‘මේ බිමේ රතු ධජය එසවිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ඉන්න රටක් බවට පත් කළ යුතුයි. දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබෙන වටපිටාවක් නිර්මාණය කළ යුතියි. රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා නිදහසේ වැඩ කරන, වැඩිහිටියන්ට ගරු කරන සමාජයක් තිබෙන, අසාධාරණය, අයුක්තිය, සූරාකෑම වෙනුවට යුක්තිය, සාධාරණය ඇතිවන සියලු දෙනා සිනාසෙන රටක් හදන්න ඕනෑ. එවැනි රටක් නිර්මාණය කළ යුත්තේ ධනවාදය පරාජය කිරීමෙන් පමණයි.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
චේ ගුවේරා ලංකාවට පැමිණ හොරණ යහල කැලේ වතුයායේ රෝපනය කළ බව කියන මහෝගනී අසල දී චේගුවේරා දිනය වෙනුවෙන් පැවැති උත්සවයක දී සිල්වා මහතා එසේ කීවේය.
අර්නස්ටෝ චේ ගුවේරා යහල කැලේ රබර් වත්තේ මහෝගනී පැලය රෝපනය කළේ 1959 අගෝස්තු හත් වැනි දා ය. ජේ සී ඩී පීරිස් මහතාට අයත් යහල කැළේ වත්තට චේ පැමිණි බව සේවක ඩිංගිරි මහත්තයා පසුව විස්තර කළේය.
යහල කැලේ ඉදි කළ චේ ගුවේරා උද්‍යානය ශ්‍රී ලංකාවේ කීයුබා තානාපතිනි ඉන්දිරා ලෝපෙස් මහත්මිය විවෘත කළාය.
‘චේ ප්‍රසිද්ධ වෙන්න උත්සාහ දරපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමන්ට යම් දෙයක් බලාපොරොත්තුවෙන් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඔහු තුළ තිබූ දැනුම, ඔහුගේ අපරිමිත කැපවීම, මානව දයාව වැනි ගුණාංග නිසා අපි චේට ආදරය කරනවා. ඔහු සැබෑ වීරයෙක්. චිත්‍රපටිවල රූපවාහිනී තිරයේ ඉන්න වීරයෝ වගේ නෙවෙයි. සමහර නායකයෝ ඩිජිටල් පුවරු මත වීරයෙක් වෙන්න උත්සාහ දරනවා. ඒවගේ කාඩ්බෝඩ් වීරයන්ට චේට ළං වෙන්න පුළුවන් කමක් නැහැ. චේ ජීවත් වෙන්නේ ඩිජිටල් පුවරු මත නොව මිනිසුන්ගේ හදවත් තුළයි. ‘






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ඉන්න රටක් බවට පත්කරන්න රතු ධජය එසවිය යුතුමයි කියලා මම හිතන්නේ නැහැ. ධනවාදය පරාජය නොකර අද චීනය ඉන්න හැටි පෙනෙනවා නේද? (නි)
පාසල් වත්තේ,පන්සල් වත්තේ තිබුණු සුදුහඳුන් ගසුත් කපලා අපේ අයියලා හොරෙන් පටවපු එකේ, චේගුවේරාට ගරුකරලා මහෝගනී ගස ඉතුරුකළ එක නම් ලොකු දෙයක්! (නි)
මට අාසයි දැනගන්න ටිල්වින් ගේ රැකියාව. (නදී)
"ධනවාදය පරාජය නොකර අද චීනය ඉන්න හැටි පෙනෙනවා නේද?" දැනගෙනද ඔය කතා කොරන්නේ චීනය ඔය තත්වයට එන්න දාගත්තේ රතු අඩිතාලමක්. ඒ නිසයි ඔය තත්වයට ආවේ. පටන් ගන්න කොටම දනවාදයෙන් පටන් ගත්තා නම් එ් ගොල්ලන්ටත් තැබෑරුම් ස්කාගාර තිබෙන ඇමතියෝ සිටීවි. ප්‍රබුවරු සිටීවි (නදී)
රතු ධජය එසවීම යථාර්ථයක් වේද? (නි)
