දිවයිනට පැමිණි විශ්ව චීන රූ රුජිණ තරගාවලියේ අවසන් වටයේ රූමතියෝ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොස් එහි ඇති පහසුකම් පිළිබඳ දැක බලා ගැනීමෙන් අනතුරුව දිවයිනෙන් පිටත්වුහ.
එහිදී ගුවන්තොටුපොළ නිලධාරිනියෝ නෙළුම් මල් පොකුරක් බැගින් පිරිනමා ඉතා උනුසුම් අන්දමින් ඔවුන් පිළිගත්හ.
චීන යුවතියෝ බදු රහිත වෙළඳ සංකීර්ණය වෙත ගොස් විවිධ භාන්ඩ මිලදී ගත් අතර පසුව ව්‍යාපාරික පන්තියේ පර්යන්තය ඇතූළු විවිධ ස්ථාන නැරඹූහ.
සමුගැනීමට මොහොතකට පෙර ගුවන්තොටුපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩෙරික් කරුණාරත්න මහතා ඇතුළු අළෙවි කළමනාකරණ අංශයේ නිලධාරීන් විසින් විශේෂ සමරු තිලිණය බැගින් ඔවුනට තිලින කළහ.
එහිදී බොහෝ චීන යුවතියෝ පැවසුවේ ශ්‍රී ලංකාව ඉතා සුන්දර රටක් බැවින් මෙරට ජීවත් වීමට කැමති බවයි. එලෙසම ශ්‍රී ලාංකිකයෝ නිතරම සිනහවෙන් සතුටින් සිටීම තම සිත් ගත් බවත් කීහ.
ලබන සැප්තැම්බර් මාසයේ චීනයේ ෂැංහායි නුවරදී පැවැත්වෙන චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ දී කිරුළ හිමිකරගන්නා රූමතිය චීන ශ්‍රී ලංකා සංචාරක තානාපතිනිය ලෙස නිල වශයෙන් නම් කෙරෙන අතර ඇය විසින් මෙරටට චීන සංචාරකයින් ගෙන්වා ගැනීමට කටයුතු කරනු ඇත.
එහිදී ඇය විසින් චීන සංචාරකියන් ගෙන්වා ගැනීමේදී විශේෂ පහසුකම් සහිත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවත මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද භාවිතා කිරීමටද චීන සංචාරකයින් දැනුම්වත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ එක් අංගයක් ලෙස මෙරටට පැමිණි චීන රූමතියෝ දින හයක් මෙරට ගත කරමින් සීගිරිය, පොලොන්නරුව යන ඓතිහාසික ස්ථාන නරඹමින්ද, මින්නේරිය වන ජීවී අසිරිය විඳමින්, දේශීය ආහාර පාන පිළිබඳ දැනුම ලබාගත්හ.
චීන රූමතියන්ගේ ශ්‍රී ලංකා සංචාරය සිනමන් හොටෙල් ඇන්ඩ් රෙසෝට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබීය.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාන්තම් ඇති ගියා. මත්තලින් ගිය එක හොඳයි (නි)
තමන්ගේ වෘත්තීය ඇඳුමේ පිළිවෙළින් පෙනෙන බව මතක තබාගන්න (නි)
මම සිටින රටේ කාන්තාවන්ගේ දත් එක පෙළට පිහිටා ලස්සනට නැත්නම් පිළිගැනීමේ නිලධාරි තනතුරු ලැබෙන්නේ නැහැ. එකපෙළට පිහිටා නැතත් ඒවා හදාගන්න පුළුවන් නවීන ක්‍රම දැන් තිබෙනවා. (නි)
වැඩසටහන සංවිධානය ගැන නම් මට සතුටු වෙන්න අමාරුයි (නි)
පද්මිණි හරි. (නි).
