කොළඹ ප‍්‍රධානතම පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය සහ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර හත්වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 21 සහ 22 දෙදින කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ. මේ දක්වා පැවැති තරගය හයම විසඳුමකින් තොරව අවසන් වී තිබීම කැපී පෙනේ.
මෙවර ඞී. එස්. සේනානායක විදුහල් පිලේ නායකයා ලෙස දුලීක බ‍්‍රහක්මනගේ ද, මහානාම විදුහල් පිලේ නායකයා ලෙස පවන් දේවින්ද ද, කටයුතු කරති.
ඞී. එස්. සේනානායක විදුහල මෙම තරගවාරයේ තරග 16 දී ලූම්බිණි විදුහලට සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව පූර්ණ ජය ලබා සෙසු තරග විසඳුමකින් තොරව අවසන් කර තිබේ.
ශිෆ්රාන් මුතාලිප් මෙම තරග වාරයේ තරග 15 කදී ලකුණු 458 ක් රැස්කරමින් මෙවර ඞී. එස්. සේනානායක විදුහලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. දුලීක බ‍්‍රහක්මනගේ (407), සුපුන් මධුසංඛ (380), උවින් බණ්ඩාර (374) සහ කනිෂ්ක ප‍්‍රෂාන් (358* මෙවර ඞී. එස්. සේනානායක විදුහල සතුව සිටින සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.
ඞී. එස්. සේනානායක විදුහල් පිලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන බිනුර ප‍්‍රනාන්දු කඩුලූ 66 ක් දවාගෙන තිබේ. ඊට අමතරව සුපුන් මධුසංඛ (44), හරිත් මධුවන්ත (25) සහ සුචින්ත කරුණාරත්න (22) පන්දු යවන්නන් ලෙස පෙරමුණේ පසු වෙති.
මහානාම විදුහල මෙම තරග වාරයේ තරග 14 කදී තරග තුනක් පරාජයට පත්ව ඇති අතර සෙසු තරග විසඳුමකින් තොරව අවසන් කර තිබේ.
මහානාම විදුහලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයා වන නායක පවන් දේවින්ද තරග 14 කදී ලකුණු 1,156 ක් රැුස්කිරීමට සමත්ව සිටියි. කලිඳු ලක්‍ෂාන් (354), සුබුද්ධි කෞෂල්‍ය (331), ගිහාන් සජීව (278) සහ නවීන් සිල්වා (240) මහනාම විදුහල් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබලයෝ වෙති.
දුලංජන සෙනෙවිරත්න මෙම තරග වාරයේ කඩුලූ 62 ක් දවාගනිමින් මහානාම විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. කලන අෂාන් (23), නයන ප‍්‍රභාත් (22) සහ ගිහාන් සජීව (22) මහානාම සෙසු දක්‍ෂ පන්දු වන්නෝ වෙති.
දෙවිදුහල් අතර වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 24 වැනිදා එස්. එස්. සී. ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.
ඞී. එස්. සේනානායක විදුහල් සංචිතය:
දුලීක බ‍්‍රහක්මනගේ (නායක), සුපුන් මධුසංඛ (උප නායක), බිනුර ප‍්‍රනාන්දු, හරිත් මධුවන්ත, ඇන්ජලෝ රවීන්ද්‍රන්, ගීත් පෙරේරා, කනිෂ්ක ප‍්‍රෂාන්, නදීෂ ධනුෂික, අනිල් ඉන්හම්, සුචින්ත කරුණාරත්න, රවීන් ද සිල්වා, උවීන් බණ්ඩාර, බිනුර ප‍්‍රනාන්දු, තිමිල විද්‍යාසේකර, කවීන් බණ්ඩාර, නිමේෂ් වේරගල, උදේෂ් සේනානායක, විෂාල් අමුගොඩ සහ ශිෆ්රාන් මුතාලිප්
මහානාම විදුහල් සංචිතය:
පවන් දේවින්ද (නායක), නවීන් සිල්වා (උප නායක), තරංග මධුසංඛ, සහම් පීරිස්, කලන අෂාන්, දිනුක කරුණානන්ද, දුලංජන සෙනෙවිරත්න, දුලන්ජ මල්ෂිත, චාමර සිල්වා, නයන ප‍්‍රභාත්, ගිහාන් සජීව, සුබුද්ධි කෞෂල්‍ය, කලිඳු ලක්‍ෂාන්, තනුල සංදීෂ්, සෙනුර වෙළගෙදර, ප‍්‍රනීත් සතරසිංහ සහ කාවිංග දර්ශන
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඞී. එස්. සේනානායක ‐ මහානාම වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය 21‐23
කාලිංග ප්‍රියන්ත Wednesday, 20 March 2013 11:23 AM
මහානාමයට ජයවේවා (දී)
ශාන් Wednesday, 20 March 2013 12:10 PM
අපි දිනනවා. මම මහානාමේ (දී)
දිල්ශාන් Wednesday, 20 March 2013 02:42 PM
සාමදානයෙන් නිම වෙන්න. අපේ ප්‍රාර්ථනය (දී )
කවීෂා Wednesday, 20 March 2013 02:56 PM
මේ අය මීටපෙර වෙනත් පාසලක් සමග බිග් මැච් එකක් ගහන්න ගිහින් හොදටම ගහගත්තලු නේද? (නි)