බමුණුට පිස්සුද මන්දා? චේගුවේරා ඇවිල්ලා 55ක්නේ. 55 කියන්නේ විශ්‍රාම ගන්න කාලේ. (නි)
රටට වෙනසක් ඕනි. දැන් ජනතාව පටි තද කරගෙන හුල්ලපු කාලේ ඉවර කරන්න කාලේ ඇවිල්ලා. මම හිතන්නේ ලංකාවට ඉදිරියේදී හොද කලක් ලබාවි මේ යන දුර්බික්ස්හෙන් මිදිලා (නදී)
මම මේ තියන කොමෙන්ට් සියල්ල කියවා බැලීමෙන් පස්සේ තමයි තේරුනේ, අපේ රටේ බොහෝ දෙනකු හිතන් ඉන්නෙ ඔය මහා පක්ෂ දෙකට විතරයි රට පාලනය කරන්න පුළුවන් කියලා. නමුත් අපි තුන්වන පෙරමුණට අඩුම ගනනේ එක පාරක් වත් දීල තියනවද රට පාලනය කරන්න. නමුත් අඩුම ගණනේ වැස්සකටවත් ඉස්කෝලයකට ගොඩ නොවැදුන, බඩ මහත ජාතික ඇදුමටත් නිගා දෙන විදියට එය පොරෝගෙන ඉන්න එලොවටත් නැති මෙලොවටත් නැති උදවිය තමයි පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ. එහෙම යවල අඩුම ගණනේ උගත් කම නැතත් උගතුන් මුදලට හරි අරගෙන සාධාරණ විදියට පාලනය කරනවාද? නැත. කරන්නේ ගිය දවසේ ඉගෙන ඊලග මැතිවරණට සහ ඉදිරි පරම්පරා හතකට පමණ හම්බු කිරීම පමණයි. ඒ සල්ලි කාගේද? අපි වෙනුවෙන් රටේ ඇති මුදල් නේද කියල හිතුවද මේ කොමන්ට් දාපු උදවිය. රටතුල අසාධාරනකම් සහ ත්‍රස්තවාදය නැති කලේ ඔය මිනිසුන් විතරමද? ඇත්තටම මම රටේ දේශපාලය ගැන කලකිරීමෙන් ජීවත් වන්නෙකි. (නදී)
මිට බොහොම කාලෙකට පෙර 71 කැරැල්ලෙන් මැරුණු ජ වී පෙ සාමාජිකයින් සමරන්න රැස්වීමක් තිබුනා ගිරිඋල්ලේ බස්නවතුම ළඟ. එදා හරි වැස්ස. කඩ සේරම කලින් වහලා මේ රැලිය නිසා. වෙලාව සවස 7.00 ට විතර. අපේ අයිය කෙනෙකුත් තවත් ජාතික ඇඳුමක් අන්දපු මහත්මයෙකුත් කඩේක අගුවකට වෙලා හිටියා බස් එක එනකල් වැස්සෙන් බේරෙන්න. එක රතු කමිස කාරයෙක් පින් කැටයක් අරන් ඇවිත් ආධාර ඉල්ලුවා කැරැල්ලෙන් මියගිය සහෝදරයින් වෙනුවෙන් කියලා. අයියත් රුපියලක් දුන්නලු. ඒ කාලේ රුපියල ලොකු මුදලක්. සහෝදරයා අර මහත්මය ලඟටත් ගිහින් කිව්වා කැරැල්ලෙන් මියගිය වීරයින් වෙනුවෙන් ආධාර කරන්න කියලා. මහත්මයා ගත් කටටම කිව්වා "උන් මොන විරයෝද?අම්මල අප්පල දාඩිය මහන්සියෙන් හම්බකරලා උගන්වල විශ්ව විද්‍යාලයට යැව්වා. අපි හිතුව අපේ පවුලම ගොඩගනී කියලා. එතන ගිහින් ඉගෙනගන්නවා වෙනුවට වෙන මගුල් නටන්න ගිහින් වෙඩි කාල මලා. මගේ කොල්ලත් මලා. අසමජ්ජාතික කාලකන්නි. දෙමව්පියන්ගේ මහන්සියේ වටිනාකම දන්නේ නැති උන්." කියලා. සහෝදරයා සුරුස් ගාලා මාරු (නදී)
අපි එය කල යුතු වෙමු. (නදී)
අපි දන්නා චේ, ජවිපේ වගේ නිකරුනේ මිනිස්සු හා දේපල විනාශ කළේ නැහැ. (නදී)
චේ වගේ වෙන්න, විජේවීර වගේ වෙන්න හැමදාම ප්‍රර්ථනා කරමු..ඒ වගේම මහන්සි වෙමු. ඔවුන්ගේ මග යමු...(නදී)
මම චේ ට නම් හරිම කැමැතියි. ඒ වගේම ගරුකරනවා. මම දැන් තියන ජේ වී පි එකට නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (නදී)