ඇත්තම කියන්න, මටත් දකින්න ලැබුන අත්දකීමක් ඇසුරින් ලියන්න කැමතියි. විශේෂයෙන් මඟීන් සහ පිටරට උදවිය සමඟ කෙළින්ම සම්බන්ධ වී කටයුතු වල යෙදෙන අයගේ ඉංග්‍රීසි දැනුම නම් තව දියුණු වුණොත් හොඳයි කියලා හිතෙනවා. මේක අන්තර්ජාතික ස්ථානයක්නේ. අපේකමත් රැකගෙන අදාල් රැකියාවෙත් ගුණාත්මකභාවය රැකගන්න ඕනෑ. (නි)
හරිම ලස්සන ගැහැණු ළමයින් ටිකක් (නි)
බන්දුල, පද්මිණි අදහස් කරනවා ඇත්තේ ඔසරිය අඳිනවිට පිළිවෙලකට අඳින්න ඕනෑ කියලා. පිළිවෙලකට ඔසරිය ඇන්දේ නැත්නම් තරුණ කාන්තාවනුත් අම්මණ්ඩිලා නැන්දම්මලා වගේ පෙනෙනවා. (නි)
සමන් මීට කලින් හැඩ වැඩ ඇති බවලතුන් දැකලා නැහැ වගේ. (නි)
සමන්, දැන්ම ඇස් පරීක්ෂා කරගන්න. (නි)
ඔය මත්තල ගුවන් තොටුපොළ ඔය වගේ වැඩ වලට යොදාගන්න එකට නම් මම සතුටුයි (නි)
අනේ හොඳයි. සුභ ගමන්! (නි)
හැමෝටම ඔසරිය ගැළපෙන්නේ නැහැ. සමහර අයට තලත්තෑනි පෙනුමක් එනවා . එහෙම වෙලාවට කාන්තාවන් පහතරට විදියට සාරිය ඇන්දා නම් හොඳයි. හැබැයි ඉතින් නිල ඇඳුමක් නම් මොනවා කරන්නද? දෙන දෙයක් අඳිනවා මිසක්. (නි)
අපේ අය ඔසරිය, සාරිය අඳිනවා නම් තව ටිකක් සැළකිළිමත් වෙන්න. (නි)
මීටවැඩිය දස දහස් ගුණයක් ලස්සන අය මෙහෙ ඉන්නවා (නි)
අපේ රටේ පිළිගැනීමේ වෘත්තියට ගැළපෙන රූපකායක් ඇති පිළිවෙලට අඳින පළදින තරුණියන් ඉන්නවා. ඒ වගේ අයගේ අඩුවක් මෙතන මම දකිනවා. (නි)
බලන්නකෝ එයාලගේ ලස්සන! (නි)
අපේ කාන්තාවන් ගැන නම් මට එතරම් පැහැදීමක් ඇතිවුණේ නැහැ (නි)
මේක හමේ වර්ණය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. පිළිගැනීමේ කටයුත්තට නොගැළපෙන ලෙස සමහර අපේ කට්ටියට වයසට වඩා තලත්තෑනි පෙනුමක් ලැබිලා. මේක පිළිවෙලට තැනට ඔබින ලෙස හැඳ පැළඳ සූදානම්වීම ගැන ප්‍රශ්නයක් හැඩයි පෙනෙන්නේ. (නි)
පිළිගන්නා තැනක වැඩ කරනකොට වෘත්තීය පෙනුම වැදගත්. (නි)
පිළිගැනීමේ කටයුත්තට ප්‍රසන්න පෙනුම වැදගත්. හොඳින් ඇඟට හරියන ලෙස හැට්ටය මසාගෙන, ලස්සනට සාරිය ඇඳගෙන ගැළපෙන්න මේකප් දමා, කොණ්ඩය පිළිවෙලට සකසාගෙන වෘත්තීය පෙනුම රැකගැනීම හරි වැදගත්. මම මේ ලිව්වේ මේ කටයුත්තේ යෙදෙන කෙනෙක් විදියට. (නි)
මටත් අපේ බවලතුන්ගේ වෘත්තීය පෙනුම ගැන එතරම් පැහැදීමක් නැහැ. (නි)
මට හිතෙනවා අපේ කාන්තාවන්ට මේ වෘත්තීය ගැන තව දුරටත් පුහුණුවක් ලැබුනොත් හොඳයි කියලා. (නි)
බලන්නකෝ අපේ අයගෙයි එයාලගෙයි වෙනස (නි)
