
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීමට මෙරට පැමිණි චීන ව්‍යාපාරිකයෝ සති දෙකක කාලයක් ලංකාවේ රැදී සිටීමට තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශ පවසයි.
එම ව්‍යවසායකයන් සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක්ද අමාත්‍යංශයේදී පැවැත්විණි.
ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන මෙහිදී චීන ව්‍යවසායකයන් දැනුවත් කර ඇති අතර ඊට අමතරව AI, Robotics සහ විදුලි භාණ්ඩ ඇතුළු වෙනත් කර්මාන්ත වල ආයෝජනය කළ හැකි බව චීන ව්‍යවසායකයන් දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්ම මහත්මීහුද ලාංකීය ව්‍යාපාරිකයෝද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"රනිල් ඉන්දියාව එක්ක ගහපු ගිවිසුම් වලින් මෙකට බාධාවක් නැද්ද?"
වාහන එකලස් කරන එක නම් සුළු දෙයකි. කෑලි බෑලි හොර පාරෙන්, රේගු ඇස් වලටත් වැලි ගසා ගෙනැවිත්, හොර ගරාජ් වලදී එකලස් කර පාරේ දුවන මෝටර් බයිසිකල්, කාර්රථ මේතරම් තිබෙන රටකට චීන්නු අවශ්‍ය නෑ ඒ වැඩ වලට. පරෙස්සමින් චීන්නු, ඉන්දියන් කාරයෝ එක්ක බිස්නස් කරන්න ඕනෑ. අපේ රටේ ධනය ලුණු පොල් කට්ටේ ඉඳලා පිට වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...!
චන්දිම හිතන කියන විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාව සමග අත්සන් තැබූ ගිවිසුම් සහ මෙම චීන ආයෝජකයින් එක්ක කරන්න යන සාකච්ඡා ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද ? රනිල් ගිවිසුම් අත්සන් කලේ රට වෙනුවෙන් මිස එතුමගේ පෞද්ගලික අභිවෘද්ධිය තකා නොවන බව මෙයාගේ පුංචි ටිකිරි මොළයට තෙරුනේ නෑ වගෙයි...!