දිවයිනට පැමිණි චීන රජයේ මධ්‍යම ආරක්ෂක කමිටුවේ උප සභාපති ජෙනරල් සුකී ලියෑන් මහතා ඇතුළු ඉහළ පෙළේ චීන දුත පිරිස මහනුවර බලා පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගිරිය කඳවුරේ අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් චන්න ගුණතිලක මහතා විසින් පිළිගනු ලැබීය.
මෙම පිරිස පෙරේදා ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨය චීන වරාය කඳවුරේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකකින් මහනුවර වෙත පැමිණි සිටියහ.
ඔවුහු ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව කටුනායක පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලික කඳවුරට පැමිණියහ.
එහිදී එම කඳවුරේ අණ දෙන නිලදාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඔවුහු අංක 05 ප්‍රහාරක ජෙට් බළඝනයෙහිද නිරීක්ෂණ චාරිකාවකට එක්වුහ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
චීන ජනරාල් ජෙට් ඇණිය පිරික්ෂයි
උපුල් Saturday, 17 May 2014 03:22 PM
ඔය අංක 5 බලගණය අපේ ගුවන් හමුදාවේ පරණම බලගණයක්. එක අක්‍රිය වෙලා නැවත පිහිටෙව්වේ අපේ හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මැතිතුමා එයාගේ තරුණ කාලේ. එකේ මුලදී සමන්විත වුනේ චීනයේ නිෂ්පාදිත F-7 (J -7) යානා වලින්. පසුකාලීනව වෙනස්කම් වලට භාජනය වුනත් නැවතත් එය චීනයේ නිෂ්පාදිත F-7 (J -7) යානා වලින් සමන්විතයි. මෙම යානා නැවත අලුත්වැඩියා කරන්න සාකච්චා කරන්න වෙන්න ඇති මෙතුමා එන්න ඇත්තේ. (අ)
මහේෂාන් Saturday, 17 May 2014 03:34 PM
මංජුගේ කතාව නම් සියයට දෙසීයක් ඇත්ත. මේ ඇත්ත නොදන්නා අය තමයි හිතන්නේ මේව ඇතුලේ යුද රහස් තියෙනවා කියල. එහෙම නම් ඒ යුද රහස් කොපමණ පොන්සේකා මහත්තය කොපමණ දන්නවා ඇද්ද. (අ)
අහිංසා Friday, 16 May 2014 10:36 PM
මේ අයට අපේ රටේ ආරක්ෂක රහස් තිබෙන තැන් පෙන්වන එක සුදුසුද? (නි)
චන්දිමාල් Friday, 16 May 2014 11:21 PM
අහිංසා, ඔයාගේ අහිංසක සැකය සාධාරණයි.. එත් චීනෙන් කාල බීල චීන අාධාර වලින් ජීවත් වෙන අපිට ඔය ටික පෙන්නුවට මුකුත් වෙන්නේ නැහැ මොකද කවදාහරි ඉන්දියාව හා චීනය අතර යුද උණුසුමක් වර්ධනය උනොත්, අනිවාර්යෙන් අපි චීනෙට උදවු කරන නිසා.
චන්දිමා Friday, 16 May 2014 11:22 PM
අහිංසා කියන එක හරි. අපේ රහස් පෙන්නන්න එපා (ස)
පලිහේන Saturday, 17 May 2014 05:46 PM
චීනයට කොපිකිරීමෙන් නිෂ්පාදන දාහක් කළ හැකි වුවත් තවමත් ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා සහ කෆීර් යානා සමග තරඟ කළ නොහැකිය. (ස)
එන්.වැලිගමගේ Saturday, 17 May 2014 06:58 PM
ඉංදියාවේ පාලනය වෙනස් වෙලා ඉදිරි දැක්ම දැන්ම කියන්න බෑ. අපේ විදේශ ප්‍රතිපත්තිය සමතුලිත කරගැනිම ගැන මෙයට වඩා සැලකිලිමත් විස යුතුයි.(නදී)
