විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
ජනාධිපති අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බනධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බනධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.
කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින් පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.
වෙඩිපහරට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බනධයෙන් පරීකෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවියෙන් සාධාරණ තීන්දු තීරණ ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. සුභ ලකුණක්. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේවා දැක දැකත් මෝඩ තීරණ ගන්න කාටද උවමනා? (නි)
මේ වගේ වැඩ කරන අයට ආයෙත් ඡන්දය දෙන්න නරකයි. (නි)
කවුද ඔය අයගෙන් චොකා මල්ලි ? (නි)
ඉවසලා බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
අපි නම් චොකා මල්ලි සමඟයි (නි)
අපේ පණ්ඩිත බන්දුල පෙරේරා කියයිද දන්නෙ නැහැ ඒ ගොල්ලන්ම වෙඩි තියාගත්තා කියලා. (නි)
මේක මේ සෙල්ලම් පිස්තෝලයකින් තියපු පුස් වෙඩිලි දෙක තුනක් වෙන්නත් බැරි නැහැ නේද අද කාලේ වෙන දේවල් දිහා බලනකොට? (නි)
මෙයාලා මේ මැර වැඩ කරලා 8 වෙනිදායින් පසු මොනවා කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා දැන් දැන් ඕනෑ කෙනෙකුට කඩේ යනවා. (නි)
මෙහෙම වැඩ කරන අයට ඇප නොදී ඉන්නයි තියෙන්නේ (නි)
මිනිස් ජීවිත බිලිගන්න දෙන්න බැහැ. සාමකාමී ඡන්දයෙන් අපි පිළිතුරු දෙමු (නි)
ඇයි මේ අය මෙච්චර දගලන්නේ? බය වෙලාද? තැති ගෙනද? චන්ඩි කමෙන්ද? (බ)
රෙදි අපුල්ලන්න චාන්ස් එක්ක මෙන්න (දිල්)
ප්‍රේමලාල් ජයසේකර හෙවත් "චොකා" මල්ලි. ලංකාවේ බුද්ධිමත් ඡන්ද දායකයන්ගේ තවත් අගනා තේරීමක් තමයි.(දිල්)
යමෙකු නපුරු සිතින් කතා කළහොත්, යමක් කළහොත් ගැල අදින ගවයා පිටුපස එන රියසක මෙන් දුක් කරදර ඔහු කරා ළඟා වන්නේය. මෙම ධර්මය වෙඩි තැබූ පුද්ගලයාට පමණක් නොව මැර දේශපාලනය අනුමත කරන්නන්ටත් විඳින්නට සිදුවේ.මියගිය සහ තුවාල ලැබූ අයගේ බිරිය දරුවන් නඟන විලාප සහ සුසුම් මහා මේඝයක්ව ඔවුන්ට ශාප කරාවි. (නි)