කොට්ටාව මාකුඹුර වෙළෙසල් දෙකකට හා වාහන කිහිපයකට පහරදී අලාභ හානි කළැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සැකපිට සොයන බව හෝමාගම පොලිසිය කියයි.
කොට්ටාව මාකුඹුර වෙළෙසල් දෙකකට හා වාහන කිහිපයකට පහරදී අලාභ හානි කළැයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක සැකපිට සොයන බව හෝමාගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි විතරක් චන්ඩි පාර්ට් දාල බැහැ අපේ ගැනුන්ටත් සම තැන ඕන. ලබන පළත් සබාවටඇයට සුදුසුකම් වැඩියෙනුත් ඇත. (දී)
අද මේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියන මානසික ලෙඩක් වන හීන මානය බොහොමයක් කරදර වලට හේතුව වේ. නැති ලොකු කම් පෙන්නන්න යන්නේ චන්ඩි පාට දාන්නේ, මේ ඔක්කොම මානසික ලෙඩ්ඩු.
මෙයාව සභාවට යැවුව අපිටයි ගහන්න ඕනෑ (නි)
ඔබ කථා කලේ හීනමානය ගැනද?එතකොට විශ්ව විද්‍යාලවල අපේ උගත් කියන අය ලග තියෙන්නෙ මොන මානයද? මේක ජරා දෙසපාලනය මිසක් ඔය කිසිවක් නෙවේ! (ස)
තේරුම් ගන්න අමාරුම දේ තමයි ගැහැණු පිරිමි බේදයකින් තොරව මේ චණ්ඩි මන්ත්‍රීලා එකපාරටම වාෂ්ප වෙනවා වගේ අතුරුදහන් වෙන එක. මෙච්චර ප්‍රසිද්ධ උදවිය හුනෝ වගේ පුංචි වෙලා උළුවස්සේ හැංගෙනවද? කවදාහරි පොලිසියට ඇවිත් බාරවෙනතුරු හොයාගන්න බැහැනේ. හරි පුදුමයි. (නි)
කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සල් දෙකකට හා වාහන කීපයකට පහරදී අලාභ හානි සිදු කරන ලදැයි කියන සිද්ධියකට අදාළව හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී අත්අඩංගුවට ගැනීමට හෝමාගම මූලස්‌ථාන පොලිසිය පුළුල් පරීක්‌ෂණයක් අරඹා තිබේ..(නදී)
මේ සියල්ලගේම වැරැද්ද තිබෙන්නේ කොතනද කියලා නොකිව්වට කවුරුත් දන්නවා. (නි)
එතකොට ඉන්න තැන පොලිසිය දන්නෙම නැහැල්ලුද ? (ස)
මීට ටික දවසකට පෙර ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු විතරයි චණ්ඩිකම් කළේ. දැන් මන්ත්‍රිවරියනුත් චණ්ඩි පාට් දාන්න පටන් අරගෙන. මේකට වගකියන්න ඕනෑ ඔය වගේ මෝඩ මිනිස්සු ඒ තැන්වලට පත්කරපු සාමාන්‍ය ඡන්දදායකයෝ. නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කෑවෝ කියලා හරියන්නේ නැහැ. මන්ත්‍රීකෙනෙක් හරි ඇමතිකෙනෙක් හරි වෙන්න නම් චණ්ඩිකම් එක සුදුසුකමක් වෙලා ඉවරයි ලංකාවේ. ආදරණීය ඡන්දදායකයිනි, මීළග වතාවෙදි මේ වගේ අයට නිසි ලෙස සළකන්න. (නි)
හරිම චණ්ඩි කෙනෙක් වගෙයි (නි)
මහගෙදරගේ අදහසට පියල් ගුරුගේගේ අදහසත් එක්වුණාම හරියටම හරි. ලොකු අය හදන්නේ නුගත් කෙනාවම පත් කරන්න. එතකොට එයාලාගේ හැම වැඩකටම එහෙයි කියන්න පිරිසක් ඉන්නවනේ. නුගතාට තැන දුන්නාම තමන්ව කපාගෙන යන්න කෙනෙක් නැති විත්තිය ඒ අය හොදින් තේරුම් අරගෙන තමයි ඔය හැම පත්වීමක්ම කරන්නේ. අපි දැනගන්න ඕනෑ ඒ අය පත් නොකර ඉන්න.අවාසනාවකට ඒක හුග දෙනෙකුට තේරෙන්නේ නැහැ. (නි)
