ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවකු කහවත්තේදී වෙඩි තබා දැමීයැයි කියන නඩුව ලබන වසරේ මාර්තු හය වැනිදා සිට විභාගයට ගැනීමට රත්නපුර මහාධිකරණ විනිසුරු යූ එස් බී කරලියද්ද මහතා අද තීන්දු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඇතුළු හත් දෙනකුට අද අධි චෝදනා බාර දුන් අතර ඔවුහු සියලු දෙනා තමන් එම චෝදනාවන්ට නිවැරදිකරුවන් යැයි කීහ.
මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පවත්වන රැලියක සැරසිලි කරමින් සිටිය දී 2015 ජනවාරි පස් වැනි දා ශාන්ත දොඩංගොඩ නම් එක්සත් ජාතික පාක්ෂිකයකු වෙඩි තබා මරා දැමිණි.
මෙම නඩුව ජූරි සභාවක් නැතිව ලබන වසරේ මාර්තු 06, 07, 08, 27, 28 සහ 29 දිනවල දී විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුමයි (නි)
මිනීමරුවෝ ,මංකොල්ල කාරයෝ ,ස්ත්‍රී දුෂකයෝ ,කැලෑ කපන්නන්ට ඊළඟ සැරෙත් නාම යෝජනා දීපල්ලා ,ලංකාවේ බත් කන හරක් ඡන්දෙ දෙයි (බ)
මෙයත් මේ නඩුව නිසා යහපාලනයට එන්න මානබලන කෙනෙක් කියලා තමයි ආරංචිය.(බ)