IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


චෙක්පත් වංචා මඩින්න නව නීතියක්

 

(අංජුල මහික වීරරත්න)

චෙක්පත් වංචා වැළැක්වීම සදහා විනිමය බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට පත්කළ කමිටුවේ කමිටු වාර්ථාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාට අද බාර දුන්නේය.

චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේ නීති  වර්තමානයට  ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා  විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  විශේෂඥ කමිටුවක් මෙම වසර මුල භාගයේදී පත් කර තිබූණි.

දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත  සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව විසින් දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාව සකස් කර තිබේ.



අදහස් (3)

චෙක්පත් වංචා මඩින්න නව නීතියක්

රනේ Friday, 29 December 2023 04:32 PM

ඉතින් වයසක අයනේ හදලා තියෙන්නේ...?

:       0       6

සුනිමල් Saturday, 30 December 2023 07:04 AM

ඉතින් මොකක්ද වරද, විනිමය බිල්පත් පනත හදලා තියෙන්නේ මීට අවුරුදු 95 කට පෙරනේ ඉතින්... වත්මන් පරපුරට අතීත සිදුවීමක් ගැන අවබෝධයක් නැහැ. මතකනේ පලවාහැරි ජනාධිපතිට තිබෙන චක්‍රලේඛ නොසොයා කට්ටියක් කිව්වා වැඩ කරන්න චක්‍රලේඛ නිකුත්කරන්න කියලා. වත්මන් පරපුර දන්නේ ගණුදෙනු කිරීම නවීන තාක්ෂණය මගින්ම කරන්න පමණයි. ඔවුන්ට පැරැණි තොරතුරු සොයා කටයුතු කරන්න බැහැ. එලදායිතාවය තිබුණු කාලයේ වටිනා ලියවිලි විනාශ කිරීම නිසා ඒවා සොයාගන්න බැහැ. ජාතික ලේඛනාරක්ෂිත පනතින් පවා විනාශ කිරීම තහනම් කර ඇති ඔෆිස්වල එම ඔෆිස් ආරම්භ කළ අවස්ථාවේ සිට නඩත්තු කළයුතු ගොනු පවා විනාශ කරලා, ලොග් පොත් විනාශ කරලා කියලා විගණනයක් කළොත් පැහැදිලි වෙනවා...

:       0       0

Perera Saturday, 30 December 2023 09:24 PM

බොහෝ රටවල්වල දැන් චෙක්පත් භාවිතය සම්පූර්ණයෙන් නවත්තලා ඊට වඩා දියුණු ක්‍රමවලට ගිහින්... ලංකාවේ තවම චෙක්පත් වංචා මැඩලීමට නව නීතිත් ගෙනාවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 55 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 850 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 611 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site