චීන විදේශ ඇමැති වැන්ග් යී ඇතුළු නව දෙනෙකුගෙන් යුතු ධුත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණියේය.
මේ වනවිට රජය චීනය සමඟ සිදුකෙරෙන කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහා පරිමාණ ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි පැවසේ.
දෙරට අතර තානාපති හා ආර්ථික සබදතා වර්ධනය කර ගැනීමේ අරමුණෙන් චීන විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
චීන ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විදේශ ඇමැති මංගල සමරවීර මහත්වරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු චීනෙට බැනපු හැටි මතකද? (නි)
දැන් ඉතින් බලාගෙන හිටියා ඇති. ජයලලිතා රූකඩේට අරගෙන නටව නටවා අපිව ගොනාට අන්දලා අපේ රටට එන්න තියෙන ව්‍යාපාර සහ රැකියා අවස්ථා සේරම තමන්ගේ පැත්තට දාගන්නවා. වෙන එකක් තියා කෝටි ගණනක් වියදම් කළ වරායේ ප්‍රයෝජනයත් අපට නැති කරන්නට ඒ හා සමාන වරායක් ලහිලහියේ ඉදිකරනවා. අන්තිමට අපිට උදවු කිරීමට සිටින රටවල් වලට ඔවුන් අපටත් වඩා ළංවෙනවා. මේකෙන් ගැළවෙන්න නම් දැන් කළයුතුම දේ චීනා සමඟ අත්වැල් බැඳ ගැනීමයි. (නි)