එයාර් චයිනා ගුවන් සේවය චීනයේ චෙන්ග්දු ගුවන්තොටුපළේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා ගුවන් ගමන් අරඹමින් සී.ඒ 425 දරණ මංගල ගුවන් යානය පෙබරවාරි 10 දින රාත්‍රී 9.50 ට මෙරටට පැමිණීමට සැලසුම් කර ඇත.
ඒ අනුව ලබන 10 වෙනිදා සිට සතියකට සෘජු ගුවන් ගමන් වාර 4 ක් මෙරටට පැමිණීමට නියමිතය.
චීන මහජන ජන රජයේ ජාතික ගුවන් සේවය එයාර් චයිනා ගුවන් සේවයයි.
ජෙට්වින්ග් සමාගම මැදිහත්ව මෙහි මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.
මේ වෙනුවෙන් සමාරම්භක උත්සවයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැවැත්වෙන අතර චීන නියෝජිත පිරිසක්ද එම අවස්ථාවට මෙරටට පැමිණීමට නියමිතය.
වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද මෙම අවස්ථාවට පැමිණීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්තල ගුවන්තොටුපල හැදුවෙත් ඒ ගොල්ලෝ, එගොල්ලොත් බයයි වගේ ඒකෙ ගොඩබාන්න. (නදී)
චීනය අපේ රටේ සබැ මිතුරෙක්, දියරෙද්දෙන් බෙල්ල කපන අපේ අසල් වාසින් වගේ නොවෙයි. (හේ)
ඔය කොයි එකත් එකයි. ඇමරිකාවත්, රුසියාවත්, චිනෙත් ඉන්දියාවත්. මීයක් කන්නේ ඇගිල්ල ලෙව කන්න නෙමේ. ඇමරිකාව රටවල් එක පැත්තකින් හිර කරන කොට චීනා ඇතුලට රිංගල ක්ෂාරය හූරන් කනවා. සුඩානයේත් උනේ ඒක. ලංකාවේ වෙන්නෙත් ඒක. ව්‍යාපෘති වලට නය දෙනවා. ඒවා හදන්න යොදන්නෙත් චීන සමාගම්. චිනේ ඉන්න හිරකාරයෝ ගෙනල්ල දාලා වැඩේ බාල ප්‍රමිතියෙන් හදනවා. අපි උන්ට නයි පොලිය පරම්පරා ගානක් ගෙවනවා. (නදී)
චීන උදව් පොලියත් එක්ක. අයි ෆොනේ යු එස් ඒ ප්‍රමිතියට හදන්නේ චීන සේවකයෝ. ඒ බඩු බාලයි (නදී)
චීනය අපේ සැබෑ මිතුරෙක්. අපේ සුබ පැතුම්. (නදී)
චිනේ ඕනේ නැහැ කියල නේද කිවේ? (නදී)
හොඳම මිතුරා තමයි ඔබගේ හොඳම හතුරා, බාල බඩු දෙන චීනා ගැන මොන හොඳද ?(හේ)
චීනය තමයි අපිට උදව් කරන එකම රට.(හේ)
චීනේ ඔක්කොම හදන බඩු බාල ඒවා කියන්න බෑ. ලෝකේ හොඳම අයි ෆෝන් එක හදන්නේ චීනේ. (නදී)