IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘චොකා මල්ලිත් උසාවි ගේනු‘

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.

ජනාධිපති අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බන‍ධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.

කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින්  පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.

වෙඩිපහරට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ  යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බන‍ධයෙන් පරීක‍ෂණ පවත්වයි.



අදහස් (0)

‘චොකා මල්ලිත් උසාවි ගේනු‘

හුසේන් මොහමඩ් Monday, 05 January 2015 03:00 PM

උසාවියෙන් සාධාරණ තීන්දු තීරණ ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සුභ ලකුණක්. (නි)

:       0       0

දුමින්ද Monday, 05 January 2015 03:00 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ලාල් Monday, 05 January 2015 03:11 PM

මේවා දැක දැකත් මෝඩ තීරණ ගන්න කාටද උවමනා? (නි)

:       0       0

සමන්තිකා Monday, 05 January 2015 06:52 PM

මේ වගේ වැඩ කරන අයට ආයෙත් ඡන්දය දෙන්න නරකයි. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 05 January 2015 11:03 PM

කවුද ඔය අයගෙන් චොකා මල්ලි ? (නි)

:       0       0

යසලාල් Tuesday, 06 January 2015 01:27 AM

ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 06 January 2015 09:05 PM

අපි නම් චොකා මල්ලි සමඟයි (නි)

:       0       0

මහින්ද කේ.ගොඩගේ සීෂෙල්ස් Monday, 05 January 2015 10:19 AM

අපේ පණ්ඩිත බන්දුල පෙරේරා කියයිද දන්නෙ නැහැ ඒ ගොල්ලන්ම වෙඩි තියාගත්තා කියලා. (නි)

:       0       0

නුවන් Monday, 05 January 2015 10:27 AM

මේක මේ සෙල්ලම් පිස්තෝලයකින් තියපු පුස් වෙඩිලි දෙක තුනක් වෙන්නත් බැරි නැහැ නේද අද කාලේ වෙන දේවල් දිහා බලනකොට? (නි)

:       0       0

කුමාර් Monday, 05 January 2015 10:30 AM

මෙයාලා මේ මැර වැඩ කරලා 8 වෙනිදායින් පසු මොනවා කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ (නි)

:       0       0

පින්සර Tuesday, 06 January 2015 02:56 AM

බන්දුල පෙරේරා දැන් දැන් ඕනෑ කෙනෙකුට කඩේ යනවා. (නි)

:       0       0

සේතන් Monday, 05 January 2015 11:57 AM

මෙහෙම වැඩ කරන අයට ඇප නොදී ඉන්නයි තියෙන්නේ (නි)

:       0       0

ප්‍රියා Monday, 05 January 2015 12:09 PM

මිනිස් ජීවිත බිලිගන්න දෙන්න බැහැ. සාමකාමී ඡන්දයෙන් අපි පිළිතුරු දෙමු (නි)

:       0       0

දිලිප් Tuesday, 06 January 2015 05:16 AM

ඇයි මේ අය මෙච්චර දගලන්නේ? බය වෙලාද? තැති ගෙනද? චන්ඩි කමෙන්ද? (බ)

:       0       0

ලක්ප්‍රිය Tuesday, 06 January 2015 06:34 AM

රෙදි අපුල්ලන්න චාන්ස් එක්ක මෙන්න (දිල්)

:       0       0

අරවින්ද ගුණවර්ධන. Tuesday, 06 January 2015 06:44 AM

ප්‍රේමලාල් ජයසේකර හෙවත් "චොකා" මල්ලි. ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තවත් අගනා තේරීමක් තමයි.(දිල්)

:       0       0

සත්‍යපාල Monday, 05 January 2015 02:06 PM

යමෙකු නපුරු සිතින් කතා කළහොත්, යමක් කළහොත් ගැල අදින ගවයා පිටුපස එන රියසක මෙන් දුක් කරදර ඔහු කරා ළඟා වන්නේය. මෙම ධර්මය වෙඩි තැබූ පුද්ගලයාට පමණක් නොව මැර දේශපාලනය අනුමත කරන්නන්ටත් විඳින්නට සිදුවේ.මියගිය සහ තුවාල ලැබූ අයගේ බිරිය දරුවන් නඟන විලාප සහ සුසුම් මහා මේඝයක්ව ඔවුන්ට ශාප කරාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site