පිළිගැනීමේ වෘත්තිය ගැන මීට වඩා සැළකිළිමත් වියයුතුයි (නි)
අනේ ඉතින් අපිට මෙහෙමවත් යන්න බැහැනේ (නි)
මේ අය යන්න ගියාද? දැකලම ඇතිවෙලයි හිටියේ. (නි)
ඇති යාන්තම් (නි)
අපේ සමහර කට්ටිය තමන්ගේ කොණ්ඩය වුණත් මීට වඩා සැළකිල්ලෙන් සකස් කර ගන්න ඕනෑ. මේක අන්තර්ජාතිකව පිළිගත් තැනක්නේ. (නි)
අනේ! ගිය එකට නම් ලොකු සතුටක් ඇතිවෙන්නේ වෙන එකක් නිසා නෙමෙයි. අපේ කට්ටියට චීන කට්ටියට වඩා දෙයක් මේ ටිකේ තිබුනෙම නැහැනේ කතා කරන්න (නි)
අපේ රටේ පිලිගැනීමේ වැඩේට වෙන කවුරුත් හිටියේ නැද්ද මන්දා ! (අ)
පිළිගැනීමේ සහ නිවේදනය වගේ කටයුතු වලදී තමන්ගේ සිනහව ඉතා වැදගත්. දත් වල පිහිටීමේ අඩුපාඩුකම් තියනවා නම් ඒවා හදා ගන්න නවීන ක්‍රම දැන් තිබෙනවා. (නදී)
මට නම් අපේ කට්ටිය දැකලාත් ඇති වුනා. කිසිම වෘත්තීය ගතියක් නැහැ. (නදී)
සුදුස්සාට සුදුසු තැන නොලැබීමේ කරුමය හොඳින්ම පැහැදිලි වෙනවා නේද? (නදී)
අර ලංකාවෙන් කසාදයක් කරගන්න කැමතියි කිවුව කෙනා කෙනෙක් හොයාගත්තද දන්නෙ නැහැ නේද?? (නි)
ඔය ජායාරූපවල ඉන්න අපේ බවලත්තු වැඩි හරියක් දේශපාලන බලයෙන් ඔතනට සම්ප්‍රාප්ත වුනු අය වගේ පෙනෙන්නේ. ඒකයි වෘත්තීය පෙනුමක් නැත්තේ. (නදී)
මෙතැනදී කැපී පෙනෙනවා අපේ අයට වැඩිය චීන රූමතියන් රූමත් බව (නි)
මත්තලින් ගියේ චීනෙටද ? (නදී)
සමහර වැඩ කටයුතු වලට කට්ටිය හොයාගෙන තියෙන්නේ ලිඳ ලඟින් හේනෙන් සහ කුඹුරෙන් වගේ පේන්නේ. (නදී)
මත්තලින් ගියා නම් අපිට ඒ හොදටම ඇති . බඩ පොත්ත පිට පොත්තට ගියත් කමක් නැහැ. අපිට මත්තලින් ගිය සන්තෝසෙට මාස 6ක් නොකා ඉන්න පුළුවන්. බඩු කොච්චර ගණන් වුණත් කමක් නැහැ. මත්තලින් ගියා නම් ඇති. අප්‍රමාන සන්තෝසයි.අපේ බඩගින්නට තියෙන එකම විසදුම ඉතින් මත්තලනේ.(අ)
හම්බන්තොට අයගේ පෙනුම ඔහොම තමයි. ඕක හදන්න බෑ. (අ)
අන්තර්ජාතික කටයුතු වලදී අදාළ රාජකාරියට සුදුසු වෘත්තියමය ගුණාත්මක භාවයෙන් යුතු අයව තෝරා ගැනීම ඉතාම වැදගත්.(අ)
පිළිගැනීමේ වෘත්තියට, පෙනුමට වඩා වැදගත් වන්නේ භාෂාව සහ සංග්‍රහශීලි බවයි. පෙනුම තිබුනට වැඩක් නැහැ මනා ආචාරශීලිබවක් නැත්නම්. සමහර ගුවන් යානාවල මගීන්ගේ අවශ්‍යතාවයන්ට සංවේදී වන්නේ ඉතා පෙනුමැති ගුවන් සේවිකාවන් නම් නොවේ. එවැනි අය නැත්තා නොවේ. ඒ වගේම පෙනුමට වඩා තවත් වැදගත් වන්නේ ගුවන් මගීන්ගේ අවශ්‍යතා ගැන මනා අවබෝධයක් තිබීමයි.(අ)
