උතුරු නැගෙනහිර ඉදිකිරීමට නියමිත රජයේ නිවාස 65,000ට මෙන්ම යාපනයේ චුන්නාගම් ජල ගැටළුවට මෙතෙක් විසඳුමක් නොලැබීම හා ත්‍රීකුණාමලය සාම්පූර් තාප විදුලි බලාගාරයට ඉදිකිරීමට එරෙහිව යාපනයේ උද්ඝෝෂණයක් පැවත්විණි.
යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණය යාපනයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ රජය මගින් උතුරු නැගෙනහිර යුද අනාථයින් වෙනුවෙන් ඉදිකිරීමට යෝජිත චීන නිවාස 65000 ක ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙසයි.
ඔවුන් පෙන්වා දුන්නේ චීන නිවාස සියල්ලම පෙරසවි නිමි නිවාස බැවින් එම නිවාස පළාතේ දේශගුණයට, සංස්කෘතියට,හා ආරක්ෂාවට නොගැලපෙන බැවින් චීන නිවාස වෙනුවට ස්ථිර නිවාස දෙන ලෙසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඉතින් පරණ කුඩාරමට වෙලා ඉන්න තියෙන්නේ පවට පින්දෙන්න බැහැනේ පාරේ නිදය ගනිල්ලා. ඉන්දියාව ඕනි විදියට රට ගෙනියන්න බැහැ චීනය අපේ සැබෑ මිතුරා. (බ)
චීන නිවාස වගේම ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු නිවාසත් එපා . මේ විරෝධය සංවිධානය කළේ රෝ ඔත්තු සේවයෙන් නෙමේ වෙන්ටෑ.(බ)
තනිකරම ඉන්දීය පාලනයක් උතුරු නැගෙනහිර තියෙන්නේ.නැත්තම් චිනගේ වැඩවලට ඇයි මෙයාලා මෙච්චර උඩ පනින්නේ.(හේ)
ඉන්දියාවේ වගේ පාරේ තොටේ නිදාගන්නද දන්නෙ නැහැ එයාලා කැමති? (නි)
තල් අතු සහ පොල් අතු ටිකක් යවන්න ගෙවල් හදාගන්න කියලා. සංස්කෘතියට හා ආරක්ෂාවටත් ගැළපෙනවා (නි)
එපානම් ඒ අයට කදවුරු හොද ඇති .... ඔන්න ඔය ටික දකුණේ අහිංසක ගෙයක් නැති අසරණ සිංහල පවුල් වලට දෙන්න ... මොකද ඒ අය ගැන බලන්න කිසිවෙක් නැති නිසා ....(බ)
විපුල හරි. ඔන්න ඔය නිවාස දකුණේ අයට දෙන්න. (නි)
ගෙවල් හදන්නේ ලංකාවේ වැලි ,සිමෙන්ති ,ගල් වලින් මුදල් චිනංගෙන් ,ලංකාවේ පරිසරයට විදිහට, ලේසි විදෙහට හදනවනම් ගෙදර බිත්ති කොන්ක්‍රීට් වලින් හදල මුටුකරනවා .කාලයත් අඩුනේ .(කෞ)