මංජු Saturday, 17 May 2014 05:35 AM
රහස් කිව්වේ ජෙට් බලසේනාවද? බයවෙන්න එපා. අවුරුදු 20-25ක් පරණ කෆීර් ටිකයි පරණ මිග් 2-3 පෙන්නුවට චීන්නු බයවෙන්නේ නැහැ. (ස)
ලතා Saturday, 17 May 2014 06:07 AM
ඔබගේ දැන ගැනීම පිණිස, නො 5 ජෙට් බලගණය චීනයේ නිෂ්පාදිත f -7 ප්‍රහාරක යානාවලින් සමන්විතය. එම යානා චීනයේ තවමත් ප්‍රධාන ප්‍රහාරක ගුවන් යානාවක් ලෙස භාවිතා වේ. (ස)
සරත් Saturday, 17 May 2014 07:05 AM
අපි චිනෙට රට විකුණලා. මොන රහස්ද? (ස)
දොන් Saturday, 17 May 2014 07:54 AM
චීනෙන් ගෙනාපු ජෙට් ටික තියෙනවද බලන්න එන්න ඇත්තේ. චීනයට හංගන්න රහස් නැහැ ලංකාවේ. (නදී)
කල්ප Saturday, 17 May 2014 07:56 AM
ලංකාව දැන් චීනගේ කොලනියක් ද. මංජුගේ කියමන හරි.(නදී)
කිංස්ලි Saturday, 17 May 2014 08:06 AM
අම්මෝ ...ලතා දන්නා දේවල් ...(ස)
ඩිලාන් Saturday, 17 May 2014 08:31 AM
ඉන්දියාව ඇමරිකාව සමඟ ඉන්නාතුරු චීනය අපිට උදවු කරනවා.අධිවේගී මාර්ග ,කාපට් පාරවල් කොහෙද චීනය නැත්නම්? (නි)
උද්දික Saturday, 17 May 2014 08:18 PM
අනේ මන්ද මේ මිනිස්සු ගොතන කතා, ඔය 5 බලඝණයේ චීනයේ නිෂ්පාදනය උන යානා තියෙනවා. සමහරක් යානා අලුත්වැඩියාවට ඕන වෙනවා. එ්කටයි ඇවිත් ඉන්නේ මේ මහත්වරු. නොදන්නා දේවල් කතා නොකරනවානම් හොදයි. (නදී)
චින්තක Saturday, 17 May 2014 09:37 AM
ඒ මහත්වරු ආගමික ස්ථානයට යනවිට සුදු ඇඳුමින් ද අනිත් තැන්වල දී නිළ ඇඳුමින් ද සිටින බව පෙනේ. අපේ අය නම් .... (ස)
අතුල Saturday, 17 May 2014 10:12 AM
අහිංසාගේ අදහසට අපි එකඟයි (අ)
ජිනා Saturday, 17 May 2014 10:21 AM
බොරු හුඹස් බියක් (අ)
අරවින්ද Saturday, 17 May 2014 11:14 AM
අනේ ඔය සීතල යුද්ද කාලයේ හදපු පරණ මිග්, කෆීර්, ෆ7 ටික පෙන්නුවා කියලා මොකද. අනික විකිපීඩියා එකේ ඔය විස්තර ටික තියනවනේ. (අ)
ලුම්බිණි Saturday, 17 May 2014 12:20 PM
චීනය අපිට කොච්චර හිතවත්ද කියල බලන්න ඕන නම් දලයි ලාමාට අපේ රටට ඇවිත් යන්න කියල පොඩි ආරාධනාවක් කරලා බලන්නකෝ. මොකද එතුමා කීප වතාවක් කිව්වා දළදා මාලිගාවට ඇවිත් යන්න ආසයි කියල. (අ)
දිනේෂ් Saturday, 17 May 2014 12:37 PM
අරවින්ද මහත්මයෝ විකිපිඩියා නෙමෙයි විකිලීක්ස්.(නදී)
අරවින්ද Saturday, 17 May 2014 01:21 PM
දිනේෂ් මහත්තයෝ ඕක විකිලීක්ස් එකේ දාන්න තරම් වැදගත් රහසක් නෙමෙයි. විකිපීඩියා එකේ ශ්‍රී ලංකා එයා ෆෝස් ජෙට් ස්ක්වෙඩ්රන් කියලා බලන්න. (නදී)
ආනන්ද විදානරච්චි Saturday, 17 May 2014 01:38 PM
අනේ ඹයාලා සන්ඩු නොවි ඉන්න චිනෙන් එනවිට ඉන්දියාව අපිට රවනවා.(නදී)
නීල් Sunday, 18 May 2014 06:06 AM
මෙතන රහස් පෙන්වීමක් ගැන වෙච්ච කතාවට හිනා ගියා. අපිට තියෙන අවි ආයුධ ගැන ලිස්ට් එකක් අපිට වඩා හොඳට එයාලා මේන්ටේන් කරනවා ඇති. (නදී)