හෙරොයින් ග්‍රෑම් දෙසීයක් චොක්ලට් දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. ඇය මසකට හතර පස් වතාවත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.
ඇය ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ. පසුව රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ සුක්ෂම ලෙස ගුවන් තොටුපොලෙන් පිටවීමට උත්සහ දරද්දී අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක කේ.ආර් උඩුවාවල මහතාගේ අධීක්ෂනය යටතේ අනියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාීරී එ.එච්. කේ කුමාරසිර සහකාර රේගු අධිකාරීවරුන් වන ගයාන් සේනාරත්න සහ තිලංග අමුණුගම, සචින්ත කලුඅග්ගල, නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, රඛිත ආරියසේන, ගලෑන්ඩ් ආන්ට් , යන නිලධාරීහු සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ටත් තිබෙන්නේ පුදුමාකාර සුක්ෂම අදහස් තමයි. (නි)
අනේ අපේ රටේ අනාගතය! (නි)
ගුවන් තොටුපලේදී අල්ලලා වැඩේ ඉවර කරන එක මෝඩ වැඩක් මේ ඉන්න නිලධාරීන්ට කොමිෂන් එක විතරයි මොළේ ඇත්නම් කල යුත්තේ ඒ කාන්තාව දිගටම ෆලෝ කරලා ගිහින් ලංකාවේ මේකේ ඒජන්තයා සොයාගන්න එකයි ලංකාවේ නිලධාරීන් බලධාරීන් ඔය බටහිර චිත්‍රපටියක්වත් බලන්නෙ නැද්ද මන්දා (අ)
මගේ අම්මෝ! ග්‍රෑම් 200ක් මෙච්චර වටිනවද?මොනවා වුණත් ඉතින් දෙතුන්පාරක් කරගත්තා නම් ජීවිත කාලෙටම ඇති. (නි)
ලක්දාස්ගෙ අදහස නිවැරදියි (නි)
නම පොඩ්ඩක් දාන්නකෝ (අ)