ශ්‍රී ලංකාවේ හැටඅට වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජිං පිං මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් යොමු කරමින් සුබ පැතුම් එක් කොට ඇත.
දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින මිත‍්‍රත්වය ශක්තිමත් වර්ධනය වී ඇති බව පෙන්වා දෙන චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙරටේ සහයෝගයේ රටවල් දෙකෙහිම ජනතාවට වාසි සැලසෙන බවයි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ චීනයේ දී ද්විපාර්ශවික ගිවිසුම් රැසකට එළැඹී බව ඔහු සිහිපත් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd