ අයට නොහැකි බව ද, එය සිය දෙමාපියනට කරන අගෞරවයක් බව ද ඔහු සඳහන් කළේය.
ඇගේ ප්‍රකාශය අසා තමන්ට දැඩි දුකක් වේදනාවක් දැනුණු බව ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය 1970 සිට තිබුණු ආණ්ඩුවලදී සිට මේ දක්වා තිබු ආණ්ඩුවලින් සිදුවූ පුද්හල ගාතන වලදී ඔය දුක දනුනෙ නැත්ද. කවුරුත් ඇත්ත කියනකොට දුක ඇති. ඉදිරියට අඬන්න වෙන්නේ.(නදී)
මට බණ්ඩාර ගැන දුකයි (නි)
අනේ පවු අනේ! (නි)
අලුත්ම චරිතය තමයි මේ. ලැජ්ජයි අමතිතුමෝ... (නි)
යහපාලන අය පිදුරු ගහෙත් එල්ලිලා බලනවා වගේ. ශ්‍රී ලංකා එක ගැන කැක්කුමක් බැලුවම ශ්‍රී ලංකා කාරයින්ටවත් නැහැනේ. වැඩක් නැහැ මහත්තුරුනේ..මෙයා කියන ඒවා පිළිගන්න ශ්‍රී ලංකා කාරයෝ දැන් නැහැ..(බ)
ඔබතුමා පක්ෂේ ආරක්ෂා කරනවා කිය කියා ඇඩුවට මිනිස්සුන්ට සත 5ක වැඩක් නෑ. එතුමිය නිවැරදි තැනදි නිවැරදි තීරණය තමයි අරන් තියෙන්නේ. (බ)
ශ්‍රීලනිපය හැදුනේ එජාපයේම පිරිසක් වෙන් වෙලානේ ඉතින් මෙයාට දැන් පරණ ලේ සුවඳ දැනෙනවා ඇති එකනේ දැන් එජාප කඩේ යන්නේ අපි නොදන්න රටට ආදරේ චෞර රැජින (බ)
තව කවියක් ලියමුද? (බ)
කදුළු හලන්න නියම දක්ෂයා (නි)
තාත්තාටත් නින්දා කරනවා (බ)
අලුත් ඡන්දදායකයින්ට පක්ෂ පාට වැදගත් නැහැ. සමස්තයක් වශයන් ඔවුන් බුද්ධිමත්. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් ඒක ඔප්පු වුණා (නි)
මෙයාට හැමදාම දුක තමයි ! 17 වෙනිදට එක හොදට දැනේවි.(ම)
පවු අනේ! (නි)
එක්කෙනෙක් සල්ලි වලට බල්ටි ගහල පස්සේ ඡන්ද නැති වෙයි කියල බයේ අායෙත් අාවා. අනිත් කෙනා තම සල්ලි වලට රට පාවල දෙනවා. දෙන්නම එකයි (නදී)
මෙයා හැමදාටම කළේ බණ්ඩාරනායක පරම්පරාවේ පටි රෝල් කරපු එක. (බ)
මෙතුමා හරියට දුක් ගන්නා රාල වගේ කොයි දේ වුණත් මෙයාට හරියට දුක් වෙනවා කළ කිරෙනවා පවු (ම)
මෙතන තියෙන්නේ රාජපක්ෂලා -රට අතර ප්‍රශ්නයක් නොවෙයි.රාජපක්ෂලා සහ යුඇන්පී-ජේවීපී-චන්ද්‍රිකා අතර ගැටුමක් විතරයි. පහුගිය ජනාධිපතිවරණයෙන් පෙනුනෙත් දැන් රග දක්වන්නේත් ඒ ටිකම තමා. (බ)
ඉතින් ඔබතුමාට තිබුනේ අඩලා හිත හදා ගන්න නේ (ම)
එයා කතාකරනකොට අපිටම ලැජ්ජයි (නි)
මහින්දගේ පාලන කාලේ ඔබතුමාලා හොඳට හම්බකර ගත්තනේ ඉදිරියට ඒවා නැති වෙන බව පෙනෙනකොට ඉතින් දුක තමයි (නදී)
දිගටම දුක්වන්න වේවි. ඕකට පුරුදුවෙන්න (නි)
ඔබතුමාට හොඳටම දුක දැනෙන්නේ 18 දාට. (නි)
මේ රටේ මොනම හේතුවක් නිසාවත් වෙනස් නොවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ලක්ෂ 20 ක් පමණ ඉන්නවා. අපි සියලු දෙනාම බණ්ඩාරනායක පරපුරේ වර්තමාන නායකත්වය වන චන්ද්‍රිකා මැතිනියගේ ඉල්ලීමට පිටින් යන්නේ නැහැ. නමුත් ඔබ අපට පැහැදිලිව කියා නැහැ අපි ජන්දය දිය යුත්තේ කාටද කියා. මේ පිලිබඳව අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා. මම අත්තනගල්ලේ ඔබේ පාක්ෂිකයෙක්. (නදී)
හයියෙන් අඩන්න (නදී)
වෛරයෙන් පැසෙන කෙනෙක් වෛරයෙන්ම විනාශ වෙනවා. (නි)
මෙයාගේ වැඩේ දැන් අඩන එකයි, වඳින එකයි (නදී)
ඔබ මහින්ද ලඟ වැඳ වැටෙන විට අපිට ඊටත් වැඩිය දුක හිතුනා (නදී)
ආ! එයා කියන ඒවා ගණන් ගන්න එපා. (නි)
සමහරු නම් දැන් යන එන මං නැතුව අතරමංවෙලා (නි)
අනේ මහත්තයෝ, දැන් ඔය දුක් අමතක කරලා සතුටෙන් ඉන්න බලන්නකෝ (නි)
දේශපාලනය නිසා සමහරු නොකරන දෙයක් නොමැත (නි)
ඒ කියන්නේ රට විනාශ කරන්න වලිකන අය ගැන දැනුවත් කිරීමත් වැරදියි ද? ආයෙත් අඬමුද....? (නි)
අනේ ටිකක් අඬන්නකෝ, මහජනයාට පෙනෙන්න. (නි)
ඔබතුමා මහින්ද ලඟට ගිහිං දණ ගහලා වැන්දට කරපු දේවල් වලින් බේරෙන්න බැහැ. (නදී)
එහෙනම් ඇමති අඩයි වගේ (නදී)
ජනක බණ්ඩාර මහත්තයෝ ඔයා ඉතින් හැම දේටම දුක හිතිලා අඩන එක්කෙනානේ. මේක කියවල ඔයගොල්ලන්ට අඩන්නවත් අද නිදහස තිබුනට එදා දුක තද කරගෙන මුණ පුළුටු කරගෙන ඔහේ හිටිය බව පපුවට තට්ටු කරලම අහගන්න.(නදී)
පක්ෂෙට හෙන ගැහුනත් කමක් නෑ කියල ලොක්කෝ මඩියම විතරක් තරකරගන්න ගිහින් ඇන ගෙන දැන් දුක් වෙනවා. එතුමිය ජනතාව සමග නම් එයයි පියාට කරන ගෞරවය. (නදී)
දුකට නම් ගොඩක් දේවල් තියනවා කරන්න...මොනවා කරන්නද තමුන්නාන්සේලා වැරදි පාරේ යනකොට එතුමියට අහක බලන් ඉන්නද කියන්නේ (ම)
ඔබතුමා මැතිනිය ලඟට ගිහිං දණ ගහලා වැන්දම ඔක්කොම හරියනවා (ම)
අපිටත් දුකයි ඔහේ වගේ අඩන උදවිය දැක්කාම. (ම)
17 වෙනිදාට මොනවා වෙයිද කියලයි මට බය (නි)
මොන දුකක් දැනුනත් ඒ කතාව හරි. මෙතන තියෙන්නේ ශ්‍රී ල නි ප - ඒ ජා ප ගැටුමක් නෙමේ. රාජපක්ෂලා සහ රට අතර ගැටුමක්. රාජපක්ෂලා ශ්‍රී ල නි ප ය කෑවා. එතුමිය ඉන්නේ රට පැත්තේ එච්චරයි.(ම)
අපිට පක්ෂ වැඩක් නෑ හරි වැඩක් කරන්නී ඕනෑ (ම)
දුක්වුණාට කමක් නැහැ. අඬන්න නම් එපා (නි)
තමන්ගේ පැත්තට කතාකළා නම් එයා කවුරු වුණත් හොඳයි. මොනවා කළත් හොඳයි. බැරි වෙලාවත් අනික් පැත්තට කතාකළාම එයා හොඳ නැහැ. දේශපාලකයෝ එහෙම කියන්න මිනිසුන්ට උගන්නලා තියෙන්නේ එදා ඉඳලාමයි. (නි)