කොණ්ඩයත් අරෙහෙන් මෙහෙන් අටවාගෙන අපිළිවෙලට ආවාම පිළිගැනීමට කෙසේ වෙතත් පලි ගැනීමට ආව වගේ තමයි පේන්නේ. (අ)
කටුනායක පිළිගැනීමේ නිලධාරිනියන් නම් හරිම පිළිවෙලයි. පෙනුම ප්‍රසන්නයි. (අ)
බැලු බැල්මට නම් පෙනෙන්නේ එදා මේ ගුවන් යානය විතරක් වගේ මත්තලින් ගිහිල්ලා තියෙන්නේ. කමක් නැහැ, මොවුන් අතරින් තේරෙන රූ රැජිනවත් අපට තව ගුවන් යානා එන ක්‍රමයක් සොයා දෙයිද කියලා බලමු, අපේ මහත්වරුන්ට බැරිවුනාට.(අ)
පිළිගැනීමේ නිලධාරිනියන් ලස්සන නැහැ කියන අයටයි මේ. මේ මත්තල ඉන්න දුප්පත් ගොවියන්ගේ දැරිවියන්. ඔවුන්ගේ පෙනුම ගැමි පෙනුම. ඔයාලා කියන්නේ කොළඹින් නාගරික පෙනුම තියෙන අය ගෙනත් දාන්න කියලද. මේ දුප්පත් කෙල්ලන්ට තියෙන අවස්ථාව නැති කරන්න එපා. (අ)
මටත් හිතෙන්නේ අපේ අයට ඇඳුමේ කොණ්ඩයේ ඉඳල යම් පුහුණුවක් දුන්නොත් හොඳයි වගේ. (අ)
ඇත්තටම මත්තල ගුවන්තොටුපොළ ලෝකයට ගෙන යන නිවුස් එකක් මේක. මේක චීනයේ හැමෝම බලන වැඩසටහනක්. සතුටු වෙන්න(අ)
මේ පිළිගැනීමේ නිලධාරිනියන්ගේ ඉංග්‍රීසි දැනුම කොහොමද දන්නේ නැහැ. මගේ ඥාති අක්ක කෙනෙක් පිටරට ඉන්න යෙහෙලියක් එක්ක ඇවිත් ලංකාවේ නිවාඩුව ගත කරලා මත්තලින් ආපසු ගියා. පිටරට යෙහෙළිය පැහැදිලි ඉංග්‍රීසියෙන් ඇසු දෙයකට උත්තර දීගන්න බැරි වුන කෙනෙක් කාර්ය භාර නිලධාරිනියන් අතර සිටියාලු. කතු තුමනි කරුණාකර මේක පල කරන්න මේ වැදගත් ස්ථානයේ දියුණුව පිණිස එය වැදගත්. (නදී)
අනේ මන්දා කවුද මේ පිළිගන්න කියලා ඉස්සරහට එවපු නංගිලා ? (නදී)
සමහර රැකියාවල් වලදී තමන්ගේ දත් වල පෙනුම ගැන සැලකිල්ලක් දක්වන එක ඉතා වැදගත්. පිහිටීමේ අඩු පාඩු තිබෙනවා නම් ඒවා හදා ගන්න ඕන තරම් නවීන ක්‍රම දැන් තිබෙනවා. (නදී)
ගුවන් තොටුපලේ පිළිගැනීම් කරන කාන්තාවන්ට ඉංග්‍රීසි භාෂාව ගැන තව පුහුණුවක් ලැබුනොත් හොඳයි. ඒ ගැන පුද්ගලික අත් දැකීමක් මට තියෙනවා. නමුත් මෙතන ලිවීම හරි නැහැ. (නදී)
අම්මෝ ඇති යන්තම් ගියා. මට නම් දැකලම ඇතිවෙලා තිබුනේ. ඒ මදිවට හීනෙනුත් පේන්න පටන් ගත්තා. (නදී)
බනින්ඩ එපා ඕවා ඉතින් දේශපාලන පත්වීම්නේ. (නදී)
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිළිගැනීමේ කට්ටිය නම් කියල වැඩක් නැහැ. හරිම සතුටුයි. (නදී)
මන්මත් චීන රූලියන්, මත්තලින් යනකොට කාටද ආඩම්බර? අපිට නේද? (නි)
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ අර තරුණයට ගහපු රූමත් තරුණියට රැකියාවක් එහෙම නැද්ද? (නදී)
