තමා වතු සමාගමකට අයත් බිම් අඟලක් හෝ බලෙන් අල්ලාගෙන සිටින බව ඔප්පු කළහොත් රත්නපුර නගර මධ්‍යයේ ඇඳුම් නැතිව ඔළුවෙන් සිටගැනීමට සූදානම් බව විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා කියයි.
නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ රැස්වීමක දී ඔහු එසේ කීවේය.
‘මා වත්තක අක්කර තුනක් අල්ලාගෙන සිටින බවට බොරු ප්‍රචාරයක් යනවා. මම දේශපාලනය කරන්නේ පරම්පරාවේ දේපොළවලින්. තමාට එරෙහිව බොරු කියන අයට හෙන ගසනු ඇතැයි ද ඔහු කීවේය.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිකේයියා කියන කතා ඔය වැඩේ නම් කරන්න එපා. ප්‍රසිද්ද ස්ථානයක අසෝබන විදියට හසුරුනා කියලා තවත් නඩුවක් වැටෙයි. (නදී)
ලොකු අයගේ වැඩ ජනතාව දන්නවා, කුඩු ගෙන්වා,ගංජා ,කසිප්පු, ගණිකා ජාවාරම,කොමිස් කප්පන්,මේවා ඔප්පු කලොත්,ජනතවට තමයි හෙළුවෙන් යන්න වෙන්නේ,(ජනතාව හොරු සමග හෙළුවෙන් ).(නදී)
ඔබතුමා එහෙම ඉන්න දවසට කලින් දවසේ කියන්න .., මොකද ගැහැණු අයට සංග්ලාස් දාගන්න ඕනනේ.(නදී)
අනේ ඔබතුමා ඔය කතාව කියන විට ඇදුම් ඇදගෙන සිටියා කියලා හොදටම විස්වාසද?(නදී)
ඔයාගේ කතාව කව්ද මහත්තයෝ පිලිගන්නේ.(නදී)
එහෙම හිටගන්න වුනොත් කලින්ම කාටත් දැනගන්න සලස්වන්න. මාත් එනවා බලන්න. (නි)
ආයෙත් අලුතින් ඇඳුම් ගලවන්න දෙයක් නැහැ, ඔය ගොඩක් දෙනා ඇඳුම් නැතුව තමයි කොහොමත් ඉන්නේ. ඒක දන්නේ අපි විතරයි. ඒ අයට ඒකවත් තේරෙන්නේ නැහැ. (නි)
ඒ කියන්නේ මෙයාට නිරුවතින් සිටීමත් ලොකු කජ්ජක් නෙමේ . ඒකටත් ලේස්ති වගේ . අනේ ඇමති තුමෝ අපි නොදන්නා නිරුවත (නදී)
බලා ගෙන කතාකරනවා වැඩියි.(නදී)
ඇමති තුමෝ කීවට තරහ වෙන්න එපා , තමුන්නේහල කරන වැඩ දිහා බෙලුවමනම් අපිට පේන්නෙම හෙළුවෙන් වගේ තමා.(නදී)
මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අපි දන්නෙ අදනේ (නි)
බොහෝ මැති ඇමති වරු කියන කතාවක් ඔප්පු කරොත් ඉල්ලා අස් වනවා කියන එක. එහෙත් බොහෝ දෙනෙක් ඉන්නේ නිරුවතින් බව මහජතාව දන්නවා . අපි ඔප්පු කරන්නේ කොහොමද අපට පෙන්න ගසේ බන්දවලා මාද්‍ය ඉදිරියේ . අර ගසේ බැදපු කෙනාම කියනවා . මාව බැන්දේ නැහැ , මම මාවම ගසේ බැඳ ගත්තා. මම මටම ගසා ගත්තා. මට මතක නැහැ.(නදී)
අනේ ඇමතිතුමා , අද කාලේ ගොඩක් අය ඉන්නෙම එහෙමනේ (නි)
චෝදනාව එල්ල කරන පාර්ශ්වයට ඔන්න අභියෝගයක් තියෙනවා. ඒක බාරගෙන අපටත් දැනගන්න ඇත්ත හෙළිකරන්න.(නදී)
මේ ප්‍රකාශයම නිරුවත්වීමක් නේද?(නදී)
සමහර පත්තරවල, රුපවාහිනී චැනල් වල බොරු ප්‍රවෘත්ති දෙනවා මෙන්න දැන් අභියෝගයක්. (නදී)
උප ඇමති තුමාගේ බිරිඳ සිතනවා ඇති උප ඇමති තුමා වැරදී කරුවෙක් කියා.(නදී)
අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ. උපවාස රැල්ලට එකතු වුනු අලුත් ක්‍රමයද ? මේ අමන කතා නවත් වන්නට නොහැකිද? මුන්නහෙලට අවශ්‍ය ප්‍රසිද්ධිය පමණයි. සංවර්දනය පසෙක තබා උගත් වැදගත් දේශපාලකයින් සොයාගැන්ම දැන්වත් කලයුතුය. (නදී)
අවශ්‍ය නැහැ මෙතුමලා ඉන්නේ කොහොමත් එහෙම තමා. තව තව අය මෙවැනි කතා කිව්වා ඒත් වැඩේ මතුවෙනකොට වෙන කතාවක් කියනවා.(නදී)
කී දෙනෙක් කලන්තේ දාලා වැටෙයිද දන්නේ නැහැ (නි)
නිරුවත පෙන්නුවා කියලා ඊළගට තව නඩුවකට පැටලවෙන්න පුළුවන් නේද? (නි)
අයි ඉතින් ඔච්චර හරියක් කරන්නේ? තනතුරින් ඉවත් වුණා නම්නේ හොද. (නි)
ඇමතිතුමා රත්නපුරේ ජනතාවට නොමිලේ ලයිට් දෙන්න යන්න වගෙයි හදන්නේ. මේ එදාට කලින් පොඩ්ඩක් ප්‍රසිද්ද කරන්නකෝ, අපිටත් බලන්න එන්න. හරියටම හිටගන්නවද කියලා.(නදී)
චන්දි ඔයාගේ කොමෙන්ට් එක බැලුවම ලියන්න හිටිය දේත් අමතක උන. ඔයා නම් එදාට යන එක සුවර් නේද? සන්ග්ලාස් දැම්මම පේන්නෙම නැද්ද? උපාලි ඒ ගොල්ලෝ කොහොමත් ඕව ගත්තත් ගන්නේ ඒගොල්ලන්ගේ නමට නෙමෙයිනේ. ඉතින් කොහොමද ඔප්පු කරන්නේ? (නදී)
අභියෝගය කුමක් වුවත් මේ වගේ ප්‍රකාශ වලිනුත් නිරුවත ප්‍රකාශ වෙනවා නොවේද? (නි)
එතුමා ඇයි මෙහෙම කියන්නේ.(නදී)
අපොයි ඔය වැඩ කරන්න නම් එපා හොඳේ. (නදී)
චන්දියෝ, සැන්විච් කන්නේ සංග්ලාස් දාගන්න ඕනෑ නැහැනේ. මහා රෑට සන් (ග්ලාස්) නිදි නේ? (නි)
මේ ඇමතිතුමා නොකල දෙයක් හින්දයි ඒ විදියට කතා කරලා තියෙන්නේ ගොඩක් අයට ඔහොම කතා කරන්න බැරි ඇයි?(නදී)
මෙන්න ගී ගයමින් තවත් කඩේ යන එක්කෙනෙක්.(නදී)