IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චන්ද්‍රිකා ග්‍රාහක ගෙනාවට දඩ

 

චන්ද්‍රිකා ග්‍රාහක 103 ක් සහ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 64 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ඉන්දියා ජාතික පුද්ගලියින් දෙදෙනෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම භාන්ඩ රාජසන්තක කළේය.

චන්ද්‍රිකා ග්‍රාහක මෙරටට ගෙන ඒමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  අනුමැතියත්,  ලොකු ලූණු බීජ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වුවත් ඒ කිසිදු අනුමැතියකින් තොරව මේවා ගෙනවිත් තිබූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 අත් අඩංගුවට ගනු ලැබූ   චන්ද්‍රිකා ග්‍රාහක වල  වටිනාකම රුපියල් ලකෂ පහක් වන බවත්  ලොකු ලූනු බීජ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනක් වන බවත් රේගුව කියයි.

නිතර නිතර ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන මොවුහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 124 දරණ ගුවන යානයෙන්   ඉන්දියාවේ චෙන්නායි නුවර  සිට ඊයේ  රාත‍්‍රී 10.30 ට පමණ  මෙරට පැමිණ ඇත. 
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ  හතරක බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි.  රේගු නිලධාරීන් විසින්  මුලින්ම එක් සැකකරුවෙකුගේ ගමන් මලූ  පරික්ෂා  කරද්දී  අනෙකා   සූක්ෂම ලෙස පලා ගොස්  ඇත.
පසුව ඔහු පැය හයක් පමණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි සැගවී සිට ඇති අතර පසුව  ඊයේ අළුයම හතරට පමණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් ව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඞී රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන්  ගුවන්තොටුපොළ රේගු  නිලධාරීහු සිදු කළහ.

 



අදහස් (0)

චන්ද්‍රිකා ග්‍රාහක ගෙනාවට දඩ

සාදි Wednesday, 15 May 2013 11:27 AM

කොටින්ට උපකරණ ගෙනාවෙත් ඔහොමයි. වහාම පරීක්ෂණයක් කොට නීතිමය පියවර ගත යුතුයි (නි)

:       0       0

චූලා Wednesday, 15 May 2013 11:33 AM

වෙන රටක නම් ලක්ෂ 10 වත් දඩ ගහනවා. (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 15 May 2013 11:41 AM

අපේ දඹදිව වන්දනාකරුවන්ට ගහපු ගැහිල්ලට,ගහපු දඩය නම් හොඳටම මදි.ලක්ෂ 3 ක් වටිනාකම ඇති ලොකු ලුනු බීජ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයකට භාජනය කරලා සහන මිලකට ගොවියට දුන්නා නම් රජයට අදායමක්. නැත්නම් ලුනු රේගුවේම පැළවෙයි... (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 15 May 2013 11:45 AM

අනේ අම්මෝ! ලූනුත් ගෙනැල්ලා. මොන තරම් අපරාධයක්ද මේ කරලා තියෙන්නේ? අර ඇල්කොහොල් බවුසරේ ගෙනාපු කෙනාට දුන්න දඬුවමම මෙයාටත් දෙන්න. (නි)

:       0       0

රූපා Wednesday, 15 May 2013 11:47 AM

පොල් වලට 50000 චන්ද්‍රිකවාට 10000 යි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 15 May 2013 12:08 PM

මේ අයට අප රටේ නීතිය සහ නිලධාරීන් විහිලුවක් වෙලා. නැත්නම් ඔහු පැය හයක් පර්යන්තයේ සැගවී සිටීම  ගැන අපේ  අයගේ   දක්ෂතාවය හිතාගත හැකියි. විනාශකාරී ආයුධයක් ගෙන සැලසුම්කාරී මහා විනාශයක් කරන්න වුණත් බැරි  නැහැ. තවද ඔහු ගුවන් තොටුපල ගැන මනා  දැනීමක්  ඇති අයෙකි. රු.10000 ත් ඔහුට ඉතා සුලු මුදලකි. එම නිසා  මෙම  නීතිරීති වෙනස්කළ යුතුයි. මේවාට මාස ගනන් ලතවිය යුතු නැහැ.චෙන්නායි වල අපේ අය මේ දෙය කලා නම්  කොහොම තියේවිද? (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 May 2013 04:55 PM

කෝ අනේ අපේ සුප්‍රීම් සැට් එක? (නි)

:       0       0

රීසා බි. Wednesday, 15 May 2013 05:10 PM

මේක පුදුම ගුවන් තොටුපලක්නේ. වෙන රටවල නම් කැමරා වලින් ඕනෑ මනුස්සයෙක් යන්නේ කොහෙද බලා ගන්න පුළුවන්! (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 15 May 2013 05:31 PM

මොනවා වුණත් අපේ රේගු නිලදාරීන්ගේ අවංක උත්සාහය අගයන්න ඕනෑ. ඉන්දියන්කාරයෝ එන්නේ අපේ රටට කරදයක් කරන්නම තමා. (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 15 May 2013 01:26 PM

මේ චන්ද්‍රිකා ආයෙත් රටට කරදරයක් වෙයි වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site