IMG-LOGO

චිත්‍රපට වලට කැමති දිනක්ෂි

පසුගියදා පැවැති 'දෙරණ සන්සිල්ක්' සිනමා සම්මාන උලෙළේදී වසරේ ජනප්‍රියතම සිනමා නිළිය ලෙස සම්මාන දිනාගත් දිනක්ෂි ප්‍රියසාද් නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම රංගනයෙන් දායක වන ඇය ඉදිරියේදී තවත් ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවට සූදානමින් සිටියි. ටෙලිනාට්‍යය බොහෝ ප්‍රමාණයක දකින්නට ඇතත් දිනක්ෂි දැනට රංගනයෙන් දායක වී ඇත්තේ එක් චිත්‍රපටයකට පමණි. ඒ පිළිබඳව 'සාරවිට' අපිට දිනක්ෂි දැක්වූ අදහස් කිහිපයකි මේ.

"මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක වැඩ කරනවා. ඒ වගේම මම දායක වුණ ටෙලිනාට්‍යය කිහිපයක් නාළිකා කිහිපයක විකාශය වෙනවා. Tv 01 නාළිකාවේ vvip විකාශය වෙනවා. ඊට අමතරව සුදත්ත තිලකසිරිගේ 'සිහින මල මගේ' කියලා තවත් ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ජුනි මස 30 වැනිදා රාත්‍රි 7.30ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වීමට නියමිත සුදත්ත තිලකිසිරි 'නෙරංජනා' ටෙලිනාට්‍යයේද මා රංගනයෙන් දායක වෙනවා. 'ටී 20', 'මගේ කවිය ඔබ' හා 'මහි පූජා' කියන ටෙලිනාට්‍යයවල මම ඉන්නවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. ටෙලිනාට්‍යය ගොඩක් ලැබුණත් රඟපාන්න චිත්‍රපට නම් ලැබුණේ අඩුවෙන්. දැනට මම රඟපාලා තියෙන්නෙත් එක චිත්‍රපටයයි. ඒ ජනප්‍රියතම නිළිය සම්මානය මට ලැබුණ චන්ද්‍රන්රත්නම්ගේ මහත්මයාගේ 'මේ වගේ ආදරයක්^ චිත්‍රපටයේ පමණයි. ඉතින් ගොඩක් ආසාවෙන් ඉන්නවා චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න. නමුත්, අවස්ථා නම් ලැබුණේ නැහැ. ඉතින් ඒ ගැන පොඩි දුකක් තියෙනවා."

20160623Dinakshi-1 20160623Dinakshi-2



අදහස් (0)

චිත්‍රපට වලට කැමති දිනක්ෂි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site