කොළඹ සහ බෙයිජිං අතර මිත්‍ර සබඳතාවය වර්ධනය කිරීම සඳහා වන චීන සංස්කෘතික කලා දැක්ම පසුගියදා කොළඹ ජේ. ඩී. ර් පෙරේරා කලාගාරයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය සහ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය සහ බෙයිජිං මිත්‍ර සංගමය එක්ව මෙය සංවිධානය කර තිබිණ.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ විය. විවිධ හැඩතලයන්ට කපන ලද කඩදාසි මගින් විවිධ රටා සහිත නිර්මාණයන් ලබාගන්නා ආකාරයද චීන ජාතික ශිල්පීන් මෙහිදී වැඩමුළුවක් පවත්වමින් පෙන්වා දුන්හ.
චාමර සම්පත්
ඡායාරූප - ඉසුරු පෙරේරා


































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd