චන්ද්‍රිකා ග්‍රාහක 103 ක් සහ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 64 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ඉන්දියා ජාතික පුද්ගලියින් දෙදෙනෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම භාන්ඩ රාජසන්තක කළේය.
චන්ද්‍රිකා ග්‍රාහක මෙරටට ගෙන ඒමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියත්, ලොකු ලූණු බීජ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වුවත් ඒ කිසිදු අනුමැතියකින් තොරව මේවා ගෙනවිත් තිබූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
අත් අඩංගුවට ගනු ලැබූ චන්ද්‍රිකා ග්‍රාහක වල වටිනාකම රුපියල් ලකෂ පහක් වන බවත් ලොකු ලූනු බීජ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනක් වන බවත් රේගුව කියයි.
නිතර නිතර ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන මොවුහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 124 දරණ ගුවන යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ රාත‍්‍රී 10.30 ට පමණ මෙරට පැමිණ ඇත.
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ හතරක බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි. රේගු නිලධාරීන් විසින් මුලින්ම එක් සැකකරුවෙකුගේ ගමන් මලූ පරික්ෂා කරද්දී අනෙකා සූක්ෂම ලෙස පලා ගොස් ඇත.
පසුව ඔහු පැය හයක් පමණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි සැගවී සිට ඇති අතර පසුව ඊයේ අළුයම හතරට පමණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් ව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඞී රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටින්ට උපකරණ ගෙනාවෙත් ඔහොමයි. වහාම පරීක්ෂණයක් කොට නීතිමය පියවර ගත යුතුයි (නි)
වෙන රටක නම් ලක්ෂ 10 වත් දඩ ගහනවා. (නි)
අපේ දඹදිව වන්දනාකරුවන්ට ගහපු ගැහිල්ලට,ගහපු දඩය නම් හොඳටම මදි.ලක්ෂ 3 ක් වටිනාකම ඇති ලොකු ලුනු බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට භාජනය කරලා සහන මිලකට ගොවියට දුන්නා නම් රජයට අදායමක්. නැත්නම් ලුනු රේගුවේම පැළවෙයි... (නි)
අනේ අම්මෝ! ලූනුත් ගෙනැල්ලා. මොන තරම් අපරාධයක්ද මේ කරලා තියෙන්නේ? අර ඇල්කොහොල් බවුසරේ ගෙනාපු කෙනාට දුන්න දඬුවමම මෙයාටත් දෙන්න. (නි)
පොල් වලට 50000 චන්ද්‍රිකවාට 10000 යි.(නදී)
මේ අයට අප රටේ නීතිය සහ නිලධාරීන් විහිලුවක් වෙලා. නැත්නම් ඔහු පැය හයක් පර්යන්තයේ සැගවී සිටීම ගැන අපේ අයගේ දක්ෂතාවය හිතාගත හැකියි. විනාශකාරී ආයුධයක් ගෙන සැලසුම්කාරී මහා විනාශයක් කරන්න වුණත් බැරි නැහැ. තවද ඔහු ගුවන් තොටුපල ගැන මනා දැනීමක් ඇති අයෙකි. රු.10000 ත් ඔහුට ඉතා සුලු මුදලකි. එම නිසා මෙම නීතිරීති වෙනස්කළ යුතුයි. මේවාට මාස ගනන් ලතවිය යුතු නැහැ.චෙන්නායි වල අපේ අය මේ දෙය කලා නම් කොහොම තියේවිද? (නි)
කෝ අනේ අපේ සුප්‍රීම් සැට් එක? (නි)
මේක පුදුම ගුවන් තොටුපලක්නේ. වෙන රටවල නම් කැමරා වලින් ඕනෑ මනුස්සයෙක් යන්නේ කොහෙද බලා ගන්න පුළුවන්! (නි)
මොනවා වුණත් අපේ රේගු නිලදාරීන්ගේ අවංක උත්සාහය අගයන්න ඕනෑ. ඉන්දියන්කාරයෝ එන්නේ අපේ රටට කරදයක් කරන්නම තමා. (නි)
මේ චන්ද්‍රිකා ආයෙත් රටට කරදරයක් වෙයි වගේ (නි)