චීනය සමඟ ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතාව කිසිම රටකට බලපෑමක් නොවන බව ශ්‍රී ලංකාව ඉතා පැහැදිලි යැයි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ පැවති තුන්දින ආරක්ෂක සමුළුවේදී ප්‍රකාශ කළේය.
රටවල් 29 ක් මේ සමුළුවට සහභාගී වෙයි.
‘‘චීනය වසර ගණනාවක සිට ශ්‍රී ලංකා සංවර්ධනයේ පෙර ගමන් කරුවෙක්.ඒ නිසාම චීනය ලංකාවට අනවශ්‍ය බලපෑම් කරන බවට අර්ථකථනයක් ඇති වී තිබෙනවා.‘‘
ශ්‍රී ලංකා යුද හමුදාව තෙවැනිවරටත් මේ සමුළුව සංවිධානය කරයි.‘‘ ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් අභියෝග හා කලාපීය ස්ථාවරය‘‘ සමුළුවේ තේමාවයි.
යුද්ධයෙන් පසු ගත වු සිව් වසරේදී සාමය උදා වී ඇතැයිද යුද වැදී සිටි රටක් බෙහෙවින් සාමකාමී වී ස්ථාවර වී ප්‍රජාතන්ත්‍රවාදය ද ස්ථාවර වී ඇතැයි ද ආරක්ෂක ලේකම් පැවසීය.
ජාතික ආරක්ෂාවට ඇති අභියෝග හා පුළුල් වු දේශපාලන ප්‍රශ්න වලින් මතු වන භූගෝලීය තත්ත්වය ඇතුළු වත්මන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය අනුව රටේ අනාගත ඉරණම තිරණය වනු ඇතැයිද රාජපක්ෂ මහතා කීවේය.
‘‘ජන වර්ගය ,ආගම, කුලය හා නිජ බිම යනුවෙන් කණ්ඩායම් වලට නොබෙදී සියලු ශ්‍රී ලාංකිකයන් එක් ජාතියක් සේ එක්වී ජාතික සමගි උදෙසා ගමන් කළ යුතු යැයිද සාමකාමී හා ස්ථිරසාර හා වේගයෙන් වැඩී යන ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ මේ සියලු දෙනාට යහපත් අනාගතයක් උදා කර ගත හැකියි.
යුද්ධය දැන් අවසන් වී ඇත‘‘.
‘‘ප්‍රජාතන්ත්‍රවාදය යළි පණ ගැන්වීම ඉටුකැර ගෙන ඇත්තෙමු.
පසු ගැටුම් මානසිකත්වයෙන් මිදි පරණ දේවල් දිගටම අල්ලාගෙන නොසිට ඉදිරිය බලා ගමන් කළ යුතුය.‘‘
‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සුළු දේශපාලන වාසි තකා බෙදී වෙන් වීමේ දේශපාලයෙන් ඈත් විය යුතුයි.‘‘
‘‘අද අප මුහුණ පාන ලොකුම අභියෝගය ආර්ථික සංවර්ධනයයි , යුද්ධයෙන් පස්සට ගිය රට ඉදිරියට ගැනිමයි.‘‘
‘‘ 2009 දී යුද්ධය අවසන් වුවත් ත්‍රස්තවාදය යළි මතු වීමේ තත්ත්වය තවමත් තිබේ.‘‘
‘නෙදියවන්ගේ නායකත්වයෙන් නෝර්වේ රාජ්‍යයෙහි දෙමළ සම්බන්ධිකරණ කමිටුවත්, රුද්‍රකුමාරන්ගේ නායකත්වයෙන් එතෙර පිහිටුවාගත් දෙමළ ඊලාම් රජයත්, විනයාගම්ගේ නායකත්වයෙන් ප්‍රංශයේ පිහිටි කොටි මුලස්ථානයත් ,එමානුවෙල් පිය නමගේ ඊනියා ජගත් දෙමළ සංසඳය සමඟ එක්වී ක්‍රියා කරනවා.ඔවුන්ගේ අරමුණ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමයි. දෙමළ ඊලාම් වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි.‘
‘‘ශ්‍රී ලංකාවේ ත්‍රස්ත්‍රවාදය යළී නැගී සිටීම වැළැක්විමට රජය සියලු පියවර ගන්නවා.මීට පෙර කැරැළිවලට සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වලින්ද තර්ජන එල්ල වී තිබෙනවා. ඔවුන් මිනිසුන් වාමාංශික දේශපාලනයට උසි ගන්වනවා. විවිධ හේතු මුවාවෙන් නොයෙකුත් තාලේ විරෝධතාවලට සිසුනට හා මහජනයාට උඩ ගෙඩි දෙනවා.‘‘
