චීන සංචාරකයකුගේ ඩොලර් දහසක් (රුපියල් 132000ක්) වංචා කළැයි සැකපිට සංචාරක මග පෙන්වන්නකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
කොළඹ හෝටලයක නැවැතී සිටියදී චීන ජාතිකයාට හමුවූ සංචාරක මග පෙන්වන්නා ඔහු ත්‍රීරෝද රියක නංවාගෙන ගොස් නැවත හෝටලයට රැගෙන ආ අවස්ථාවේ ඊට ගාස්තු ලෙස ඩොලර් 1200ක් (රුපියල් 158400ක්) ලබා ගෙන ඇත. එය අසාධාරණ මුදල් බවට සැක සිතී වෙනත් සංචාරක මග පෙන්වන්නකුට ඒ බව පැවසූ පසු සැකකරු ඩොලර් 200ක් (රුපියල් 26400) නැවත ලබා දී ඉතිරියෙන් ඩොලර් සියයක් (රුපියල් 13200) තම ගාස්තුව බවත්, ඉතිරි ඩොලර් 900 (රුපියල් 118800) ත්‍රීරෝද රථ ගාස්තුව බවත් පවසා මග හැර ගොස් ඇතැයි කොල්ලුපිටිය පොලිසිය අධිකණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
615
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනා අන්දන්න බැරි වේ
චන්දි Tuesday, 29 October 2013 10:19 AM
කොච්චර නින්දිත වැඩක්ද.........? (ස)
පෙත්තා Tuesday, 29 October 2013 03:25 AM
කොන්‍ඩය කපාපු චීනෙක්ද? (නි)
සමන් කුමාර Tuesday, 29 October 2013 05:43 AM
ඒ මහත්තුරු කොහොමත් කෑවොත් කන්නේ බාගෙන නෙමෙයි ඉහගෙන (නි)
ආරියසේන Tuesday, 29 October 2013 06:51 AM
ඔහු ඒ වගේ වැඩක් කළා නම් ඉතාම වැරදියි. (නි)
සුමේධ Tuesday, 29 October 2013 09:11 AM
සංචාරක කර්මාන්තය නංවන්න පෙර ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හා සදාචාරය නංවන්න ඕනෑ. ලංකාවේ ගොඩක් අය ඔය වගේ තමා. මම අත්දැකීමෙන් දන්නවා. (නි)
විකී Monday, 28 October 2013 03:50 PM
මේ වගේ අය ඉන්නකම් අපේ රට කොහොම හදන්නද මන්දා. අනේ! නීති උපරිම කරන්න ඕනෑ රට හදන්න නම්. (නි)