මාතර - කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස ඉදිකෙරෙන මාතර - බෙලිඅත්ත කොටසේ ඉදිකිරීම්වල ප්‍රගතිය මසක් ඇතුළත සියයට 25 කින් ඉහළ නැංවීමට කටයුතු නොකළහොත් සමාගම පිළිඹඳ තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම චීන සමාගමට දැනුම් දී ඇත.
බෙලිඅත්ත දක්වා ඉදිකිරීම් ලබන වසරේ ජූලි මස 31 වැනිදා වන විට අවසන් කළ යුතු වුවත් තවමත් මෙහි ඉදිකිරීම්වලින් සියයට 60 කටත් වඩා නිමකර නැතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මසක් ඇතුළත අවම වශයෙන් මෙම ඉදිකිරීම්වලින් සියයට 65 ක් දක්වාවත් අවසන් කළ යුතු බව දැනුම්දී ඇති ඇමැති එම සමාගමේ සභාපතිව වහාම මෙරට කැඳවන ලෙසද අමාත්‍යංශ ලේකම් නිහාල් සෝමවීර මහතාට උපදෙස් ලබාදී ඇත.
මාතර - කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘති කාර්යාලයේදී අද (20) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී චයිනා ඉන්ටර්නැෂනල් මැෂිනරි ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝර්පරේෂන් සමාගමට ඇමැතිවරයා මෙම දැනුම්දීම කළේය.මෙම සමාගමට දුම්රිය මාර්ග ඉදිකිරීම පිළිඹද පළපුරුද්දක් නොමැති බවද සඳහන් විය.
දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් වල ඵලදායීතාව සළකා බලා තීරණයක් ගන්නා බව ඇමැතිවරයා කීය.
මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2013 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව අනුමත කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 1780 (රුපියල් 25,007,220,000) කි.නමුත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමරිකා ඩොලර් ලක්ෂ 2780 (රුපියල් 39,056,220,000) ක් එම සමාගමට ලබාදී ඇත.මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අප්පච්චිගෙන් පේන ඇහුවා වගේ !! (බ)
තාක්ෂණික කමිටුවෙන් රු. 25,007,220,000/-, කැබිනෙට් එකෙන් රු. 39,056,220,000/-. වැඩිපුර රු. 14,049,000,000/- (කෝටි 1405/-) අනේ මන්ද කවදා රට හැදෙයිද? (බ)
තරහ ගිහින් වගේ (ම)
හොඳ කුට්ටියක් කඩා ගන්න යන්නෙ (බ)
මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2013 වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කර ඇති අතර ඒ සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුව අනුමත කර ඇති මුදල ඇමරිකා ඩොලර් ලක්ෂ 1780 (රුපියල් 25,007,220,000) කි.නමුත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ඇමරිකා ඩොලර් ලක්ෂ 2780 (රුපියල් 39,056,220,000) ක් එම සමාගමට ලබාදී ඇත. (අ)
කලබල වෙන්න දෙයක් නෑ..ඕක තිබූ සාමාන්‍ය සම්ප්‍රදාය ..(ම)
මෙයාට නින්ද ගිහින් නේ හිටියේ (ම)
අන්න නියමයි. ඔහොම ඉන්නවා නම් දෙන්න බැරියේ ජන්ද ඕනේ තරම්.(ම)
එදා ගත් තීරණවල සාමූහික වගකීම අදාල නැද්ද ? (ම)
ඇමතිතුමනි, නිවැරදිව දකිමින් ,සිතමින් අවංකව වැඩ කරන්න මානසික නිදහස ලැබුන බවද ඔබ කියන්නේ. අපේ ආශිර්වාදය සමග ඔබට ජය. (අ)
පහුගිය කාලයේ මහින්ද ලොක්කා ඔය කටවල් වලට ඉබ්බෝ දාලා යතුර අතේ තියගේනනේ හිටියේ. ඔය ඇමතිවරුන්ට බැනල වැඩක් නැහැ. හැමදේකටම වග කියන්න ඕන රජ පවුල. (බ)
ඔහොම තමයි ඉන්න ඕනෑ (නි)
අන්න නියමයි (නි)
වැඩේ ඉවර වෙන්නත් කලින් සම්පුර්ණ මුදල දෙන්න ඕනෙද ? (ම)