මට නම් හිතුනේ ඒ අය සියලු දෙනා සිනාසෙන රටක් හදන්න යනවා කියන එක නොවේ සියලු දෙනා අඩන රටක් හදන්න ගියා කියල. (නදී)
චේ ගුවේරා, ජේ. වී. පි. වගේ පාසල් සිසුන් බිල්ලට අරගෙන ඒ ගොල්ලන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් වෙන වැඩ හෝ, චිට් දීල කඩවල් වහපියවූ කියල පොදු ජනතාවගේ හෝ ශිෂ්‍යයින්ගේ ජීවිතය අඳුරේ දමන විදියට බලහත්කාර කම් කලේ නැහැ. අහිංසක මිනිසුන් මැරුවේ නැහැ. සාමාන්‍ය ජනතාව බොහොම කැමැත්තෙන්ම එතුමාගේ විප්ලවයට සහයෝගය දුන්නේ. චේගුවේරාගේ දර්ශනයයි, ජේ. වී. පි. ප්‍රතිපත්තියි අහසට පොලොව වගෙයි මම නම් දකින්නේ. (නදී)
ජේ වී පී කාගෙවත් දේපල විනාශ කළේ නැහැ. දැන් මොනවද වෙලා තිබෙන්නේ. දැන් ඔබලාගේ ඇසුත් උගුල්ලාගෙන තිබෙන්නේ. ඔබලා කියන්නේ අපිට දැන් ඉදිරිය හොඳින් පෙනෙනවා කියලද? (නදී)
එතකොට දැන් ඉන්න දේශපාලකයින් හොඳ ඇති. මම නම් ජනතා විමුක්ති පෙරමුනට ගොඩක් කැමති කෙනෙක්. දුෂනය නැති පක්ෂයක් (නදී)
චේව මැරුවේ අමෙරිකාවෙන් බයවෙලා. නැතිනම් දකුණු අමෙරිකාවම ඇමෙරිකන් විරෝධී වෙලා ඉවරයි. චේ බඩගෝස්තරාවදියෙක් නෙමෙයි. (නදී)
ටිල්වින් සහෝදරයා, ඔබලාට මේ කිසිදේයක් කරන්න බැහැ. ඔබලා ගැන සිංහල මිනිස්සු දැන් හොදට දන්නවා. ඔබලාට දැන් කරන්න පුලුවන් මැරුණු අතීතය ගැන සිහිපත් කරමින් සතුටු වේන එක විතරයි. (නදී)
චේ ගුවෙරාට ලැජ්ජා කරන්න එපා. එතුමා ඡන්ද ගන්න බොරු පූච්චානම් කියපු කෙනෙක් නෙවෙයි. (නදී)
ජවිපෙට බැහැ මහින්දව පරද්දන්න. ඒගොල්ලන්ට නැහැ උපක්‍රම, හැමදාම කරන්නේ මීටින් තියෙන එකයි, පොස්ටර් ගහන එකයි විතරයි. අනේ මන්ද රට ගැන නම් බලාපොරොත්තු තියන්න බැහැ දැන් නම්. (නදී)
චේ උතුම් මිනිසෙක්. මානව හිතවාදියෙක්. ඔහු සන්නද්ධ අරගල දියත් කලේ ධනවාදයට විරුද්ධව මිස තම විරුද්ධ වාදීන් ඝාතනයට නොවෙයි. ඒ මග ගිය විප්ලව වාදියෙක් ලංකාවේ නැහැ. තමාගේ පක්ෂ වලට ලකුණු දමාගන්න කරන ඔය වැඩ විහිළු තමයි. (නදී)
මේකේ වැඩිපුර අදහස් දල තියෙන්නේ චේ ගැන කිසිම දෙයක් දන්නේ නැති අය , චේ ගේ ජිවිත කතාව කියවන්න (නදී)
චේ ගුවේරා වැනි ලෝක ප්‍රසිද්ද කෙනෙක් ශ්‍රීලංකාවට පැමිණ ඇති බවක් ජනතාව දැන ගැනීමට මෙය වැදගත් වෙනවා ඇත. ජේ.වී. පි. එක හැර වෙනත් දේශපාලන පක්ෂයක් මෙම සිහිකිරීම නොකරන නිසා අපි එය අගය කරමු. කුමන මාර්ගයකින් හෝ මුදල් සොයාගත් ධනවත් ප්‍රබුහු පිරිසක් නැති රාජ්‍ය බලය හරහා නියන් සහනාදාර වැනි ක්‍රම මගින් හෝ ජනතාව අතරට යා නොහැකි, පිඩිත පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂයක් යන ගමනට සුබ පතමු. අතීතයේ වැරදි දේශපාලන ආර්ථික රටාව නිසා වර්තමානයෙත් අනාගතයෙත් වියවුල් ඇතිවීම වැලැක්විය නොහැකිය. සිදු උන වියවුල් ගැන හරි වැරදි කතා කරනවාට වඩා, ජාතික අදායම සමානව බෙදීයන, වංචාව, දුෂණයෙන් ඉවත්විය හැකි නව දේශපාලන ආර්ථික ගමනක්, විශේෂයෙන් මධ්‍යම සහ පහල පන්තිය ගැන සිතීම කොතරම් වටිනවද? (නදී)