මහජන ඡන්දයෙන් පත්වන පොදු ජන නියෝජිතයන් බොහොමයකගේ අද යථා ස්වරූපය ඕක තමා. ඡන්ද කාලෙට ඔවුන් මිනිස්සුන්ගේ දෙපතුල පවා ලෙව කාලා ඡන්දේ ඉල්ලනවා. ඊට පස්සේ මහජන සේවය ඉටුකරන්නේ ඔය විදියට තමා. මේවා ජනතාව මතක තියාගෙන නිවැරදි මහජන නියෝජිතයන් තෝරා ගත යුතුයි. (ස)
ප්‍රාදේසිය සබාවල ඉන්න මන්තිරිලගෙන් වැඩි හරියක් මානසික ආබාදවලින් පෙලෙන අය වගෙයි පෙනෙන්නේ. ඉක්මනට ප්‍රතිකාර නොකලොත් නිත්‍යානුකුල පාතාලයක් බිහි වෙයි.(නදී)
මෙයාගේ නම 'යම්කිසි පිටක දීප්තිය' කියන නමට සමාන නමක් නේද? (නි)
කාන්ත පක්ෂයත් සමතැන් ගන්න සූදානම්. පිරිමි ප්‍රාදේශීය සබා කට්ටිය වගේ සුබ අනාගතයක් තියෙනවා පාර්ලිමේන්තු අපේක්ෂකයෙක් වෙන්න. (ස)
ගාමිණී ජයසුරිය විල්ෆ්‍රඩ් සේනානායක වැනි ජන නායකයන් සිටිය හෝමාගම ට ගිය කලක් රටට දෙයියන්ගේ බැල්ම ලැබේවා (නදී)
නම දැනගන්න බැරිද දන්නා කෙනෙක් කියන්නකෝ,(නදී)
මෙයාල ඔක්කොම කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති අය. ඒ හන්ද ඒ අයට ලොකු හීනමානයක් තියෙනවා. පාසල් යන කාලේ එයාල එක්ක එකට ඉගෙන ගෙන ඉහලට යන දක්ෂ අය දිහාව බලාගෙන හිටියේ ඉරිසියාවෙන් සහ කුහක හිතකින්. ඒ හින්ද කවුරු හරි දේශපාලකයෙක්ගේ නැට්ටේ එල්ලිලා ඉහලට යන්න බලනවා. ප්‍රාදේශීය සභා කියන්නේ අවම දේශපාලන බලතල තියෙන තැන. එහෙම වෙලත් මෙයාල මේ විදිහට හැසිරෙනවා නම් අඩුම තරමේ පළාත් සභාවකටවත් තේරුනොත් මොනවා කරයිද ? දේශපාන නායකයෝ අපේක්ෂකයෝ පත් කරනකොට අඩුම තරමින් සාමාන්‍ය පෙළවත් සමත් වුණ අය පත්කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. (ස)
චන්ඩි කෙල්ල (නි)
මහගෙදර ඇඹිලිපිටියගේ කතාව හරියටම හරි.ඒත් කවුද ඒ අය එතනට යැව්වෙ. ඒ ගම්වලම ඉන්න මිනිස්සුමයිනෙ. මේ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුයි. මේ ගොම රිටි යට ගිහින් කලු ගල් වතුරේ පාවෙන කාලේ. (ස)
මහගෙදර ඇඹිලිපිටිය, ඔබේ විග්‍රහය හරි කියල මාත් හිතනවා. හැබැයි, දේශපාලන නායකයෝ අපේකෂකයින් තෝරනකොට අධ්‍යාපන සුදුසුකම් නොබලන්නේ නම් හිතා මතාමයි. හේතු දෙකක් නිසා. එක, තමන්ටත් සුදුසුකම් නොතිබීම. දෙක, ඒ ගොල්ලන්ගෙන් බලාපොරොත්තුවෙන්නේ අධ්‍යාපනයක් නැති එවුන් කරන වැඩ. (දී)
ඔය චන්ඩි ක්‍රමේ වෙනස් වෙන්න ලෝක විනාසේ ඇවිත් ආයෙත් පරිනාමයෙන් මිනිස්සු ඇති වෙලා දියුණු වෙලා අලුතෙන් ඡන්ද ක්‍රමයක් එන්න ඕනේ. ඒකට ඉතින් තව මහා කල්ප අසංඛෙය්‍යක් ගත වේවි. (ස)
මේක වෙන්න ඇති ආශ්චර්යය. (ස)
වෙළෙදසැලට ඇවිත් චන්ඩි කෙල්ල පහරදෙනකොට කොහොමද ආවේ? (නදී)