ජනාධිපතිවරණ සමයේ කහවත්තේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට ආධාර පිණිස පැවැත්වූ වේදිකාවකට වෙඩි තබා එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයකුවූ ශාන්ත දොඩම්ගොඩ මහතා ඝාතනය කළැයි සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලී) ඇතුළු සිව් දෙනෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ජේ. සෙනෙවිරත්න, හිටපු ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ද අධිකරණයට පැමිණ සිටි අය අතර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකයන්ව මරල ඔන්න නීතිවේදියෝ අල්ලාගෙන දන්නා සෙල්ලන් ඔක්කොම දාල මිනීමරුවා බලන්නේ නිදහස් වෙන්නයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතයට ආදරේ නිසා නේද ? ඇයි එහෙනම් හිතන්න බැරි මම වගේම අනික් අයත් ජීවිතයට ආදරෙයි කියලා. සමහරුන් බලනවා අගමැතිකම් දීලා රට වනසපු චෞරයන් ආපසු කරලියට ගෙනෙන්න. මම ඉල්ලන්නේ මොවුන් කර තිබෙන මුරුග වැඩ බලනකොට ජම්පරය දීලා සිපිරිගේටයි යවන්න ඕනේ.(නදි)
චානක එතකොට ප්‍රබාකරන් වනසපු එකත් වැරදිද (නදී)