IMG-LOGO

‘චාටර් චූටි’ කෝටි 35ක මණිකත් සමඟ මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)


මීගොඩ පොලිස් වසමේ ගොඩගම ලයනල් ජයසිංහ මාවතේ ව්‍යාපාරිකයෙකු ගේ නිවසකින් සොරකම් කරන ලද රු රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ වටිනා අත් ඔරලෝසුවක් සමගින් " චාටර් චූටි" නැමැති සැකකරුවෙක්  හෙරොයින් පාර්සලයක් සමගින් අද (04) දින අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි

ඉකුත් වෙසක් පොහෝ දින සැකකරු විසින් මෙම සොරකම සිදුකර තිබුනු අතර අදාල මැණික විකිණීමට භාර ගත් ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලෙහි හැඩය වෙනස් කිරීමට භාර ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ද සැකපිට අක් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු මීගොඩ හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සංතකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 300 ක් ද සොයා ගත් බව ත් සැකකරැ දැඩි ලෙස හෙරොයින් පානයට හුරැ වූ අයෙකු බවත් නිවාසවලට පැන සොරකම් කිරීම පුරැද්දක් ලෙස සිදු කර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි

අත් අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් අතර අදාල මැණික විකිණීමට බාර ගත් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ මැණික් ගලේ හැඩය වෙනස් කිරීමට භාර ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 68 හැවිරිදි පුද්ගලයකු වන බවද පොලිසිය පවසයි

ඉකුත් වෙසක් පොහොය දින ප්‍රධාන සැකකරැ විසින් අදාල ව්‍යාපාරිකයාගේ නිවසට සොරෙන් ඇතුලු වී  රැපියල් ලක්ෂ හතලිහක් පමණ වටිනා බව කියන රත්‍රං භාණ්ඩ සහ මෙම මැණික සොරකම් කර තිබුණි.

 

 



අදහස් (0)

‘චාටර් චූටි’ කෝටි 35ක මණිකත් සමඟ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 472 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 191 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site