විරුද්ද පක්ෂයෙ අයට මේවා හරිම හිසරදයක් (නදී)
දෙසිය වටිනාකමක් නොදන්නා අපේ අයට මේක කදිම නිදසුනක්. (නදී)
ඔය ඉන්න ලංකාවේ අය පන්දමට ගිරුවාපත්තුවෙන් දාපු අය හින්ද මොන කතාද.(නදී)
අපේ සමහරුන්ට දත් පිලිබඳ ප්‍රශ්න තිබෙනවා වගේ. (නදී)
අපේ ලස්සන කට්ටිය දැකලා චීන ලඳුන්ට මොනවා හිතුනද දන්නෙ නැහැ (නි)
මොනවා වුණත් අපේ ජනතාව මොවුන් නිසා අමුතුම පන්නරයක් ලැබුවා (නි)
පද්මිණි,ඔයා කියන්නේ අපේ අයට සාරිය , ඔසරිය අඳින්නේ නැතුව මොනවා අඳින්න කියලද..? (නි)
කෝ මේ අපේ රටේ ලස්සන නංගිලා? (නි)
පිළිගැනීමේ යෙදෙන කට්ටිය ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. (නි)
බලන්නකෝ ලස්සන(දිල්)
කොහොමද අපේ අයගේ හැඩ(දිල්)
ගයාන්, මොනවා ගැනද ඔයා කියන්නේ? (නි)
කමල්,දේශීය දේවල් ටිකක් හරි අගය කරන්න මහන්සි ගන්න.පොත්ත සුදුම සුදු නැති වුණාට ලාංකීය ගැහැණියත් සුන්දරත්වයෙන් තබන්නට ඔයාලටත් වගකීමක් තියනවා නේද? (නි)
මොනතරම් ලස්සන කෙල්ලෝ ලංකාවේ ඉන්නවාද? (නි)
ඇයි අපේ අය සාරී ඇඳගෙන ඉන්න නිසාද වෙනස. මට නම් අපේ කෙල්ලෝ ටික ලස්සනයි. (නි)
කමල්, ඔබ හරි (නි)
අනේ......! ගියාද? (නි)
ඔක්කොම දේවල් හොඳයි නමුත් මෙහෙ නවතින්න එන්න එපා.දැන් ඇති. යන්න (නි)
අපේ අය ව්‍යායාම කරලා සිරුර හැඩ කරගන්න ඕනෑ. ඔසරිය සාරියට වඩා ලස්සන ඇඳුම් තියෙනවා. (නි)
කොහෙන්හරි කමක් නැහැ, ගියා නම්. (නි)
අනේ ඉතින් අපිත් පින් කරමු ලබන ආත්මයේවත් චීනයට යන්න ලැබෙන්න කියලා (නි)
ඇති යාන්තන්! (නි)
කෝ අර සෙල්ලම් පිස්තෝලකාරයා ආවේ නැද්ද දන්නේ නැහැ මෙයාලට එයාගේ සෙල්ලම් ටික පෙන්වන්න. (නි)
සංචාරකයන් අපේ මව්බිම අගය කිරීම ගැන අපි ආඩම්බර විය යුතුය. (නි)
අපේ කාන්තාවන් ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩය ගැන සැළකිළිමත් වෙන්න ඕනෑ. ඔසරිය ඇඳ කොණ්ඩය බෙල්ල මුලට බැන්ඳවිට සමහර කාන්තාවන්ට වයසට වඩා වැඩිමහලු පෙනුමක් එනවා. මෙය වළක්වාගෙන පිළිවෙලට කොණ්ඩය සකසාගෙන ඔසරිය අඳින්න තමන් දැනගන්න ඕනෑ. (නි)
පිළිගැනීමේ යෙදෙන අයගේ ඉංග්‍රීසි දැනුම තව දියුණු වෙනවා නම් හොඳයි. ළඟදී පිටරටින් පැමිණි මගේ මිතුරියක් ඇසූ ඉතා සරල පැනයක් තේරුම් ගැනීමට නොහැකි කෙනෙක් කාර්ය මණ්ඩලයේ හිටියා. මේ ලියන්නේ වැදගත් ස්ථානයේ දියුණුවට මිසක් ඇද කුද සෙවීමට නෙමෙයි. (නි)
පිළිගැනීමේ උදවියගේ පිළිවෙළ තව දියුණු වුණොත් හොඳයි. (නි)