‘‘ජනවාර්ගික කොටස් අතර ජාති වාදය වැඩි වීමේ ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා. ඇතැම් විදේශ කණ්ඩායම් ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ජගත් මුස්ලිම් ප්‍රජාව සමඟ එක් විය යුතුයැයි කියනවා.‘‘
‘‘ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපයේ ආරක්ෂාව පවත්වාගෙන යාම තවත් ප්‍රශ්නයක් ?‘‘
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තිබෙනවා.මාධ්‍ය නාලිකා පුවත්පත් වෙබි අඩවි නිදහසේ ක්‍රියාත්මක වෙනවා.හොරෙන් බොරු ප්‍රචාර ගෙන යන අයත් සිටිනවා.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නෑ, රකිත් ඔයාම කියන්න. හැබැයි ඒ ඇමරිකානු ගැති පාලනයක් තියෙන රටින් ඇමරිකන් විරෝධී අපේ රටේ අය ආධාර ,ණය ගන්නවා. ඇමරිකාව නරකයි,ජපානය හොදයි.(නදී)
කවුරු වුණත් ඕනෑවට වඩා ළං කර ගැනීම එතරම් ගුණ නැහැ. (නි)
යාළුකම වැඩි නිසාද අපිට නියම ප්‍රමිතියකට නැති නොරෝච්චෝලේ වැනි විදුලි බලාගාරත්, නැව් වලට එන්න අපහසු වරයවලුත් හදලා දෙන්නේ ? (ස)
චීනය,ඉන්දියාව අප රටට ඉතිහාසයේ පටන් සෑම අතකින්ම උදව් කරලා තියෙනවා. ආගමික සංස්කෘතික හා ආර්ථික ව්‍යාපාර අතිනුත් විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. නමුත් ඉන්දියාව අපිට ආසන්නම රටක් වශයෙන් අපේ සෑම ඉරියව්වක්ම දැඩි අවදානයකින් ඉන්නේ. එසේම ඉන්දියාව ඇමරිකන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් කියල නොදන්නා කෙනෙක් නැහැ. චීනය ඇමරිකන් විරෝදී මතයක ඉන්න රටක්. අපි දැනගන්න ඕනේ මධ්‍යස්තව රට පාලනය කරන්න. එසේම දුෂණ තොරකරගෙන, අපේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කරගත්තොත් විතරයි අපිට දියුණු විය හැක්කේ. අප විදේශ බලවේග වලට බිය විය යුතු නැහැ. අවංකව රට නැගුමට එක්වෙනවා නම්. මෙය දේශපාලකයන් හිතුවොත් අපේ දරුවන්ට සුබ අනාගතයක්.(නදී)
ඉන්දියාවට විරුද්ධවීම තුලින් අපි දිගු කාලින ප්‍රශ්නයක් ඇති කර ගනිමිනුයි යන්නේ. එල් ටී ටී ඊ ප්‍රශ්නේ වැඩි කර ගත්තෙත් එදා ජේ ආර් පකිස්ථානයට වඩා ලං වෙන්න ගිය නිසා. චීනයෙන් උදවි ගැනීමත් චීනය ඕනවට වඩා ලං කර ගැනීමත් දෙකක්. (නදී)
කාටවත් හානියක් නැහැ ඒකෙන් හානිය අපිටම තමයි. තව ටික කාලෙකින් චීන්නුන්ට ලංකාවට එන්න විසා ඕනවෙන එකක් නැහැ .අර කොලඹ මැණික් ප්‍රදර්ශනේදි චීනෙක් හොරෙන් මැණික් ගිල්ල වගේ කවද හරි මේ රටත් චීන ගිලිනවා ආණ්ඩුවට නයට දීලම.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදය යළි පණ ගන්වනු ලැබුවේ රතුපස්වල සිද්ධියෙන් පසුවද?(නදී)
අපට නිදහස ලැබුණු දා සිට රටෙහි සංවර්ධනයට හෝ වෙන වැඩවලට පිට රටවලින් ණය ගන්ට සිදු වුණා. හේතුව තවම ආර්ථික වශයෙන් ශක්තිමත් නැතිකම. අපේ රටේ සම්පත් වලින් අපි හරියට ප්‍රයෝජන ගන්නෙ නැහැ. දවසකට පැය අටම හරියට වැඩ කරන අය ඉන්නෙ බොහොම අඩුවෙන්. අපි අපේ අඩුපාඩු අවම කරගෙන මහන්සිවෙලා වැඩ කළොත් අපිටත් ජපානය වගේ දියුණු වෙලා, අනිත් රටවලට ණයට දෙන්ට පුළුවන්. (නි)
