දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" රියලටි තරගාවලියේ පළමු අදියරේ අවසන් තරගකරුවන් අතරට එක්වූ චේතනා රණසිංහ මේ වනවිට ලාංකේය සංගීතය ක්ෂේත්‍රය තුළ නමක් දිනාගත් යොවුන් ගායිකාවක් බවට පත්ව සිටින්නීය. දැනට ගීත කිහිපයක්ම එළිදක්වා ඇති චේතනා ඉකුත් 21 වැනිදා) සිය අලුත්ම ගීතය වූ "සඳ නොමැති රැයක" එළිදැක්වූවාය. ආදර ගීතයක් ලෙස නිර්මාණය වී ඇති මෙම ගීතය පිළිබඳව චේතනා "සාරවිට" අපට මෙසේ තොරතුරු පවසා සිටියාය.
"මගේ අලුත්ම ගීතය "සඳ නොමැති රැයක" එළිදැක්වුවා. මේ වනවිට මෙම ගීතය බොහෝ එෆ්.එම්. නාළිකාවල ප්‍රචාරය වෙනවා. ඒ වගේම අන්තර්ජාල වෙබ් අඩවිවලිනුත් ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන්. ගීතය ලිව්වේ ඉසුරු වීරසිංහ. සංගීතය නිර්මාණය කළේ සංඛ දිනෙත්. මේ ගීතය ආදර ගීතයක්. මා විසින් තනිවම ගායනා කළ පස්වැනි ගීතය මේක. දැනට මේ ගීතයට හොඳ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මම ගීතයක් එළිදැක්වූයේ කාලයකට පස්සෙ නිසා මගේ "සඳ නොමැති රැයක" ගීතයට රසික ප්‍රතිචාර ඉහළ මට්ටමකින් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක මේ ගීතයට ඉදිරියේදී මියුසික් විඩියෝවක් නිර්මාණය කරන්නත් දැනට අදහසක් තියෙනවා. ඉතින් "සඳ නොමැති රැයක" ගීතයේ විඩියෝවත් එළිදක්වලා තමයි ආයෙත් අලුත් ගීතයකට සූදානම් වෙන්න හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මම ඉදිරියේදී විකාශය වෙන්න නියමිත අලුත් ටෙලි නාට්‍යයක තේමා ගීතයක් සඳහා දායක වෙලා ඉන්නවා."


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේතනාගේ සඳ නොමැති රැයක් ගීතය ශ්‍රවණය කළා. එහි නාද මාලාව පද රචනය හා ගායනය උසස් මට්ටමක තියෙනවා. පැහැබර ඉදිරි ගමනකට චේතනා රණසිංහ නවක ගායනා ශිල්පිනියට සුබ පැතුම් පිරි නමමි. (ර)