මෙරට ප්‍රදර්ශනයවූ දෙමළ චිත්‍රපට 17ක පැය දෙකයි විනාඩි විස්සක් වෙන්කර තිබුණේ සිගරට් හා අනෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා යැයි මත්පැන් හා දුම්වැටි තොරතුරු මධ්‍යස්ථානය පවසයි.
ඉන්දියාවේ නිෂ්පාදනය කළ මෙරට ප්‍රදර්ශනය වූ දමිළ චිත්‍රපට 18 ක් පිළිබඳව කළ සමීක්ෂණයකින් මේ තොරතුරු හෙළිවූ බව මත්පැන් හා දුම්කොළ තොරතුරු මධ්‍යස්ථානයේ සභාපති පුබුදු සුමනසේකර මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර කාලෙ සිංහල සිනමාවේත් ඕක කළා නේද? ප්‍රධාන නළුවා වෙන්න නම් සිගරට් බොන්නම ඕන.(හේ)
අපි හැදෙන ගමන් සමාජය නිවැරදි කරනවා හැරෙන්න වරද අනෙක් අය පිට පටවන්න නරකයි. පාසැල් අසල තැබෑරුම්, පන්සල් අසල මස් කඩ තියන්න හොඳයි. පරිභෝජනය හොඳයි. පෙන්වන්න හොඳ නැහැ (නි)
ඕකනේ අපි කියන්නේ තමිල්නාඩුවේ හදන චිත්‍රපට වලින් අපේ රටේ සංස්කෘතියටවත්, ප්‍රේක්ෂකයන්ටවත් කිසිම සුගතියක්, වින්දනයක් ලබාගන්න බැහැ කියලා.ඔය සැලෝලයිට් පටි ගෙන්වීම නවතා දමන්නේ කවදාද? අපේ රටේ විදේශ විනිමයත් ඉතිරිකරගෙන, මහජනයාගේ සුවසෙතත් රැකගැනීම සඳහා තවම එකම සංවිධානයක්වත් කොටුව දුම්රියපොළ ඉදිරියේ සද්දයක් දාන්න එන්නේ නැත්තේ මොකද? (නි)
චිත්‍රපටි නරබන්නත් බොන්න ඕනෙද. අනේ මන්දා.(හේ)