විධායක ජනාධිපතිධූරය අහෝසි කරන මුවාවෙන් චොක්ලට් දවටනයක ඔතා ගෙනෙන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විෂකුරු බෝල ඇතුළත් කිරීමට රජය උත්සාහ කළොත් ඊට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇතත් එක්සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන ව්‍යවස්ථාව රටේ ඉදිරි සමාජීය හා ආර්ථික අව්‍යශතාවන්ට සරිලන අයුරින් ගෙනෙතියි විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජවිපෙ නායක කීවේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂනායක රැුස්වීම්වලදී හැසිරෙන්නේ සියලූ මන්ත‍්‍රීවරුන්ට සාධාරණය ඉටුවන ආකාරයෙන් නොව බලහත්කාරී හා අත්තනෝමතික අයුරින් බව කී දිසානායක මහතා කෙසේ වෙතත් රටට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම ස`දහා හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද කීවේය.
විපක්‍ෂයේ අය පසුගිය කාලයේ තමන් අතින් සිදුවූ වැරදි හා දූෂණ වසා ගන්නටත්, ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැමති කඩමල්ල උපයෝගී කරගනිමින් සිටින බව ද කී ජවිපෙ නායකයා ජනතාව ඒ බව තේරුම් ගත යුතු යැයි ස`දහන් කළේය.
ජවිපෙ නායකයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැන්සාර්ඩ් වාර්තා වල තියන මෙයාගේ කතා කියවන අපිටත් නානා ප්‍රකාර භීතිකා මතුවෙයි ද කියල බයකුත් දැනෙනවා. (බ)
මේයා පිස්සෙක් කරන දේකුත් නෑහෑ වාචාල කට විතරයි (කෞ)
අගමැති තුමා දකින හෙට දකින්නට පින් මදය ඔබ හට (කෞ)
දුමින්ද, ඔබ දකින හීනය සදාකල් දකින්නට ඔබට නම් පින් ඇතිය! (නි)
මුළු පාර්ලිමේන්තුවම ව්‍යස්ථාදායක සභාවක් කරනවා කිවනේද ඉතින් ඔබේ පක්ෂය ඇතුළු සියලුම පක්ෂවලට පුලුවන්න තම අදහස් හා යෝජනා ඉදිරිපත්කර එකගතාවයකට එන්න.(කෞ)
රනිල් බලෙන් ගේන එකක් නෙවෙයිනේ, මහජන අදහස් විමසන කමිටුවක් තියෙනවා, පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් කරනවා.හැම රෙද්දටම විරුද්ද නොවී, එකට ගිහින් සහයෝගය දෙන්න නිකන් බොරු වචන දාල මාධ්‍ය සන්ධර්ශන නැතුව.(කෞ)
හැම එකකටම විරුද්ධ නොවී රටට වැඩදායක දෙයක් කරන්න සහයෝගයක් දෙන්න බැරිද මෙයාලට. හැම තිස්සෙම සෘණ දේවල් විතරයි හිතන්නේ.(කෞ)
ආර්. වික්‍රම ඔබ වැන්නවුන් ඇත පෙරදින ගොහොරු මඩේ! (බ)