IMG-LOGO

චීත්ත ගවුමට මම ගොඩක් ලස්සනයි

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි නිලුක්ෂි මධුෂිකා කවිරත්න, වර්තමානය වනවිට බොහෝ රසික පිරිසක් අතර ජනප්‍රිය වී ඇත්තේ ටෙලි නාට්‍යය නිළියක ලෙසිනි. නිලුක්ෂි පිළිබඳව නිතර රසික අවධානය යොමුවන නිසාම මෙවර %සාරවිට^ තරු කතාබහට අපි නිලුක්ෂිව සම්බන්ධ කරගත්තෙමු. එහෙත්, මාධ්‍යය නිතරම විමසන ප්‍රශ්නවලට වඩා තරමක් වෙනස් ආරක ප්‍රශ්න කිහිපයක් අපි ඇයට යොමු කළෙමු. 

 

20160712Nilukshi-2විවේකයක් ලැබුණාම මොනවද කරන්නේ?

ගොඩක් වෙලාවට කරන්නේ උයන පිහින වැඩවලට අම්මාට උදව් කරන එක තමා. මටත් හොඳට උයන්න පුළුවන්. විවේකයක් ලැබුණාහම නිතර අලුත් අලුත් කෑම වර්ග එහෙම හදනවා. එහෙම නැත්නම් මම ඇඳුම් මහනවා. එක මගේ අමතර විනෝදාංශයක්.

 

ගොඩ දෙනෙක් විවේකයක් ලැබුණාහම කරන්නේ යාළුවොත් එක්ක සාප්පු සවාරි යනවා නැත්නම් කෑමකට එළියට යනවා?

නැහැ. මගේ එහෙම ප්‍රියතාවක් නැහැ. ගොඩක් වෙලාවට මගේ ජීවිතේ ගෙවෙන්නෙ කලා කටයුතුත් එක්ක. රූපගත කිරීමක් නැති දවසට ඉතින් අනිවාර්යයෙන්ම ගෙදර කට්ටියත් එක්ක තමයි කාලය ගත් කරන්නේ.

 

චිත්‍රපට එහෙම නරඹන්නේ නැද්ද?

නරඹනවා. හැම භාෂාවකින්ම නිර්මාණය වුණ චිත්‍රපට බලන්න මම කැමතියි. නමුත්, ගොඩක් වෙලාවට බැලෙන්නේ සිංහල හෝ බොලිවුඩ් චිත්‍රපටයක් තමයි.

 

මෑතකදී බලපු හොඳම සිනමා නිර්මාණය?

සුනිල් ආරියරත්න සර් අධ්‍යක්ෂණය කරපු 'පත්තිනි' චිත්‍රපටය. එය මෑතකදී මම බලපු හොඳම සිනමා නිර්මාණයක්.

 

කැමති නළු නිළියෝ ඉන්නවාද?

ලංකාවේ මහේන්ද්‍ර පෙරේරා. ඔහු තමයි මගේ ගුරුතුමා. නිළියක් ගත්තොත් මම ගොඩක්ම කැමතියි දුලීකා මාරපන අක්කාගේ රඟපෑම්වලට.

 

විලාසිතාවලට කැමතිද?

ඔව් කැමතියි. නමුත්, ඒ පස්සෙ ලොකුවට එළවන්නෙ නැහැ.

 

ගැළපෙනවා කියලා හිතෙන ඇඳුමක් තියෙනවාද?

චිත්ත රෙද්දෙන් මැහුව ගවුම්වලට මම කැමතියි. මොකද, ගොඩ දෙනෙක් කියනවා මම ඒ ඇඳුම්වලට ලස්සනයි කියලා.

 

ඇඳුමක් තෝර ගනිද්දි බ්‍රෑන්ඩ් එකක් තියෙනවාද?

නැහැ. මට ගැළපෙනවා කියලා හිතෙනවා නම් මම බ්‍රෑන්ඩ් එක බලන්නෙ නැහැ. ඒ ඇඳුම පදික වේදිකාවේ තිබ්බත් මටත් ගැළපෙනවා නම් ගන්නවා.

 

ලංකාවේ නිදහසේ ඇවිදින්න යන්න ආස කරන තැන් තියෙනවාද?

එහෙම ආස කරන තැනක් නැහැ. ගොඩක් වෙලාවට එහෙම ආස කරන්නේ තාත්තාගේ ගම බදුල්ලටත් අම්මාගේ ගම ගාල්ලටත් තමා.

 

පිටරට සවාරියක් යන්න කැමති නැද්ද?

නැහැ. මම ආස නැහැ පිටරටකට යන්න. ආරාධනා නම් ලැබිලා තියෙනවා කලා කටයුතුවලට පිටරට යන්න. නමුත් මගේ කැමැත්තක් තිබුණේ නැහැ.

 

මේ දවස්වල වැඩිපුර අහන්නේ?

'සඳහටම ඔබ මගේ' ටෙලි නාට්‍යේ තේමා ගීතයයි. මේ දවස්වල මං නිතරම මුමුණ ගීතය තමයි ඒ.

 

කවුද හොඳම යාළුවා?

මට යාළුවෝ ගොඩ දෙනෙක් නැහැ. අදටත් මට ඉන්නේ මගේ පාසලේ මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෝ කිහිප දෙනෙක්. ඒ අතරින් දෙන්නෙක් දැනට පිටරට පදිංචි වෙලා ඉන්නේ. ම්.. රොෂිකා කියලා මට හොඳ යාළුවෙක් ඉන්නවා. එයා දැන් ඉන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ. 

බුද්ධික සේනාධීර

20160712Nilukshi-1 20160712Nilukshi-3 20160712Nilukshi-4 20160712Nilukshi-5



අදහස් (0)

චීත්ත ගවුමට මම ගොඩක් ලස්සනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 79 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 634 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site