විජේවීර සහෝදරයාගේ පස්වන පාඩමවත් නොදන්නා අය සිටිනා ජේ.වී.පී. ය මොන චේගුවේරා ගිය මඟක් යන්නද? දැන් තියෙන ජේ.වී.පී. ය අධිරාජ්‍යවාදීන්ට උගස් කළ ඔබාමා යන මඟ ගමන් කරන කණ්ඩායමක් විතරයි කියායි අපිට නම් දැනෙන්නේ (නි)
ජනතාව වෙනුවෙන් දිවි පිදු සැබෑ වීරයෙක් (අ)
අපිට සමාජවාදී ආර්ථික රටාව සම්පූර්ණයෙන් පිළිගන්න බැරිවුණත් සමාජවාදී ක්‍රමයේ ඇතැම් ලක්ෂණ ඉහළින් අගය කරනවා. මුලික අවශ්‍යතා වන ආහාර,නිවාස,ඇදුම්, බෙහෙත් සියලු දෙනාගේම මුලික අයිතියක් වගේම එය සහතික කිරීම ඕනෑම රජයක පළවන රාජකාරිය වියයුතුයි. අද ක්‍රියාත්මක වන ක්‍රමය වෙනස්විය යුතුයි. සැමට එක හා සමාන ලෙස අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. නමුත් සමාජවාදය මේ සීමාවෙන් නතරවිය යුතුයි. රටක දියුණුවට අනෙකුත් තරඟකාරී ධනවාදී ප්‍රතිපත්ති අත්‍යවශ්‍යයි. (නි)
චේ ගුවේරා ප්‍රසිද්ධ වෙන්න උත්සාහ දැරූ කෙනෙක් නෙමෙයි වගේම අපේ සහෝදරයොත් රටක් හදන්න 89 දී කළ උත්සාහය අපිට හොඳට මතකයි (නි)
වෙනසක් වෙනවා නම් අපිත් කැමතියි ඉතින්. බලමුකෝ.... (නි)
චේගේ කාලයයි අද කාලයයි කොච්චර වෙනස්ද? (නි)
දැන් තියන ජේ වී පී එකට අකමැති අය කැමති මොන පක්ෂයටද? (නි)
රටට වෙනසක් ඕනෑ නම් ඒකට රටේ මිනිසුන්ගේ ඔලු වෙනස් කොරන්න ඕනෑ.නිවට නියාලුකම වෙනස් වෙන්න ඕනෑ. නිදහස්ව සිතන්න පුරුදුකරන්න ඕනෑ. හරි දේ හරි කියන්නත් වැරදි දේ වැරදියි කියන්නත් පුරුදුවෙන්න ඕනෑ. අපි අතර ප්‍රභූවරු කියලා කොටසක් නැහැ කියලා හිතන්න පුරුදු වෙන්න ඕනෑ. (නි)
කොහොමද සහෝදරයා මේ බිමේ රතු ධජය ඔසවන්නේ? (නි)
ආදර්ශයට ගතහැකි නියම විරයෙක් (නි)
අපේ රටේ ඉන්න ජාතියේ මිනිස්සු ඉන්නකම් ඔබ වගේ කෙනෙක් කවදාවත් නැවත ඇතිවෙන්නේ නැතිවෙයි (නි)
චේ, ඔබ සදාතනික වීරයෙක්, අප හදවත් තුළ... (නි)
චේ මගේ හිතේ සැමදා වීරයෙකි! (නි)
මේ ගහ බොහොම වටිනවා. මෙය ආරක්ෂා කිරීම සැමගේ යුතුකමක් (නි)
ධම්ම, මොනවද මේ කියන කතා? (නි)
මම ජවිපෙ කෙනෙක් නොවෙයි. ඒත් මේක හොඳ දෙයක්. (නි)
ලංකාවේ මිනිසුන්ට මොන විදිහට කිවුවත් තේරෙන්නේ නැහැනේ. අපේ පොඩි අයට හොඳ අනාගතයක් ගොඩනඟන්න පුළුවන් ජේ වී පී එකට පමණි. (නි)
චේ කියන්නේ සැබෑම වීරයෙක් (නි)
ඔන්න ආදර්ශයට ගන්නවා නම් මිනිස්සු, චේ වගේ... රටක් වටිනා මිනිසුන් මේ. (නි)