ලංකාව හා විවිධ රටවල් අතර ඇති සම්බන්ධ අතර ඉන්දියාව සමග ඇති සම්බන්ධය ලංකාවට විශාල ලෙස අහිතකරයි. මෙය ජනතාව අවබෝධ කරගෙන ඊට ප්‍රතිචාර දැක්විය යුතුය. හැකි පමණ ඉන්දියානු දේවල් පරිභෝජනයෙන් බැහැර කරන්න.(නදී)
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තිබෙනවා එතකොට (වැලිවේරියෙ මාධ්‍ය නිදහසට මොකද උනේ.(නදී)
අද ඉන්දියාව අපිට අකුල් හෙලනවා. අනික ඉන්දියාව කවමදාවත් ලංකාවට දියුණු වෙන්න දෙන්නේ නැ..චීනය අපිට කවදත් උදව් කරන අවංක රටක්. (ස)
චීනෙන් ලැබෙන කොමිස් නිසා චීන්නු හොදායි.(නදී)
ඉතින් අපිට මුකුත් විවෘත අදහස් ප්‍රකාශ කරන්න නොහැකිලු. (නි)
එහෙනම් ඇයි ඊ නිව්ස් ලංකාවේ තහනම්.(නදී)
මොනදේ උනත් මම නම් මේ දේට කැමතියි. එදා ඉන්දියාව අපිට විරුද්දව ඡන්දෙ දුන්න වගේම ඉන්දියාව අපිට ඕනවට වඩා බලපෑම් කරනවා. දැන් අපිට හදිසියකට ලැට් එකට යන්නත් ඉන්දියාවෙන් අවසර ගන්න ඕනා තත්වයක් උදා වෙලා. ඉන්දියාව දත් මිටිකනවා ෂුවර් මේක දැක්කම. ඉන්දියාව, වටේ ඉන්න හැම රටක් එක්කම කොකු පටලවන් ඉන්නේ එදා සිටම, කිසිම රටක් සමග සුහදව කටයුතු කරන්නේ නැහැ. ඉන්දියාව හැම රටකින්ම කෑල්ලක් ගන්න ඔවුන් පොරකනවා. මහා නරකම නරක පැවතුම් කොටසක් වසන, පාලකයින් සහ රජයක් තමයි ඉන්දියාව කියන්නේ.(නදී)
අනේ යන්න මෙයා යන්න.(නදී)
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස තිබෙනවා. වැලිවේරිය රතුපස්වල අපි දැක්කා.(නදී)
චීනය සහ පකිස්ථානය ප්‍රභාකරන්ගෙන් රට බේරා ගැනීමට අපේ රටට කල උදව් අමතක කල නොහැක.(නදී)
චීනය සමග ආරක්ෂක ගිවිසුමක් ගැසීම ඉතාම හොදයි. ඕනෙම මොහොතක අපට අවශ්‍ය විටක ඔවුන්ගේ හමුදාව ගෙන්වා ගන්න පුළුවන් වෙන විදිහට.(නදී)
ලේකම් තුමාගේ කතාවේ වරදක් නැහැ.(නදී)
තව අවුරුදු 10 යක් මේ විදියට පාලනය කලොත් එතකොට තේරෙයි චීනයේ හැටි.(නදී)
මෝඩ ටෙනිසන්, හොද කුමාර.(නදී)
නිශාර්ඩ්, ජපානයේ ජාතික ණය ප්‍රමාණය කීයද දන්නවද? (නි)
අනේ යන්න රානි යන්න ඔයා මේ මොකුත් දන්නෙ නැහැ.(අ)
ආරක්ෂක ලේකම්තුමා හරිම ඇත්ත කතා කලේ බොහොම ස්තුතියි (අ)
අපේ රටේ දේශපාලකයන් හොර, ,මැර, වංචා සහ දුෂණ නවත්වා රටේ නිතිය ස්ථාපිත කර අවංකවම රටට සේවය කරනවානම්, අපිට කාගෙවත් උදවු නැති උනාට අපේම ශක්තියෙන් නැගී සිටින්න පුළුවන්. නමුත් එහෙම දෙයක් සිදුවෙන බවක් පෙනෙන්නේ නැහැ.(නදී)
විස්වාශ කල හැකි පුද්ගලයෙක්.යමක් ප්‍රකාශ කරන්නේ ඉතාමත්ම බුද්ධිමත්ම.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දීර්ගායු පතමි.(අ)
වැඩිපුර චීන කෑම කෑවොත් බඩේ අමාරුව හැදෙන්න පුළුවන් (දී)
ටෙනිසන් ඊ නිව්ස් කියන්නේ මාද්‍ය ආයතනයක් නොවෙයි (දී)
ප්‍රදීප්, දන්නේ නැත්නම් අන්තර්ජාලයේ පොඩ්ඩක් සැරිසරලා බලන්න කීයද කියලා. (නි)
මිතුරුදමක් හින්දා හානි වීම විහිළුවක් (දී)
නියම ප්‍රමිතිය (දී)
මේ යන විදිහට ශ්‍රී ලංකා කියන නමත් වෙනස් කරලා චීන නමක් දාල අපේ රටේ නමත් විනාස කරයි වගේ.
මිතුදම නම් හොදයි (නි)
වෙන කිසිම රටකට හානියක් නැහැ. හානිය අපට පමණයි. (නි)
තව දවසකින් අපිට චීන භාෂාව ඉගෙන ගන්න වෙනවා.මොකද දැන් හැමතැනම චීන්නු (නි)