IMG-LOGO

චීන ජනාධිපති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. ඉතිහාසයේ පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුව අද (18) විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
 
ඉදිරි වසර දෙකක කාලයේදී ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව ගන්නා ගෝලීය ක්‍රියාමාර්ග සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක මුදලක් ලබාදෙන බව ද චීන ජනාධිපතිවරයා එහිදි කීය.
 
මේ වනවිට ලොවපුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් යැයි බොහෝ සෞඛ්‍ය විශේෂඥයෝ විශ්වාස කරති.
 
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සම්බන්ධයෙන් චීනය සෑම විටම විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ බව ද ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා කීවේය.
 
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කෙරෙන ‘‘පුළුල් ඇගයීමකට හා විමර්ශනයකට’’ චීනය සිය පූර්ණ සහයෝගය දෙන බව ද හෙතෙම කීය.
 
චීනය මේ වනවිට වයිරසය පාලනය කර ඇති බව ද ඔහු පැවැසීය.
 
‘‘චීනය සෑම විටම විනිවිදභාවයෙන් කටයුතු කළා. අපි වගකීම් සහ විවෘත ආකල්පයකින් කටයුතු කළා’’ යැයි චීන ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
 
.එෆ්.පී
 
(055)



අදහස් (14)

චීන ජනාධිපති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 01:03 PM

නයි සුප්, වවුල් සුප් බීලා. බල්ලෝ, පුසෝ කාලා ලෝකෙටම ජරා ලෙඩ බෝකරා.

:       2603       2506

KapilaMonday, 18 May 2020 01:35 PM

එතකොට ඔය දඩ මාස් හම්බවුණොත් බඩ පැලෙන්න කන්නෙ නැද්ද? කැලේ සත්තු තමයි.

:       517       525

Samitha Senaka Aluthgamage.Monday, 18 May 2020 01:58 PM

හිත හොඳටම රිදිලා වගේ .... කමක් නැහැ ඉතීන් ... චීනගේ ජරාව හොඳනම් කන්න. අපෙන් තහනමක් නැහැ. දඩමසුත් කන්න. අපි නම් ඔය කොයි ජරාවත් කන්නේ නැහැ.

:       1104       1008

ChampaMonday, 18 May 2020 01:46 PM

මස් කිව්වහම කොයි මසත් එකයි. නයි සුප්, වවුල් සුප්, බලු සුප්, බළල් සුප් වගේම තමයි එළු සුප්, චිකන් සුපුත්. ඔක්කොම මළකුණුනේ. ඇයි මතක නැත්ද ස්පාඤ්ඤයේ ස්වයින් ෆ්ලු, ආසියාවේ බර්ඩ් ෆ්ලු. තව හරක් මස් වලිනුත් ලෙඩක් තිබ්බ බ්‍රිතාන්‍යයේ. නම මතක නැහැ. අපේ ඉතිහාස පොතෙත් තියෙනව පලවෙනි රාජසිංහ රජ්ජුරුවෝ කොළොඹ කොටුව වට කලහම, ඇතුලේ හිටපු පෘතුග්‍රීසීන් බලු මස්, බළල් මසුත් කෑව කියල. ඒ හින්ද ඔබේ කතාව හරි නැහැ. පොඩි කාලේ පාසල්වල උගැන්නුවේ සත්ව ප්‍රෝටීන් මිනිස්සුන්ගේ වැඩීමට අත්‍යවශ්‍යමයි කියල. ඉතින් අපේ වැඩිහිටියෝ අපිට මස් මාළු පීකුදු බිත්තර වගේ දේවල් දුන්න. නමුත් අපි වැඩිහිටියෝ වුනහම දැන ගන්නව සත්ව ආහාර වල තියෙන ප්‍රෝටීන්ම තියෙන එළවලු ඕනේ තරම් තියෙනව කියල. එතකොට මස් මාළු බිත්තර කෑම එක්කෝ අඩු කරනවා. නැත්නම් නවත්තලම දානවා. කොහොම වුනත් කොරෝනා හින්ද ලංකාවේ මිනිස්සුත් මස් කෑමෙන් වැළකුණා නම් හොඳයි. මම දන්නා හුඟ දෙනෙක් මස් දැන් ගන්නේ නැහැ. නරක් වෙලා ඇති කියල. කොරෝනා මුළු ලෝකෙටම උගන්නපු පාඩම අපේ රටේ මිනිස්සුත් ඉගෙන ගන්න ඕනේ.

:       505       571

Sapumal.Monday, 18 May 2020 03:08 PM

චම්පා මහත්මිය සෑහෙන හැදියාවක් ඇති පරපුරක කෙනෙකු බව කැමති කෑම වලින්ම පේනවා.

:       223       339

ChampaMonday, 18 May 2020 05:10 PM

සිංහල අපි බහුතරය පැවතෙන්නේ එකම යක්ඛ පරපුරකින්. අපේ පැරණි සිංහල මුතුන් මිත්තන් ආහාර ගත්ත විදිහට එළවලු පලතුරු ධාන්‍ය ඇට වර්ග අපිත් කෑව නම් ලංකාවේ මෙච්චර රෝහල් ඉඳිවෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ වෙන්නේ නැහැ. අවුරුදු 35,000කට ඉස්සෙල්ල බලංගොඩ මානවය නකල්ස් කඳුවැටියේ (දැන් කියන නම) බාර්ලි සහ ඕට්ස් වගා කරලා තියෙනව කියල පර්යේෂණ වලින් හෙළිවෙලා තියෙනවා. මස් වර්ග එක්ක හෘදයබාධ, විවිධ පිළිකා වර්ග, දියවැඩියාව වැනි ලෙඩ රෝග බොහොමයක් ඇති වෙනවා. නමුත් එළවලු වැඩිපුර කන මිනිස්සුන්ට ඒ ලෙඩ අඩුයි හෝ ඇත්තෙම නැහැ. දැක්කමත් පේනවා නිරෝගී බව. කොරෝනා වෛරසය මිනිස්සුන්ට අලුතින් හිතන්න අවස්ථාවක් හදල දීලා තියෙනවා. විශේෂයෙන් අපේ ආහාර රටාව ගැන අලුතින් හිතන්න.

:       0       46

SankaTuesday, 19 May 2020 05:26 AM

නයි සුප්, වවුල් සුප් බීලා. බල්ලෝ, පුසෝ කාලා වගේ නෙමෙයි...මේ චීනය ලෝකෙම අල්ලන්න ලොකු සැලැස්මක් ඇතුව තමයි මේ සියලු වෛරස් ලෙඩ ලෝකෙම පතුරවන්නේ. කැරබියන් දුපත් වල සහ ඇෆ්රිකන් රටවල් ගණනාවක් විශාල ණය කන්දක හිරකරලා ඒ රටවල් අයිති කරන් ඉන්නේ දැනටමත්. ඒ වගේම අපේ රටෙත් නායකයෝ ගොනාට අන්දගෙන මේ කොරෝන අස්සේ ප්‍රකෝටි ගණන් ණය දීලා... විශාල වටිනා ඉඩම් චීනය අරගෙන අපේ රට තව තවත් විශාල ණය කන්දක හිරකරයි. මේවායින් බේරෙන්න අපේ නායකයන්ට නුවණ පහළ වේවා !

:       175       508

Champa Monday, 18 May 2020 01:58 PM

චීන ජනාධිපති එක්ක ලෝකයේ බහුතරයක් රටවල් ඉන්නවා. ඉතිහාසයේ දරුණුම වසංගතයට ලෝකය මුහුණු දුන්නු වෙලාවේ, මුළු ලෝකයේම සහයෝගය ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබිය යුතු වෙලාවේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එතෙක් කල් දුන්න ආධාර කපා හැරලා ඒ සංවිධානය අඩපණ කරන්න හදපු වෙලේ උදව්වට ආවේ චීනේ කියන එක මුළු ලෝකයම මතක තියා ගන්න ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආධාර උපදෙස් වැඩියම අවශ්‍ය වෙන්නේ දුප්පත්, නොදියුණු සහ දියුණු වෙමින් පවතින රටවලට. ඒ හින්ද කොරෝනා වගේ දරුණු වසංගතයක් පවතින වෙලාවක ලෝක සෞඛ්‍ය සංවිධානය කඩා වට්ටන්න ඇමරිකාව උත්සාහ කිරීම හෙලා දැකිය යුතුයි. හැමදාම වගේ දුප්පත්, නොදියුණු සහ දියුණු වෙමින් පවතින රටවල උදව්වට ආවේ චීනය රුසියාව කියුබාව වගේ රටවල්. ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රිකානු රටවල් ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කළා නම් හොඳයි. නිකනුත් ආහාර අහේනියෙන් පෙනෙන ඒ රටවලට කොරෝනා වසංගතය දරුණුවට බලපාල ඇති....

:       1505       1138

Samitha Senaka Aluthgamage.Monday, 18 May 2020 02:32 PM

WHO එකේ නායකයා මුලදී කිව්වේ කොරෝනා ගෝලීය වසංගතයක් ලෙස ලොව පැතිරෙන්නේ නැති බවයි. මේ නිසා ලොව සමහර රටවල් එය පිළිගෙන අමාරුවේ වැටුණා. මොන බලවතා කිව්වත්, ඒ විදිහටම පිළිගන්න එක බුද්ධි ගෝචර නොවේ.

:       1       441

Prabha Monday, 18 May 2020 02:10 PM

චීනා ගිය තැන විනාසයි... අපේ අය කවදා ඒක තේරුම් ගනීද මන්දා....

:       188       556

Aruna Monday, 18 May 2020 03:05 PM

ඔයාලා වයිරස් එක බෝකරලා ලෝකේම වට්ටලා. බන කියනවා...

:       56       562

Bandara Monday, 18 May 2020 09:12 PM

ලංකාවෙ මිනිස්සු හිතන් ඉන්නේ චීනය හරි හොදයි කියලා... දැනටමත් පරක්කු වැඩියි...

:       1       230

sunil perera Monday, 18 May 2020 09:14 PM

අනේ අපිට නය පොලි ගෙවන්ටත් ආදායම නැතිඋනත් ඕනේ කුණු ගොඩක් චීනෙන් ගේන්ට විනිමය නිකුත්කරන මේ රටේ , ඔලුව ටිකක් කපටි උන්ට මොනවා හරි ප්ලාස්ටික් පටියකට විද්‍යුත් උපකරණයක් අටෝපු මගුලක් කන්ටේනර් ගණන් ගෙනල්ලා ළාභ ගන්ට ඉඩ ඇරලා තියන එක කොරෝනා නෙවෙයි ඕනේ මගුලක් උනත් සල්ලි හම්බවෙනවනන් පස්සට යන නැති අපේ අයට චිනේ තරම මසුරන් රටක් කොයින්ද ....?

:       0       205

Rata Perata Tuesday, 19 May 2020 06:40 AM

චීනට බනින්න එපා, අපේ රටේ පවුලක් ඉන්නවා, එයාලට ගොඩාක් රිදේවි. එයාල තමයි අපිට කිව්වේ චීන කොරෝනා නෙමෙයි ඉතාලි කොරෝනා තමයි නරක කියල.

:       0       301

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site