විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස බේරුවල රැලියකට සහභාගීවී පළාත් සභා මන්ත්‍රී ඉස්තිකාර් ජෙනිල් මහතාගේ නිවසට රෑ කෑම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ගිය අවස්ථාවේ ගෙට ගල් වරුසාවක් එල්ලවී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
මේ සිද්ධියෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාර කරුවන් සිව් දෙනකුටද වාහන 4කට ද නිවසටද ආලාබ හානිවී ඇතැයි කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ මැර කණ්ඩායමක් බව සිරිසේන මහතාගේ ආධාරකරුවෝ කියති.
සාමය රැකීම සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබේ.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හෝ හිරුනිකා මෙනවියට තුවාල සිදුවී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමට දෙන්න ඕනෑ මොනවද කියලා මට මෙතන ලියන්න අමාරුයි (නි)
පරාජය පිළිගෙන උන්මන්තක වෙලා කරන දේවල් (නි)
අනේ මන්දා ඉතින්... (නි)
මේවට තමයි කියන්නේ ඉල්ලන් කනවා කියලා (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වුණාට කමක් නැහැ.ඒ වුණාට සමස්ත ශ්‍රී ලාංකිකයන් සිතන්නේ රටේ වෙනසක්. ඒක ලබන 9 වෙනිදා සිදුවෙනවා.ඒකේ දෙකක් නැහැ. (නි)
මෙන්න නිදහසින් වසර 60 කට පසු අපේ දේශපාලන සංස්කෘතිය! (නි)
මේ වැඩ නිසා තව තවත් ජනයා මෛත්‍රී මහත්මයා වටා එකතුවෙනවා. (ර)
මේවා කරලා බය කරන්න බෑ. (ර)
පක්ෂ මාරු කරන හැමදෙනාටම හොඳ පාඩමක්! (ර)
පක්ෂ බෙදා අතහැරලා එකට ඇත වැල් බැදගන්න එක කොච්චර හොද වැඩක්ද. (ර)
රටට විරුද්ධව වැඩ කලොත් කාට උනත් කන්න තමා වෙන්නේ.(ම)
එක ළමයෙකුට එංගලන්තෙන් ගෙයක් ගත්තට තව ළමයෙක් ඉන්නවා කියල අමතක වෙලාද දැන් (දිල්)
හිටපු ජනාදිපති තුමියනි, එදා ජෙනරාල් ෆොන්සේකාව යුද හමුදාපති කරවා රණ විරුවන්ට ඇවසි දේ සැපයුවා නම් අද රටට මෙහෙම වෙන්නේ නැහැ. පවුල් වාදය ගොඩ නැගෙන්නේ නැහැ.(නදී)
මේවා එච්චර ගණන් ගන්න එපා. (නි)
චන්ද්‍රිකා, හිරුණිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්. එකම පක්ෂය අද දෙකඩ වෙලා (නදී)
ඔහොම වෙන්න ඕනා (නදී)
මේවගේ වැඩ නිසයි අපි වෙනසක් හොයන්නේ.(දිල්)
ගල් යුගයේ අය තවම ඉන්නවා !(නදී)
දැන් ප්‍රහාර වලට වැඩිපුරම යොදාගන්නේ ගල්නේ. මොකද ඒ? (නි)
මට නම් කිසිම දුකක් ඇතිවෙන්නේ නැහැ (නි)