ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු මරා දැමීයැයි රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) ඡන්දය දීමේ අවසරය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා අද (13) ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන ඔහුගේ ඡන්ද අයිතිය විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය කීවේය. සන්ධානයෙන් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට තරග කරයි.
ඔහු ඇතුළු සැකකරුවෝ 6දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මහින්ද රාජපක්ෂ දිනූ ගමන් සැකකරු නිදහස් කරන බව පසුගියදා රත්නපුරයේ පැවැති ඡන්ද රැස්වීමකදී පවිත්‍රාදේවි වන්නිආරච්චි හිටපු ඇමැතිනී ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැකකරුවෙකු වරදකරුවකු වන්නේ වරදකළ මොහොතේ සිට මිස එම වරද උසාවි තර්කවලින් ඔප්පු කළ මොහෙතේ පටන් නොවේ. හෘද ශාක්ෂියට ඉඩදෙන්න. (බ)
එක්සත් ජනතා සන්ධානය දිනුවොත් එයාලට අවශ්‍ය සියලු සිරකරුවන් මහින්ද රාජපක්ස මහතා විසින් නිදහස් කරනවද?(ම)
ඔන්න ඔහොම මිනිස්සු යවන්න පාර්ලිමේන්තුවට. (නි)
සංක කියන දේ බොරු නොවේ. කොච්චර කිවුවත් අපේ අය ඉල්ලන්නෙම මෙහෙම අය තමයි (නි)
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මහේස්ත්‍රාත් තුමාට මගේ ස්තුතිය.(ම)
චෝදනා ඇති සියලු දෙනා වැරදි කරුවන්ද ? (ම)
එ කියන්නේ එයාලා අධිකරණ බලය නැවත අතට ගන්නවා කියන එකනේ (ම)
මොහු තවම නීතියෙන් වරදකරු වෙලා නැහැ. ප්‍රජා අයිතිය අහෝසි කරලත් නැත්නම්, මන්ද මානසිකත්වයකුත් නැත්නම් මෙවැනි තහනමක් දෙන්න පුලුවන්ද? මේක මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමේ ප්‍රශ්නයක්. මෙය වැරදියි (නදී)
මේක මාර කතාවක් නේ සන්ධානේ දින්නම එයාව එලියට ගන්නවා යකාගේ ආණ්ඩුවක් නේ සන්ධානේ ගෙනියන්ඩ යන්නේ (බ)