චීන රජයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ සාමාජික සහ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපතිවරයා වන ජනරල් සූකී ලියෑන්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ චීන දූත පිරිසක් සතියක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජගත් ජයසුරිය මහතා ඇතුලූ ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් මොවුහු ඉතා උනුසුම් අන්දමින් පිළිගනු ලැබුහ.
මොවුහු කාමිබෝජය හා බංගලාදේශයේ සංචාරය කර අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ ඇත.
මොවුන්ගේ සංචාරය සඳහා සියළු පහසුකම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයන අතර ඔවුන් මෙරට රැඳී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකමි ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජගත් ජයසුරිය, හමදාපති මේජර් ජනරාල් දයා රත්නායක, නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලන යන මහත්වරුන්ව නිල වශයෙන් හමුවීමට නියමිතය.
මීට අමතරව මෙම පිරිස ශ්‍රී දළදා මාළිගාව, ශ්‍රී ලංකා ග්‍රවන් හමුදා විද්‍යා පීඨය, චීනවරාය කඳවුර, ශ්‍රී ලංකා නාවික සාගර විශ්ව විද්‍යාලය, ත්‍රිකුණාමලය ගුවන් හමුදා මුලික කඳවුර, කොළඹ වරාය, ඇතුළු ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ලංකාවට එන්නේ අපට තියෙන ආදරයට නෙමෙයි.(නදී)
චීන ජෙනරාල් ඇරෙන්න වෙන කවුරු එන්නද ඉතින්. (ස)
අපේ පිහිටට ඉන්නේ මේ අය පමණි.(නදී)
කෝ මේ බන්දුල පෙරේරා? කට ඇරියොත් විදේශ රටවල් වලටයි ඒවායේ වෙසෙන ලාංකිකයන්ටයි බැණගත්ත ගමන් නේද? දැන් මොකද කියන්නේ? මේ පැමිණීම ගැන වීරයෙක් නම් විවේචනය කරන්නකෝ. (නි)
සීරුවෙන් සිටින්.(නදී)
මෑතක ඉඳලා මේ ජාතියේ අය නිතරම යනවා එනවා. ප්‍රවේසමෙන් කෙල්ල ගෙටගන්.(නදී)
සමහරවිට අපේ රටේ එයාල කරපු වැඩ ගැන හොයන්න බලන්න එන්නඇති,(දිල්)
මොකද මේ හදිස්සියේම? (නි)
මොනවාහරි බලලා යන්න එන්න ඇති (නි)
බටහිරෙන් නිමක් නැති කෙණෙහිලි. ඉතින් අපි චීනය රුසියාව පැත්තට නැඹුරු වුණහම මොකෝ? (නි)
චිනය රුසියාව නිසා තමයි අද අපේ රටට බටහිර රටවලින් එල්ල වන බලපැම් අඩු. අල්ලපු රට උන ඉන්දියාවත් ලංකාවට කෙනහිලිකම් කරද්දි චිනය වැනි ලෝකයේ ඉහලම රටක් අපේ රටට හිතවත් විම අපිට ආඩම්බරයක්. චින මිනිස්සු කවදාවත් අන් රටවල් වලට බලපැම් කරලා නැහැ. බටහිර රටවල් වලින් එල්ලවන බලපැම් වලට එරහි උනොත් ඇරෙන්න.(නදී)
සමහරවිට කිසියම් ගිවිසුමකට එළඹීමට ප්‍රථම කරුණු අධීක්ෂණය කිරීමකට විය හැකියි. (නි)
බටහිරයන් අප රට අවුල්කර විනාශ කිරිමට නිතරම මේ මොහොත දක්වාත් එලිපිටම ක්‍රියා කරමින් සිටියි. ඔවුන්ගේ මෙවන් අමන ක්‍රියා වැලකී ඇත්තේ මේ චීනා නිසා බව යැයි මගේ හැඟීමයි. ඉදිරියේදීද මොවුන් අප වෙනුවෙන් ඉදීරිපත්වනු ඇත.(නදී)
පුසෝ බල්ලෝ ටික හංගාපල්ලා.(නදී)