චීන සංචාරකයකුගේ ඩොලර් දහසක් (රුපියල් 132000ක්) වංචා කළැයි සැකපිට සංචාරක මග පෙන්වන්නකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
කොළඹ හෝටලයක නැවැතී සිටියදී චීන ජාතිකයාට හමුවූ සංචාරක මග පෙන්වන්නා ඔහු ත්‍රීරෝද රියක නංවාගෙන ගොස් නැවත හෝටලයට රැගෙන ආ අවස්ථාවේ ඊට ගාස්තු ලෙස ඩොලර් 1200ක් (රුපියල් 158400ක්) ලබා ගෙන ඇත. එය අසාධාරණ මුදල් බවට සැක සිතී වෙනත් සංචාරක මග පෙන්වන්නකුට ඒ බව පැවසූ පසු සැකකරු ඩොලර් 200ක් (රුපියල් 26400) නැවත ලබා දී ඉතිරියෙන් ඩොලර් සියයක් (රුපියල් 13200) තම ගාස්තුව බවත්, ඉතිරි ඩොලර් 900 (රුපියල් 118800) ත්‍රීරෝද රථ ගාස්තුව බවත් පවසා මග හැර ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර නින්දිත වැඩක්ද.........? (ස)
කොන්‍ඩය කපාපු චීනෙක්ද? (නි)
ඒ මහත්තුරු කොහොමත් කෑවොත් කන්නේ බාගෙන නෙමෙයි ඉහගෙන (නි)
ඔහු ඒ වගේ වැඩක් කළා නම් ඉතාම වැරදියි. (නි)
සංචාරක කර්මාන්තය නංවන්න පෙර ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හා සදාචාරය නංවන්න ඕනෑ. ලංකාවේ ගොඩක් අය ඔය වගේ තමා. මම අත්දැකීමෙන් දන්නවා. (නි)
මේ වගේ අය ඉන්නකම් අපේ රට කොහොම හදන්නද මන්දා. අනේ! නීති උපරිම කරන්න ඕනෑ රට හදන්න නම්. (නි)