ප්‍රතිපත්තිගරුක නොවුණාම නොවිය යුතු දේවලුත් වෙන්න පුළුවන් බව මේ අය දැනගන්න ඕනේ.(ම)
අනේ මෙහෙමත් අය? (නි)
ඔබතුමා ඉතින් බොහොම සංවේදී දුක හඳුනන කෙනෙක්නේ (නි)
කව්ද එයා කියන ඒවා ගණන් ගන්නේ. (නදී)
එතුමිය දගලන්නේ පුත්‍රයාට පාර හදන්න.(නදී)
මට කියන්න වචන නැහැ.මම හිතන්නේ නැහැ මැඩම් ඔය ගැන හිතයි කියලා (නි)
මේ සැරේ කඳුළු ඇවිල්ලා නැද්ද? අනේ පව්! (නි)
ලේන්සුවක් දෙන්නද කඳුළු පිහිදාගන්න (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ජනක බණ්ඩාර තාමත් අඬනවද? කඳුළු පිහිනන ලේන්සුවක් ඉක්මනට දෙන්න (නි)
දණින් වැටුනු ඔබ ගැන තමයි අපිට දුක (නි)
දුක නොවේ. 18 දාට අඩන්නයි වෙන්නේ. ගිහින් ආත්මය පාවා දුන්නට. දැන්වත් වරද නිවරදි කරගන්න මැතිතුමා. (නදී)
හරියට දුක හිතෙනවානේ! ඉස්සරහට තව දුක හිතේවි !! (නි)
දුක නම් අායෙත් ගිහින් නැවෙන්න (නදී)
තව ඉස්සරහට කී දෙනෙක් ඔය විදියේ කතා කරාවිද දන්නවද ජනක බන්ඩාර හිටපු මන්ත්‍රී තුමෝ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද එකතුකරගෙන ඉල්ලන් කෑවා කිව්වොත් හරි (නදී)
දුක නම් ඉතින් බැරිය පෙරලි පෙරලි අඬන්න. මෙතුමා කොහොමත් ප්‍රසිද්ධ අඬන්න නේද ? (ම)
පව් අනේ..! ඇයි චන්ද්‍රිකා ඔයා ජනකට දුක්දෙන්නේ? (නි)
එතුමියගේ ප්‍රකාශය හරියටම හරි (නි)
කදුළු ඇවිල්ලා නැද්ද? (නි)
දිලාන් මහත්තයා ගාව විසදුම තියෙනවා (නදී)
පවු අනේ එයා (නි)
මෙයාලා ගැන දැන්නම් අපි හොඳට දන්නවා (නි)
මේ පක්ෂෙට ඡන්දෙ දෙන බොහොමයක් සහ නායකයන් බොහෝ දෙනෙකු ඉන්නේ පක්ෂයේ නායකයා බණ්ඩාරනායක කෙනකු හෝ රාජපක්ෂ කෙනෙකු විය යුතුය යන වහල් මානසිකත්වයකින්. එම නිසා චන්ද්‍රිකා ගේ කීමට පක්ෂ සාමාජිකත්වය තුල විශාල බල පෑමක් තිබෙනවා. මෛත්‍රී ජනාධිපති වෙන්නත් චන්ද්‍රිකාගේ මතය විශාල ලෙස බලපෑවා, මෙවැනි ප්‍රකාශ නිසා මහින්ද කණ්ඩායමේ මිනිස්සුන්ට විශාල ලෙස මනාප අඩුවෙන බව පරිනත දේශපාලකයකු වන ජනක බණ්ඩාරට තේරුම් ගිහින් ඉදිරියේදී පසුගිය මහින්ද රජයේ සිටි මිනිසුන්ගේ බලය ලබන ඡන්දයේදී නැතිවී ඔවුන් කල දුෂණ වංචා වලට දඩුවම් ලැබෙන බව පෙනී ඔහු කණගාටු වෙන බව පෙනේ (නදී)
අද කී දෙනෙකුට වැන්දද ? (නදී)
අපෝ මෙයා හොඳ සංවේදී කෙනෙක්. ඇඟිල්ලෙන් අනින්න ඕනේ නැහැ ඇඟිල්ල පෙන්නුවොත් ඇති කඳුළු එයි. (නදී)
රටක පැවැත්ම සඳහායි මිනිසුන් දේසපාලනය කළ යුත්තේ. නමුත් ලංකාවේ අය කරන්නේ තරහ වෛරය පිරිමසා ගැනීමයි. බටහිරයන්ගේ ඕන එපාකම් පිරිමැසීමයි. මහින්ද එසේ කල අයෙක් නොවේ (නදී)