පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නට ලබන ඔක්තෝබර් 20 මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය නියෝග කළාය.
ගම්පහ දිස්ත්‍රික්කයේ එජාප මන්ත්‍රීන් වන කාවින්ද ජයවර්ධනගේ හා චතුර සේනාරත්නගේ ආධාරකරුවන් අතර රාගම ගුවන් පාලම අසළ පිහිටි රෝහල් රථගාලේ හටගත් ගැටුමක් හේතුවෙන් අත් අඩංගුවට ගෙන රාගම පොලිස් සිරමැදිරියේ රඳවා සිටි තරුණයින් පස්දෙනකුට පොලිස් සිර මැදිරිය අසලට පැමිණ මරණීය තර්ජනය කිරීම සහ රාත්‍රී කාර්ය භාරයේ සිටි පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බව කියන සිද්ධියකට අනුව එම නියෝගය නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනේ පුරුදු වෙනවා වගේ...(ම)
උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න අපි කටයුතු කළෙමු. එහෙත් දැන්නම් බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා. කොහොම වුණත් යහපාලන ආණ්ඩුව ගැන අපි විශ්වාස කරන්නෙමු. (නි)
අවසාන යෙදී පොලිසිය වැරදි කරුවන් වේවි (අ)
මට හිතුනා ගිරය පුප්පගෙන කෑ ගහනකොට මේ වගේ පොරක් වෙන්නැති කියලා. (අ)
ජන්දය දුන් උන්ට ගහපියව්..පොලීසියට පාට් නොදා..තේරෙන්නත් එක්ක.....(බ)
යහපාලනේ නිසා මෙයාලටත් උසාවි එන්න වුණා. පහුගිය කාලේ නම් නඩුයි බඩුයි ඔක්කොම හාමුදුරුවන්ගේ (බ)
දෙගොල්ලන්ම දේශපාලක පුතාලනේ... (නි)
එතන හිටපු පොලිස් නිලධාරීන් වෙන කෙනෙක් පොලිසියට තර්ජනය කළා නම් මෙහෙම යන්න දෙයිද? (නි)
අපි බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
ජනාධිපතිතුමනි, කොහේ හෝ පිස්සු බල්ලන් සිටී නම් හැකි ඉක්මනින් ඔවුන්ව බැද දැමිය යුතුය. (අ)
අපි නම් කලින්ම දැනගෙන හිටියා මේවා මෙහෙම වෙයි කියලා (නි)