ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රසිද්ධියේ චෝදනා කරන හිටපු ජනපතිනි හා ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවන ලෙසත් වහාම තීන්දුවක් ගැනීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දැනුම් දුන් බව ඔහු පැවසීය.
තෙන්නකෝන් මහතා එම ලිපිය අරඹා ඇත්තේ කවියකිනි.
‘මවක් පියෙක් එක්වී රැක ගත්තේය
පරක් තෙරක් නැති සෙනගක් එක්වීය
ඉවක් බවක් නැති වෛරයෙ මත්වීය
දුවෙක් දෙමාපිය කඳුළැලි වික්කේය‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉපදුනාට පස්සේ තාම මන් නාඩපු දවසක් නැහැ .ඇඬුවත් මට කිසිමදාක තැනක් එන්නේ නැහැ. (බ)
චන්ද්‍රිකා මැතිනියනි,ඔබ පයතබන දේශපාලනය තුළ සුවහසක් මල් මගේ රට තුළ පිපේවා ! ඔබගේ අදහස් තුළ මෛත්‍රී, රනිල් , පාලනය තුළ මගේ ශ්‍රී ලංකාව, ලෝකය තුළ අගනා රට වේවා! (නි)
වියරුව වැටි තණ්හා බලකම් බන්දා... මහරජු මුසාවෙන් පල්ලම් මඟ පාදා.. දෙමාපියන් බිහිකළ පක්ෂය හින්දා... මැතිනිය පෙරට එය රැකුමට අප හන්දා..... ජය වේවා චන්ද්‍රිකා මැතිනියනි! අපගේ නිදහස් පක්ෂය දුෂිතයන්ගෙන්, මිනීමරුවන්ගෙන් , කුඩුකාරයන්ගෙන් පිරිසුදු කිරීම ඔබට බාරයි. (නි)
ශ්‍රීලනිප කියන්නේ බණ්ඩාරනායක සහ රාජපක්ෂ යන පවුල් පදනම මත ඉදිවුණ දේශපාලන පක්ෂයක්. ඉතින් කොහොමද ජනක බණ්ඩාර චන්ද්‍රිකා බණ්ඩාරනායකව එළවන්නේ? (නි)
අනේ මන්දා මොනවා කියනවද කියලා (නි)
මම නම් හිතන්නේ මේ යෝජනාව හොඳයි (නි)
77 පැරදුන තමුන්නාන්සේලාට 94දි චන්ද්‍රික ආපසු එනකම් තමුන්ගේ අසනයවත් දිනගන්න බැරිව ගිය. තමුන්ට එම ජය ආරක්ෂාකරගන්න බැරිවිය. (අ)
මෙහෙම අයට ඡන්දෙ දෙන්නෙත් කොහොම අයද කියලා හිතාගන්න පුලුවන් (නි)
ඉත්තෑවගේ ගුහාවට කබල්ලවෙක් රිංගලා (අ)
මෙයාට පුළුවන් සිංදු කියන්නයි හොටු පෙර පෙර අඬන්නයි, දණගහල වන්දින්නයි විතරයි (අ)
මෙයා කට ඈරියොත් එක්කො කවි, නැත්නම් කඳුලු, පොඩි ළමයෙක් වගේ. (අ)
77 පැරදුන තමුන්නාන්සේලාට 94දි චන්ද්‍රිකා ආපසු එනතුරු තමුන්ගේ ආසනයවත් දිනගන්න බැරුව ගියා. තමුන්ට එම ජය ආරක්ෂාකරගන්න බැරිවුණා (නි)
ජය වේවා චන්ද්‍රිකා මැතිනියනි! (නි)
උදාර මිනිස්සුන්ට අපහාස කරන්න එපා (නි)
දිරිය දියණිය දැයේ මාතා රකියි පක්ෂය ඉදිරියෙන්... මිනීමරුවන් සුරා වෙළඳුන් නසයි රජු හා සහචරුන්... මෛත්‍රී මැතිඳුන් ගෙනාවා අපේ පක්ෂය රකිනු රිසියෙන්... අපිව රැකුමට උරුම ලේ ඇති ඔබ වේ බණ්ඩාරනායකවරුන්.. චන්ද්‍රිකා මැතිනියනි, සියලු නිදහස් පාක්ෂිකයන් ඔබ සමඟයි. (නි)
දැන් ඉතින් එළවන්න පුලුවන් වෙයිද? (නි)
මේ වගේ අයටත් අපි ඡන්දෙ දුන්නනේ (නි)
ඔයා ටිකක් හයියෙන් අඬන්න. එතකොට යයි (නි)
නියමයිනේ මහත්තයෝ (නි)
ජනතාව 17 වෙනිදට තීන්දුව දෙයි (නි)
නිතර අඬන්නේ සංවේදී මිනිසුන්ය. හඬන පිරිමි එතරම් ඍජු නැතිසේය. ඍජු නැති දනා කොතරම් හද කකියාය... මොළයක් නැති එකා හැමදාමත් රැවටේය... (නි)
රසික, හරියටම හරි.තව දෙයක් තිබෙනවා. ඒක ලියන එක හරි නැහැ (නි)
අර චෞර රැජිණ කියලා පොතක් ආවේ කා ගැනද? අපේ රටේ අයට ඉක්මනට අමතක වෙන එක තමා අවාසනාව. රට බෙදිලා ගිය දවසට ඔය කාටත් ඇස් ඇරේවි. ඒත් එදාට පරක්කු වැඩි බව තේරේවි (නි)
වෛරී දේශපාලනය අපි අනුමත නොකරමු (නි)
දැන් නම් මෙතුමා සීමාව ඉක්මවා විහිළු කරනවා (නි)
තව මදි. තව මීට වඩා ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා (නි)
මහින්දට කොච්චර බැන්නත් කමක් නැහැ. හැබැයි චන්ද්‍රිකාට වචනයක් කිව්වොත් නිදහස් පක්ෂයේ හැමෝම වගේ කලබල වෙනවා නේද? (නි)
එදත් අදත් පක්ෂයේ කොඳුනාරටිය බණ්ඩාරනායකවරුන් තමයි. (නි)
අඩන්න බෑ හොදේ? ලැජ්ජා නහරේ එහෙම කොහෙද දන්නේ නැහැ? (අ)
දෙන්නටම දණගහලා වැන්ඳා නම් වැඩේ ඉවරනේ (නි)