ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් අහුංගල්ලේ හෝටලයකදී දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.
එම සාකච්ඡාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද,ඇමැති මහින්ද අමරවීර, ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, දකුණු මහ ඇමැති ශාල් විජලයලාල් සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.
මේ පිළිබඳ කළ විමසීමක දී දකුණු මහ ඇමැති ශාන් විජයලාල් මහතා කීවේ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. වැඩි විස්තර පසුව දැනුම් දිය හැකි බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු එකතුවෙලා රහස් සාකච්ඡා තිබ්බත් කමක් නැහැ, රට ජාතිය ආගම රැකගෙන කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම වෛරීය සිතුවිලි හිතේ තබාගෙන පළිගන්න කටයුතු කරන්න එපා. මේ වෙලාවේ රටත් වැටිලා, ජනතාවත් පොළොවටම වැටිලා ඉන්නේ. ගන්න තීරණ හොඳට හිතලා බලලා ගත්තොත් කවුරුත් ගොඩ. අතීතයේ කළ වැරදි හොය හොයා කල්මරන්න වෙලාවක් නොවෙයි මේ. කරුණාකරලා ඉවසීමෙන් කටයුතු කරන මෙන් රට ජාතිය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. (නි)
අපි නොදන්න රහස්! (නි)
ඉන්න කට්ටිය දැක්කහම ඉතුරු හරිය හිතාගන්න පුලුවන් (නි)
අනිවාර්යයෙන්ම විෂබීජ වැපිරීමක් වෙන්න ඇති (නි)
ඒ මොකටද එන්ඩ හදන්නේ. (ර)
හැමදාම සාකච්ඡා විතරයි. කිසිම තීරණයක් ගන්නේ නැහැ. (ර)
නියම කට්ටිය.(හේ)
මුදලට සහ අවනීතියෙන් සදාකල් බලයේ සිටියහැකි ලෙස නීති සාදාගත් උදවිය බලයෙන් ඉවත් කරන්නට ඔබ දුන් දායකත්වය සහ නායකත්වය අතිවිශිෂ්ටයි. ඉතින් මැතිනියනි, නැවත වරක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පක්ෂය ගොඩනඟන්න සම්බන්ධවීම අපට මහත් බලොපොරොත්තුවකි (නි)
ඔය කට්ටිය ශත පහකට විශ්වාස කරන්න බැහැ. ඇද්දොත් ‘අංචියක්‘. (නි)
මේගොල්ලෝ කලිනුත් අතන මෙතන සාකච්ඡා කරලා තමයි රට මෙතරම් අගාධයට වැටුනේ. (නි)
රහස් සාකච්ඡා වලට අධිපතිලානේ මේ! (නි)
කාගෙ සෙතටද රහස් කුමන්ත්‍රණ කරන්නේ? (නි)
මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)