විවිධ මන්ත්‍රිවරු පක්ෂ දෙක තුළ විවිධ චෝදනා කරන එක ඒ තරම් හොඳ දෙයක් නොවන බවත් දැන් කරන්න තිබෙන්නේ චෝදනා කරන එක නෙමෙයි එකට වැඩ කිරිම බවත් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉරිදා (13) මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත් අතර අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.
ජාතික රජයක් කරගෙන ඇමැති කම් දෙද්දි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ අයටත් ඇමැතිකම් දෙන්න වෙනවා. ‘ජනාධිපති තුමා ගොඩාක් හිතල බලල තමා මේ ඇමැතිකම් දුන්නෙ. අඩුපාඩු කම් තියෙන්න පුළුවන් නමුත් ඉතිහාසයෙ දුෂණ චෝදනා තිබ්බ කියල චෝදනා වලට පමණක් කටයුතු කළ යුතු නෑ කියා මම විශ්වාස කරනවා‘ යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඉහළින්ම අගය කරනවා (නි)
අවුරුදු 67 ක් එකිනෙකාට චෝදනා චෝදනා කරගත්තා හොඳටම ඇති. අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් එක්ක රට ගොඩ නඟන්න එක්වන්න මහත්වරුනේ. මේ වතාවේ ඔබතුමාලා මඟහැරියොත් ඊළඟ ඡන්දෙට ඉදිරිපත්වෙන්න හිතන්න එපා. (නි)
ඔව් ඔව් දැන් අපි එහෙම කරමු (නි)
රටට යහපත් සේවයක් කරන්න (නි)
ලංකාවේ ක්‍රීඩාව බිංදුවට බැහැලා. යන්තම් ඔලුව උස්සගෙන ඉන්නේ ක්‍රිකට් වලින්. අපේ බන්දුල වර්ණපුර මහතා කියලා තිබුණා ලංකාවට ක්‍රීඩා විශ්ව විද්‍යාලයක් අවශ්‍යයි කියලා. දෙමාපියන් දරුවන් ක්‍රීඩාවට බය නැතුව දානවා එතකොට. ක්‍රීඩාවෙන් උපාධියක් ලැබෙන විදිහට. ඒ අය එකතුකරගෙන වැඩ කරන්න ඇමතිතුමා. (නි)
දූෂණ චෝදනා තිබෙන අයටත් ඇමතිකම් දීලා මහජන මුදලින් නඩත්තු කරන එකම රට, අර 'ලෝකෙන් උතුම් රට' විතරක් වෙන්න ඇති නේද? (නි)
පැරණි ගීතයක් - අලුත් තනුවක් (නි)
ඔබතුමාගේ අදහස හරි. දුෂිතයින්ට, පරාජිතයින්ට ඇමතිකම් දීපු එක නම් අනුමත කරන්න බැහැ (නි)
ඔව් ඔව් එහෙම හොඳයි (නි)
අමතක කරලමු පැරණි කතා එක්වෙමු තමන්ගේ දියුණු තකා (බ)
හොඳයි එහෙනම් එහෙම කරමු (නි)
කියන විදිහටම කරනවා නම් හොඳයි (නි)
පසුගියදා කෝටි ගණන් මහජන මුදල් වියදම් කරමින් පැවත්වූ මහජන ඡන්දයෙන් ජනතා පරමාධිපත්‍යය රැකුණු අයුරුත් අපිට පෙන්වා දෙන්න පුළුවන් නම් හොඳයි (නි)
බොහොම හොඳ කතාවක් (නි)
ඉතිහාසයේ ඔයාලට විරුද්ධව දුෂණ චෝදනා තිබුන බව පිළිගත් එක වටිනවා. දුෂණ වලින් තොරව වැඩ කරනවා කියලා දළදා හාමුදුරුවෝ ඉස්සරහා වගේම හෘද සාක්ෂියටත් පොරොන්දු වෙන්න (නි)